Wednesday, March 7, 2012

ඉතින් මා නවතිමි මිතුරිය......



හිජාබයෙන් වැසුණු නිසා , නුබ තවත් යුවතියක් කියා මට අමතක වූවා නොවේ,
නුබේ මියුරු සිනාව සහ අහිංසක වදන් මා සිත නොගත්තාද නොවේ,
නුබ තවත් එක් ජීවය සහිත ප්‍රාණියෙකු වග අමතක කලාද නොවේ,
හුදකලා සිතිවිලි අතර තවත් එක පිරිමියෙකු ලෙස හැසිරුනා පමණි
ඇසින් එක කදුලකදු කඩා නොවැටෙන ලෙස මා අලුගොසුවෙක් වීමි, 
නමුත්! හදවතින් නොහඩා සිටින්නට මා ගලක් නොවීමි .....
අසරණිය අසරණව නිහඩ විය, තවත් එක් ජීවයක් නිමාවිය,
ඇය මහදේ සදහටම ලැගුම් ගත්තීය, 
මහද  මටම දොස් පවරයි, මා කලේ කුමක්ද?

9 comments:

  1. හැඟීම් වලට සීමා මායිම් නැත... මෙහෙ ඉන්න ලක්ෂිතව හම්බුනා!මං බ්ලොග් ලියන බව දැනගෙන ඔයාව අඳුරන බව කිව්වා!

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ සමහර වෙලාවට අපි මාර විදියට අසරණ වෙනවා.

      Delete
  2. ජීවිතයේ සමහර වෙලාවට අපි මාර විදියට අසරණ වෙනවා.

    ReplyDelete
  3. අපි හැමෝටම හැඟීම් තියෙනවා...ඉතින් අපි දෙයක් කරද්දි...අපේ හැඟීම් ගැන වගේම..මානික් අය්ගෙ හැඟීම් ගැනත් මතක් කරගන්නවනම් හොඳයි....

    ReplyDelete
  4. ලස්සන අදහසක්..අපේ අසරණකම කෙනෙකුට නපුරුකමක් වගේ දැනෙන්නත් පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උනේ එක තමයි, සමහර වෙලාවට 'වගකීම' කියන වෙස්මුහුණ දාගෙන තමයි හැංගිලා ඉන්න මනුස්සයාව වහන කරන්නේ!

      Delete
  5. හ්ම්ම්.. සමහර වෙලාවට හිතාගන්නවත් බැරි විදියට අපි අසරණ වෙනවා නේද..

    ReplyDelete

ඔබේ අදහස්...