Showing posts with label Forensic Science. Show all posts
Showing posts with label Forensic Science. Show all posts

Tuesday, May 14, 2013

මැරෙන්නද මරන්නද....


ගොඩ කාලෙකට පස්සේ මට හිටපු ගමන්ම කල්පනා උනා bolg පොස්ටුවක්වත් දාන්න ඕනේ කියල. මේක ටිකක් කම්මැලි දෙයක් වෙයි, එතරම්ම රසවත් නැති මාතෘකාවක්, ඒත් මම කැමති විෂයක් ගැන. එහෙනම් පටන් ගන්නම්.

මම අද කතා කරන්න යන්නේ මාරන්තික එන්නත් ගැන. ඒ කියන්නේ ඔය ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඩුවම ලබාදෙන ක්‍රමයක් තමයි මාරාන්තික එන්නතක් ශරීරයට එන්නත් කරලා සිරකරුව මරණ දඩුවමට භාජනය කරන එක. ඊට අමතරව මෙම ක්‍රම භාවිත කරනවා සහන මරණ (euthanasia) සදහාත්. මරණ දඩුවම ගැන මතක් කරද්දී ඉතිහාසය පුරාම සඳහන් වෙනවනේ නොයෙකුත් මරණ දඩුවම් දෙන ක්‍රම. අපි මේ ගැන කතා කරමු වෙන පොස්ටුවකින්. මොකද ඒක ලොකු ටොපික් එකක්නේ.


තව මෙතෙන්ට ටිකක් අදාල දෙයක් තමා සිහිනැති කිරීම, ඒ කියන්නේ නිර්වින්දනය. අපි සාමාන්යෙන් ශල්‍යාගාරයක රෝගියෙක් සිහි නැති කරන්න නිර්වින්දන එන්නතක් Propofol වගේ, මාංශ පේශි ඉහිල් කරන එන්නතක් Suxamethonium/ Atracurium,  වගේම උග්‍ර වේදනා නාශකයක් Morphine වගේ, ලබාදෙනවා. ඒ වගේම එන්නත් මගින් මරණ දඩුවම ලබා දීමේදී එන්නත් වර්ග තුනක් ලබා දෙනවා. Sodium thiopental හෝ pentobarbital මෙය අපරදකරුවා සිහිනැති කිරීමට යොදා ගන්නා නිර්වින්දන එන්නතක්. මෙමගින් වරදකරුවාට වේදනා රහිත මරණයක් හිමිවන බවයි සදහන් වෙන්නේ. Pancuronium bromide මෙය Atracurium වැනි මාංශ පේශි ඉහිල් කරන එන්නතක්. මෙමගින් සියලුම පේශි, මහා ප්‍රාචිරය සහ හුස්ම ගැනීමට ඉවහල් වන පේශි ඉහිල් වන අතර වරදකරුවට හුස්ම ගැනීමේ හැකියාව නතර කරයි (asphyxiation). අවසානයේදී Potassium chloride එන්නත මගින් හදවත් නතර කරවනු ලබයි (cardiac arrest). මෙම සියලුම ක්‍රියාවල අවසාන ප්‍රතිපලය ලෙස අදාල පුද්ගලයා cardiopulmonary arrest එකකට ලක්වීම මගින් මරණයට පත්වන අතර මෙය ඉතා අවම වේදනාවක් සහිත ක්ෂණික මරණයක් වන බවයි පැවසෙන්නේ.


euthanasia හෙවත් සහන මරණ ගැන මම වෙනම පස්සේ කතා කරන්නම්. ඊළගට මම ටිකක් කියන්න යන්නේ මේ එන්නත් මගින් මරණයට පත්කිරීමේදී ඇතිවන අතපසුවීම නිසා ඇතිවන ගැටළු ටිකක් ගැන හා වෛද්‍යවරුන් වශයෙන් මෙම ක්‍රියාවලිය සඳහා සහභාගි වීමේ ඇති ගැටළු කිහිපයක් ගැනයි.

