Saturday, March 31, 2012

පරාජිත බව සහ අසරණ බව!


ගොඩ කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන හින්දා මට හිතුනා පහුගිය දවස ටිකේ මම මුහුණ දීපු අත්දැකීම් කිහිපයක් ඔයාල එක්ක බෙදා හදා ගන්න. මෙතන පළමුවෙනි කතාව තමයි මම ජීවිතයේ මුහුණ දුන්න අවාසනාවන්තම සහ ජීවිතයට මාර අසරණ කමක් එකතුකරපු සිදුවීම. 

ඇය අවරුදු 27ක මුස්ලිම් යුවතියක්, අපේ රෝහලට ආවේ වකුගඩු හා සම්බන්ද රෝගී තත්වයක් හදුනාගන්න (Diagnose කරන්න),  තරමක් අසාමාන්‍ය තත්වයක්, ඇය මගේ රෝගියෙක් වුනා වගේම මගේ සම වයස් නිසා මගේ මිතුරියක්‌ බවට පත් උනා, මුස්ලිම් වුවද ඇය සිංහල පිරිමියෙක් සමග කතා කරන්න චකිතයක් දැක්වූයේ නැහැ, ඒ රෝගය හදුනා ගන්න රුධිර පරීක්ෂණ කිහිපයක්, වකුගඩුවේ බයොප්සි එකක් වගේ පරීක්ෂණ කිහිපයක් කරගතයුතුව තිබුනා, කාලය කෙමෙන් කෙමෙන් සතියක් පමණ ගත වුනා, පරීක්ෂණ එකින් එක කරගෙන යද්දී ඇගේ රෝගය ගැන යමකිසි අවබෝධයක් ගන්න පුළුවන් උනත්, රෝගය නිශ්චිතවම හදුනා ගන්න හැකි උනේ නැහැ. දවසක් උදේ ඇය කිව්වා මගේ ඇගට වෙනසක් තේරෙනවා කියල, එවිට අපි ඇයව පරීක්ෂා කරලා, ඇවිල්ල තිබුණු රිධිර පරීක්ෂණවල ලොකු අමුත්තක් නොතිබුන හින්දා ඇයට වේදනාව අඩුවෙන්න බෙහෙත් දුන්න, මොකද ඇයව පසු දවසේ වකුගඩු බයොප්සි එකට ගන්න හිටියේ, හවස 5.30 විතර වෙන විට ඇයගේ අම්මා දුවගෙන ඇවිල්ල කිව්වා දුවට හොද නැහැ කියලා, ඊට පස්සේ අපේ වෛද්‍ය වරු සහ අපි ගිහිල්ල ඇයව පරීක්ෂා කරද්දී, ඇය හොදින් පිළිතුරු දෙමින් සිටියා, ඉන් පසුව ඇයගේ නාඩි පරීක්ෂා කිරීමේදී නාඩි නොදැනෙන තරමට දුර්වලයි, පරීක්ෂා කල වෛද්‍යවරයා හැකි ඉක්මනින් ඇගේ රුධිර පීඩනය පරීක්ෂා කරා, රුධිර පීඩනය මැනිය නොහැකී වුනා, මෙය කම්පනය (shock) කියා හදුන්වන තත්වයයි, ඉක්මනින්ම කල යුත්තේ නහරක් ඔස්සේ ඇයට තරල සහ බෙහෙත් ලබා දීමයි, නමුත් මේ වෙලාව වන විට ඇයගේ සියලුම නහර හැකිලිලා (collapse), අපිට කැනියුලාවක් ඇතුල් කර ගන්න ගොඩ වෙලාවක් ගත උනා, ඉන පසුව 6 වන විට ඇය සිහිය නැති තත්වයට පත් වුනා (arrest), ඇයගේ හදවත ක්‍රමයෙන් ක්‍රමයෙන් දුර්වල වෙනවා දර්ශක වල සටහන් වුනා, අපි හාර්ට් මසාජ් හෙවත් cardio-pulmonary resuscitation පටන් ගත්තත් 7 වන විට ඇය මෙලොව හැර ගියා, නමුත් අද වෙන තුරු අපිට  arrest වෙන්නට හේතුවක් සොයා ගැනීමට නොහැකි වුනා, ඔවුන් මුස්ලිම් නිසා මරණ පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කලා. පැය දෙකකට කලින් කතාකරමින් ඇවිද්ද යුවතිය, ප්‍රාණය රහිත දෙයක් බවට පත් උනා.

