Saturday, June 25, 2011

නව ශතවර්ශයෙ විද්යාත්මකව ආදරය කරමු 4......

ආගන්තුකයා ගොඩක් කාලෙකට පස්සෙ තමයි නැවතුමට ගොඩ වැදුනෙ. නහය ලගටම වැඩ වල එරිල ඉදල අද තමයි යන්තම් හරි නිවාඩුවක් ලැබුනෙ.මගෙ මේ පොස්ට් මාලාවෙම පරණ බ්ලොග්  post 3න ( පලමුවෑන්න, දෙවෑන්න, තෙවැන්න) ඔයාල බෑලුවනෙ. අද මම පුන්චි දේවල් ටිකක් ගෑන කතා කරනව එවා කෙතරම් සුලුවට හිතුවත් ජීවිතයට ගොඩක් බලපෑමක් කරන්න පුලුවන් ඒවායි. එහෙනම් කතා කරමු. මේ පුන්චි දේවල් මොනව කියනවනම් පොඩිම පොඩි එන්නත් තුනක්(injections) රුබෙල්ල, HPV vaccine ,HBV vaccine.

                                             Congenital Rubella Syndrome

රුබෙල්ල ගැන නම් කට්ටිය දන්නව ඇතිනෙ. පලමුවෙන්ම මතක් වෙනව ඇත්තෙ අවාසනවන්ත විදියට රුබෙල්ලා එන්නත් ශරීරගත කිරීමෙන් පසු පරවුනු මල් පොහොට්ටු 2ක ගෑන වෙන්න ඇති. අපි ඒගැන පස්සෙ බලමු. මොකද්ද මේ රුබෙල්ල කියන්නේ. ඒක පොඩි වෛරස ආසාදනයක් නිසා ඇතිවන රතු පැහැ බිබිලි සමූහයක් සහ උන හටගන්න, ඉබේම සුව වන තත්වයක්. එහෙනම් මොකටද බයවෙන්නෙ. බයවෙන්නේ මොකද කියනවනම්, පොඩියි වගේ පෙනෙන මේ වෛරසය ගර්භනී කාන්තාවකට වැලදුන විට ඇතිවන අවාසනවන්ත තත්වය එනම් සන්ජානනීය රුබෙල්ල සහලක්ශ්නය(congenital rubella syndrome) ලෙස හැදින්වෙන අවාසනවන්ත තත්වය දරුවට උරුම වීමයි. මෙහි ප්‍රදාන ලක්ශන තමයි මොලයෙ වර්දනය අඩාල වීම, ඇස්වල ඇතිවන විකෘතිතා සහ සන්ජානනීය හෘද රෝග. මෙවැනි දරුවෙක් වර්ධනය හා සම්බන්ද ගැටලු, මානසික රෝග, ඇස් නොපෙනීම සහ අධ්යාපන දුර්වලතා ඇතිවීම ප්‍රදාන ගැටලුය. සරලවම කියනවනම් ඔහු සාමන්ය දරුවෙක් ලෙස නොවන අතර විශාල සෞඛ‍ය, මානසික හා සමාජීය ගැටලු වලට මග පාදනවා. මෙයින් වලක්ව ගැනීමට තිබෙන හොදම සහ එකම පිලියම වන්නෙ රුබෙල්ල එන්නත ලබා දීමයි. මෙය ජාතික වැඩපිලිවෙලක් ලෙස ක්‍රියාත්මක වන අතර අවුරුදු 3 සම්පූර්න වීමේදී සහ අවුරුදු 10-15ත් අතර දරුවන්ට මෙය ලබා දේ. පිරිමි ලමයින්ටත් මෙය ලබා දෙන්නෙ යම් ප්‍රජාවක යම් ලෙඩක් සම්පූර්නයෙනම පාලනයට (herd immunity) අවශ්යවන coverage percentage ලබා ගැනීමටය, එය ලන්කාවෙ ලබා ගැනීමට ප්‍රජාවෙ සිටින සියලුම දරුවන් එන්නත් කල යුතුය. ප්‍රදානම අරමුන වන්නෙ  congenita rubella syndromaya ය ලන්කාවෙන් තුරන් කර ගැනීමය. මේහා බැදුනු අවාසනවන්ත සිදුවීම් කිහිපයක් පසුගිය සමයෙ ලන්කාවෙ ඇතිවූ නිසා තාවකාලිකව මෙම එන්නත ලබා දීම නතර වූ අතර දැන් නැවතත රුබෙල්ලා වැඩිවීමෙ අවදානම ඇතිවිය හැක. 

හෙපට්යිටිස් ගැන ඔයාල දන්නව ඇතිනෙ,දෙවෙනි එන්නත තමයි හෙපට්යිටිස් බී එන්නත, මෙය ජාතික වැඩසටහන යටතෙ දැන් ලබාදෙන අතර වයස 10 පමන සිට  දක්වා වන අපට මෙම එන්නත ලැබී නොමැත ඒකියන්නෙ මෙය ලබාදෙන්නේ මාස 2ත්, 4ත් සහ 6ත් යන වයස් කාන්ඩ වලටය. මෑතකදී පටන් ගත් නිස අප මෙම් එන්නතෙන් ආවරනය වී නොමැත. එසෙනම් අප වයසේ කට්ටියා හෙපට්යිටිස් බී රෝගයට ගොදුරු වීමේ අවදානම ඇත. මෙයින් වැලකීමට නම් එන්නත සුදුසු පරිදි වෛදයවරයෙකුගෙ උපදෙස් පරිදි ලබා ගත යුතුය. මෙ පෞද්ගලික අන්ශයෙන් ලබාගත හැකිය. කියන්නත් වගේ හොද ආයොජනයක් කියා කියත් හැකිය. 



තුන් වැනි එකනම් කොහෙත්ම ජනප්‍රිය එකක් නොවෙ. HPV(human papilloma virus) එන්නත. ජාතික පිලිකා රෝහල 2007 දී කරනු ලැබූ සමීක්ශනයකට අනුව ලන්කාවෙ දෙවනියටම කාන්තාවන් අතර සුලබම පිලික වර්ගය ගැබ්ගෙල පිලිකා වෙයි. ලෝකය පුරා වසරකට  500,000 පමන් කාන්තාවන් අලුතින් පිලිකව ඇතෙයි හදුන ගන්නා අතර, ඉන්  280,000 පමන වසරකට මියයයි. ඒසේනම මෙම පිලිකව නිසා වසරකට ලන්කාවෙ මියයන පිරිස සැලකිය යුතු මට්ටමක් වෙයි. මින් මිදීමට ඇති එකම මාර්ගය වනුයෙ මෙම එන්නතය. ලන්කාවෙ ජාතික වැඩපිලිවෙලට (national immunization program) මෙය අදාල නැති අතර පෞද්ගලිකව එන්නත්  කරගත හැකි අතර ඉහල මුදලක් වෙයි. තරුන වයසෙ sexually active age group  අයට මෙය ලබා දිය යුතුය. මක් නිසාද යත් ඔබ මෙම වයස් කාන්ඩයෙ සිටින, ගැබ්ගෙල පිලිකා පිලිකා අවදානම් කොටසට අයත්වන නිසාය.


No comments:

Post a Comment

ඔබේ අදහස්...