සමහර පුද්ගලයන්ට අදාල නිර්වින්දන එන්නතේ මාත්‍රාව ඔවුන් සිහිනැති කිරීමට ප්‍රමාණවත් නොවන අතර එවිට ඔවුන්ට හිමිවන්නේ ඉතා වේදනාකාරී මරණයක්. ටිකක් හිතන්න සිහියෙන් ඉන්න වෙලාවක අපිට හුස්ම ගන්න බැරි උනොත් අපි කොච්චර අපාසුතාවයකට පත් වෙනවද කියල. අන්න ඒවගේ දෙයක් තමා මෙතැනදී වෙන්නේ.

බොහෝවිට මෙම එන්නත් කිරීම් සිදුකරන්නේ නොපුරුදු එතරම් පුහුණුවක් නොලැබූ බන්දනාගාර සේවකයන් විසිනුයි. එවිට මෙම එන්නත් හරියටම නහර වලට ඇතුල් නොවි පටක තරලයට, අවට පටක වලටද ඇතුල් වීමට පුළුවන්. එතකොට ඇතිවන්නේ ඉතාමත් වේදනාකාරී සෙමින් සිදුවන මරණයක්. 

සාමාන්යෙන් ඇමරිකාවේ වෛද්‍යවරුන්, හෙදියන් මෙම ක්‍රියාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කරනව, මොකද ඔවුන් Hippocratic Oath මගින් කිසිම මාරාන්තික එන්නතක් ඇතුල් කිරීම වලකා තිබෙනවා. ඒ නිසා අදටද එවන් ප්‍රාන්තවල එම එන්නත් කිරීම සිදුකරන්නේ එතරම් පුහුණුවක් නොලැබූ පුද්ගලයින් විසිනුයි. 

ඉතින් මරණ දඩුවම ශිෂ්ඨාචාරගත සමාජයකට කෙතරම් ඔබින්නේදැයි තීරණය කිරීම ඔබට භාර කරලා මෙන්න මම යනවා. වෙනදවසක euthanasia හෙවත් සහන මරණ ගැන පොස්ටුවක් අරගෙන මම එන්නම්.

Wednesday, August 24, 2011

මිනිහෙක් මරන්න හොදම විදිය


අහස දෙස බලමින් ආ වානරයා ගග අසලින් මදකට නතර විය. ගලන දිය පහර හේට අමුතු ප්‍රීතියක් ගෙන දුනි, එකක් මේ මුවන් වැනි සතුන් ගැවසෙන වෙලාවයි, අනික නම් තම සනහුරෙ එකෙක්වත් අහල නොසිටින බව ඌ දුටුවේය. පහල ගල් දෙබුක්කාවේ නිහඩව ආහාර  බුදින මුවා දුටු හෙතෙම තොලකට ලෙව කමින් ගොදුර දෙසට ඇදෙන්නට වන. අමාරුවෙන් මස්කර ගත් මුව ගාතය කටින් ඔසවාගෙන යන අතරතුර හමුවන තම සනුහරේ ඇත්තොන්ගෙන් දිවා ආහරය බේරාගන්න සැටි ඔහු දස අතේ සිතන්නට වන, ඔහුගේ වානර මොලය ඔහුට දුන්නේ එකම අදහසකි, තම පස මිතුරා දෙසට හැරුනු හෙතෙම, වානර බාහුවට සියලුම ශක්තිය යොදා මුහුනට සහ ගෙල දෙසට වේගවත් පහරවල් එල්ල කරන්නට වන. පස මිතුරාගෙන ගලා ආ රුධිරය ඔහුට මහත් වූ වින්දනයක් ගෙන දෙන්නට වන. පස මිතුරා පසෙකට ඇලවිය, ඔහු සදකාලික නින්දට වැටී ඇත. ඒ බවක් නොතැකූ අප වානර තෙමේ, නොනවත්වා පහර දෙන්නට විය. පහර දී ලේ දැකීමෙන් තෘප්තියට පත් හෙතම නොනවත්වා ඉදිරියට ඇදෙන්නට විය. ඔහු කෙතරම් දුර ඇවිද්දේද යත් අවසන කැඩපතක් ඉදිරියේ නැවතී බලන කල ඔහුගේ ඇදුමේ වූ දුහුවිලි පැල්ලම් කබායේ වූ ලෙන්සුවෙන් පිසගන්න අතර, මුනේ රදවාගෙන තිබූ කන්නඩි කුට්ටම ගලවා කබායේ ඉහල සාක්කුවෙ රුවා ගත්තේය.

