දවසක් මානසික රෝහලෙ පුද්ගලයෙක් බිත්තියකට කන තබාගෙන ශබ්දයක් එනවා වගෙ අහගෙන සිටියෙලු. මේක දැක්ක වෛද්යවරයා රෝගියා ලගට ලන්වී මොනවාද ඇහෙන්නේ යෙයි විපරම් කලේලු, මහත් ඔනෑකමින් සවන් දෙමින් සිටි පුද්ගලයා මෙසේ පැවසුවේලු "ඒක තමයි දොස්තර මහත්තය මමත් මේ අහගෙන හිටියෙ මොනවද ඇහෙන්නේ කියලා, කෝ මොනවත් ඇහෙන්නේ නෑනෙ".
මානසික රෝහල ගැන ගොඩක් කතාන්දර මම අහලා තියනවා, සමහර කතා හිනායන ඒවා, සමහර ඒව උපහාසාත්මක කතා, ඒත් මේවා ඇත්ත කතාද නැත්නම් හදපු කතාද කියල මමනම් දන්නෑ. මට හිතුනා අන්ගොඩ මානසික රෝහලෙ මම ලබපු අත්දැකීම් කිහිපයක් පොස්ට් එකක කොටන්න, මේවා සැබෑ ජීවිතයේ සැබැවින්ම සිද්දවෙච්ච හරිම අපූරු සිද්දි.
පලවෙනි සිද්දිය මගෙ යාලුවෙකුට සිද්ද උන එකක්, එයාලගෙ වොර්ඩ් එකෙ ඉදල තියනවා භින්නොන්මාදයට ලක්වෙච්චි ස්වාමින් වහන්ස කෙනෙකුයි, තවත් පොලිස් නිලදාරියෙකුයි. මෙම ස්වාමින් වහන්සෙ හිතාගෙන ඉන්නෙ එයා ලන්කාවෙ ජනාදිපති කියලා, අර පොලිස් නිලදාරියා හිතාගෙන ඉන්නෙ එතුමාගේ ප්‍රදාන ආරක්ශක නිලදාරියා කියලයි, මෙය ස්වාමින් වහන්ස යන යන තැන කිය කිය යනවා, "අපේ ජනාදිපතිතුමා එනවා පාර ඉඩ දෙන්න, ඔය ඉස්සරහින් ඉන්න කට්ටිය පැත්තකට වෙන්න" ආදී වශයෙන්, අපෙ මිතුරා තවත් රෝගියෙකු සමග කතාකර කර ඉන්න අතරෙ මෙමෙ දෙදෙනා ඔවුන් අතර නිතරම කැරකෙමින් අර වගේම කියමින් මිතුරාත් අර රොගියාත් අතරින් යන්න හැදුවාලු, වහාම අත ඉදිරියට දැමු මිතුරා "මෙහෙන් යන්න බැහැ පාර වහලා" යෙයි කීවාලු, වහාම ස්වාමින්වහන්ස දෙසට හැරුනු පොලිස් නිලදාරිය "හරි වැඩේනේ සර් සර්ට වැඩිය ලොක්කෙක් එනව.... පාර වහලා, අපි අනිත් පැත්තෙන් යමුයි" කියා හැරී ගියෙලු. මෙම සන්සිද්දිය shared delusion ලෙස හදුන්වනු ලබනවා.
දවසක් මට හම්බ උනා අවුරුදු 50ක 60ක විතර පුද්ගලයෙක්, ඔහුත් සමග මම පැය 2ක් පමන කතා කරා, ඔහු පුදුමාකාර දැනුමක් අති අයෙක්, ඔහු විශ්වාස කරන්නෙ ඔහු පිටසක් වල ජීවියෙක් කියලායි, පිටසක් වල ජීවින් ගැන හා වාර්තාවුනු සිද්දිගැන ඔහුගෙ දැනුම හරිම පුදුමාකරයි, ලගදීම ලෝක විනාශය සිදුවන බව විශ්වාස කරන ඔහු අවසාන විනිශ්ය ලබාදෙන (කතොලික අගමට අනුව) විනිශ්යයකරුවන් 7දෙනා අතරින් අයෙක් බවද අවසාන විනිශ්යේදී මට උදව්වක් කරන බවටත් පොරොන්දු උනා. මෙය religious delusion ලෙස හදුන්වනු ලබනවා.
