Thursday, August 4, 2011

සයිකොසියාව (psychosis)


Animalia රාජධානිය යනු මිහිපිට සත්වයන් ලෙස අප හදුන්වන කොටස වර්ගීකරණය කර ඇති කුලකයයි. මේ රාජදානියේ වන්ශවලට බෙදා දක්වන අය අතුරින් මිනිසා අයත්වන උප කොටස් මෙසේය, kingdom: animalia  phylum: chordata  class: mammalia  order: primate  family: homindae  genus: Homo  species: H. sapiens. සත්ව පරිනාමයෙදි මිනිසා නම් සත්වයාට අතිශයෙන් සන්කීරන මොලයක් ලැබී ඇත. මොලයේ ප්‍රමානය ව්‍යුහය ආදිය සන්කීරන වීමත් සමගම එහි කෘත්යද ක්‍රමයෙන් ක්‍රමයෙන් සන්කීරන් වන්නට විය. දේහයෙ සියලුම අවයව වල පාලන අඩු වැඩි වශයෙන් පාලනය කරනු ලබන්නේ මොලය මගින් වන අතර,  එමගින් සිදුකරන fine tuning දේහයෙ මෙන්ම උසස් ක්‍රියා වලටද එක සේ වැදගත් වෙයි, මෙහිදී උසස් ක්‍රියා ලෙස හදුන්වන්නේ  memory, executive functions, arithmetic and logical functions ආදියයි. මෙම සියලුම ක්‍රියාවන් සදහා මොලයෙ සිදුවන රසායනික ප්‍රතික්‍රියා ඉමහත් දායකත්වයක් ලබා දෙයි.

මොලය ගැන කතා කිරීම පසුවට තබමු, මොලයෙ විවිද ස්තාන කරාද, මොලයෙ සිට පිටත ස්තාන කරාද පනිවිඩ රැගෙන යනු ලබන්නේ නියුරෝන නම් විශේශනය වූ සෛල වර්ගයකිනි. මෙම ස්නායු ආවෙග ගමන් කරවීම සදහා ආරෝපන මෙන්ම විවිද රසායනිකද ඉමහත් දායකත්වයක් සපයයි. මෙම රසායනික අතර Noradrenaline, serotonin, dopamine, histamine අතිශය වැදගත් කාරය ඉටු කරයි. විවිද රසායනික ඌනතවයන් හෝ අදිප්‍රමාන වීම නිසා ඇතිවන අබාද විශාල ගනනක් ඇත. උදාහරනයක් ලෙස dopamine සමස්තිතියේ අසමබරතාවන නිසා Parkinsonson රෝගය ඇතිවීම දැක්විය හැක. 

අප මේ කතාව මදකට නවතා මාතෘකාව ගැන අවදානය යොමු කරමු, සයිකොසියාව නමින් හදුන්වනු ලබන්නේ psychosis කියා පොදුවේ හදුන්වන depression, mania, schizophrenia (භින්නෞන්මාදය) යන රෝග තත්ව තුනයි. ඊට අමතර ඉහත තත්ව තුනේ විවිද සන්කලනයන්, උදාහරනයක් ලෙස schizo-affective disorders, bipolar affective disorders, delusional disorders ඇතිවිය හැකිය. 

bipolar affective disorders යනු depression හා  mania විවිද අවස්තාවල වෙනස් වෙමින් ඇතිවෙන තත්වයකි. depression යන තත්වය mono-amine hypothesis යන සන්කල්පයක් යටතේ විස්තර කර ඇත්තේ noradrenaline හා serotonin යන රසායනික වල ඌනතවක් ලෙසිනි. මෙම රසායනිකයන් මොලය ඇතුලත පනිවිඩ ගෙනයාමට වැදගත්වන අතර ස්නායු අග්‍රවලින් ස්‍රාවය කරයි (1 රූපයෙ පරිදි). රසායනික සම්ප්‍රෙශනය අවසානයෙදි එම noradrenalin නම් රසායනික නැවත එම ස්නායු අග්‍රවලට අවශොශනය කරගන්නා අතර මෙම ක්‍රියාවලිය reuptake  ලෙස හදුන්වයි. ඉතිරි කොටස  mono-amine oxidase නම් එන්සයිමයක් මගින් ජීරනය කර දමනු ලබයි. මේ ලෙසම serotonin නම් රසායනිකයද ශ්‍රාවය කරන ස්නායු අග්‍රවලට නැවත අවශොශනය කරගනු ලබයි. මෙමගින් ස්නායු අතර රසායනික සමස්තිතිය පවත්වාගෙන යනු ලබයි.

