Wednesday, September 28, 2011

නරක පනිවිඩයක්


වෛදයවරයෙකු බෝහෝ විට රෝගියෙකකුට ගෙනෙන ආරන්චියන් හොද ආරන්චියක් වන්නේ කලාතුරකිනි. සමහර රෝග විනිශ්යන් රෝගියාට පවසන විට වෛදයවරයාද අපහසුවලට ලක්වන්නේ, ඔහුගේ ජීවිතය ගැන තීරනය කරන පනිවිඩයක් ඔහුගේ හිතට අවම බරක් දැනෙන පරිදි දැන්විය යුතු හෙයිනි. උදාහරනය ලෙස මොලයේ පිලිකාවක්, මරනීය අනතුරක විස්තර ගෙන එමේදී සැලකිලිමත් විය යුතුය, මන්ද කායිකව වැටී සිටින් රෝගියගේ මානසිකත්වය යම් තරමකින් හෝ ආරක්ශ කිරීම අපගේ යුතුකමක් වන නිසාය.

සතුටු හිතෙන ආරන්චි දීමට අපි කව්රුත් ප්‍රිය කරන්නෙමු. නමුත් අප්‍රිය ආරන්චි දීම? වෘතීමය වගකීමක් වන එය, වෛදයවරයාට අභියෝගයක්. රෝගියාගේ අපේක්ශාවන් වැඩිය, නමුත් අප අත ඇත්තෙ අඩු අපේක්ශා සහිත පනිවිඩයකි, එවිට නිතැනින්ම ලුහුඩක් නිර්මානයවේ, එම ලුහුඩ සම්පූර්න කිරීම වෛදයවරයාගේ පරම යුතුකමකි.

සායනික සාකච්චාව ආරම්භයේදීම රෝගියාගෙන් අසන්නේ, උදාහරනයක් ලෙස,

වෛ - සුනිල් මහත්මයා, ඔය මොනවද ඔයාගේ ලෙඩේ ගැන දන්නේ?

සු - මාස තුනක් විතර ඔලුවෙ රදය තියන හින්දා, කලින් බලපු ඩොක්ටර් නම් කීවෙ ඉරුවාරදය, නැත්නම් ආතතතිය වගේ වෙන්න ඇති කියලයි.

වෛ - අපි ඊයෙ මොලයෙ එම් අර් අයි පරීක්ශාවක් කලානේ?

සු - ඔව්

වෛ - ඒකෙ ප්‍රතිපල ඇවිල්ල තියනවා, තත්වය ටිකක් අපි හිතුවට වැඩිය බරපතලයි!

බෝහෝවිට මෙවැනි අවස්තාවලදී රෝගියාගේ ප්‍රතිචාරය අනුව, රෝගියාට තනියම හෝ/පවුලේ මිතුරන සමග හෝ තනිවීමට ඉඩ හැර පසු අවස්තාවන් කිහිපයකදී තත්වයේ සම්පූර්න තොරතුරුම ඔහු වෙත ලබාදිය යුතුය.

සුව කලනොහැකි ලෙඩක් නම්, සියලුම alternative options ලෙඩා වෙත පවසා, අවසාන තීරනය ගනු ලබන්නේ, සාමූහිකවය. එය පොදු තීරනයක් වන අතර ලෙඩා සහ පව්ලෙ අයට මූලික අවදානනය යොමු කරයි.


එවන් රෝගීන් සමග ආත්මීය සන්ගතවීම වෛදයවරයාගෙන් බලාපොරොත්තු වන්නක් අතර, එහිදී සුවකරන්නාගේ චරිතය උපදේශකයා විසින් බාර ගනු ලබයි. පුද්ගලයෙකුගේ අවසාන මොහොතෙ, ඔහුගේ හැගීම් හා සමීපව සැබැදිවීම මනුශත්වයට සහ පුද්ගලයාගේ චෛතිසිකත්වය හා සිදු කරන උතුම් ගනුදෙනුවකී. මියැදෙමින් සිටින පුද්ගලයාගේ අවසාන ඉල්ලීමක් වන "අනේ තව ටික කාලයක්" කිසිදා සැපිරිය නොහැකි අවශ්යතාවයකි, විශ්වයේ පොදු ධර්මතාවය එයය. එසේ අතිපුද්ගලත්වය සමග කටයුතුකරන මිනිසුන් ජීවිතය ගැන මහත් අත්දැකීම් ලබාගත්තො වෙත්හ...... 