මිනිසුන් තම වර්ගයාගේ රුදිරයේ වර්නය දැකීමට ඉමහත් ආසාවෙන් සිටින බව මට සිතේ, පුද්ගලයෙකු තව පුද්ගලයෙකු මරන ක්‍රම ගොඩක් මා දැක ඇත, උදාහරයක් ලෙස මිටියකින් පහර දීම, ඇසිඩ් ගැසීම, මිය යන තුරු පහර දීම වැනි ක්‍රම පාවිච්චි කල හැක. එසේ පාවිච්චි කරන බව මට ප්‍රත්යක්ශ විය. මිනිසෙක් තව මිනිසෙක්ට පහර දීම එකකි, පුතෙක් තම පියාට මිටියකින් පහර දීම තව එකකි. ජීවිත කාලයක් පුරා ආදරයෙන රැක බලාගත් තාත්තාව මරන්න තියන හොදම ක්‍රමය මිටියකින් පහර දීම ලෙස ඒ පුතාට හිතුනු පලවෙනි දේ වෙන්න ඇති.

නොයෙකුත් ආකාර වල මිනීමරුවන් ඇත. මහා පරිමානයෙන මිනීමරන අය වර්ග කිහිපයකි. දාම මිනී මැරුම් හෙවත් serial murder සමාන ආකාරයට, සමානතම තාවයකින් යුතු පුද්ගලයින් 3නට වඩා මැරීම සිදු කරයි. Spree killers කියන්නේ එකම අවස්තාවක පුද්ගලයින් කිහිප දෙනකු පිලිවලින් වරකට එකා බැගින් මරන අයවලුන්ය. එකම අවස්තාවක පුද්ගලයින් විශාල පිරිසක් මැරීම mass murder ලෙස හදුන්වයි.

Serial killers බොහෝ විට පෞර්ශත්ව ආබාදයකින් පෙලෙන අතර, මිනීමැරුම් විශාල ගනනක් වුවද සිදු කිරීමට ඔවුන් පසුබට වන්නේ නැත. ඔවුන් එම මිනීමැරුම් ගැන පසුතැවීමක් නැතිවීම ප්‍රදාන ලක්ශනයකි. මොවුන් බොහෝ විට තෘප්තිය සදහාද, පලිගැනීම සදහාද මිනීමැරුම් සිදුකරයි. ආවේග වලින් නොපෙලීම මොවුන්ගේ ප්‍රදාන ලක්ශනයක් වන අතර මිනී මැරුම අවට අවම සාක්ශී ප්‍රමානයක් ඉතිරිකිරීම ප්‍රදාන ලක්ශනයකි. මිනී මැරුම් ගනන වැඩිවත්ම ඔවුන්ගේ විස්වාශය වැඩිවන අතර, over confident වු වූ විට ඔවුන් අතින් වැරදි සිදුවෙයි. එසේ සිදුවන වැරදි ඔවුන්ගේ අවසාන වැරදි බවට නිතැනින්ම පත්වන්නේ psychological profiling of serial murders ලෙස ඔවුන්ගේ සහ එම මිනීමැරුම් වල දත්ත රැස්කර තබාගැනීමත් වරින් වර අපරාද විශ්ලේශනය කිරීමත් අපරද පරීක්ශකයින් විසින් සිදු කර නිසාය.   

