Tuesday, May 14, 2013

මැරෙන්නද මරන්නද....


ගොඩ කාලෙකට පස්සේ මට හිටපු ගමන්ම කල්පනා උනා bolg පොස්ටුවක්වත් දාන්න ඕනේ කියල. මේක ටිකක් කම්මැලි දෙයක් වෙයි, එතරම්ම රසවත් නැති මාතෘකාවක්, ඒත් මම කැමති විෂයක් ගැන. එහෙනම් පටන් ගන්නම්.

මම අද කතා කරන්න යන්නේ මාරන්තික එන්නත් ගැන. ඒ කියන්නේ ඔය ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඩුවම ලබාදෙන ක්‍රමයක් තමයි මාරාන්තික එන්නතක් ශරීරයට එන්නත් කරලා සිරකරුව මරණ දඩුවමට භාජනය කරන එක. ඊට අමතරව මෙම ක්‍රම භාවිත කරනවා සහන මරණ (euthanasia) සදහාත්. මරණ දඩුවම ගැන මතක් කරද්දී ඉතිහාසය පුරාම සඳහන් වෙනවනේ නොයෙකුත් මරණ දඩුවම් දෙන ක්‍රම. අපි මේ ගැන කතා කරමු වෙන පොස්ටුවකින්. මොකද ඒක ලොකු ටොපික් එකක්නේ.


තව මෙතෙන්ට ටිකක් අදාල දෙයක් තමා සිහිනැති කිරීම, ඒ කියන්නේ නිර්වින්දනය. අපි සාමාන්යෙන් ශල්‍යාගාරයක රෝගියෙක් සිහි නැති කරන්න නිර්වින්දන එන්නතක් Propofol වගේ, මාංශ පේශි ඉහිල් කරන එන්නතක් Suxamethonium/ Atracurium,  වගේම උග්‍ර වේදනා නාශකයක් Morphine වගේ, ලබාදෙනවා. ඒ වගේම එන්නත් මගින් මරණ දඩුවම ලබා දීමේදී එන්නත් වර්ග තුනක් ලබා දෙනවා. Sodium thiopental හෝ pentobarbital මෙය අපරදකරුවා සිහිනැති කිරීමට යොදා ගන්නා නිර්වින්දන එන්නතක්. මෙමගින් වරදකරුවාට වේදනා රහිත මරණයක් හිමිවන බවයි සදහන් වෙන්නේ. Pancuronium bromide මෙය Atracurium වැනි මාංශ පේශි ඉහිල් කරන එන්නතක්. මෙමගින් සියලුම පේශි, මහා ප්‍රාචිරය සහ හුස්ම ගැනීමට ඉවහල් වන පේශි ඉහිල් වන අතර වරදකරුවට හුස්ම ගැනීමේ හැකියාව නතර කරයි (asphyxiation). අවසානයේදී Potassium chloride එන්නත මගින් හදවත් නතර කරවනු ලබයි (cardiac arrest). මෙම සියලුම ක්‍රියාවල අවසාන ප්‍රතිපලය ලෙස අදාල පුද්ගලයා cardiopulmonary arrest එකකට ලක්වීම මගින් මරණයට පත්වන අතර මෙය ඉතා අවම වේදනාවක් සහිත ක්ෂණික මරණයක් වන බවයි පැවසෙන්නේ.


euthanasia හෙවත් සහන මරණ ගැන මම වෙනම පස්සේ කතා කරන්නම්. ඊළගට මම ටිකක් කියන්න යන්නේ මේ එන්නත් මගින් මරණයට පත්කිරීමේදී ඇතිවන අතපසුවීම නිසා ඇතිවන ගැටළු ටිකක් ගැන හා වෛද්‍යවරුන් වශයෙන් මෙම ක්‍රියාවලිය සඳහා සහභාගි වීමේ ඇති ගැටළු කිහිපයක් ගැනයි.

සමහර පුද්ගලයන්ට අදාල නිර්වින්දන එන්නතේ මාත්‍රාව ඔවුන් සිහිනැති කිරීමට ප්‍රමාණවත් නොවන අතර එවිට ඔවුන්ට හිමිවන්නේ ඉතා වේදනාකාරී මරණයක්. ටිකක් හිතන්න සිහියෙන් ඉන්න වෙලාවක අපිට හුස්ම ගන්න බැරි උනොත් අපි කොච්චර අපාසුතාවයකට පත් වෙනවද කියල. අන්න ඒවගේ දෙයක් තමා මෙතැනදී වෙන්නේ.

බොහෝවිට මෙම එන්නත් කිරීම් සිදුකරන්නේ නොපුරුදු එතරම් පුහුණුවක් නොලැබූ බන්දනාගාර සේවකයන් විසිනුයි. එවිට මෙම එන්නත් හරියටම නහර වලට ඇතුල් නොවි පටක තරලයට, අවට පටක වලටද ඇතුල් වීමට පුළුවන්. එතකොට ඇතිවන්නේ ඉතාමත් වේදනාකාරී සෙමින් සිදුවන මරණයක්. 

සාමාන්යෙන් ඇමරිකාවේ වෛද්‍යවරුන්, හෙදියන් මෙම ක්‍රියාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කරනව, මොකද ඔවුන් Hippocratic Oath මගින් කිසිම මාරාන්තික එන්නතක් ඇතුල් කිරීම වලකා තිබෙනවා. ඒ නිසා අදටද එවන් ප්‍රාන්තවල එම එන්නත් කිරීම සිදුකරන්නේ එතරම් පුහුණුවක් නොලැබූ පුද්ගලයින් විසිනුයි. 

ඉතින් මරණ දඩුවම ශිෂ්ඨාචාරගත සමාජයකට කෙතරම් ඔබින්නේදැයි තීරණය කිරීම ඔබට භාර කරලා මෙන්න මම යනවා. වෙනදවසක euthanasia හෙවත් සහන මරණ ගැන පොස්ටුවක් අරගෙන මම එන්නම්.

4 comments:

  1. lankawe mewage dewal kerenawada

    ReplyDelete
  2. You can decide on from red, black and white for jersey colours.

    Unstructured caps has no re-enforcement and cap materials sits free towards the head.
    This way you can be able to stand out from a crowd and
    show off your exclusive type. But why ought to you desire a small-expense one?



    Stop by my site - Vintage Snapbacks

    ReplyDelete
  3. No marvel our loved ones of joyful and happy customers is growing just about every day.
    This is why it is hugely encouraged to have at the very
    least a person of the hats. It are receiving latched onto by rappers
    that are outlining them within their rep films.
    A woolen cap can be as opposed with a common headgear.


    Stop by my website Hats Wholesale

    ReplyDelete

ඔබේ අදහස්...