Tuesday, September 20, 2011

මගේ විත්ති


මෙ අපෙ ෆැකල්ටි එකෙ අය්ය කෙනෙක්ට සිද්ද උන දෙයක්. එක්සෑම් එකකදී එයාට මානසික රෝගියෙකුගේ සායනික ඉතිහාසය සහ ඔහුව පරීක්ශා කරන්න වුනාලු, සම්මත ක්‍රමය තමයි එහෙම සීමාසහිත කාලයක් ඇතුලත ලෙඩෙක්ව පරීක්ශ කරලා එම ලෙඩා ගැන පරීක්ශකවරයා සමග සාකච්චා කරන්න ඔනේ. දැන් මේ ලෙඩා ගැන කතා කෙරුවොත් එයාගෙන් ඉස්සල්ලා කිහිපදෙනෙක් පරීක්ශනයට ලක් කරලලු හිටියේ, අපෙ අයියා  තමයි එයාව මීලගට පරීක්ශා කරන්න හිටියෙ.... එයා සුනිල් කියලා කියමුකො,

"සුනිල් මට කියන්න පුලුවන්ද ඔයාට මොකද උනේ කියලා......"

"මහත්තයා මම අර මුලින් ආපු මහත්වරුන්ට කතාව කීවනෙ, මම මහත්තයාට වෙන කතාවක් කියන්නම්, හොදේ....."

හපොයි....

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
දවසක් අපෙ යාලුවන් කීප දෙනෙක් අතර කතාවක් ඇතිඋනා,

"මචන් අර .......යනම් පොශ් කෙල්ලක් නේද?"

"ඔවු මචන් පොශ් එකෙක්ට තමයි හරියන්නෙ"

"...ත් ඔය කෙල්ලට ට්‍රයි කලා නේද?"

"නැහැ මචන් උබට ඒක හරියන්නේ නැහැ, උබල ආවෙ දකුනෙන්නෙ"

"දකුනෙ උනාට අපිත් හොද පොශ් කොල්ලො තමයි.... හරිය..."

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අපෙ ස්කෝලෙ ප්‍රදර්ශනයක් තිබිච්ච කාලෙක, ලමයි කට්ටියක් මහ රෑ වැඩ එහම ඉවර වෙලා කොම්පුටරයක් වටේට සෙට් උනා, මොනවටද කියලා දන්නවා ඇතිනේ පිරිමි පාසල් නේ...
ටික වෙලාවක් යද්දී සර් කෙනෙක්ට වැඩේ මාට්ටු වෙලා ක්ලාස් රූම් එකට ඇවිල්ල බලන්න, කොහොම හරි වැඩේ ශේප් වෙලා....
පස්සේ දවසක් ඒ සර් තව සර් කෙනෙක්ට කියනවලු...

"මම බලපු බලපු සැරේට කොල්ලො ටික වට වෙලා බොහොම උනන්දුවෙන් කටවල් ඇරගෙන ඩෙක්ස්ටොප් එක දිහා බලාගෙන ඉන්නවනේ...."

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

මේ තවත් අර වගේම වල් කතාවක්, දවසක් ඉස්කෝලෙ සර්ලට බොහොම පක්ශපාති ශිශ්යනායකයන් පිරිසක් නිල් චිත්‍රපට සහිත සීඩී වගයක් සර්ලට අල්ලලා දීලා.
මේවා හරිහැටි නොබලා ලමයින්ට දඩුවම් කිරීම නුසුදුසුයි කියලා හිතපු සර්ලා මේවා නරබලා පන්තිවලට ආවා.

"සර් මොනවද ඒවල තිබුනේ?....... කොල්ලන්ට ප්‍රශ්නයක්!"

"මොනවද තමයි! තිබුනේම සෘජු දඩු සහ ප්‍රත්‍යස්ත ගෝල ගැටුම් තමයි"
සර් ඉගැන්වුවේ ෆිසික්ස්.......  

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

මෙම සිද්දිය උනේ කොහෙද, කවදාද කියා කිසිවෙක් නොදනී.....
හුදෙක් පුද්ගලයෙකු විසින් නිර්මානය කරන ලද්දක්ද විය හැකිය...

