Thursday, October 27, 2011

Thalidomide disaster - නූතන වෛදය ඉතිහාසයේ සිදුවූ බිහිසුනුම ඛේදවාචකය

 නූතන ලෝකයෙ රහසේ ක්‍රියාත්මක වන ගෝලීය අධිරාජය්‍යයේ මූලිකම මුහුනක් වන්නේ බහුජාතික ඖෂද සමාගම් වන අතර එය වර්තමානයෙ කෙතරම් දුරට පැතිරී ඇත්දැයි කියනවානම් යම් රටක අනාගතය පවා තීරනය කිරීමට සමත් බව කියවේ. ඖෂද  නැමැති රසායනික හේතුවෙන් මියගිය මුලුගනන මෙතෙක් පැවති ලෝක යුද්ද වලින් මියගිය ගණනට වඩා වැඩි බව පැවසේ. ඖෂද යනුවෙන් හැදින්වෙන්නේ රසායනික වන අතර ඒවා නිවැරදි මාත්‍රවෙන් ගත්කල ඖෂද ලෙස ක්‍රියාකරන අතර, නියමිත මාත්‍රාවට වඩා වැඩි වූ කල විශ ලෙස ක්‍රියාකරයි. ඖෂද නිශ්පාදනයේ විවිද පියවරවල් ඇති අතර එම එක් එක් පියවරේදි අදාල ඖෂදයේ ක්‍රියාකාරිත්වය පරීක්ශා කරනු ලබයි.

යම් ඖශදයක් මිනිසුන්ගේ පරීක්ශා කිරීමට පෙර සතුන්ගෙන් පරීක්ශා කරන අතර එහිදී සත්ව ශරීරය තුලදී ඖශදයේ ක්‍රියාකාරිත්වය, ඖශදය පරිවෘත්තීය වන ආකාරය, විශ සහිත බව, ජාන විකෘති ඇතිවන බව පරීක්ශා කරනු ලබයි. මිනිසා තුල පරීක්ශා කරනු ලබන්නේ ඉන් පසුවය. මෙයද පියවර කිහිපයකින් සමන්විත වෙයි. පලමු පියවරේදී නිරෝගී වැඩිහිටියන් තුලද, දෙවන පියවරේදී රෝගීන් 50-300 තුලද, තෙවන පියවරේදී රෝගීන් 200-1000+ තුලද අවසාන පියවරේදී එනම් යම් ඖශදයකට අවසරය ලැබුනු පසු රෝගීන් 2000-10000+ ප්‍රමානයක් තුල දිගුකාලීනව පරීක්ශා කරනු ලබයි. 

ඖශදයකට යම් රටක අවසරය ලබා ගැනීම පහසු නොවන අතර, එසේ කිරීමේදී අදාල රටේ නීතිමය රාමුවකින්ද, විද්වත් රාමුවකින්ද සමත්විය යුතුය. යම් රටක ඖශද ව්‍යප්තිය යම් ආයතනියක් විසින් පාලනය කරනු ලබයි, එය රටක පනතක් මගින් සම්මත විය යුතුය. මෙහිදී මම ප්‍රකාශ කලේ යම් ඖශදයක් නිශ්පාදනයේ සිට පාරිභොගියා අතට පත් වීම දක් වා වූ ක්‍රියාවලියයි. 

Thalidomide යනු 1950 වන දශකයේ මව්වරුන්ගේ වමනය පාලනය කිරීමට භාවිතා කල ඖශදයකි. Grünenthal යන ජර්මානු ඖශද සමාගම විසින් සොයා ගන්න ලද මෙම ඖශදය 1957 වන විට ලොවපුරා රටවල් ගනනාවක භාවිතයට ගන්නට විය. නමුත මෙම ඖශදය 1961 වසර වන විට භාවිතයෙන් සම්පූර්නයෙන් ඉවත්කිරීමට සිදුවූයේ මෙම ඖශදය ගන්නා මව්වරුන්ගේ දරුවන් විවිද විකෘති වලට ලක්වීම නිසාය. ගනන් බලා ඇති ආකාරයට වාර්තාගත අන්දමට 10 000- 20 000ක් අතර ලදරුවන් සන්ඛයාවක් මෙයට ගොදුරුවී ඇත. නමුත් වාර්තාගත් නොවූ ප්‍රමානය මීට වඩා කිහිප ගුනයකින් වැඩි බව පැවසේ. 

 මෙම අනතුරට ගොදුරු වූ දරුවන්

1950 අග භාගයේ රටවල් 46ක දරුවන් 10 000කට අධික ප්‍රමානයක් මොලය පිටතින් පිහිටා තිබීම, ඔලුව විශාල වීම, අස්වාභාවික ගර්භාශය, රුධිර කැටි ගැසීමේ දුර්වලතා, හදවත් රෝග හා අත් පාවල විකෘති සහිතව ඉපදෙන්නට වන. ඔස්ට්‍රලියානු ජාතික නාරිවේද වෛදයවරයෙකු සහ ජර්මානු ජාතික ළමා වෛදයවරයෙකු වූ  William McBride , Widukind Lenz ගේ නිරීක්ශනයන් මත මෙම ඖශදය භාවිතය සහ විකෘති ඇතිවීම අතර සම්බන්දය සොයා ගන්නා ලදී.  1962 වසරේදී ඇමරිකානු රජයද ඉන් පසුව ඔවුන් හා යමින් අනෙකුත් රාජ්‍යන්ද මෙම ඖශද භාවිතයට එරෙහිව නීති පනවන්නට විය. 

නූතන සියවසේ මහත්වූ දුක්ඛාන්තයක් වූ මෙම විනාශය නිසා ලදරුවන් 20 000කට අදික පිරිසක්ද, ඔවුන්ගේ මව් පිය වරුන්ද දුක් විදි අතර, ඖශද භාවිතා කිරීමට දෙවරක් සිතීමට ලෝක ජනතාව යොමුකරන කදිම පාඩමක් විය. නමුත් කිසිම රසායනිකයක් මනා පාලනයකින් භාවිතා කරන විට විශක් නොවන බව යලිත් මතක් කරමින් වර්ථමානයේදී මෙම ඖශදය multiple myaloma, Erythema nodosum leprosum යන තත්ව සදහා භාවිත කර අගනා ඖශදයකි. නමුත් ගර්භනී මව්වරුන්ට තරයෙම භාවිතයට නුසුදුසු ලෙස නිර්දේශ කර ඇත.

Monday, October 24, 2011

මගේ බිරිද...


ඇගේ අනුරාගී හීන් කෙදිරියෙන් කුල්මත්වූ මාගේ ගත තවදුරටත් සභ්‍යත්වයේ සීමාවන් වසා සිටි වස්ත්‍ර එකින් එක ලිහිල් කරන්නට වන. අඩ අදුරේ මැවෙන චිත්තාකර්ශනයත්, ලතාවට නැලවෙන ඇගේ බදේ කෝමලත්වයෙන් මගේ සිරුර ඔකද වන්නට විය, තවදුරටත් තර්කනයට සීමා වන්නනට මාගේ ආවේගය ඉඩ නොදුනී, මගේ දෙ අත ඇගේ සිරුරේ වූ සියලු මිහිරියාවන් සොයා එසේ මෙසේ දුවන්නට වන. කිසිවිටක ඇගේන් එල්ල නොවූ විරොදාකල්පය මගේ ධෛර්‍ය් තවත් ඉහල නැන්වීය, සූරතාන්තයේ උච්ච්ස්තානය නොදැනීම එලබෙන්නට වන. කෙසේ වුවද ඒ රසබර හැගීම් වෑහෙන එක් රාත්‍රියක් එසේ ගෙවුන අතර මගේ නැවුම් ආදරයේ බලාපොරොත්තුව මල්පල නන්වමින් ඇය මගේ ජීවන සහකාරිය බවට පත්විය. කාලයේ රේකාවන් ඔස්සේ අපේ ආදරය පියමන්නට වන. යෞව්වනයෙ සොදුරුතම සමය කෙමෙන් කෙමෙන් ගතවන්නට විය. ජීවිතයට නව වගකීම් මෙනම අවශයතාද එකතුවන විට ගෙදර රැදි සතුට පෑල දොරින් පිටමන් වන්නට වූයේ අපටත් හොරාමය. වෙනදා ආදරයෙන් බැලූ ඇයගේ දෙනෙත් මාදෙස සැකයෙන් බලන්නට විය, කෙමෙන් කෙමෙන් ඇයගේ ආදරයද මාහට අහිමිවන බව දැනුනු අතර ඇයගේ වෙනස්කම් මට තදින්ම දැනෙන්න පටන් ගනිත්දී ඇය රුම පුදුම කතා ගොතන්නට වන.
"සජිත් ඔයා ගෙදර නැතිවෙලාවල් වල ගෙදර මහ අමුතු දේවල් වෙනවා"  
"මොනවගේ දේවල්ද නිලූ"
"හිටිගමන් ගෙදර තියන බත් කන්න බැරිතරම් ගද ගහනවා, දොර රෙදි වලට ඉබේම ගිනි ඇවිලෙනවා, මේ බලන්න"ඈ ගිනි ඇවිලී තිබුනු රෙදි කැබලි සමූහයක් මට පැවාය.
"විකාර, ඔය මොනව හරි වෙලා ගින් ඇවිලුනු දෙයක් වෙන්න ඇති" ඇය තවදුරට කතාවට නොපැමින අතර තනිවම බොහෝ වෙලාවක් කල්පනා කරන්නට වන.
ක්‍රමයෙන් අප අතර තිබූ කායික සම්බන්දතාවයද වියැකෙන්නට වන. ඇය මා සමග සම්බන්දතා පැවැත්වීම හරයේම ප්‍රතික්ශෙප කරන්නට වන, මගේ වුවමනාවන්ට ඉඩදෙන්නට ඇයගේ සිරුර ප්‍රතික්ශේප කරන බව මට හැගී ගියේය. මම ඇයගේ ප්‍රශන කලෙමි.
"ඔයා ගෙදර නැතිවෙලාවල් වලට තමයි එයා එන්නේ, එහෙම ඇවිත් මාත් එක්ක නිදියනවා, මට ඒ එකතුවීම හරිම තෘප්තිමත් ඔයා එක්ක ඉන්නවට වඩා"
මා අසරන වීමි, මගේ ඉවසීමේ සීමවන් ඉක්මවා තරහා නැගෙන්නට වන. මගේම බිරිදගෙ ශරීරයෙ හිමිකම ඉල්ලීමට මගේ වහල යට සිටිමින් අයදින්නට වීම කෙතරම ලැජ්ජාවට කරුනක්ද.