                                                           රූපය 1

Depression සදහා ඕශද නිශ්පාදනයේදී මෙම ක්‍රියාවලිය සැලකිල්ලට ගනු ලබයි. Tricyclic antidepressants නම් බෙහෙත් කාන්ඩයෙන් noradrenaline reuptake සහ serotonin reuptake යම් දුරකට  පාලනය කරන අතර, mono-amine oxidase inhibitor මගින් mono-amine oxidase යන එන්සයිමය අක්‍රීය කරනු ලබයි, selective serotonin reuptake inhibitors මගින් serotonin reuptake අවම කරනු ලබයි. නමුත් severe depression යන තත්වයේදී කරන්ට් ඇල්ලීම හෙවත් Electro-Convulsive Therapy (ECT) භාවිතයට ගනු ලබයි. Mania යන තතවය පාලනයට ලිතියම් Li භාවිත කරන අතර එහි ක්‍රියාවලිය (pharmacodynamics) තවම හරිහැටි සොයගෙන ඇත. ඉහත විස්තර කරන ක්‍රියාවලට අමතරව මෙම බෙහෙත් වල වෙනත් වැදගත් ප්‍රොයොජනද ඇත, එනම් නින්ද යාම, සන්සුන් වීම(sedation).

Schizophrenia යනු බෙහෙවින් ජනප්‍රිය ලෙඩකි, නිතරම පත්තරවල, චිත්‍රපට(Beautiful Mind) වල මෙය ඇසුරෙන් නිර්මානය කරන ලද කතා ප්‍රචාරය වේ. එනිසා ඒම ලෙඩය ගැන හැදින්වීම අනවශ්යෙයි සිතමි. මෙම රෝගයට මූලික වශ්යෙන්ම බලපාන්නේ Dopamine නම් රසායනික පද්දතියේ අදික්‍රියාකරීත්වයයි. එමනිසා classical anti-psychotics නම් බෙහෙත් කාන්ඩය D2 dopamine receptor නම් receptor protein අවහිර කරමින් dopaminergic system වල  ක්‍රියාකරිත්වය පාලනය කරනු ලබයි. Atypical anti-psychotics නම් බෙහෙත් කාන්ඩය මගින් D1/D2/D3/D4 dopamine receptors, muscarinic receptors, alpha2 receptors, serotonine/histamine receptors ආදි අවහිර කර dopamine හි ක්‍රියාකාරීත්වය පාලනය කරනු ලබයි. මීට අමතරව sever acute schizophrenia සමග ඇතිවන සියදිවි හානිකරගැනීමේ සිතුවිලි පාලනය සදහා ECT භවිතා කරයි.

මෙම රසයනික වල තත්වය බෙහෙත් මගින් පාලනය කිරීම මගින් එක් එක් රෝග තත්ව සහ රෝග ලක්ශන පාලනය කරනු ලබයි. අවසාන ප්‍රතිපල ලෙස මොලයෙ සිදුවන විවිද රසායනික අසමබරතාවයන් පාලනය වෙයි. නමුත් මෙම සෑම ඕශදයක්ම හැම රෝගියෙකුටම ප්‍රොයොජන නොවන අතර නොයෙකුත් බෙහෙත්වලට ප්‍රතිරෝදී රෝගීන්ද හමුවේ.

සැලකිය යුතුයි මෙහි එන සියලුම රෝග තත්ව සදහා World Health Organization සන්විදානයෙ සහ USA - Diagnostic and Statistical Manual of Mental Disorders ප්‍රකාශනයේ අර්ථ දක්වා ඇති අතර මෙහි පැහැදිලි කරේ ඉතාමත් සරල ආකාරයෙනි. වැඩිදුර කරුනු කියවීම පාඨක ඔයාලට අයිතියි......



3 comments:

  1. ඔය තියෙන්නෙ අගේ ඇති පැහැදිලි කිරීමක්.

    එතකොට මානසික රෝග බොහොමයකට හේතුව වෙන්නෙ ස්නායු අග්‍රවලින් ශ්‍රාවය වන රසායනික ද්‍රව‍ය්‍ය වල අසමතුලිතතාවය වෙන්ටැ?

    Beautiful Mind එකක් තියාගන්න ඕනේ කියාලනේ හැමෝම කියන්නෙ?බලන්ගියාම ඒකත් ලෙඩක්! :)

    ReplyDelete
  2. තනි අලියාAugust 12, 2011 at 8:05 PM

    ගොඩක් ස්තූතියි! මමත් හරි කැමතියි මනෝවිද්‍යාව ගැන අධ්‍යනය කරන්න! :)

    ReplyDelete
  3. ඔය විශාදය(Depression) කියන රෝගී තත්වය දැන් සුලභයි නේද? එහෙම වෙන්න හේතුව මොකද මචන්

    ReplyDelete

ඔබේ අදහස්...