"සර්! සර් කලු මොකද?"
"අපෙ අම්ම, තොගෙ අම්මවගේ ............... ගිහිල්ල නැහැ ඒකයි"
"ඒවුනාට සර්ගේ දුව සුදුයි නේ!"

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අපෙ කොල්ලො සෙට් එකක් පාසල් චාරිකාවක් ගිහිල්ලා, දවස් දෙකක. රෑ නැවතිලා හිටපු තැන කොල්ලො කට්ටීයක් ගසන්න සෙට් වෙද්දී මෙන්න සර් කෙනෙක් හතර ගාතෙන් එනවලු...

"තොපි එකෙක්වත් බීල එහෙම අහුවෙන්න එපා...."
 
"පිස්සුද සර්, අපි බොනවද?"
 
"ඒක තමයි, දැන් නිදාගනිල්ලා"
 
 පස්සේ දවසක් ඉස්කෝලේ මැඩම් අර සර්ගෙන් අහනවලු,
 
"කොහොමද සර් මගෙ ලමයි ටික අරක්කු බීවා කියල ආරචියි! ඇත්තද?"
 
"පිස්සුද මිස්, අපි මුලු රෑම හොද විපරමෙන් හිටියේ, අපිට නොදැනී අරක්කු කටෙවත් තියන්න පුලුවන් කමක් තිබුනේ නැහැ"

Saturday, September 10, 2011

නිල් මිනිස්සුයි... සුදු මිනිස්සුයි...


ඔයලා වෙන වැඩක් නැතිවෙලාවක පොඩ්ඩක් හිතන්න ගැටලුවක් දෙන්නද? පොඩි නිර්මානාත්මක ගැටලුවක්,

ඔන්න මුහුද මැද්දේ එක දූපතක් තිබුනලු, මේකේ හිටියලු ගොත්‍රික කන්ඩායම් දෙකක්, එක් කන්ඩායමක් නිල් පාටයිලු, අනික් කන්ඩායම සුදු පාටයිලු, දෙගොල්ලොම ඉන්නේ එකට, හැබැයි මෙයාලට තමුන්ගේ ඇගේ වර්නය පෙනෙන්නේ නැතිලු, ඒත් අනිත් අයගේ ඇගේ වර්නය පෙනෙනවාලු.  ඒක හින්දා මේ කට්ටිය එක්කෙනෙක්වහ් තමුන්ගේ ඇගේ පාට දන්නේ නැතිලු. ඒත් එක්කම මේ දූපතේ පාට දෙකක මිනිස්සු ඉන්නේ කියලා ඒ අය දන්නේ නෑ. හැබැයි වැඩේ කියන්නේ මේ කට්ටිය තමුන්ගේ ඇගේ පාට දැනගත්ත දවසට පහුවෙනිදා ඉබේම මැරෙනවාලු. 

ශිශ්ඨාචාරකරනයෙන් දූශිත නොවුනු මේ දූපතට එක් සන්චාරකයින් කට්ටියක් ඇවිල්ලා, මේ ජනතාව එක්ක සතුටින් දින ගනනාවක් ඉදලා යන දවසේ කිව්වලු,

 "අපි මේ දූපතේ ඉන්න නිල් කට්ටියයි, සුදු කට්ටියයි එක්ක බොහොම සතුටින් හිටියා, ඔයාලට ගොඩක් ස්තූතියි උදව් වලට" කියලා. 

ඊට පස්සේ දවස් හතක් යද්දී නිල් මිනිස්සු ඔක්කොම මැරුනලු, දැන් ප්‍රශ්නය තමයි මේ දූපතේ නිල් මිනිස්සු කීදෙනෙක් හිටියද? (පැහැදිලි කිරීමක් අවශ්යයි )

ඉගි දෙන්නම්
1. මේ මිනිස්සු හරිම බුද්දිමත් සහ තර්කානුකූලයි.
2. තමුන්ගේ පාට දැනගත්ත දාට පහුවෙනිදා උදේ වෙද්දි එයා මැරෙනවා.