මා කුඩාකල සිටම පුරුදුකරගන ආ ඉවසීම නැවැත ආරෝපනය කරගත් මා ඇගේ ප්‍රශ්න කලේ මා නැති දිවා කාලයේදී ගෙදරට කිසිවෙකු නොපැමිනෙන බව මා සක් සුදක් සේ පැහැදිලිව අවබෝද කරගත් නිසාය. දිවා කල ඇය හා විසීමට මාගේ ලගම නැන්ද්නියක පැමිනේන අතර ඇය වයස අව්රුදු 80ක් පමන වූ බිහිරි කානතාවක් වුවද ඇයට හොරා මගේ බිරිද වෙනත් පිරිමියෙකු හා ලින්ගිකව එකතුවීම කොහෙත්ම ප්‍රායොගික නැත. ඇය එසේ කරනවානම්, මට පවසන්නේද නැත.

ඇය තවදුරටත් ඇයගේ නිහඩතාවය ආරක්ශා කරගත්තාය, මම තව දුරටත් මේ පිලිබද ගැබුරින් සෙවීමට ඉටා ගත්තේ මෙය කෙසේවත් මට දරා ගැනීමට නුපුලුවන් වීම නිසාය. මගේ බිරිද තවදුරටත් මා හා යහනගත්වීම ප්‍රතික්ශේප කරයි, දිනක් ගෙදර පැමිනි මාහට දක්නට ලැබුනේ ඇගේ කෙස් කලබ සම්පූර්නයෙන් කොට වනසේ කපා ඇති බවය. මගේ ඉවසීම පුපුරා හැලුනේ ගිනි කන්දක් පරිද්දෙනි. මගෙ හැඩි දැඩි අත් ඇයගේ කම්මුල් කරා ඇදෙන්නට වූයේ කිසිසේත්ම පාලනය කර ගන්නට නොහැකි ආකාරයෙනි. කෙසේ වුවද මගේ නැන්දනිය අවසානයේ අප අතරට මැදිහත්වී ඈ බේරා ගෙන කාමරයක දමා වැසුවාය. මම ඇගෙන් තනියම ප්‍රශ්න කලෙමි. 
"පුතා මම ඉස්සල්ලා කිව්ව වගේ දවල්ට ගෙදරට කව්රුවත් එන්නේ නැහැ, ඒත් දුවගේ හැසිරීම නම් අමුතුයි" 
ඇයගේ පිලිතුර විය, නමුත් මට ඇයගේ පිලිතුරින් කෙසේවත් සැහීමකට පත්වන්නට ඇපහසුවිය. මම ඉව්සීමේ ස්වයන් තීරනය මත මගේ බිරිද හමුවීමට තීරනය කලෙමි.
"ඒක තමයි සජිත් මම ඔයාට කිව්වේ අරයා අද මට කොන්ඩේ කපන්න බලකරා, මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ"
"කව්ද අරයා"
"ඔයා නැති අතරේ තමයි එයා එන්නේ, එයා හරිම ශක්තිමත්, මට කොහෙත්ම පාලනය කරන්න බැහැ, එයා මගේ කැමැත්තෙන් හරි අකමැත්තේන් හරි එයාට ඔන දෙවල් කර ගන්නවා"
"ගෑනියේ මගෙ යකා අවුස්සන්නේ නැතිව කියනවා ඌ මොකාද කියලා" 
ඇය සුපුරුදුපරිදි නිශ්ශබ්දතාව ආරක්ශා කරන්නට වන.......

මෙය අවසානය විය නොහැක............

Thursday, October 20, 2011

සිගිති ළැදැරිය, ලැමිස්සියක් වී නව යොවුන්වියට පා තබද්දී..........


වෙලාව රෑ 11යි, පුරුදු විදියට ෆේස් බුකියේ ඉන්න අතරතුර සුපුරුදු මුහුනක් දැක්ක මට මගේ මතකය අතීතයට ගියේ නොදැනුවත්වයි. සිතිවිලි වචන වලට හරවලා කොටන එක හරිම අමාරු දෙයක්, කොහොමහරි උත්සහයක් ගන්න එක වටිනවානේ. මෙ පොස්ට් එක එයා සමහර විට දකීවි, ඇයට පුදුම හිතේවි, මොකද මිතුරුදමක් ඇතුලේ සැගවෙච්ච අප්‍රකාශිත ආදරයක් කිසිදා ඇතිබව ඇය විශ්වාස නොකලා වෙන්න පුලුවනි. නැත්නම් එය ලදරු වයසේ ඇතිවෙච්චි මිහිරි මායාවක් ලෙස ඇය සිතාවි. කොහොම හරි මේ කියන්න යන්නේ ලදරු වලිප්පුව වගේ අපෙ හිතේ ලමා අවදියේ ඇතිවන මිහිරි හැගීමක මගේ මතකය.

ඇය ගැන මගේ මුලම මතක පොඩ්ඩ හොයන්න මට අතීතයෙ පිටුවකට එබෙන්න උනා. පිටුවෙ කොනක මම හිටියා, අක්ක හිටියා, අක්කගේ මිතුරියන් දෙදෙනෙක් හිටියා, ඇය සිටියා. මින් ඉදිරියට මගේ පොස්ට් එකෙ විශේශිතව ඇය කියන්නේ මගෙ කුඩා මිතුරිය, ඇයම තමයි. වයස එකතුකරලා බලද්දී අව්රුදු 9 ක් 10 ක්  විතර ඇති. අපේ ගෙදර අපි කට්ටිය සෙල්ලම් කරන අතරතුර ගොඩනැගිච්ච මතකයක් තමයි. ඒක මට ඇයගේ මුහුන පිලිබද පැහැදිලි පලමු මතකයයි. ඉන් පසු පසුගිය වසර ගනනාවක්ම ඇයගේ මුහුනේ, වතමඩලේ සෞන්දර්ය නිර්මානය වීම  වගේම ලැදැරියක් ලස්සන තරුන ලැමිස්සියක් දක්වාව් වූ වෙනසත්, වර්තමානයේදී ඇය වෙනුවට සිටින යව්වනියගේ මුහුනත් සදාකාලයේම මගේ සිත් ගත්තා.  

ඇය ඒ කල මාගේ සහෘදියක් වූවාට එතරම් හදවතට සමීප බවක් දැනුනේ මාගේ ද්වීතියක් අද්යාපන ලැබීමත් සමගමයි. මා පලවෙනි පාසලෙන් සමුගෙන උසස් පාසලකට ඇතුලත් වෙන කාලයේදීම ඇයත් කුරුනෑගල උසස් පාසලකට ඇතුල් උනා. ඇය හා මම එකම පාසල් බසයේ ගමන් ගත්තා, මිතුරුදම හුවමාරු කරගත්තා, මගේම වයසේ නිසා පොත්පත හුවමාරු කරගත්තා, සමහර දවස්වල එකිනෙකාගේ ගෙවල් වලට ගිහින් සෙල්ලම් කලා. කෙසේ වුනත් කාලය ගතවුනා, ඇයගේ ලැම පෙදස නෙරා ඇවිත්, වත මඩල අලන්කාර වී හුරුබුහුටි කුඩා දැරිය ලස්සන ලමිස්සියක් බවට පත් උනා. තවදුරටත් අප අතරේ අදහස්, ඇසුරු කරන පිරිස සමාන වුනේ නැහැ, ඒ වගේම බෝනික්කන් පිරිවරාගත් සොදුරු ලොවින් එයාටම උචිත යැයි සිතාගත් ලොවක තනි උනා, මම මටම වෙන්වූ ලොවක, මගේ පාඩුවේ උන්නු කාලය. ඒවගේම ඉලන්දාරි කම ඉයවහ ගිය කාලය. අද වගේ දකින දකින රතී රගාවන් එක්ක මුකුලු කරන කාලයක් නොවෙච්චි පිරිසිදු සිත, කුලුදුලේ එක් දේවතාවියකට වන්දනා කිරීමට තිබූ ආසාව පිරී ගොස් තිබූ අවදියයි. හේතුවක් නොදක්වාම ඇය ක්ශනිකයෙන් ඇගේ පදින්චිය වෙනස්කරා. තවදුරට ඇය මා සමග පාසල් පැමිනියේ නැහැ. මුලින් මුලින් මසකට වරක්වත් දැක්ක ඇයව අවුරුද්දකින්නත් දකින්න අමාරු උනා. 

