Monday, June 27, 2011

සිය දිවි නසා ගැනීම....


අපි මේ දවස් වල ඉගෙන ගන්නෙ අධිකරන වෛද්ය විද්‍යාව (forensic medicine) ප්‍රායොගික කටයුතුයි. කොලඹ අදිකරන විද්‍යා වෛද්ය ආයතනයෙ සහ පොලිස් මෝචරියෙ තමයි අපි ප්‍රයොගික කටයුතු සිද්ද කරන්නෙ. අද තමයි මම ප්‍රතම වරට තමයි ගෙල වැලලා මැරුනු අයෙකුගෙ සිරුරක් පශ්චාත් මරන පරීක්ශනයට ලක් කරනු අයුරු ඉගෙන ගත්තේ. ගොඩක්ම දැක්කෙ රිය අනතුරු සහ හදිසි හෘදයබාද නිසා මැරුනූ අය තමයි. මේනිස මට ඒ ගැන පොස්ට් එකක් දාන්න හිතුනා.

ඔහු අවුරුදු 25ක පමන හොදින් හැදුනු වැඩුනු තරුනයෙක්, එක් දරුවෙකුගෙ පියෙක්, රැකියාව හැටියට කුලී වැඩ තමයි කරල තියෙන්නෙ. හදිසියේම ගෙදර ඇතිවූ ආරවුලකින් පස්සෙ ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් සිටියා. දේහය ප්‍රතමවරට දැක තිබුනෙ ඔහුගෙ බිරිද විසිනුයි. ඒ ඊයෙ පස්වරු 5.15ත් 5.30ත් අතර වෙලාවක. ඒ වෙලාවට ප්‍රතම ඔහු පමනයි ගෙදර ඉදලා තියෙන්නෙ. ඔහුගෙ සිරුර අද උදේ මෝචරියට ගෙනාවා. කට උත්තර ගත්තට පස්සෙ බිරිද සහ ඔහුගෙ පියා විසින් සිරුර හදුනා ගත්තා. මෙසේ සිරුර හදුනා ගැනීම අත්යවශ්ය වන අතර, හදුනා ගැනීමට නොහැකි වූ සිරුරු කීපයක්ම මොචරියෙ ගොඩ ගැසී තිබෙනවා මම දැකලා තියනවා. මෙහිදී මරන පරීක්ශනයේ මූලිකම අරමුනු කීපයක් තිබුනා, ඒව නම්..
  • ඔහු නිවැරදිව හදුනා ගැනීම.
  • මරනය සිදුවූ ආකාරය එනම් manner of death, මිනීමැරුමක්ද (homicide) සියදිවිනසා ගැනීමක්ද (suicide) හදුනා ගැනීම.
  • මරනය සිදුවූ වේලාව කට උත්තරයෙ වෙලාව සමග සමපාත වේදැයි බැලීම.
  • මරනයට හේතුව (cause of the death) සොයාගැනීම.
මෙවැනි මරන විච්චේදනය කරන ආකාරය තරමක් වෙනස්. මොකද මෙහිදී ගෙලට අවම හානියක් වන ලෙස සිදු කල යුතු ( prisloo dissection ලෙස හැදින්වෙ - මෙය එල්ලීමක් සහ මරා එල්ලීමක් හෝ වෙනත් අනතුරක් හදුනා ගැනීමට වැදගත්ය) අතර විච්චේදනයේදී ගෙලට අවම රුධිර ප්‍රමානයක් ගලා එන ලෙස සැකසිය යුතුය, මේ සදහා පලමුව හිස් කුහරය ගලවා රුධිරය ඉවත් කොට දෙවනුව පියවරෙන් පියවර ගෙල විච්චේදනය කල යුතුය. ගෙල සහ හිස විච්චේදනයෙන් ලැබුනු ප්‍රතිපල වූයෙ ගෙලේ අස්ති හා කාටිලේජ බිදී තිබීමත්, මාන්ශ වල රුධිර පැල්ලම් තිබීමත්, මොලයේ රුදිරය එකතු වී තිබීමත්(congestion) යන කරුනුය. මීට අමතරව පෙනහලු වල රුධිරය පිරී (congestion)තිබුනි. මේවා එල්ලීමක (hanging) ලක්ශන වෙයි. උදරයෙ අවයව වලට කිසිදු අනතුරක් සිඩු නොවී තිබුනු අතර දේහයේ කිසිම තැනක මාන්ශ පේශි වල පහර දීමේ සලකුනු නොවීය.

මෙහිදී manner of death, suicide ලෙස තීරන්ය විය, එයට හේතුව වන්නෙ මරනුකරුගේ ලිපියක් තිබීම(suicide note), තොන්ඩුව සිරකරගෙන තිබූ ආකරය, පහර දීම් කිසිවක් නොතිබීම, මරනය සිදු වූ වේලාව කට උත්තරය හා සැසදීම හා ගෙලට සිදුවූ  injury pattern  එක අනුව ගෙල වෙලලීමක ස්භවය තිබීම යන කරුනුයි. cause of the death ලෙස ගෙල සිරවීම නිසා හුස්ම හිරවීමෙන් සිදුවූ මරනයක් ලෙස තීරනය විය. 



එල්ලුනාම ගෙල සිරවීම සහ හුස්ම හිරවීමෙන් සිදුවූ මරනය නැතිව වෙන මොනවා වෙලා මැරෙන්නදැයි ඔයාල හිතනව ඇති. නමුත් එල්ලීමෙදී කරුනු කීපයක් මරනයට හේතුවෙනවා, පොස්ට් එක දිග වැඩිවෙන නිසා එව්වා පස්සෙ දවසක කියනම්කෝ. මෙම මරන පරීක්ශනයේ සිදුවූ මූලිකම අඩුපාඩුව තමයි මරනය සිදුවූ ස්ථානයට යන්නට බැරිවීම (scene visit), එයින් ගොඩක් ප්‍රයෝජනවත් කරුනු මගහැරෙන්න පුලුවන් බව තමයි කියන්න තියෙන්නේ.

අවසානයෙ දේහය නෑදෑයින්ට බාර දුන් අතර, අපි අනිත්‍ය මෙනෙහි කරමින් post mortem investigation එක ගැන රිපොර්ට් එක ලියන්න පටන් ගත්තා.

ආගන්තුකයා.......