ඔහු අවුරුදු 60ක පමන අයෙක්, ඉකුත් භීශන සමයෙ ජවිපෙ සාමජිකයෙකු වී කුප්‍රකට කොලබ විශ්ව විද්යාලයෙ වධ කදවුරේ වදයට ලක්වූ අයෙක්, නිතරම බය වී සිටින ඔහු, හීනෙන් බයවෙන බව අවට සිටි කට්ටියගෙන් මට දැනගන්න ලැබුනා. මම ඔහු සමග කතාකරමින් සිටින විට මුලින්ම ඔහු ඉතා හෙමින් මාත් සමග කතා කරමින් ඉදලා ක්‍රමයෙන් වෙනස් වන බවක් මට දැනුනා, ක්‍රමයෙන් ආවෙගශීලි වුන ඔහු ඔහුට පහර දීම ගැන මට බනින්න පටන් ගත්තා, ඔහු තවත් ආවෙගශීලි වී මට පහර දෙනතැනට එන්න ඉස්සල්ලා මම ඔහු ගැන තිබ්බ අවදානය අඩුකරා. වෙන රෝගියෙක් සමග කතාකරන්න පටන් ගත්තා. මෙය ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක්, එනම් මානසික රෝගින් ඉතාමත් කලාතුරකින් තමයි පහරදීමට පෙලබෙන්නෙ, නමුත් මගෙ කුමක් හෝ වැරද්දක් නිසා ඔහු මා සමග ආවෙගශීලි උනා. මෙවනි වෙලාවට ගන්න ඔනෙ හොදම පියවර මම ඇරගත්ත නිසා ගුටිනොකා බේරුනා. මෙය phobic anxiety disorder නිසා ඇතිවූ තත්වයක්.
මානසික රෝහලෙ සිටින ලින්ගික පාලනයක් නැති රෝගීන් අපෙ කෙල්ලන් දෙස බලන්නේ ඉතාමත් කෑදරකමින්, එවිනි වෙලාවට අවදානයෙන් සිටියයුතු අතර සෑම විටම අවහිර නැති පිටවන මගක්(reachable exit) සූදානම් කර තබාගත යුතුයි. මෙය මානසික රෝගින් හා දරුනු අපරාදකරුවන් සමග වැඩකිරීමේදී අනුගමනය කරයුතු මූලික සන්කල්පයකි. දවසක් අප කන්ඩායමෙ එක කෙල්ලක් පෙන්වූ රෝගියෙක් "මට අරයගෙ .... මිරිකන්න හිතෙනවා" මට පවසා ඇත.
මානසික රෝහලෙ සිටින වැදගත්ම කොටසක් වන්නෙ දරුනු මානසික රෝග සහිත අපරාදකරූවනුයි. ඔවුන් වෙනම සැකසූ ආවරනය කරන ලද වාට්ටු තුල ප්‍රතිකාර ලබනවා. ලන්කාවෙ සුප්‍රසිද්ද ඝාතන කිහිපයකට චූදිතයන් කිහිප දෙනෙක්ද මෙහිදී හම්බ උනා. ඔවුන්ගෙ ස්භාවය විවිදාකාරයි, දරුනු පෙනුමක් ඇති කරගෙන ඉන්න අය වගේම, අහින්සක යැයි හැගෙන අයද සිටිනවා. දවසක් නඩුවකට පෙනීසිටීමට නියමිත් වූ රෝගියෙක් මගෙන් ඇසුවේ "සර් මගෙ ඇදුම ලස්සනයිද? ජජ් මේකට කැමතිවෙයිද" කියාය.
මානසික රෝහලෙ මම දැකපු අප්‍රසන්නම දෙය තමයි කරන්ට් අල්ලනවා කියා සාමන්ය වහරෙ හදුන්වන ප්‍රතිකාර ක්‍රමය. මෙය ගොඩක් රෝගවලට නිර්දෙශ කරනවා. මෙම ප්‍රතිකාරය ලබාදෙන සෑම රෝගියාම වගෙ මට කිව්වෙ "සර් ඊලග සැරේ මට කරන්ට් අල්ලන්ඩ දෙන්ඩ එපා කියලයි". එය එතරම් වේදනාකරී දෙයක්.