ලස්සන ඇගේ අත පතාගෙන ආපු තරුනයන්ගෙන් අඩුවක් නොවුනු බවයි මට දැනගන්න පුලුවන් උනේ. නමුත් කිසි දිනක් ඒ ගොඩට එක් වෙන්නනට කිසිම ධෛරියක් නොතිබුනු මම කරේ දැනුම් සයුරේ කිමිදෙන එකයි. මට ආදරෙයි කිව හැකි තරමට ඇය මා හා සමීපව සිටිබව මට විශ්වාසයෙන්ම කිව හැකි වුවත් එය මගේ සිතේ ඇතිවුන හිතලුවක්, එහෙම නැත්නම් මුලින් කී ලදරු වලිප්පුව ලෙසින් ඇය විශ්වාස කරන්න ඇති. ඉන් පසු මම ඇය ගැන තවදුරටත් සොයන්න පෙලබුනේ නැහැ. 

අවුරුදු 6ක් 7ක් පමන සමීපයෙන් සිටි ඇයට මා සම්පූර්නයෙන්ම අමතක වූ බවට විශවාසකල හැකි සාධක මාහට හමුවුනා. පසු කලෙක ඇය මට, මා ඇයට කෙතරම් ආගන්තුක වූවාදැයි කියනවානම් නගරයේ හමුවූ කිසිම අවස්තාවකදී ඇය මා අදුනාගත් බවට ඉරියව්වක් හෝ සිනාවක් පිලිගැන්වූයෙ නැහැ. මටද ඇයව අදුනාගන්න දෙපාරක් බලන්න උනා. ඇය කෙතරම් මගේ ජීවිතයෙන් දුරස්තයිද යනවග මට වැටහුනේ දිනක් සිනමා හලක මා හමු වූ ඇය මා අදුනා ගත්තද, ඇයගේ ෆොන් නම්බර් එක මට දෙන එක කෙලින්ම ප්‍රතික්ශේපකල අවස්තාවෙදියි (මචන් ටීබී උබට ඒක මතක ඇති). අවුරුදු 7 ක් සමීපව ඇසුරුකල මිතුරෙකුට ඇය එසේ නොකලයුතුව තිබුනා කියා මම හිතනවා, අනිත් අතින් කොල්ලෙකුගේ ආත්ම ගෞරවය ඔහුගේ මිතුරන් ඉදිරියේවත් සලකා බැලීමට ඇයට යුතුකම් ඇතැයි මා විශ්වාස කලා.  

එදායින් පසුව ගතවූ පසුගිය අව්රුදු 4යි, මාස ගනනට මට ඇයව හමුවී හෝ, දැක නැහැ. නමුත් මම ඇයව බුකියෙන් දුටුවා. එද මා දුටු සිගිති මිතුරිය අද දකින යව්වනියගේ මුහුනෙන් මම නොදුටු නිසාද, එසේත් නැත්නම් ප්‍රතික්ශේප වීමට බියෙන්ද මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යැවීමේ අදහස සිතෙන් ඉවත් කලා. මෑතකදී මට ලැබුන විශ්වාස කටයුතු ආරන්චියකින් දැනගන්නට ලැබුනේ, ඇය ස්තිර වශයෙනම ඇයගේ ජීවන සහකරුවා සොයා ගෙන බවයි.

අද වනවිට ඇයගේ යැයි කියා කිසිදු ස්තිර මතකයක් මට නැත, ඇයව නැවත මතක් කරන්නට උත්සහ කරනවාට වඩා අමතකකිරීම පහසු බව මට දැනේ. කිසිදු මතකයක් දිගුකාලිනව අපට වද දෙන්නේවත්, කිසිදා අමතක නොවෙන්නේවත් නැත. සිදුවන්නේ මතකයක් ගබඩා කල ස්ථානයක් අලුත් මතක වලින් ප්‍රතිශ්ඨාපනය වීමයි. නැවත නැවත එම මතකය අලුත් නොකරන්නට එම මතකයන් කිසිදා අපට වද නොදෙනු ඇත. සැබෑ විරහාවක් සාහිත‍යයේ පරිදි මහා ඛේදවාචකයන් නොවන අතර මගේ සුපුරුදු කියමන මෙයටත් අදාල වෙයි "කාලයත් , දුරස්තතාවයත් මතකයන් ඈත් කරනු ඇත". ඉතින් මගේ පුන්චි මිතුරිය ඔයාට වාසනාවන්ත සුභ අනාගතයක්.


Tuesday, October 4, 2011

හදවතට අත නොතබනු......


ශ්‍රි ලන්කා වෛදය සභාවේ ලේඛකාධිකාරී එන්.ජේ නෝනිස් මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිලිකුලෙන් යුතුව හෙලා දකිමු. වෛදය වරුන්ගේ හදවත වන් වූ ශ්‍රි ලන්කා වෛදය සභාවේ නිලධාරීන්ට දේශපාලන මැරවරයන් විසින් පහර දීම පිලිකුලෙන් යුතුව හෙලා දකිමු....................

Monday, October 3, 2011

නොවිසිදුන අභිරස්!


අප අවට අභිරස් ඔනෑතරම් ඇත. සමහරක්වා බිහිසුනුය, සමහරක්වා හිතාගැන්මටවත් අපසුය. විද්‍යාව දින දිනම අභිරස් අප ඉදිරියේ දිග හරින අතර ඒවාට විසදුම් සෙවීම අනාගතයට භාරවෙයි. සන්කීරන මිනිසා තුල සැගවුනු රහස් එමටය. ඒවා විශ්මිතය, වටහා ගැනීමට අපහසුය, සමහරක්වාට පිලිතුරු නැත, අනාගතය ඒවාට පිලිතුරු සොයනු ඇත. මේ ලිපියෙන් විස්තර වන්නේ එවැනි දුලභ අභිරස් කිහිපයකි. සොයන්න! සමහරක් විට ඔබද මේ අතර අයෙක් විය හැකිය.

ඇග ඇතුලෙ තව මිනිහෙක් ඉන්න චිත්‍රපටි සහ කාර්ටූන් ඔන තරම් බලල තියනවානේ. ඒවල ඇග ඇතුලෙ ඉන්න මිනිහා තමයි ලොකු ශරීරය පාලනය කරන්නේ. මේ කියන්න යන්නේ එ වගෙ කතාවක් තමයි. හැබැයි ඇත්ත සිදුවීමක්. Chimeric people (a mix of two individuals) කියලා කියන්නේ වෙනස්ම ජාන සන්කලන දෙකකින් සෑදුන තනි පුද්ගලයෙකුයි. ඔවුන් සෑදීම වෙන්නේ මවගේ ගර්භාශය තුල සිටියදී නිවුන් දෙදෙනෙකු ලෙස හැදුන කලල දෙකක් පසු කාලයකදී එකට හාවී තනි පුද්ගලයෙකු බවට පත් වීමයි. මොවුන් ජාන යුගල් දෙකක සම්බවයක්. මෙහෙම හිතමු, එහෙම පුද්ගලයෙකුට ලමයෙක් හම්බ උනා, දැන් ඒ ලමයගේ ජාන පරීක්ශා කරාම ඇය එම දරුවාගේ ජීව විද්යාත්මක මව නොවෙයි, එතනදී වෙලා තියෙන්නේ බීජානු වල සම්භවය අර හාවුන අනික් ජීවියාට අයිති ඒවා, නමුත් ජාන පරීක්ශනයට ගන්නා රුධිරය අයිති වන්නේ අනික් ජීවියාට. ඉතාමත් දුලබ අවස්තාවක් ලෙස තමයි ප්‍රකාශ වන්නේ.

මේ පින්තූරයෙ ඉන්නේ එවනි පුද්ගලයෙක්. මෙහිදී සිදුවී තිබෙන්නේ ඔහුගෙ නිවුන් සහෝදරයා ඔහුගේ කදට හාවී තනි ජීවිකු ලෙස ජීවත් වීමයි. ඉහල කොටස පහල කොටසට වඩා වෙනස්වීම, පුද්ගලයන් දෙදෙනා ප්‍රමානයෙන් අසමාන බව හා පුද්ගලයන් දෙදෙනෙකුගේ සන්කලනයක් බව පෙන්වීමට කදිම සාක්ශියක්. මෙවැනි සිද්දී 20 ක් පමන වෛද්ය ඉතිහාසය තුල වාර්තා වී තිබෙනවා.

Fetus in fetu කියලා කියන්නේ පෙර ආකාරයටම නිවුන්නු දෙදෙනෙක් හාවී සිටින නමුත් එම හාවී සිටින නිවුන්න පරපෝශියෙක් ලෙස පුද්ගලයා තුල වර්දනය වීමයි. මෙසේ සිටින ජීවියාට මොලයක් නැති අතර ස්වාදීනව ජීවත් වීමට හැකියාවක් නැහැ. බඩතුල සිටින මෙවන් පරපෝශිතයන් අත් පය සෙලවීම වැනි දෙය දැකගන්නට පුලුවන් බව වාර්තාවෙනවා, පිරිමියෙකු තුල සිටින මෙවන් ජීවින්, පිරිමියා ගර්භනී වීමක් ලෙස වරදවා හදුනාගත් අවස්තාද වාර්තා වෙනවා.