පලි - මට මේක විසදන්න බැරි උනා, 

Thursday, September 1, 2011

අපි ග්‍රීස් යක්කු නෙවෙයි


මම හොද කතා කාරයෙක් නොවෙයි, මේක ඇවිල්ල මරන තුනක් තිබිච්ච, දෙයක් ගැන වැඩියෙන් සීරියස් ගන්න අපි කොල්ලො සෙට් එක පැනි කාපු හැටි ගැන තමයි. පැනි කිව්වේ? නැහැ නැහැ අර පරන කතාවනේ ඔය. හොදයි! විභාග කාරිය ඉවරවෙලා, පාඩම් කරපු මහන්සිය යන්නත් එක්ක අපි කට්ටිය ට්‍රිප් ඒක් යන්න ලෑස්ති උනා කියමුකෝ, සමහර කට්ටියනම් එක්සෑම් එකටත් කලින් ඉදන්ම රෙඩි උනා කියලා තමයි කතාව යන්නේ, මම නෙමෙයි අනේ! දවස් ගානක් ඉන්ටෙර්නෙට් එක පීර පීර බැලුවා යන්න හොද තැනක්. ලන්කාවේ තැන් තැන් වල කෑම්ප් සයිට් කිහිපයකම හිටපු කට්ටියන්ගේ කොමෙන්ට්ස් ගත්තු අපි අන්තිමේට වන්ගෙඩිගල කියලා බලන්ගොඩට කිට්ටු තැනක කෑම්ප් ගහන්න යන්න තීරනය කෙරුවා.

යන දවසේ කට්ටියම චමරියෙන් දවල්ට කාල එහෙම රූම් එකකට එකතූනා ගමන යන්න පිටත් වෙන්න, අපිට ලොකු බඩු ලිස්ට් එකක් තිබුනා ටෙන්ට් දෙකයි, උයන බඩුයි, අපෙ බඩුයි, ගෑස් එකයි, සිලින්ඩරෙයි එහෙහ්ම ඔක්කොම රෙඩි වෙලා තිබුනා. එතකොට තමයි පලවෙනි මරනය සෙට් උනේ.

"මචන් එ පැත්ත ගිනි ගන්නවලු, මිනිස්සු කෑලෑවට ගිනිතයලලු........" 

ආරන්චිය ආවේ එහෙමයි. මදැයි කොලා, අපෙ එවුන් නම් ඔලුව බිමගහල කිවුවේ ගමන නොයා මිස ගෙදර යන්නෑ කියලයි. ඇයි ඉතින් අපෙත් ලොකු කයිනේ ගෙදරටයි, ෆැකල්ටි එකටයයි. ඉතින් එහෙම ඉදලා අපි අම්බලන්ගොඩ පොලීසියටයි, ඒ වටෙ පොලිසි තුනකටයි කෝල් දුන්නා, මොකද වෙන්නේ බලන්ඩ, පොඩි සුභ නිමිත්තක්, එ කන්දට ගිනි නැතිලු. එතනිනුත් බේරුනා කියමු. 

නැග්ග බලන්ගොඩ බස් එකටඅපි ගිහිල්ල පලවෙනි දවසේ යාලුවෙකුගේ නෑදෑ ගෙදරක නතර උනා. පහුවෙනිදා තමයි කන්ද නගින්නේ.


පහුවෙනිදා අපි පෙරිය මොකද්ද කියලා වත්තක් මැද්දෙන් වන්ගෙඩිගල මුදුනේ කෑම්පින් සයිට් එකට ලන්නුනා. හත්වලාමෙයි! මෙන්න මිනිහෙක් දිග වක් පිහියක් වගේ එකක් ඇරගෙන අපි නගින පැත්ත දිහා බලාගෙන ඉන්නවා, මුවහත දිහා බැලුවම අර පොස්ට් මෝර්ටම් කරන බඩු ටික වගේ. ටික වෙලාවකින් තවත් මිනිහෙක්ද ආදී වශයෙන් ගැන්සියක්ම සෙට් උනේ නෑතැයි. දැන් කට්ටියම අපි දිහාවට ලන්වෙනවා නිකන් සැකයෙන් වගේ. අපි නැවතුනා ඔවුන්ට කතාකරන්න අපි දෙතුන් දෙනෙක් ගියා. මේ කාලෙ තමයි ඔය ග්‍රීස් යක්කු කියන කතාව වතුවලට ඇවිල්ල තිබුනේ, සතියකට විතර උඩදී වත්තකට ගියපු මිනිසුන් දෙන්නේක් මරලා දාල තිබුනා, අර කතාව ලොකුවට ගියේ. අපිවත් ග්‍රීස් යක්කු කියල සැක කරලා. කොහොම හරි ඔවුන්ගේ තර්ජන මැද අපි පල්ලම් බැස්සා. ඒක තමයි දෙවනි මරනය, අපි මැරුම් නොකා නූලෙන් බේරුනේ. 


