Wednesday, September 5, 2012

පොතත් කාන්තාවත් පිට ගියොත් ගියාමය.....


ආගන්තුකයාගේ default mode එක වෙන lazy mode එකෙන මිදීලා ටික කාලයකට හරි exam mode එකට enter වෙන්න ඕනේ කියල හිතුවා, වට පිට බලද්දී බිත්තියේ තියනවා රුවන් වැකි කිහිපයක් පරන අය්යල ලියල ගියපු..... ඉතින් ආගන්තුකයට හිතුනා එ වැකි කිහිපය බ්ලොග් අවකාශයේ බෙදා ගන්න, මෙන්න කියවල බලන්නකෝ......

පුස්තක රත්නම්, ස්ත්‍රී රත්නම්
පරචිත්තම්  ගතං ගතම්
( පොතත් කාන්තාවත් පිට ගියොත් ගියාමයි )



දැනුම සවි සිපි සිහි සවි
බස සවි සිත කළා සවි
සතර සවි සරසවි
මවුනි මට දුන මැනවි සවි සවි

අතෙහි පොතෙහි ඇති දෙවි
නුවනට ඉසුරු ගනදෙවි
ගත ලොවේ අග පදවි
දෙන්න මට සිහිනුවන යුග සවි

දැන් ආගන්තුකයට ඉතිරිවෙලා තියෙන්නේ අතේ සවිය හිතට අරගෙන කල් යල් බලා ලග එන අවසාන exam එකට වැඩ කරන්නයි........