මානසික රෝගීනුත් අප වැනිම මිනිසුන් කොටස්ක් වන අතර, මනසේ වූ අසමබරතාවයක් නිසා ඒ තත්වයට පත්වූ අයවලුන්ය. අන් කවරෙකුටත් වඩා ඔවුන්ට කරුනාව අවශ්ය වන අතර ඉතාම කලාතුඅරකින් සමාජයට හානිකර වෙයි. මානසික් වෛදය ක්ශෙස්ත්‍රය කලාවකි, මානසිකත්වය අතින් වෙනස්වූ පුද්ගලයින් වෙනුවෙන් සිදුකරන උත්තම සේවයකි.
අප සායනික පුහුනුව අවසානයෙ අප ගුරුතුමා දුන් එකම අවවාදය වුනේ, මානසික රෝගීන් දෙස පිස්ස යැයි කියමින් වපර ඇහින් බලන්න එපා.........යන්නය.
ඔයාලට හිතෙන දෙයක් පහලින් කොටා යනවානම් අගේය....
මාත් පිස්සෙක් තමා ඒත් මානසික රෝගියෙක් නෙමේ
ReplyDeleteඅන්තිම ටිකනං ඇත්තටම බොක්කටම වැදුනා....
ReplyDeleteහ්ම්...ගොඩක් දුක හිතෙනව,මේ අයත් මිනිස්සුනේ.මම දැකල තියනව අර කම්බිකූරු අතරින් එබීගන යන මිනිස්සු දිහා බලන් ඉන්නව සමහරු.ඒත් බයත් හිතෙනව බලන විදියට.
ReplyDeleteඇත්තටම පිස්සු හැදුනම මොළේට මොකද වෙන්නෙ?දෙන බෙහෙත් වලින් කෙරෙන්නෙ මොකද්ද?මෙන්ටල් ඩිප්‍රෙශන් වගේ එකක් අරන් පැහැදිලි කරල දෙන්න බැරිද කෙටියෙන්?
මේ වීඩීයෝවෙ තියන සීන් එකත් බලන්නකො.....
ReplyDeletehttp://www.youtube.com/watch?v=IrMloQJ0TuA
කියවන්න වටින ලිපියක්. ඔව් ඔබ අවසානයේ දැක්වූ ලෙස මානසික රෝගීන් දෙස වපරැසින් නොබැලිය යුතුයි. අප හැම තුලම අඩු වැඩි වශයෙන් මනෝ ව්‍යාධි තත්වයන් ඇති බවයි මගේ හැඟීම. බහුතරයක් හිතන්න විදිහ සාමාන්‍යය බවට පත්කරගෙන සුළුතරයක් විවේචනය කරමින් නීති රීති සමාජ මතයන් ගොඩනගමින් අපි මේ මොනවද කරන්නේ කියලා හිතෙන්නේ එවිටයි. ඔබේ ලිපියට ස්තූතියි.
ReplyDeletenice machan .. I think u may be a medico ... any way keep it up..
ReplyDeleteඅපි වැඩිය නොහිතන පැත්තකට අවදානය යොමු කළ සංවේදී ලිපියක්.
ReplyDeleteමේ ගැන කළු කියන පොතේ ගොඩක් හොඳට විස්තර කරනවා.පිස්සෙක් කියන්නෙ මනසට කම්පනයක් දැනිලා සිහිය අවුල් වුණ අය,ඒ ගොල්ලො දිහා අනුකම්පාවෙන් බලන්න පුලුවන් වෙන්න ඕනෙ.මොකද පිස්සෙක් කියන්නෙත් තවත් එක් මනුස්සයෙක් නිසා
ReplyDelete@නිකමා
ReplyDelete@කිඩෝ
@Anithkona
@මුදිත දසනායක
@wahikirilli
ස්තූතියි මිතුරනේ අදහස් වලට........
හොඳ සිහියෙන් ඉන්න අය කරන වැඩ දැක්කම මානසික ලෙඩ්ඩු හොඳයි කියලා හිතෙනවා..