Tree man හෙවත් ගස් මිනිසා ගැන අහලා ඇතිනේ, ඉන්දුනීසියවේ ජීවත්වන ඩීඩී නැමැති මෙම මිනිසාගේ ඇගෙන් මුල් වැනි අපිච්චදමය කොටස් මතුවීම සිදුවෙනවා. කොතරම කපා ඉවත් කරත් එම වැඩීම අඩු නොවෙන බවයි වාර්තා වන්නේ. Human Papilloma Virus (HPV) නම් ඉන්නන් ඇතිවීමට දායකවන වෛරසයෙ ආසාදනයක් හා ඔහුගේ ප්‍රතිශක්තිකරන පද්දතියේ ජාන විකෘතියක් නිසා හටගත් අසාමන්ය තත්වයක් ලෙස තමයි දැනට විශ්වාස කරන්නේ, නමූත් තවම එය තහවුරු වී නැහැ.

 

මෙම සැගවුනු අභිරහස් විසදීම විද්යාවට අභියෝගයක්, එය අභියෝගයක් වූ තරමටම ...................................


Wednesday, September 28, 2011

නරක පනිවිඩයක්


වෛදයවරයෙකු බෝහෝ විට රෝගියෙකකුට ගෙනෙන ආරන්චියන් හොද ආරන්චියක් වන්නේ කලාතුරකිනි. සමහර රෝග විනිශ්යන් රෝගියාට පවසන විට වෛදයවරයාද අපහසුවලට ලක්වන්නේ, ඔහුගේ ජීවිතය ගැන තීරනය කරන පනිවිඩයක් ඔහුගේ හිතට අවම බරක් දැනෙන පරිදි දැන්විය යුතු හෙයිනි. උදාහරනය ලෙස මොලයේ පිලිකාවක්, මරනීය අනතුරක විස්තර ගෙන එමේදී සැලකිලිමත් විය යුතුය, මන්ද කායිකව වැටී සිටින් රෝගියගේ මානසිකත්වය යම් තරමකින් හෝ ආරක්ශ කිරීම අපගේ යුතුකමක් වන නිසාය.

සතුටු හිතෙන ආරන්චි දීමට අපි කව්රුත් ප්‍රිය කරන්නෙමු. නමුත් අප්‍රිය ආරන්චි දීම? වෘතීමය වගකීමක් වන එය, වෛදයවරයාට අභියෝගයක්. රෝගියාගේ අපේක්ශාවන් වැඩිය, නමුත් අප අත ඇත්තෙ අඩු අපේක්ශා සහිත පනිවිඩයකි, එවිට නිතැනින්ම ලුහුඩක් නිර්මානයවේ, එම ලුහුඩ සම්පූර්න කිරීම වෛදයවරයාගේ පරම යුතුකමකි.

සායනික සාකච්චාව ආරම්භයේදීම රෝගියාගෙන් අසන්නේ, උදාහරනයක් ලෙස,

වෛ - සුනිල් මහත්මයා, ඔය මොනවද ඔයාගේ ලෙඩේ ගැන දන්නේ?

සු - මාස තුනක් විතර ඔලුවෙ රදය තියන හින්දා, කලින් බලපු ඩොක්ටර් නම් කීවෙ ඉරුවාරදය, නැත්නම් ආතතතිය වගේ වෙන්න ඇති කියලයි.

වෛ - අපි ඊයෙ මොලයෙ එම් අර් අයි පරීක්ශාවක් කලානේ?

සු - ඔව්

වෛ - ඒකෙ ප්‍රතිපල ඇවිල්ල තියනවා, තත්වය ටිකක් අපි හිතුවට වැඩිය බරපතලයි!

බෝහෝවිට මෙවැනි අවස්තාවලදී රෝගියාගේ ප්‍රතිචාරය අනුව, රෝගියාට තනියම හෝ/පවුලේ මිතුරන සමග හෝ තනිවීමට ඉඩ හැර පසු අවස්තාවන් කිහිපයකදී තත්වයේ සම්පූර්න තොරතුරුම ඔහු වෙත ලබාදිය යුතුය.

සුව කලනොහැකි ලෙඩක් නම්, සියලුම alternative options ලෙඩා වෙත පවසා, අවසාන තීරනය ගනු ලබන්නේ, සාමූහිකවය. එය පොදු තීරනයක් වන අතර ලෙඩා සහ පව්ලෙ අයට මූලික අවදානනය යොමු කරයි.


එවන් රෝගීන් සමග ආත්මීය සන්ගතවීම වෛදයවරයාගෙන් බලාපොරොත්තු වන්නක් අතර, එහිදී සුවකරන්නාගේ චරිතය උපදේශකයා විසින් බාර ගනු ලබයි. පුද්ගලයෙකුගේ අවසාන මොහොතෙ, ඔහුගේ හැගීම් හා සමීපව සැබැදිවීම මනුශත්වයට සහ පුද්ගලයාගේ චෛතිසිකත්වය හා සිදු කරන උතුම් ගනුදෙනුවකී. මියැදෙමින් සිටින පුද්ගලයාගේ අවසාන ඉල්ලීමක් වන "අනේ තව ටික කාලයක්" කිසිදා සැපිරිය නොහැකි අවශ්යතාවයකි, විශ්වයේ පොදු ධර්මතාවය එයය. එසේ අතිපුද්ගලත්වය සමග කටයුතුකරන මිනිසුන් ජීවිතය ගැන මහත් අත්දැකීම් ලබාගත්තො වෙත්හ...... 


Tuesday, September 20, 2011

මගේ විත්ති


මෙ අපෙ ෆැකල්ටි එකෙ අය්ය කෙනෙක්ට සිද්ද උන දෙයක්. එක්සෑම් එකකදී එයාට මානසික රෝගියෙකුගේ සායනික ඉතිහාසය සහ ඔහුව පරීක්ශා කරන්න වුනාලු, සම්මත ක්‍රමය තමයි එහෙම සීමාසහිත කාලයක් ඇතුලත ලෙඩෙක්ව පරීක්ශ කරලා එම ලෙඩා ගැන පරීක්ශකවරයා සමග සාකච්චා කරන්න ඔනේ. දැන් මේ ලෙඩා ගැන කතා කෙරුවොත් එයාගෙන් ඉස්සල්ලා කිහිපදෙනෙක් පරීක්ශනයට ලක් කරලලු හිටියේ, අපෙ අයියා  තමයි එයාව මීලගට පරීක්ශා කරන්න හිටියෙ.... එයා සුනිල් කියලා කියමුකො,

"සුනිල් මට කියන්න පුලුවන්ද ඔයාට මොකද උනේ කියලා......"

"මහත්තයා මම අර මුලින් ආපු මහත්වරුන්ට කතාව කීවනෙ, මම මහත්තයාට වෙන කතාවක් කියන්නම්, හොදේ....."

හපොයි....

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
දවසක් අපෙ යාලුවන් කීප දෙනෙක් අතර කතාවක් ඇතිඋනා,

"මචන් අර .......යනම් පොශ් කෙල්ලක් නේද?"

"ඔවු මචන් පොශ් එකෙක්ට තමයි හරියන්නෙ"

"...ත් ඔය කෙල්ලට ට්‍රයි කලා නේද?"

"නැහැ මචන් උබට ඒක හරියන්නේ නැහැ, උබල ආවෙ දකුනෙන්නෙ"

"දකුනෙ උනාට අපිත් හොද පොශ් කොල්ලො තමයි.... හරිය..."

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අපෙ ස්කෝලෙ ප්‍රදර්ශනයක් තිබිච්ච කාලෙක, ලමයි කට්ටියක් මහ රෑ වැඩ එහම ඉවර වෙලා කොම්පුටරයක් වටේට සෙට් උනා, මොනවටද කියලා දන්නවා ඇතිනේ පිරිමි පාසල් නේ...
ටික වෙලාවක් යද්දී සර් කෙනෙක්ට වැඩේ මාට්ටු වෙලා ක්ලාස් රූම් එකට ඇවිල්ල බලන්න, කොහොම හරි වැඩේ ශේප් වෙලා....
පස්සේ දවසක් ඒ සර් තව සර් කෙනෙක්ට කියනවලු...

"මම බලපු බලපු සැරේට කොල්ලො ටික වට වෙලා බොහොම උනන්දුවෙන් කටවල් ඇරගෙන ඩෙක්ස්ටොප් එක දිහා බලාගෙන ඉන්නවනේ...."

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

මේ තවත් අර වගේම වල් කතාවක්, දවසක් ඉස්කෝලෙ සර්ලට බොහොම පක්ශපාති ශිශ්යනායකයන් පිරිසක් නිල් චිත්‍රපට සහිත සීඩී වගයක් සර්ලට අල්ලලා දීලා.
මේවා හරිහැටි නොබලා ලමයින්ට දඩුවම් කිරීම නුසුදුසුයි කියලා හිතපු සර්ලා මේවා නරබලා පන්තිවලට ආවා.

"සර් මොනවද ඒවල තිබුනේ?....... කොල්ලන්ට ප්‍රශ්නයක්!"

"මොනවද තමයි! තිබුනේම සෘජු දඩු සහ ප්‍රත්‍යස්ත ගෝල ගැටුම් තමයි"
සර් ඉගැන්වුවේ ෆිසික්ස්.......  

