Monday, October 24, 2011

මගේ බිරිද...


ඇගේ අනුරාගී හීන් කෙදිරියෙන් කුල්මත්වූ මාගේ ගත තවදුරටත් සභ්‍යත්වයේ සීමාවන් වසා සිටි වස්ත්‍ර එකින් එක ලිහිල් කරන්නට වන. අඩ අදුරේ මැවෙන චිත්තාකර්ශනයත්, ලතාවට නැලවෙන ඇගේ බදේ කෝමලත්වයෙන් මගේ සිරුර ඔකද වන්නට විය, තවදුරටත් තර්කනයට සීමා වන්නනට මාගේ ආවේගය ඉඩ නොදුනී, මගේ දෙ අත ඇගේ සිරුරේ වූ සියලු මිහිරියාවන් සොයා එසේ මෙසේ දුවන්නට වන. කිසිවිටක ඇගේන් එල්ල නොවූ විරොදාකල්පය මගේ ධෛර්‍ය් තවත් ඉහල නැන්වීය, සූරතාන්තයේ උච්ච්ස්තානය නොදැනීම එලබෙන්නට වන. කෙසේ වුවද ඒ රසබර හැගීම් වෑහෙන එක් රාත්‍රියක් එසේ ගෙවුන අතර මගේ නැවුම් ආදරයේ බලාපොරොත්තුව මල්පල නන්වමින් ඇය මගේ ජීවන සහකාරිය බවට පත්විය. කාලයේ රේකාවන් ඔස්සේ අපේ ආදරය පියමන්නට වන. යෞව්වනයෙ සොදුරුතම සමය කෙමෙන් කෙමෙන් ගතවන්නට විය. ජීවිතයට නව වගකීම් මෙනම අවශයතාද එකතුවන විට ගෙදර රැදි සතුට පෑල දොරින් පිටමන් වන්නට වූයේ අපටත් හොරාමය. වෙනදා ආදරයෙන් බැලූ ඇයගේ දෙනෙත් මාදෙස සැකයෙන් බලන්නට විය, කෙමෙන් කෙමෙන් ඇයගේ ආදරයද මාහට අහිමිවන බව දැනුනු අතර ඇයගේ වෙනස්කම් මට තදින්ම දැනෙන්න පටන් ගනිත්දී ඇය රුම පුදුම කතා ගොතන්නට වන.
"සජිත් ඔයා ගෙදර නැතිවෙලාවල් වල ගෙදර මහ අමුතු දේවල් වෙනවා"  
"මොනවගේ දේවල්ද නිලූ"
"හිටිගමන් ගෙදර තියන බත් කන්න බැරිතරම් ගද ගහනවා, දොර රෙදි වලට ඉබේම ගිනි ඇවිලෙනවා, මේ බලන්න"ඈ ගිනි ඇවිලී තිබුනු රෙදි කැබලි සමූහයක් මට පැවාය.
"විකාර, ඔය මොනව හරි වෙලා ගින් ඇවිලුනු දෙයක් වෙන්න ඇති" ඇය තවදුරට කතාවට නොපැමින අතර තනිවම බොහෝ වෙලාවක් කල්පනා කරන්නට වන.
ක්‍රමයෙන් අප අතර තිබූ කායික සම්බන්දතාවයද වියැකෙන්නට වන. ඇය මා සමග සම්බන්දතා පැවැත්වීම හරයේම ප්‍රතික්ශෙප කරන්නට වන, මගේ වුවමනාවන්ට ඉඩදෙන්නට ඇයගේ සිරුර ප්‍රතික්ශේප කරන බව මට හැගී ගියේය. මම ඇයගේ ප්‍රශන කලෙමි.
"ඔයා ගෙදර නැතිවෙලාවල් වලට තමයි එයා එන්නේ, එහෙම ඇවිත් මාත් එක්ක නිදියනවා, මට ඒ එකතුවීම හරිම තෘප්තිමත් ඔයා එක්ක ඉන්නවට වඩා"
මා අසරන වීමි, මගේ ඉවසීමේ සීමවන් ඉක්මවා තරහා නැගෙන්නට වන. මගේම බිරිදගෙ ශරීරයෙ හිමිකම ඉල්ලීමට මගේ වහල යට සිටිමින් අයදින්නට වීම කෙතරම ලැජ්ජාවට කරුනක්ද.