ReplyDelete@ගලායන ජීවිතය "ඕකේ නදී" මම දවසක කොටන්නම්කො, ඒක පොස්ට් එකක දාන්නම්කො, කෙටියෙන් කියන්න මට අමාරුයි.
ReplyDelete@-:සුදු කොල්ලා:- අපූරුයි
@කඩේ හාමිනේ ඕක නවකතාවක්ද? මම කෙටිකතාවක් කියවල තියනවා කලූ කියලා පිස්සු හැදුන පුද්ගලයෙක් ගැන, ජී බී දිසානයක මහත්තයගෙ, ඒකද ඔය?
නැහැ සජිත් අයියේ තාරකා වාසුලමුදලි කියන කෙනා ලියලා තියෙන කලු කියන නවකතාව
ReplyDeleteඒක ඇත්ත සහෝදරයා. අපේ කැම්පස් එකේ අපිත් එක්ක හිටපු කෙනෙක්ටත් ඔහොම මානසිකව අවුලක් ඇති උනා. අන්තිමේදි අපි තමයි ගෙදර අය වගේ බලාගන්න හිටියේ. මේ යාලුවාට ඇති උනේ බයිපෝලර් අෆෙක්ටිව් ඩිසෝඩර් කියන ලෙඩේ.
ReplyDeleteඔය ලිංගික කාරණා ගැන කිව්වම ඒ දවස්වල අර මම කියපු යාලුවා හිටපු වාට්ටුවේ ලෙඩෙක් හිටියා. එයාට පිස්සු හැදිලා තියෙන්නේ එයාලගේ කඩේට ආපු පොඩි ගෑනු ළමයෙක් හන්දා. ඒ ලෙඩාට ඕනේ අර ගෑනු ළමයත් එක්ක ඉන්න.
ඔය වගේ මචන්, මානසික රෝහලක ඉන්න එක රෝගියෙක් කියනවලු තමා දුටුගැමුණු රජතුමා කියල, ඉතින් වෛද්‍යවරය මේ රෝගියගෙන් ඇහුවලු කව්ද එයාට එහෙම කිව්වෙ කියල, ඉතින් රෝගියා කීවලු, මට කතරගම දෙවියො කීවෙ කියල. එතකොටම යාබද ඇඳේ ඉන්න රෝගිය වෛද්‍යවරයට කීවලු, අනේ සර් මං එහෙම කතාවක් කීවෙ නෑ කියල...
ReplyDeleteබොහොම ස්තුතියි සජිත්
ReplyDeleteමගෙ අම්මා මානසික රොගියෙක් වෙලා ඉදලා තියනවා. මම ඉපදිලා සතියකට විතර පස්සෙ එයාව මුල්ලේරියාව මානසික රොහලට ඇතුල් කරා. එයත් එක්ක ඇති දැඩි වෙද්දි මට දැනුන වැදගත්ම දෙ තමයි. ආදරෙ සෙනෙහස අසන්තතික අවධානය එයාගෙ ලෙඩෙ එයාට අමතක කරන්න තියන හොදම විදිය කියලා. මිට අවුරුදු දෙකකට විතර කලින් බෙහෙත් ගන්න එක නතර කරලා. පුළුවන් තරම් එයාගෙ ලඟින් ඉදලා, එයාට රිදෙන්න තියන තැන් වලින් එයාව වෙන් කරලා, එයාට බොහොම ආදරෙන් සැලකුවා. දැන් එයාට එ ලෙඩෙ අමතක වෙලා වගෙ. මම අහලා තියන විදියට එවා කවදාවත් සම්පුර්ණයෙන්ම හොද වෙන්නෙ නැහැ. ලෙඩෙක්ව ආරක්ෂා කරලා එයාගෙ මනස එ එ සිමාවන් තුල ගැටෙන්න නොදෙන එක තමයි හොදම බෙහෙත මෙ වැනි ලෙඩ වලට. මම අම්මත් එක්ක එ කරපු පරික්ෂණය සාර්ථකයි කියලා මම හිතනවා. එක මට සම්පුර්ණයෙන් ම දැනුන දවසකට මම එක ගැන සටහනක් තියයි.