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

මෙම සිද්දිය උනේ කොහෙද, කවදාද කියා කිසිවෙක් නොදනී.....
හුදෙක් පුද්ගලයෙකු විසින් නිර්මානය කරන ලද්දක්ද විය හැකිය...

"සර්! සර් කලු මොකද?"
"අපෙ අම්ම, තොගෙ අම්මවගේ ............... ගිහිල්ල නැහැ ඒකයි"
"ඒවුනාට සර්ගේ දුව සුදුයි නේ!"

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අපෙ කොල්ලො සෙට් එකක් පාසල් චාරිකාවක් ගිහිල්ලා, දවස් දෙකක. රෑ නැවතිලා හිටපු තැන කොල්ලො කට්ටීයක් ගසන්න සෙට් වෙද්දී මෙන්න සර් කෙනෙක් හතර ගාතෙන් එනවලු...

"තොපි එකෙක්වත් බීල එහෙම අහුවෙන්න එපා...."
 
"පිස්සුද සර්, අපි බොනවද?"
 
"ඒක තමයි, දැන් නිදාගනිල්ලා"
 
 පස්සේ දවසක් ඉස්කෝලේ මැඩම් අර සර්ගෙන් අහනවලු,
 
"කොහොමද සර් මගෙ ලමයි ටික අරක්කු බීවා කියල ආරචියි! ඇත්තද?"
 
"පිස්සුද මිස්, අපි මුලු රෑම හොද විපරමෙන් හිටියේ, අපිට නොදැනී අරක්කු කටෙවත් තියන්න පුලුවන් කමක් තිබුනේ නැහැ"

Saturday, September 10, 2011

නිල් මිනිස්සුයි... සුදු මිනිස්සුයි...


ඔයලා වෙන වැඩක් නැතිවෙලාවක පොඩ්ඩක් හිතන්න ගැටලුවක් දෙන්නද? පොඩි නිර්මානාත්මක ගැටලුවක්,

ඔන්න මුහුද මැද්දේ එක දූපතක් තිබුනලු, මේකේ හිටියලු ගොත්‍රික කන්ඩායම් දෙකක්, එක් කන්ඩායමක් නිල් පාටයිලු, අනික් කන්ඩායම සුදු පාටයිලු, දෙගොල්ලොම ඉන්නේ එකට, හැබැයි මෙයාලට තමුන්ගේ ඇගේ වර්නය පෙනෙන්නේ නැතිලු, ඒත් අනිත් අයගේ ඇගේ වර්නය පෙනෙනවාලු.  ඒක හින්දා මේ කට්ටිය එක්කෙනෙක්වහ් තමුන්ගේ ඇගේ පාට දන්නේ නැතිලු. ඒත් එක්කම මේ දූපතේ පාට දෙකක මිනිස්සු ඉන්නේ කියලා ඒ අය දන්නේ නෑ. හැබැයි වැඩේ කියන්නේ මේ කට්ටිය තමුන්ගේ ඇගේ පාට දැනගත්ත දවසට පහුවෙනිදා ඉබේම මැරෙනවාලු. 

ශිශ්ඨාචාරකරනයෙන් දූශිත නොවුනු මේ දූපතට එක් සන්චාරකයින් කට්ටියක් ඇවිල්ලා, මේ ජනතාව එක්ක සතුටින් දින ගනනාවක් ඉදලා යන දවසේ කිව්වලු,

 "අපි මේ දූපතේ ඉන්න නිල් කට්ටියයි, සුදු කට්ටියයි එක්ක බොහොම සතුටින් හිටියා, ඔයාලට ගොඩක් ස්තූතියි උදව් වලට" කියලා. 

ඊට පස්සේ දවස් හතක් යද්දී නිල් මිනිස්සු ඔක්කොම මැරුනලු, දැන් ප්‍රශ්නය තමයි මේ දූපතේ නිල් මිනිස්සු කීදෙනෙක් හිටියද? (පැහැදිලි කිරීමක් අවශ්යයි )

ඉගි දෙන්නම්
1. මේ මිනිස්සු හරිම බුද්දිමත් සහ තර්කානුකූලයි.
2. තමුන්ගේ පාට දැනගත්ත දාට පහුවෙනිදා උදේ වෙද්දි එයා මැරෙනවා.

පලි - මට මේක විසදන්න බැරි උනා, 

Thursday, September 1, 2011

අපි ග්‍රීස් යක්කු නෙවෙයි


මම හොද කතා කාරයෙක් නොවෙයි, මේක ඇවිල්ල මරන තුනක් තිබිච්ච, දෙයක් ගැන වැඩියෙන් සීරියස් ගන්න අපි කොල්ලො සෙට් එක පැනි කාපු හැටි ගැන තමයි. පැනි කිව්වේ? නැහැ නැහැ අර පරන කතාවනේ ඔය. හොදයි! විභාග කාරිය ඉවරවෙලා, පාඩම් කරපු මහන්සිය යන්නත් එක්ක අපි කට්ටිය ට්‍රිප් ඒක් යන්න ලෑස්ති උනා කියමුකෝ, සමහර කට්ටියනම් එක්සෑම් එකටත් කලින් ඉදන්ම රෙඩි උනා කියලා තමයි කතාව යන්නේ, මම නෙමෙයි අනේ! දවස් ගානක් ඉන්ටෙර්නෙට් එක පීර පීර බැලුවා යන්න හොද තැනක්. ලන්කාවේ තැන් තැන් වල කෑම්ප් සයිට් කිහිපයකම හිටපු කට්ටියන්ගේ කොමෙන්ට්ස් ගත්තු අපි අන්තිමේට වන්ගෙඩිගල කියලා බලන්ගොඩට කිට්ටු තැනක කෑම්ප් ගහන්න යන්න තීරනය කෙරුවා.

යන දවසේ කට්ටියම චමරියෙන් දවල්ට කාල එහෙම රූම් එකකට එකතූනා ගමන යන්න පිටත් වෙන්න, අපිට ලොකු බඩු ලිස්ට් එකක් තිබුනා ටෙන්ට් දෙකයි, උයන බඩුයි, අපෙ බඩුයි, ගෑස් එකයි, සිලින්ඩරෙයි එහෙහ්ම ඔක්කොම රෙඩි වෙලා තිබුනා. එතකොට තමයි පලවෙනි මරනය සෙට් උනේ.

"මචන් එ පැත්ත ගිනි ගන්නවලු, මිනිස්සු කෑලෑවට ගිනිතයලලු........" 

ආරන්චිය ආවේ එහෙමයි. මදැයි කොලා, අපෙ එවුන් නම් ඔලුව බිමගහල කිවුවේ ගමන නොයා මිස ගෙදර යන්නෑ කියලයි. ඇයි ඉතින් අපෙත් ලොකු කයිනේ ගෙදරටයි, ෆැකල්ටි එකටයයි. ඉතින් එහෙම ඉදලා අපි අම්බලන්ගොඩ පොලීසියටයි, ඒ වටෙ පොලිසි තුනකටයි කෝල් දුන්නා, මොකද වෙන්නේ බලන්ඩ, පොඩි සුභ නිමිත්තක්, එ කන්දට ගිනි නැතිලු. එතනිනුත් බේරුනා කියමු. 

නැග්ග බලන්ගොඩ බස් එකටඅපි ගිහිල්ල පලවෙනි දවසේ යාලුවෙකුගේ නෑදෑ ගෙදරක නතර උනා. පහුවෙනිදා තමයි කන්ද නගින්නේ.


පහුවෙනිදා අපි පෙරිය මොකද්ද කියලා වත්තක් මැද්දෙන් වන්ගෙඩිගල මුදුනේ කෑම්පින් සයිට් එකට ලන්නුනා. හත්වලාමෙයි! මෙන්න මිනිහෙක් දිග වක් පිහියක් වගේ එකක් ඇරගෙන අපි නගින පැත්ත දිහා බලාගෙන ඉන්නවා, මුවහත දිහා බැලුවම අර පොස්ට් මෝර්ටම් කරන බඩු ටික වගේ. ටික වෙලාවකින් තවත් මිනිහෙක්ද ආදී වශයෙන් ගැන්සියක්ම සෙට් උනේ නෑතැයි. දැන් කට්ටියම අපි දිහාවට ලන්වෙනවා නිකන් සැකයෙන් වගේ. අපි නැවතුනා ඔවුන්ට කතාකරන්න අපි දෙතුන් දෙනෙක් ගියා. මේ කාලෙ තමයි ඔය ග්‍රීස් යක්කු කියන කතාව වතුවලට ඇවිල්ල තිබුනේ, සතියකට විතර උඩදී වත්තකට ගියපු මිනිසුන් දෙන්නේක් මරලා දාල තිබුනා, අර කතාව ලොකුවට ගියේ. අපිවත් ග්‍රීස් යක්කු කියල සැක කරලා. කොහොම හරි ඔවුන්ගේ තර්ජන මැද අපි පල්ලම් බැස්සා. ඒක තමයි දෙවනි මරනය, අපි මැරුම් නොකා නූලෙන් බේරුනේ. 


