Tuesday, February 19, 2013

වැරදිකරු වෙමි මං ඔබ යන්න සැනසිල්ලෙන්.....


වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්
වැරදිකරු වෙමි මං
ඔබ යන්න සැනසිල්ලෙන්.....

ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි
රැගෙන කඩු තුඩු සේ.....
මතකයෙන් සිඳලන්න විඳගත්
හැඟුම් අප සමසේ .....

ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරණ වන දවසේ .....
එන්න පියබඳ පුරුදු ඉඳිකඩ
ළඟම ඇති පෙර සේ.....

ගී පද - රවී සිරිවර්ධන
ගී තනු - කළිඳු වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ


වරද මට පවරන්න සොඳුරිය