මෑත කාලයෙදී කහවත්තෙන් බිහිවූ අපරදකරුවාත් 19වන සියවසේ එන්ගලන්තයේ ප්‍රචලිත Jack the Ripper වූ නම් ඝාතකයාද එසෙ බිහිවූ ප්‍රසිද්ද දෙදෙනෙක් වෙයි. Serial killers බිහිවීම සන්කීරන ක්‍රියාවලියකි, තවම නිශ්චිත වශයෙන්ම හදුනාගෙන නැති කාරනයකි. මෙවන් අපරාද කරුවන් ගැන හදාරන FBI-Behavioral Science Unit වැනි ආයතන මෙබදු මිනීමරුවන් බිහිවීම දකින්නේ පාරිසරික(environmental) සාදකත්, ජානමය(genetic predisposition) ලක්ශනත් සහ සමාජමය ගැටලුත්(social conflicts) යන කාරන සියල්ලකගෙම ප්‍රතිපලය ලෙස ඔවුන් බිහිවන බවයි. කෙසේ නමුත් එම මූලික ලක්ශන වලින් අපගමනය වූ උදාහරන විශාල ප්‍රමානයක් Forensic history හි ඇත.  



මිනිසා තම වර්ගයේම එකෙකු විනාශ කිරීමට යත්න දැරීම පුදුම සහගත දෙයකි. ඔවුන්ට විශාල මොලයක් ලැබී ඇත, එවන් සන්කීරන වූ මොලයකට මෙවන් කටයුත්තක් කිරීම සරල විය හැක. අපරාද කරුවාගේ සන්කීරන මොලයේ සැලසුම මෙවන්නක් විය හැක "ගෙදර වත්තේ මෑ පැලයක් ඇත, ඔහු එයට විශක් වත්කරයි, කුකුලා මෑ ඇටයක් කයි, කුකුලා මැරී වැටෙයි, එම කුකුලා සර්පයෙකු විසින් ගිල දමයි, එම සර්පයා උකුස්සෙකු විසින් ඩැහැගෙන යන අතරතුර ගගකට අත්හැරෙයි, මාලුවෙකු එම සර්පයාව ගිල දමයි. මාලු බෑමෙන් ජීවත්වන හතුරා අර මාලුවාව අල්ලා පිස ආහරයට ගනී, මිනිසා මියයයි, මරනයට හේතුව ආහාර විශ වීමකි" අපරාද කරුවාට කරන්නට ඇත්තේ එම ක්‍රියාවේ මිල මැද අග සිද්දි පිලිවලට මෙහෙය වීම පමනකි ප්‍රතිපලය ලැබේ, සමහරවිට ඒය මිනිහෙක් මරන්න ඇති හොදම ක්‍රමය වීය හැක(Count Monte Cristo - Alexander Duma).