දෑන් අපි බැහැලා දස අතෙ කල්පනාව, යන්නෙ කොහෙද, අපි අතරමන්නේ. ඔහොම ඉන්න අතරේ අපේ එකෙක් සබරගමු කැම්පස් එකේ යාලුවෙකුට කෝල් එකක් දීල තිබුනා, ඔහුගේ පිලිතුර උනේ මේ දවස්වල සමනල වැව හිදිලා හින්දා ඒකේ කෑම්ප් ගහන්න පුලුවන් කියලයි. 

හරි තැනක් සෙට් උනානේ. අපි එතනට ගියා එතන ලොකුවට ගහලා තියනවා "අවසර නැතිව ඇතුල්වන්නන්ට අනතුරු ඇගවීමකින් තොරව වෙඩි තබනු ලැබේ" කියලා. ඔන්න ඔහේ ඕන මගුලක් කියලා අපි කෑම්ප් දෙක අටවලා අවට සිරි නරබන්න පටන් ගත්තා. හිතේ පුන්චි විචිකිච්චාවක් නොතිබුනාම නෙවෙයි.


සමනල වැවෙ දාගැබකුත් මතුවෙලා තිබුනා අපි එකේ වටේ ඇවිදලා, වතුර ටිකක් තියනවා නාන්න හොදයි, වටේත් හරි ලස්සනයි. රෑට බුරියානි එකකුයි, වටලප්පමුයි හදන අතරතුර ටෝච් එලි දෙකක් එනවා පෙනුනා (අපි කෑම්ප් ගැහුවෙ එලියට නොපෙනෙන වලක් වගේ තැනක) දැන් වෙඩි වදියි, දැන් වෙඩි වදියි කියලා බලා ඉන්න අතරේ ආර්ක්ශක නිලදාරී මහතුන් දෙදෙනෙකු ඇවිල්ලා කතා කලා, අපි විකුනන්න පුලුවන් හැම කෙනාවම විකුනලා ශේප් කරගතතා, ඒ කරුනාවන්ත මහතුන් අවසානයේ කිව්වේ මේ මහ රෑ ඔයාලට යන්න කියන්නත් බැහැ, කරදරයක් නැතිව ඉදලා උදෙන්ම යන්න කියලයි. ඒක තමයි තුන්වෙනි මරනය.


තව කතාවක් මහ රෑ හරක් රන්චුවක් අපෙ කෑම්ප් එක වටේට වෙලා කෑගහනවා, උන්ගේ තැන වෙන්ටෑ, අපිත් ඉතින් හරක් වගේ උන්ට කෑගහල එලව ගත්තායි කියමු, මෙන්න බොලේ එකෙක් අපි පැත්තට එනවා, බය වෙච්චි අපේ එකෙක් අනිත් උන්ට කුනුහර්පෙන් බනිනවා "කෑගහන්න එපා *** ඒක අපි ලගටම එයි" කියලා. කොහොම හරි ජාමෙන් ජාමේ ඌත් තොලොන්චි උනා. බ් ර් ර් ර් ර් සීතල........


කෙසේ නමුත් අපි අවසානයේ නිරාමිශ ප්‍රීතියකින් අපෙ ගමන අවසන් කරා, බලපු තැන් ටික උනේ වන්ගෙඩිගල, අඩන ඇල්ල, සමනල වැව, සබරගමු කැම්පස් එක, තව මොකද්ද ඇල්ලකුයි තමයි. තැන් තුන හතරකින්ම නාලා කොලබ එනවිට පසුවදා මද්යම රාත්‍රිය එලබුනා. හොස්ටල් එකට ඇවිල්ල පැයක් විතර කතාකලේ ඒ ගමන මැරුම් නොකා බේරුන හැටි ගැනයි. විශෙශයෙන්ම ස්තූති කරන්න ඔනේ, අපෙ මිතුරාගේ නෑයින්ට, සබරගමු කැම්පස් එකේ මිතුරන්ට සහ ඒ කරුනාවන්ත ආරක්ශක නිලදාරී මහතුන්ට. එකක් කියන්න ඔනේ මේ දවස්වල ගමනක් යන්න ඉස්සල්ලා ටිකක හොයලා බලන්ඩ.


Wednesday, August 31, 2011

ඔබ කැමති ඇය කොහොම ඉන්නවනම්ද?


තනිකඩ ජීවිතේදී තමුන්ගේ කිය කෙල්ලෙක්ගේ ඉරියව් බලන්ඩ අවස්තාවක් නැති කල්හී, සමස්ත ස්ත්‍රී වර්ගයාගේම ඉරියව් දෙස අවදානයෙන් බලාසිටිමු(මි). අර මම කලින් පොස්ට් එකක කිව්වේ එහෙම බලාගෙන ඉදලා මට වෙච්චි ඇබැද්දියක් තමයි. කොහොම උනත් අද මම කතා කරන්නේ අපි කෙල්ලෙක්ගේ ඉරියව් කොතරම් හොදට නිරීක්ශනය කරනවාද කියලයි. සමීක්ශකයින් කියන විදියට ඉරියව් වලින් ප්‍රකාශ වන Body language එක කියවීම පුද්ගල සම්බන්දතාවය හරිම වැදගත් බවයි. කොහොම උනත් body language කියන එක නම් හරිම වැදගත් කියලයි මම කලින් පොස්ට් එකකත් කිව්වේ.  

හරි අපි අපෙ කතාවට යමුකෝ, මම මේ නිකන් ඉන්න වෙලාවට ජාලයේ සැරි සරද්දී දැක්ක දෙයක්. කෙල්ලන්ගේ වඩාත්ම ආකර්ශනීයම ඉරියව්ව හොයන එක තමයි මේ පරීක්ශන වල අරමුන උනේ. අනික් අයට කොහොම උනත් මටනම් මේක හරි. ඒ අය කරලා තියන සමීක්ශනයකින් තහවුරුවෙලා තියන දෙයක් තමයි පිරිමි වැඩියෙන්ම කැමති කාන්තාවන්ගේ ඉරියව්ව තමයි 1 රූපයේ දැක්වෙන ඉරියව්ව කියලා. ඒහිදී ප්‍රදාන වශයෙන් දෙපා වලලුකරේ සිට දනහිස හෝ ඉන් මදක් ඉහලට නිරාවරනය වෙනවා. දනහිසේ සුමුදු වක්‍රකාරබව ගොඩක් පෙන්වන එක ඇයගේ පියයුරු නියෝජනය කරබව තමයි ඔවුන් පවසන්නේ. ඔවුන් මෙය leg twine position  ලෙස හදුන්වනවා. කාන්තාවන් හිතාමතාම අන් අයගේ අවදානය යොමුකරවා ගැනීමටත් මෙය බාවිතා කරනවාලු. කකුල් දෙක එකිනෙක තෙරපීම ඔවුන්ගේ mental status එක විදහා දක්වන අතර මෙතන තියන ලස්සන දෙයක් ගැන ඒ කට්ටිය කතාකරනවා, ඒක තමයි මේ ඉරියව්වෙ ඉන්න කාන්තාවක් ඇයගේ සිත්ගත්ත පිරිමියා ඉදිරියේ දෙපා දෙපසට වන්වමින් එකිනෙක හා අතුල්ල ගන්නේනම් සහ දෑතින් හෙමින් පිරිමදින්නේනම් ඇය එම පිරිමිය ලවා ස්පශකරවාගැනීමට කැමති බව පෙන්වනවාලු.

                                            Leg Twine position

තවත් දෙයක් තමයි කාන්තාවක් තම නිරාවරනය වූ shoulder එකේ  ඉහලින් බැලීම, මුලින් කී පරිද්දෙන්ම මෙයත් කාන්තාවකගේ වටකුරු පියයුරු නිරූපනය කරන අතර වඩාත්ම ආකර්ශනීය ඉරියව් වලින් එකක් බවයි පැවසෙන්නේ. අඩවන්වූ දෙනෙත් වලින් සපිරි මේ බැල්ම පිරිමින්ගේ බැලම ගොඩ වෙලාවකට ඇය දෙය යොමුකරවා ගැනීමට සමත් බවයි පැවසෙන්නේ.


                                Glance over the raised shoulder

මෙම සමීක්ශනය ශ්‍රි ලාන්කික සන්දර්භයට කොහොම වලන්ගු වෙනවද කියලනම් මම දන්නේ නැහැ. Allan/Barbara Pease කියන්නේ ප්‍රකට සමාජ ගවේශකයින් දෙදෙනෙක්, ඔවුන්ගේ "The Definitive Book of Body Language"  කියන පොතෙන් තමයි මම මේ කරුනු ටික හොයාගත්තේ.


