Thursday, November 15, 2012

ඇය


ඇය!
කිසිකලෙක නොදකින මායාවක් වැන්නකි,
නිෂානන්දයට කදුලක් එක කරන,
මා හඳ ස්පර්ශ කරන්නීය, 
නමුත් එය එකම විකල්පයක් නොවේ, 
වහා එන්න නිදිදුව මාවෙත! 
මම ඔබව ආදරයෙන් වැලඳගමි, 
ඔබේ ස්පර්ශය මට මහත් ආනන්දයකි, 

Tuesday, November 13, 2012

ඇය අසරනයිද?



ඔබ මගෙන් ප්‍රශ්නයක්  ඇසුවා, ඇය අසරනයිද?
මම කල්පනා කළා ඇයට අසරණ වෙන්න පුලුවනිද කියා,
ඔව්! මම හිතනවා ඇය අසරණයි කියා.
ප්‍රශ්නේ ඒක නෙවෙයි, ඇයට උදව් කරන්න ගොඩක් අය ඉන්නවා, නමුත් ඔවුන්ගේ සිතේ සැබෑ ලෙසම උදව් කිරීමේ චේතනාවක් නම් නැහැ.
මම කියන්නේ නැහැ මම හරිම හොදයි කියල, අඩුගානේ මම එහෙම කරන්න හිතුවෙවත් නැහැ. ඇගේ අසරණකමින් වාසියක් ගන්න! ඇයට උදව් කිරීම හොදයි එය එසේ විය යුතුයි, නමුත් ඇය අසරණ බවේ වෙළද භාන්ඩය බවට පත් නොවිය යුතුයි.
ඒ තැනට ඔයත් මමත් දෙන්නම එකගයි නේද?
ඉතින් ජීවිතය සොයන ඇය වැනි කාන්තාවන්ට උදව් කරන ඔබට මගේ හර්දයාංගම ආචාරය...

Monday, November 12, 2012

විසදුම


කිසි දෙයක්, කිසිම කලෙක සාර්වාත්‍රික වන්නේ නැත, අප, අප අවට ඇති සියලුම දේ, මේ හුස්ම, මේ ජීවිතය කිසි කලෙක සාර්වත්‍රික නොවේ, එවන් වූ සාර්වාත්‍රික නොවන ලොවක සිටින අප මේ කරන්නේ කුමක්ද? අප එකිනෙකාගේ පිටවල් කසමින් හිතින් සැනසෙමු, මේ ප්‍රස්තුතය වලංගු වන්නේ, ඔබට මට පමණක් නොව අප සැමදෙනාටමය.

අප සිතමු සැම දෙයම කාලය විසින් විසදනු ලබන බව, එසේනම් අප ලබා ඇත මිනිසත් බවෙන් වැඩක නැත, අපට තිබෙනුයේ සියල්ලම කාලයට බාර දී නිහඩව සිටීමද? නැත! සියලු දෙයටම මාර්ගයක් ඇත, කාලය හොද සුවපත්කරන්නෙකි, නමුත් ඔහු ප්‍රශ්න විසදන්නෙක් නොවේ, ඔහු හොද මාර්ගෝපදේෂයෙක් නොවේ, ඔහු හොද නැවතුම් සපයන්නෙකි, එම නැවතීම විටක අප සුවපත් කරයි.

ඔබට හැකිනම් මේ ලියන මගේ හිතට ඇතුල්වෙන්න, මේ හිතන වෙලාවේ, හිතන්න පෙර, හිතුවට පස්සේ, ඔබට දැනෙයි මේ දෙය විස්වාස කරන හොදම පුද්ගලයා මම නොවන බව, නමුත් ඔහුටද විස්වාසයක් අවශ්‍යයි, ඔහු විස්වාස කල යුතුයි කාලය හොද නැවතුම් කරුවෙකු සහ හොද සුවපත් කරන්නේක් බව, මන්ද ඔහුද යම පමණක අසරණයෙකි.