Friday, July 1, 2011

මළ ගිය ඇත්තො සාක්ෂි දෙති




මරණයක් සැබෑවටම සිදුවූයේ කෙසේද? එය ස්භාවික මරණයක් ද? අනතුරකද? සියදිවි නසාගැනීමක්ද? නැතිනම් මිනීමරුමක්ද? යන ප්‍රශ්නය මානව ශිස්ටචාරකරණය සමග ඇති වූ   ප්‍රදානතම ගැටලුවක්. ස්භාවික අනතුරක් හෝ සියදිවි නසාගැනීමක් ලෙස ලෙස සිදුවන මරණ හා  බැදුණු   මිනීමැරුම් සදාකාලිකව වැලලීයාම මිනිස් ඉතිහාසයේ දුලබ දෙයක් නොවේ.  එය මලගිය පුද්ගලයට හා ඔහුගේ/ඇයගේ නෑදෑයින්ටඅයුක්තියකි. එමනිසා මූලික සංකල්පයක් බිහිවිය, එනම් කිසිම මළමිනියක්, මරනයට  හේතුවක් පරීක්ෂා නොකර  වැළලීමට හෝ ආහාදානය කල නොහැකිය. අධිකරණ වෛද්ය විද්යාව මගින් මේ සදහා ඉටුකරන සේවය අතිමහත්ය. පෙර පොස්ට් එකක කියවුණු දෙයකට අඩුවැඩියක් සැපයීමට මෙම  පොස්ට් එක ලියන්න මට හිතුන. මෙහි සදහන් වෙන මූලිකම දෙය තමයි පශ්චාත් මරණ පරීක්ෂණය නැත්නම් පොස්ට් මොර්ටම් කියා හදුන්වන දෙය ගැන පොඩි සාරාංශයක් .බොහෝදෙනා සිතන්නේ පොස්ට් මොර්ටම් එකේදී කරන්නේ මිනී කැපීම පමණක් කියා ය, නමුත් පොස්ට් මොර්ටම් එකට ගොඩක් දේවල් අයිති වෙනවා, මම ඒවා අංක වශයෙන් සරලව දමන්නම් .
 
1.  මරණය සිදුවූ ස්ථානයේ පොලිසිය මගින් කෙටි විභාගයක් පවත්වා හදිසි මරණ පරීක්ෂක (inquirer of sudden death)       හෝ මහේස්ත්‍රාත් මගින් නීතිමය ක්‍රියාව ආරම්භකිරීම.
2. 
වයිද්‍යවරයා සිද්දිය සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීම.
3. 
පොලිසිය සහ වයිද්‍යවරයා කට උත්තර ලබා ගැනීම.
4. 
මූලික පරීක්ෂණ සිදු කිරීම ) Xray, විවිද sample ලබාගැනීම, මියගිය ඇයගේ dressing sample ලබා ගැනීම)
5. 
දේහය කපා බැලීම.
6. 
වාර්තාගත කිරීම   පශ්චාත් මරණ පරීක්ෂණ(වාර්තාව, මරණ සහතිකය)  
7. 
උසාවියට  වාර්තාව යැවීම.
8. 
උසාවියට වාචික කටඋත්තර ලබාදීම.

යන සියල්ලම පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වෙනවා. ඉහත සිදුකරන සෑම පියවරක්ම නීතියට අදාලව සිදුකරයි ප්‍රශ්නකිරීම් වලදී පිළිතුරු ලබාදීමට වයිද්‍යවරයා බැදී සිටිනවා,   එසේනොහැකිවූවෝත් උසාවියේන් අවවාදකිරීම් වලට හෝ වරෙන්තු නිකුත් කිරීමකට යටත් වීමට සිදුවනවා.   වයිද්‍යවරයා මෙහිදී නිරීක්ෂණ සහ අදහස් පමණක් ලබාදෙනව, කිසිම පාර්ශවයකට පක්ෂව හෝ විපක්ෂව නොසිටින අතර විශේෂ සාක්ෂිකරුවෙකු ලෙස පමණයි සිටින්නේ. මෙහිදී මරණ පරීක්ෂණයේ නිවැරදිබව වයිද්‍යවරයාගේ පරිනතබව හා  human error මත වෙනස් විය හැකි අතර එසේ සැක සිතුවිටක දෙවන මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. මෙනිසා  මරණ පරීක්ෂණයේ නිවැරදිබව බොහෝ විට සැකයකින් තොරයි. නමුත් එසේ වෙනස් වූ අවස්ථා වාර්තා වෙනවා.



