Sunday, June 10, 2012

සොල්දාදුවන් දෙන්නා!


සටන් බිමේ වෙඩි වැදුණු පසමිතුරු සොල්දාදුවා සමීපයට ගිය ජයග්‍රාහී පිලේ සොල්දාදුවා අමතමින් අසා සිටියේ, ඔබ සටන් කලේ කුමක් වෙනුවෙන්ද?
"මම සටන් කලේ මගේ රට වෙනුවෙන්, නමුත් මගේ මිනිය තියන්න බිම අගලක් වත් නැහැ, මගේ බිරිදට එය වලලන්න බිම කොටසක් බද්දට ගන්න වෙනවා!"
"ඇත්ත මිත්‍රයා මටත් මගේ අම්මලාටත් තියෙන්න මහල නිවාසයක උඩුමහලේ ගෙයක් විතරයි "

Friday, June 1, 2012

මගේ රාධාවට.....



නර්තනලීලා මා මනබන්ධන
නෙතු සිතු මායා අංජන ගල්වන
සිතුවිලි ගඟ දිය නිබඳ කලම්බන
රාධා දෝ නුබ,
යමුනා ගංතෙර,

සුවහස්  දනමන සනහන නලවන
විදුලිය ලෙස නෙත් කැලුම් විදාලන
හැගුම් පොකුරු නිති යුහුසුළු කරවන
රාධා දෝ නුබ,
යමුනා ගංතෙර,


ඉඟ සුඟ මුඳු බද කෝමල නර්තන
මා නෙතු යුවලට සීමා කල මැන
කරළිය පාමුල දෑස අඳුරු කර
රාධා වෙමි නුඹ,
එනු මැන මා වෙත,

රාධා දෝ නුබ,
යමුනා ගංතෙර.............................

නර්තනලීලා
ගායනය  -  අමරසිරි පීරිස්