ReplyDeleteමම අම්මාගෙ ලෙඩෙ ඉතිහාසය ගැන හොයද්දි.. මට දැනුන එකම දෙ.... මනුස්සයෙක් විවිධ හැල හැප්පිම් වලට මුහුණ දෙද්දි එයාව ටිකක් වෙව්ලනවා, එයා ටිකක් දෙදරනවා, එවගෙ මිනිස්සුන්ට වඩාත්ම අවශ්‍ය කරන දෙ ආදරය , කරුණාව , දයාව... එක තෙරුම්ගන්න පුළුවන් කෙනෙක් එදා එයා ලඟ ඉදලා නැහැ.
මම සියල්ලම කියෙව්වා......දැනට හොයන් තියෙන විදිහට සාමාන්‍ය පුද්ගලයො හතකින් කෙනෙකුට මානසික උන්මාදයක් තියනවාලු . හැබැයි පිටට පෙනෙන්නෙ නැහැලු....මින්ස්සු න් ගෙ ජීවිත වල ඇති වුණු හිස්තැන් තමයි උන්මාද තත්ව වලට පාර හදන්නෙ.... කොහොම වුණත් ආදරයට හැම දේ ම කරන්න පුලුවන්....කියලා මම හිතනවා....
ReplyDelete@ශ්‍රී මම එකගයි
ReplyDelete@මධුරංග ඔව් මචන් අපෙ වයසෙ ගොඩක් අද්යාපන් වැඩ නිසා පීඩනයෙන් ඉන්න අයට depression හැදෙනවා ගොඩක් ඉක්මනට, මම දන්න කීපදෙනෙක්ම ඉන්නවා.
@ටී.බී. හේරත් මචන් අල්ලපු ඇදේ හිටියෙ ඔයා නෙවෙයි නේද?
@රවා හරිම කනගාටුයි මචන්, දැන් අම්මට ප්‍රශ්නයක් නැත්නම් මට සතුටුයි, මම මේ පොස්ට් එක පබ්ලිශ් කරෙත් දෙතුන් වතාවක් හිතලා, එය එතරම්ම සන්වේදියි. මම අම්මට සම්පූර්ණ සුවය පතනවා. පුතෙක් හැටියට ඔයගෙ කාර්ය භාරය මම අගේ කරනවා.මෙවැනි අයට ප්‍රතිකාර කිරීමේ මූලිකම සන්කල්පයක් තමයි therapeutic conversation කියන එක, එනම් බුද්දිමත් විදියට එයා සමග ඇසුරේ යෙදෙන එක.
ReplyDelete@Neranji ම්ම්ම්, දැන් මම දන්නවා කරන්න ඕන දෙය, ඉස්සරහට මේවගෙ ලෙඩෙක් හම්බ වුනොත් මම නිරන්ජිගෙ ආදර බෙහෙතෙන් ඩෝස් දෙකක්ම, උදේ හවස නියම කරන්නම්.
ReplyDeleteහැබැයි මගේ අදහස නම් උන්මාදය සහ මානසික රෝග කියන්නෙ ගොඩක් වෙනස් දෙයක් කියලයි, ඒක තමයි බුදුහාමුදුරුවෝ සබ්බේ සත්තා උන්මන්තිකා කිය දේශනා කරේ. උන්මාදය සාමන්ය කෙනෙක් තුල තිබෙන, තිබිය යුතු දෙයක් හැටියට තමයි විස්තර වෙන්නේ.
ගොඩක් සංවේදී වගේම වැදගත් ලිපියක්. මානසික රෝගියෙක්ගෙන් ගොඩක් වෙලාවට සමාජයට හානියක් නැති වුනත් සමාජය බලන්නෙ ඒ අයව කොන් කරල තියන්නමනෙ. එහෙම නැතුව අපිට ඒ අයත් මිනිස්සු කියල හිතන්න පුලුවන් නම්, ඒ අයව සමාජගත කරන එක එච්චර අපහසු වෙන එකක් නෑ.
ReplyDeleteවැදගත් ලිපියක් වගේම හොඳ අත්දැකීමක්.... තවත් දේ ලියන්න අපි නොදන්න පැති ගැන පිස්සන්ගේ....
ReplyDelete