කිසි දෙයක්, කිසිම කලෙක සාර්වාත්‍රික වන්නේ නැත, අප, අප අවට ඇති සියලුම දේ,
මේ හුස්ම, මේ ජීවිතය කිසි කලෙක සාර්වත්‍රික නොවේ, එවන් වූ සාර්වාත්‍රික නොවන
ලොවක සිටින අප මේ කරන්නේ කුමක්ද? අප එකිනෙකාගේ පිටවල් කසමින් හිතින්
සැනසෙමු, මේ ප්‍රස්තුතය වලංගු වන්නේ, ඔබට මට පමණක් නොව අප සැමදෙනාටමය.
අප සිතමු සැම දෙයම කාලය විසින් විසදනු ලබන බව, එසේනම් අප ලබා ඇත මිනිසත්
බවෙන් වැඩක නැත, අපට තිබෙනුයේ සියල්ලම කාලයට බාර දී නිහඩව සිටීමද? නැත!
සියලු දෙයටම මාර්ගයක් ඇත, කාලය හොද සුවපත්කරන්නෙකි, නමුත් ඔහු ප්‍රශ්න
විසදන්නෙක් නොවේ, ඔහු හොද මාර්ගෝපදේෂයෙක් නොවේ, ඔහු හොද නැවතුම් සපයන්නෙකි,
එම නැවතීම විටක අප සුවපත් කරයි.
ඔබට හැකිනම් මේ ලියන මගේ හිතට ඇතුල්වෙන්න, මේ හිතන වෙලාවේ, හිතන්න පෙර,
හිතුවට පස්සේ, ඔබට දැනෙයි මේ දෙය විස්වාස කරන හොදම පුද්ගලයා මම නොවන බව, නමුත්
ඔහුටද විස්වාසයක් අවශ්‍යයි, ඔහු විස්වාස කල යුතුයි කාලය හොද නැවතුම්
කරුවෙකු සහ හොද සුවපත් කරන්නේක් බව, මන්ද ඔහුද යම පමණක අසරණයෙකි.