ඇත්තටම autopsy හෙවත් මිනිය කපනවා කියන්නේ දේහයේ සියලුම කුහර විවර කර පරීක්ෂා කිරීම (කපාලය, උරස, උදරය, ශ්‍රෝණිය ,(දේහයේ සියලුම අවයව කපා පරීක්ෂා කිරීම (මොලයේ සිට මහා බඩවැල දක්වා සියලුම අවයව) හා අවශ්‍ය විටක බෙල්ල/ ස්නායු රජ්ජුව (spinal cord)/ අත් පා කපා  ඒවාද පරීක්ෂා කරනවා. මෙහිදී දේහ අභ්‍යන්තරයට සිදුවූ හානි වගේම(මොලයට සිදුවූ හානි), ස්භාවික අන්තරයක සාධක(හ්ර්ධයේ නාල සිහින් වීම) වැනිදේද පිටතට නොපෙනෙන පහරදීම්, වෙනත් තුවාල ආදියද පැහැදිලිව දැක ගන්න පුළුවන්.
පරීක්ෂණය  අවසානයේ මරණය හේතුව සහ අර්ථ නිරූපණය ලබාදෙනවා එනම් තුවාල ලක්ෂණ මාර්ග අනතුරක ස්වභාවය ගන්නවා, මරණය සිදුවූ වෙලාව පැය 12-18  අතර වැනි  කරුණු ප්‍රකාශ කරනවා. මෙම  පරීක්ෂණයේ මූලිකම අරමුණු තමයි මරණය සිදුවූ හේතුව, වෙලාව, සිදුවූ ආකාරය(මිනිමැරුමක්, අනතුරක්, ස්භාවික, සියදිවිනසා ගැනීමක්), අනතුරින් පසු කල ක්‍රියකාරකම (Volitional activities) හා වයිද්‍ය නොසැලකිල්ල මත සිදුවූ මරණයක්ද යන්න සොයාබැලීම යන කාරණායි. 

Monday, June 27, 2011

සිය දිවි නසා ගැනීම....


අපි මේ දවස් වල ඉගෙන ගන්නෙ අධිකරන වෛද්ය විද්‍යාව (forensic medicine) ප්‍රායොගික කටයුතුයි. කොලඹ අදිකරන විද්‍යා වෛද්ය ආයතනයෙ සහ පොලිස් මෝචරියෙ තමයි අපි ප්‍රයොගික කටයුතු සිද්ද කරන්නෙ. අද තමයි මම ප්‍රතම වරට තමයි ගෙල වැලලා මැරුනු අයෙකුගෙ සිරුරක් පශ්චාත් මරන පරීක්ශනයට ලක් කරනු අයුරු ඉගෙන ගත්තේ. ගොඩක්ම දැක්කෙ රිය අනතුරු සහ හදිසි හෘදයබාද නිසා මැරුනූ අය තමයි. මේනිස මට ඒ ගැන පොස්ට් එකක් දාන්න හිතුනා.