මා කුඩාකල සිටම පුරුදුකරගන ආ ඉවසීම නැවැත ආරෝපනය කරගත් මා ඇගේ ප්‍රශ්න කලේ මා නැති දිවා කාලයේදී ගෙදරට කිසිවෙකු නොපැමිනෙන බව මා සක් සුදක් සේ පැහැදිලිව අවබෝද කරගත් නිසාය. දිවා කල ඇය හා විසීමට මාගේ ලගම නැන්ද්නියක පැමිනේන අතර ඇය වයස අව්රුදු 80ක් පමන වූ බිහිරි කානතාවක් වුවද ඇයට හොරා මගේ බිරිද වෙනත් පිරිමියෙකු හා ලින්ගිකව එකතුවීම කොහෙත්ම ප්‍රායොගික නැත. ඇය එසේ කරනවානම්, මට පවසන්නේද නැත.

ඇය තවදුරටත් ඇයගේ නිහඩතාවය ආරක්ශා කරගත්තාය, මම තව දුරටත් මේ පිලිබද ගැබුරින් සෙවීමට ඉටා ගත්තේ මෙය කෙසේවත් මට දරා ගැනීමට නුපුලුවන් වීම නිසාය. මගේ බිරිද තවදුරටත් මා හා යහනගත්වීම ප්‍රතික්ශේප කරයි, දිනක් ගෙදර පැමිනි මාහට දක්නට ලැබුනේ ඇගේ කෙස් කලබ සම්පූර්නයෙන් කොට වනසේ කපා ඇති බවය. මගේ ඉවසීම පුපුරා හැලුනේ ගිනි කන්දක් පරිද්දෙනි. මගෙ හැඩි දැඩි අත් ඇයගේ කම්මුල් කරා ඇදෙන්නට වූයේ කිසිසේත්ම පාලනය කර ගන්නට නොහැකි ආකාරයෙනි. කෙසේ වුවද මගේ නැන්දනිය අවසානයේ අප අතරට මැදිහත්වී ඈ බේරා ගෙන කාමරයක දමා වැසුවාය. මම ඇගෙන් තනියම ප්‍රශ්න කලෙමි. 
"පුතා මම ඉස්සල්ලා කිව්ව වගේ දවල්ට ගෙදරට කව්රුවත් එන්නේ නැහැ, ඒත් දුවගේ හැසිරීම නම් අමුතුයි" 
ඇයගේ පිලිතුර විය, නමුත් මට ඇයගේ පිලිතුරින් කෙසේවත් සැහීමකට පත්වන්නට ඇපහසුවිය. මම ඉව්සීමේ ස්වයන් තීරනය මත මගේ බිරිද හමුවීමට තීරනය කලෙමි.
"ඒක තමයි සජිත් මම ඔයාට කිව්වේ අරයා අද මට කොන්ඩේ කපන්න බලකරා, මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ"
"කව්ද අරයා"
"ඔයා නැති අතරේ තමයි එයා එන්නේ, එයා හරිම ශක්තිමත්, මට කොහෙත්ම පාලනය කරන්න බැහැ, එයා මගේ කැමැත්තෙන් හරි අකමැත්තේන් හරි එයාට ඔන දෙවල් කර ගන්නවා"
"ගෑනියේ මගෙ යකා අවුස්සන්නේ නැතිව කියනවා ඌ මොකාද කියලා" 
ඇය සුපුරුදුපරිදි නිශ්ශබ්දතාව ආරක්ශා කරන්නට වන.......

මෙය අවසානය විය නොහැක............

8 comments:

  1. හ්ම්ම්...මේක නිලූගෙම වැඩක් වෙන්න ඇති මම් හිතන්නෙ.එයා මොකක් හරි ප්‍රශ්නෙක,ආතතියක ඉන්නව වගේ පේන්නේ.සජිත්ට රිදවන්න,ඒ බව අගවන්න එහෙම කරනව වෙන්න බැරිද?

    කලුකුමාරයද දන්නෙත් නෑ:)

    ReplyDelete
  2. මාණසික අවුලක්.

    ReplyDelete
  3. ඔහොම ලෙඩ තියනව නේද?? ඔය කොවුර් ලොක්කගෙ පොත් වල එහෙමත් තියෙන්නෙ ඔහොම කතා!

    [මගේම බිරිදගෙ ශරීරයෙ හිමිකම ඉල්ලීමට@#$$#@!@#]

    o.O
    බිරිඳගේ ශරීරය තමාට හිමිවන්නේ කොහොමදැයි නොතේරේ! සමාවන්න!

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නේ නැහැ මචන්.... එත් ඒක එහෙමලු, ඔය කියන්නේ...

      Delete
  4. මගෙ කී බෝඩ් එක මොකටද ඉතිං... :D :D :D

    ReplyDelete
  5. meka eththatama oyata sidda wuna deyak nam, oyaa eka internet daapu eka weradiyne..

    ReplyDelete

ඔබේ අදහස්...