දෑන් අපි බැහැලා දස අතෙ කල්පනාව, යන්නෙ කොහෙද, අපි අතරමන්නේ. ඔහොම ඉන්න අතරේ අපේ එකෙක් සබරගමු කැම්පස් එකේ යාලුවෙකුට කෝල් එකක් දීල තිබුනා, ඔහුගේ පිලිතුර උනේ මේ දවස්වල සමනල වැව හිදිලා හින්දා ඒකේ කෑම්ප් ගහන්න පුලුවන් කියලයි. 

හරි තැනක් සෙට් උනානේ. අපි එතනට ගියා එතන ලොකුවට ගහලා තියනවා "අවසර නැතිව ඇතුල්වන්නන්ට අනතුරු ඇගවීමකින් තොරව වෙඩි තබනු ලැබේ" කියලා. ඔන්න ඔහේ ඕන මගුලක් කියලා අපි කෑම්ප් දෙක අටවලා අවට සිරි නරබන්න පටන් ගත්තා. හිතේ පුන්චි විචිකිච්චාවක් නොතිබුනාම නෙවෙයි.


සමනල වැවෙ දාගැබකුත් මතුවෙලා තිබුනා අපි එකේ වටේ ඇවිදලා, වතුර ටිකක් තියනවා නාන්න හොදයි, වටේත් හරි ලස්සනයි. රෑට බුරියානි එකකුයි, වටලප්පමුයි හදන අතරතුර ටෝච් එලි දෙකක් එනවා පෙනුනා (අපි කෑම්ප් ගැහුවෙ එලියට නොපෙනෙන වලක් වගේ තැනක) දැන් වෙඩි වදියි, දැන් වෙඩි වදියි කියලා බලා ඉන්න අතරේ ආර්ක්ශක නිලදාරී මහතුන් දෙදෙනෙකු ඇවිල්ලා කතා කලා, අපි විකුනන්න පුලුවන් හැම කෙනාවම විකුනලා ශේප් කරගතතා, ඒ කරුනාවන්ත මහතුන් අවසානයේ කිව්වේ මේ මහ රෑ ඔයාලට යන්න කියන්නත් බැහැ, කරදරයක් නැතිව ඉදලා උදෙන්ම යන්න කියලයි. ඒක තමයි තුන්වෙනි මරනය.


තව කතාවක් මහ රෑ හරක් රන්චුවක් අපෙ කෑම්ප් එක වටේට වෙලා කෑගහනවා, උන්ගේ තැන වෙන්ටෑ, අපිත් ඉතින් හරක් වගේ උන්ට කෑගහල එලව ගත්තායි කියමු, මෙන්න බොලේ එකෙක් අපි පැත්තට එනවා, බය වෙච්චි අපේ එකෙක් අනිත් උන්ට කුනුහර්පෙන් බනිනවා "කෑගහන්න එපා *** ඒක අපි ලගටම එයි" කියලා. කොහොම හරි ජාමෙන් ජාමේ ඌත් තොලොන්චි උනා. බ් ර් ර් ර් ර් සීතල........


කෙසේ නමුත් අපි අවසානයේ නිරාමිශ ප්‍රීතියකින් අපෙ ගමන අවසන් කරා, බලපු තැන් ටික උනේ වන්ගෙඩිගල, අඩන ඇල්ල, සමනල වැව, සබරගමු කැම්පස් එක, තව මොකද්ද ඇල්ලකුයි තමයි. තැන් තුන හතරකින්ම නාලා කොලබ එනවිට පසුවදා මද්යම රාත්‍රිය එලබුනා. හොස්ටල් එකට ඇවිල්ල පැයක් විතර කතාකලේ ඒ ගමන මැරුම් නොකා බේරුන හැටි ගැනයි. විශෙශයෙන්ම ස්තූති කරන්න ඔනේ, අපෙ මිතුරාගේ නෑයින්ට, සබරගමු කැම්පස් එකේ මිතුරන්ට සහ ඒ කරුනාවන්ත ආරක්ශක නිලදාරී මහතුන්ට. එකක් කියන්න ඔනේ මේ දවස්වල ගමනක් යන්න ඉස්සල්ලා ටිකක හොයලා බලන්ඩ.