ඔහු අවුරුදු 25ක පමන හොදින් හැදුනු වැඩුනු තරුනයෙක්, එක් දරුවෙකුගෙ පියෙක්, රැකියාව හැටියට කුලී වැඩ තමයි කරල තියෙන්නෙ. හදිසියේම ගෙදර ඇතිවූ ආරවුලකින් පස්සෙ ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් සිටියා. දේහය ප්‍රතමවරට දැක තිබුනෙ ඔහුගෙ බිරිද විසිනුයි. ඒ ඊයෙ පස්වරු 5.15ත් 5.30ත් අතර වෙලාවක. ඒ වෙලාවට ප්‍රතම ඔහු පමනයි ගෙදර ඉදලා තියෙන්නෙ. ඔහුගෙ සිරුර අද උදේ මෝචරියට ගෙනාවා. කට උත්තර ගත්තට පස්සෙ බිරිද සහ ඔහුගෙ පියා විසින් සිරුර හදුනා ගත්තා. මෙසේ සිරුර හදුනා ගැනීම අත්යවශ්ය වන අතර, හදුනා ගැනීමට නොහැකි වූ සිරුරු කීපයක්ම මොචරියෙ ගොඩ ගැසී තිබෙනවා මම දැකලා තියනවා. මෙහිදී මරන පරීක්ශනයේ මූලිකම අරමුනු කීපයක් තිබුනා, ඒව නම්..
  • ඔහු නිවැරදිව හදුනා ගැනීම.
  • මරනය සිදුවූ ආකාරය එනම් manner of death, මිනීමැරුමක්ද (homicide) සියදිවිනසා ගැනීමක්ද (suicide) හදුනා ගැනීම.
  • මරනය සිදුවූ වේලාව කට උත්තරයෙ වෙලාව සමග සමපාත වේදැයි බැලීම.
  • මරනයට හේතුව (cause of the death) සොයාගැනීම.
මෙවැනි මරන විච්චේදනය කරන ආකාරය තරමක් වෙනස්. මොකද මෙහිදී ගෙලට අවම හානියක් වන ලෙස සිදු කල යුතු ( prisloo dissection ලෙස හැදින්වෙ - මෙය එල්ලීමක් සහ මරා එල්ලීමක් හෝ වෙනත් අනතුරක් හදුනා ගැනීමට වැදගත්ය) අතර විච්චේදනයේදී ගෙලට අවම රුධිර ප්‍රමානයක් ගලා එන ලෙස සැකසිය යුතුය, මේ සදහා පලමුව හිස් කුහරය ගලවා රුධිරය ඉවත් කොට දෙවනුව පියවරෙන් පියවර ගෙල විච්චේදනය කල යුතුය. ගෙල සහ හිස විච්චේදනයෙන් ලැබුනු ප්‍රතිපල වූයෙ ගෙලේ අස්ති හා කාටිලේජ බිදී තිබීමත්, මාන්ශ වල රුධිර පැල්ලම් තිබීමත්, මොලයේ රුදිරය එකතු වී තිබීමත්(congestion) යන කරුනුය. මීට අමතරව පෙනහලු වල රුධිරය පිරී (congestion)තිබුනි. මේවා එල්ලීමක (hanging) ලක්ශන වෙයි. උදරයෙ අවයව වලට කිසිදු අනතුරක් සිඩු නොවී තිබුනු අතර දේහයේ කිසිම තැනක මාන්ශ පේශි වල පහර දීමේ සලකුනු නොවීය.

මෙහිදී manner of death, suicide ලෙස තීරන්ය විය, එයට හේතුව වන්නෙ මරනුකරුගේ ලිපියක් තිබීම(suicide note), තොන්ඩුව සිරකරගෙන තිබූ ආකරය, පහර දීම් කිසිවක් නොතිබීම, මරනය සිදු වූ වේලාව කට උත්තරය හා සැසදීම හා ගෙලට සිදුවූ  injury pattern  එක අනුව ගෙල වෙලලීමක ස්භවය තිබීම යන කරුනුයි. cause of the death ලෙස ගෙල සිරවීම නිසා හුස්ම හිරවීමෙන් සිදුවූ මරනයක් ලෙස තීරනය විය. 



එල්ලුනාම ගෙල සිරවීම සහ හුස්ම හිරවීමෙන් සිදුවූ මරනය නැතිව වෙන මොනවා වෙලා මැරෙන්නදැයි ඔයාල හිතනව ඇති. නමුත් එල්ලීමෙදී කරුනු කීපයක් මරනයට හේතුවෙනවා, පොස්ට් එක දිග වැඩිවෙන නිසා එව්වා පස්සෙ දවසක කියනම්කෝ. මෙම මරන පරීක්ශනයේ සිදුවූ මූලිකම අඩුපාඩුව තමයි මරනය සිදුවූ ස්ථානයට යන්නට බැරිවීම (scene visit), එයින් ගොඩක් ප්‍රයෝජනවත් කරුනු මගහැරෙන්න පුලුවන් බව තමයි කියන්න තියෙන්නේ.

අවසානයෙ දේහය නෑදෑයින්ට බාර දුන් අතර, අපි අනිත්‍ය මෙනෙහි කරමින් post mortem investigation එක ගැන රිපොර්ට් එක ලියන්න පටන් ගත්තා.

ආගන්තුකයා.......