Wednesday, August 24, 2011

මිනිහෙක් මරන්න හොදම විදිය


අහස දෙස බලමින් ආ වානරයා ගග අසලින් මදකට නතර විය. ගලන දිය පහර හේට අමුතු ප්‍රීතියක් ගෙන දුනි, එකක් මේ මුවන් වැනි සතුන් ගැවසෙන වෙලාවයි, අනික නම් තම සනහුරෙ එකෙක්වත් අහල නොසිටින බව ඌ දුටුවේය. පහල ගල් දෙබුක්කාවේ නිහඩව ආහාර  බුදින මුවා දුටු හෙතෙම තොලකට ලෙව කමින් ගොදුර දෙසට ඇදෙන්නට වන. අමාරුවෙන් මස්කර ගත් මුව ගාතය කටින් ඔසවාගෙන යන අතරතුර හමුවන තම සනුහරේ ඇත්තොන්ගෙන් දිවා ආහරය බේරාගන්න සැටි ඔහු දස අතේ සිතන්නට වන, ඔහුගේ වානර මොලය ඔහුට දුන්නේ එකම අදහසකි, තම පස මිතුරා දෙසට හැරුනු හෙතෙම, වානර බාහුවට සියලුම ශක්තිය යොදා මුහුනට සහ ගෙල දෙසට වේගවත් පහරවල් එල්ල කරන්නට වන. පස මිතුරාගෙන ගලා ආ රුධිරය ඔහුට මහත් වූ වින්දනයක් ගෙන දෙන්නට වන. පස මිතුරා පසෙකට ඇලවිය, ඔහු සදකාලික නින්දට වැටී ඇත. ඒ බවක් නොතැකූ අප වානර තෙමේ, නොනවත්වා පහර දෙන්නට විය. පහර දී ලේ දැකීමෙන් තෘප්තියට පත් හෙතම නොනවත්වා ඉදිරියට ඇදෙන්නට විය. ඔහු කෙතරම් දුර ඇවිද්දේද යත් අවසන කැඩපතක් ඉදිරියේ නැවතී බලන කල ඔහුගේ ඇදුමේ වූ දුහුවිලි පැල්ලම් කබායේ වූ ලෙන්සුවෙන් පිසගන්න අතර, මුනේ රදවාගෙන තිබූ කන්නඩි කුට්ටම ගලවා කබායේ ඉහල සාක්කුවෙ රුවා ගත්තේය.

මිනිසුන් තම වර්ගයාගේ රුදිරයේ වර්නය දැකීමට ඉමහත් ආසාවෙන් සිටින බව මට සිතේ, පුද්ගලයෙකු තව පුද්ගලයෙකු මරන ක්‍රම ගොඩක් මා දැක ඇත, උදාහරයක් ලෙස මිටියකින් පහර දීම, ඇසිඩ් ගැසීම, මිය යන තුරු පහර දීම වැනි ක්‍රම පාවිච්චි කල හැක. එසේ පාවිච්චි කරන බව මට ප්‍රත්යක්ශ විය. මිනිසෙක් තව මිනිසෙක්ට පහර දීම එකකි, පුතෙක් තම පියාට මිටියකින් පහර දීම තව එකකි. ජීවිත කාලයක් පුරා ආදරයෙන රැක බලාගත් තාත්තාව මරන්න තියන හොදම ක්‍රමය මිටියකින් පහර දීම ලෙස ඒ පුතාට හිතුනු පලවෙනි දේ වෙන්න ඇති.

නොයෙකුත් ආකාර වල මිනීමරුවන් ඇත. මහා පරිමානයෙන මිනීමරන අය වර්ග කිහිපයකි. දාම මිනී මැරුම් හෙවත් serial murder සමාන ආකාරයට, සමානතම තාවයකින් යුතු පුද්ගලයින් 3නට වඩා මැරීම සිදු කරයි. Spree killers කියන්නේ එකම අවස්තාවක පුද්ගලයින් කිහිප දෙනකු පිලිවලින් වරකට එකා බැගින් මරන අයවලුන්ය. එකම අවස්තාවක පුද්ගලයින් විශාල පිරිසක් මැරීම mass murder ලෙස හදුන්වයි.

Serial killers බොහෝ විට පෞර්ශත්ව ආබාදයකින් පෙලෙන අතර, මිනීමැරුම් විශාල ගනනක් වුවද සිදු කිරීම ඔවුන් පසුබට වන්නේ නැත. ඔවුන් එම මිනීමැරුම් ගැන පසුතැවීමක් නැතිවීම ප්‍රදාන ලක්ශනයකි. මොවුන් බොහෝ විට තෘප්තිය සදහාද, පලිගැනීම සදහාද මිනීමැරුම් සිදුකරයි. ආවේග වලින් නොපෙලීම මොවුන්ගේ ප්‍රදාන ලක්ශනයක් වන අතර මිනී මැරුම අවට අවම සාක්ශී ප්‍රමානයක් ඉතිරිකිරීම ප්‍රදාන ලක්ශනයකි. මිනී මැරුම් ගනන වැඩිවත්ම ඔවුන්ගේ විස්වාශය වැඩිවන අතර, over confident වු වූ විට ඔවුන් අතින් වැරදි සිදුවෙයි. එසේ සිදුවන වැරදි ඔවුන්ගේ අවසාන වැරදි බව නිතැනින්ම පත්වන්නේ psychological profiling of serial murders ලෙස ඔවුන්ගේ සහ එම මිනීමැරුම් වල දත්ත රැස්කර තබාගැනීමත් වරින් වර අපරාද විශ්ලේශනය කිරීමත් අපරද පරීක්ශකයින් විසින් සිදු කර නිසාය.   

මෑත කාලයෙදී කහවත්තෙන් බිහිවූ අපරදකරුවාත් 19වන සියවසේ එන්ගලන්තයේ ප්‍රචලිත Jack the Ripper වූ නම් ඝාතකයාද එසෙ බිහිවූ ප්‍රසිද්ද දෙදෙනෙක් වෙයි. Serial killers බිහිවීම සන්කීරන ක්‍රියාවලියකි, තවම නිශ්චිත වශයෙන්ම හදුනාගෙන නැති කාරනයකි. මෙවන් අපරාද කරුවන් ගැන හදාරන FBI-Behavioral Science Unit වැනි ආයතන මෙබදු මිනීමරුවන් බිහිවීම දකින්නේ පාරිසරික(environmental) සාදකත්, ජානමය(genetic predisposition) ලක්ශනත් සහ සමාජමය ගැටලුත්(social conflicts) යන කාරන සියල්ලකගෙම ප්‍රතිපලය ලෙස ඔවුන් බිහිවන බවයි. කෙසේ නමුත් එම මූලික ලක්ශන වලින් අපගමනය වූ උදාහරන විශාල ප්‍රමානයක් Forensic history හි ඇත.  



මිනිසා තම වර්ගයේම එකෙකු විනාශ කිරීමට යත්න දැරීම පුදුම සහගත දෙයකි. ඔවුන්ට විශාල මොලයක් ලැබී ඇත, එවන් සන්කීරන වූ මොලයකට මෙවන් කටයුත්තක් කිරීම සරල විය හැක. අපරාද කරුවාගේ සන්කීරන මොලයේ සැලසුම මෙවන්නක් විය හැක "ගෙදර වත්තේ මෑ පැලයක් ඇත, ඔහු එයට විශක් වත්කරයි, කුකුලා මෑ ඇටයක් කයි, කුකුලා මැරී වැටෙයි, එම කුකුලා සර්පයෙකු විසින් ගිල දමයි, එම සර්පයා උකුස්සෙකු විසින් ඩැහැගෙන යන අතරතුර ගගකට අත්හැරෙයි, මාලුවෙකු එම සර්පයාව ගිල දමයි. මාලු බෑමෙන් ජීවත්වන හතුරා අර මාලුවාව අල්ලා පිස ආහරයට ගනී, මිනිසා මියයයි, මරනයට හේතුව ආහාර විශ වීමකි" අපරාද කරුවාට කරන්නට ඇත්තේ එම ක්‍රියාවේ මිල මැද අග සිද්දි පිලිවලට මෙහෙය වීම පමනකි ප්‍රතිපලය ලැබේ, සමහරවිට ඒය මිනිහෙක් මරන්න ඇති හොදම ක්‍රමය වීය හැක(Count Monte Cristo - Alexander Duma).

Thursday, August 11, 2011

සින්හලයනි දැනගනිව්...


තොපි එකක් දැන ගනිල්ල..
තොපෙ ජාතිය ඉවරයි...
අවුරුදු දෙදහක් පැවතුනු තොපෙ ජාතිය ඉවරයි. තොපි විනාසයි...
තොපි මේ ලොකේ ඉන්න අන්තිම නින්දිත අවලම් ජාතියක් වෙලා...
තොපිට ඕනෙ එකම දෙයයි...
කොහොමහරි තොපෙ බඩ කට පුරවා ගන්න එකයි...
ඕනෙ බලුකමක් ජඩකමක් කරලා ඒ ටික කරගන්න තොපි ලෑස්තියි.
අම්ම අප්ප උගස් තියලා හරි කමක් නැහැ...
රටට ජාතියට හෙන ගහල ගියත් තොපිට කමක් නැහැ...
තොපි මේ විදියට පිරිහිලා, විනාස වෙලා ගිහිච්ච හින්දා තමයි මම මේ කොටි අවතාරය එව්වේ...
ඒක මගෙ අවතාරය...
තොපි හිතන්න එපා ඒක වෙන කවුරුවත් කියලා...
ඔය ඉන්න මහ කොටියා... ප්‍රභාකරන්...
ඌ මගෙ වැඩකාරයා...
මම තමයි ඌ එව්වේ...
තොපිට පාඩමක් උගන්නන්න...

තොපිට එහෙම පාඩමක් උගන්නේ නැතිව තොපිව කවදාවත් හදලාගන්න බැහැ...
මීට ඉස්සරවෙලා මම ඔය වගෙ අවතාර එවලා තියනවා තොපිව විනාසවෙලා පිරිහිලා යනකොට මම ඔය අවතාර එවලා තියනවා...
එලාරයා එව්ව හින්දා තමයි තොපිට පුලුවන් උනේ දුටුගැමුනු කෙනෙක් හදා ගන්න...
එහෙම පාඩමක් උගන්නන්නේ නැතිව තොපිව හදලා ගන්න බැහැ...
තොපි උන්හිටි තැන්වලින් එලවලා, මහ පාරට බස්සල, තොපෙ අඹු දරුවෝ අමු අමුවේ මරලා දාල, දූශනය කරලා තොපිව මරලා පුලුස්සලා විනාස කරන්නේයි කියලා මම ඒ කොටි නාම්බන්නට වරන් දීලා තියනවා...
මන් උන් දමනය කරන්නේ තොපිව හදලා ගත්තයින් පස්සේ...
එතකන්  මගෙන් තොපිට කිසිම බුරුලක් නැහැ...

උන් හිටි තැන් නැතිවෙච්චි තොපි ඇවිල්ල දෙවුන්දර මගේ විමානේ වැටිලා ඉන්න හැටි මම දැක්කා...
එහෙම ඉදගෙනත් තොපි කරේ මොකද්ද? මේ රට නැතිකරන්නෙයි කියලා පුරුවෙ ජාතියේ ඉදලා කියාගෙන ආපු එකා දිනවන්න තොපෙ චන්දේ රුපියල් දහයට දුන්න එකයි...
එහෙව් තොපිට මගෙන් සමාවක් ලැබේය කියලාතොපි හිතන්න එපා...
තොපි කවදා හරි මේ බලුකම්, ජඩකම්, වලත්තකම් අත හැරිය දවසට විතරයි මම තොපි දිහා බලන්නේ...

"වෛදයවරයා හා රෝගියා - ගල් පිලිමය සහ බොල් පිලිමය"
ගුනදාස අමරසේකර - චින්තන පර්ශදය ප්‍රකාශන

Monday, August 8, 2011

ටිකක් අමුතුයි..

ඔනෙම යන්ත්‍රයකට වගේම මිනිස් සිරුරටද සර්කිට් වල අවුල් යන්න පුලුවන්නේ, නමුත් යන්ත්‍ර වලට වගේ නොව මිනිස් සිරුරෙ එම සිදුවන අවුල් බොහොම අනවශ්ය ප්‍රතිපල ගෙන දෙනවා, මම මේ කියන්න යන්නේ අද මම දැකපු එවනි තත්වයක්, මෙම තත්වය ජීවිතයෙ පලමු වතාවට තමයි දැක්කේ මේකට කියන්නේ Marcus Gunn jaw-winking syndrome කියලයි,

මෙහිදී වන්නේ කට ඇරීමත් සමගම ඉබේම එක ඇසක් ඇරීමයි, සාමාන්යෙන් කට ඇරීමට දායක වන්නේ පස්වන කපාල ස්නායුවයි, ඇස් දෙක ඇරීමට දායක වන්නේ තුන්වන කපාල ස්නායුවයි, මෙහිදී සිදුවන්නේ පස්වන හා තුන්වන කපාල ස්නායු අතර අසාමන්ය සම්බන්දතාවක් ඇත්වීමයි, ප්‍රතිපලය ලෙස කට අරිද්දී ඇසකුත් ඉබේම ඇරීම සිදුවනවා.




මෙවැනිම තවත් ස්නායු අතර අසාමන්ය සම්බන්දතාවක් නිසා ඇතිවන තත්වයක් තමයි Frey Syndrome කියලා කියන්නේ, මෙය බොහොවිට සිදුවන්නේ පැරොටිඩ් නම් ඛේට ග්‍රන්තිය ආශ්‍රිතව සිදුකරන ලබන ශෛල්ය කර්මවලින් අනතුරුවය. ඛේට ග්‍රන්තියට ඛේටය ස්‍රාවය උත්තෙජනය කරන ස්නායු තන්තු සමේ දහඩිය ස්‍රාවය කරන ග්‍රන්තිවලට සම්බන්ද වීමෙන් මෙම තත්වය ඇතිවීමට මග පාදනවා. එම නිසා එම පුද්ගලයා ආහාර ගනිද්දී වතුර ගලනවා වගෙ කම්මුලින් දහඩිය ගලනවා, මොකද කද්දී ඛේටය ස්‍රාවය උත්තේජනය වෙනවා, නමුත් මෙතනදී ඒ වෙනුවට දහඩිය ගලන එක උත්තේජනය වෙනවා. 


Friday, August 5, 2011

කෙල්ලන්ගෙ හොර බැල්ම (Body Language)


කෙල්ලෙකුගෙ වටිනාම දෙය ලස්සන බව සමහරු කීයනවා, මගෙ නම් එයට එකගත්වයක් නැහැ, මම විශ්වාස කරන විදියට කෙල්ලෙක්ගේ වටිනාම දෙය ආකර්ශනය කියලයි. ලස්සන, ඔබ ලස්සන අර්ත දක්වන්නේ කොහොමද? ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා, වගේම එක් පුද්ගලයෙකුට ලස්සන දෙයක් තවත් අයෙකුට බෙහෙවින් කැත වෙන්න පුලුවන්. මගෙ රුචිකත්වය නම් වත, නිතඹ පා මුව ආකර්ශනීයයයි, ඒකියන්නෙ මම මුහුනට දෙන්නේ හතරවන ස්තානයයි. කොහොම උනත් පුද්ගලයෙකුගේ මුහුනේ ස්භාවය හා බැල්ම ඔහුගේ හෝ ඇයගේ අන්තර් පුද්ගල සම්බන්දතාවයට අතිශය වැද්ගත් වෙනවා. බැල්ම ගැන කතා කරනවානම්, කෙල්ලෙකුගෙ බැල්ම මත තමයී ඇයගේ මුහුනේ ආකර්ශනත්වය රදා පැවතෙන්නේ. මූලික වශයෙන් බැල්ම ආකාර 3ක්  තියනවා, social gaze, intimate gaze සහ power gaze කියලා.

Social gaze කියන්නේ සාමන්ය සමාජ සම්බන්දතාවන්හීදි වැදගත්වන බැල්මයි, මෙතනදී 90%ක කාලයක්ම බැලම යොමුවෙලා තියෙන්නේ ඇස් දෙක සහ නහය යන ත්‍රිකොනාකාර ප්‍රදේශයටයි. මෙතනදී ඇගවෙන්නේ නිර්තර්ජනාත්මක, කැදවීමේ බැල්මයි. අනිත් පුද්ගලයා ඔබව පිලිගන්නට සැදී තිබෙන බැල්මයි.

Intimate gaze කියල කියන්නේ සමීප බව අගවන බැල්මයි. පුද්ගලයන දෙදෙනෙකු දුර තියා එකිනෙකා දෙස බලාගේන එද්දී එකිනෙකා දෙස ක්ශනික බැල්මක් හෙලනවා, ලින්ගය අවබෝද කරගැනීමට. දෙවන බැල්ම යොමුකරනේ ආක්‍ර්ශනය අනුවය. මෙම බැලම ඇස් දෙකෙන් පටන්ගෙන නිකට හරහා පහත කොටසට ගමන් කරනවා. කෙල්ලන්ට එක වාසියක් තියනව ඒකතමයි, ඇයට විශාල දෘශ්ය පථයක් තිබෙනවා, අපිටනම් කෙල්ලෙක්ට නොපෙනී ඇයගේ ලැම, නිතඹ හා දෙපා දෙස බලන්න හරිම අමාරු උනාට, කෙල්ලෙක්ට අපෙ මුහුන දෙස බලන ගමන්ම පපුව සහ ශ්‍රොනි පෙදෙස බලාගන්න පුලුවනි. ඇත්තටම කියනවානම් කෙල්ලෙක් තමයි කොල්ල දිහා ගොඩක් බලන්නේ, අපි කෙල්ලෙක්ගේ බලන දේවලට වැඩිය!

කොල්ලෙක් බිම බලනවා කියන්නේ ඔහු කතාව නවත්වන්න යනබව අගවන්නයි, නමුත් කෙල්ලෙක් බිම බලන්නේ ඔහුට ඇයව හොදින් බලාගන්න අවස්තාව ලබාදීමට හා ඔහුට ඇයව යටත් කරගන්න අවස්තාව දෙන්න. කෙල්ලො යටත්වෙලා ඉන්න කැමතියිනේ! කොල්ලනේ මේ තුරුම්පුව හරියට පාවිච්චිකරන්න.

Power gaze තමයි අන්තිම එක, මෙහිදී පුද්ගලයා තවත් පුද්ගලයෙකුගේ ඇස සහ නලල පෙදෙස බලා ඉන්නවා, මෙය තරමක තර්ජනාත්මක බැල්මක්, පහසුවෙන් අනිකා යටත් කර ගැනීමට මෙන්ම, බලවත් බව අගවන්න මේ බැලම පාවිච්චිකරන්න පුලුවනි. තවත් එකක තමයි මේ බැලම මගින් යම අවස්තාවක් සීරියස් කරගන්නත් පුලුවනි, සමහර profession වලට මෙය ගොඩක් වැදගත් වෙනවා.

Allan/ Barbara Pease කියන්නේ ප්‍රකට සමාජ ගවේශකයින් දෙදෙනෙක්, ඔවුන්ගේ "The Definitive Book of Body Language"  කියන පොතෙන් තමයි මම මේ කරුනු ටික හොයාගත්තේ, ඔයාලත් කැමතිනම් පොත හොයාගෙන කියවන්න, මාරයි. 
මේකට නම් කොම්මෙන්ට් එකක් ඔනේමයි....