 කොහොම වුනත් ඒ සිදුවීම මගේ සිතේ ලොකු තුවාලයක් ඇති කළා, වෙලාවකට අපි හරි අසරණයි, අපේ ඉදිරියේ අපේ හිතවතෙක් මියයනවා, නමුත් ඇයට ජීවිතය දෙන්න කරන උත්සාහයන් සියල්ලම අපතේ යනවිට දැනෙන හැගීම විස්තර කරන්න අමාරුයි, මම ඒ යුවතිය ගැන මීට ඉස්සල්ලත් පොස්ට් එකක් දැම්ම, නූතන විද්‍යාව සියල්ල දැන ගැනීමට තරම් තියුණු නැති අතර, වෛද්‍යවරු යනු ගල් නොවන බවත් කිව යුතුයි, මොකද එහෙම කියන්නේ, අවසානයේ ඇයගේ පව්ලේ අය අපිට චෝදනා කරන්න ගත්ත සතියක් ඉදලත් මැරෙනකන්ම මොනවත් කරන්න බැරි උනාද කියලා, කියන්න තියෙන්නේ අපිටත් හරි කනගාටුයි, අපි අපේ සීමාවේ කල හැකි සියල්ල කළා, අපි අමනුස්සයන් නෙවෙයි, අපිටත් හැගීම් තියනවා, අපිටත් දරාගන්න බැරි කනගාටුවක් සහ පරාජිත බවක් දැනෙනවා මේවගේ අවස්ථාවල. ජීවිතයේ කිසිම විටක මට ඇයව අමතක නොවේවි, ඇය එතරම්ම සමීප මිතුරියක්‌ වුනා, කොහොම වුනත් මම ජීවිතයේ වඩාත්ම අසරණ වුනු අවථාව තමයි ඒක, නැවත දින කිහිපයක් යනකම් හිත එකග කරගන්න අමාරු උනා, ඇය වෙනුවෙන් යමක් කල යුතුව තිබුනා කියා හැම විටම හිතෙන්නේ මොකද කියා මට හිතාගන්න අමාරුයි!

දෙවැනි සිදුවීම රෝගියෙක්, ඔහු මෙතනොල් අඩංගු වසක් පානය කර සිහිනැතිව රෝහලට ඇතුලත් කල පුද්ගලයෙක්, ඔහුගේ හදවත ක්‍රමයෙන් අක්‍රීය වන නිසා අපි හාර්ට් මසාජ් හෙවත් cardio-pulmonary resuscitation පටන් අරගෙන පැයක් පමණ ගතවන විට ඔහුගේ හදවත යතා තත්වයට පත් වූවත් ඔහුට නැවත සිහිය ලැබෙන තුරු කෘතීම ස්වසනය ලබා දිය යුතුව තිබුනා, මෙය සාමන්යෙන් සිදු කරන්නේ ICU එකේ ඉලෙක්ට්‍රොනික උපකාර මගින්, නමුත් අවාසනාවකට කිසිම ICU ඇදක් අපේ රෝහලේ හෝ අවට රෝහල්වල ඉඩ තිබුනේ නැහැ, ඒ හින්දා අපි manually ස්වසනය දෙන්න ගත්තා. එය ඉතාමත් වෙහෙසදෙන කටයුත්තක්, අපි පුරා දවස් 2ක් පමණ ස්වසනය ලබා දුන්න, මෙහිදී කියන්න ඕනේ එම රෝගියාගේ පුතා ඉතාමත් කැපවීමෙන් පැය ගණනක් අපට සහය උනා, ඔහුට නොසෑහෙන්න ස්තූති කල යුතුයි. කෙසේ නමුත් සතියකින් පස්සේ ලෙඩා ප්‍රකුර්ති තත්වයට පත් උනා, ඊට පස්සේ යන්නේ ඔහු සමග ඇති උන සංවාදයක්,

"කොහොමද  නිමල් දැන්"

"මහත්තයල ඔබල ඔබල මගේ ඉල ඇට කඩලා දැන් එව්වා ඔක්කොම රිදෙනවා!"

"හඃ! වෙන අමාරු නැද්ද?"

"මහත්තයල බටයක් දාල තිබ්බ හින්දා මට හුස්ම ගන්නත් අමාරු උනා"

""හඃ! හඃ! ඔයාගේ පුතා අපිට ගොඩක් උදව් උනා අපිට ඔයාව බෙර ගන්න"

"මම ළමයි හදල තියෙන්නේ ඒවාට තමයි!"

ඉතින්  තවත් කුමන කතාද, "හොදයි නිමල් අද ගෙදර යන්න පුලුව!"

ප:ලි - ජීවිතයේ ප්‍රථමවරට නහයෙන් දැමු බටයකින් මිනිහෙකුට අරක්කු පොවනවා දැක්කේ මේ ලෙඩාට තමයි, එමොකද මෙතනොල් වල ක්‍රියා කාරිත්වය අඩු කරන්න එතනෝල් පොවන්න සිදුවුනා.

Wednesday, March 7, 2012

ඉතින් මා නවතිමි මිතුරිය......



හිජාබයෙන් වැසුණු නිසා , නුබ තවත් යුවතියක් කියා මට අමතක වූවා නොවේ,
නුබේ මියුරු සිනාව සහ අහිංසක වදන් මා සිත නොගත්තාද නොවේ,
නුබ තවත් එක් ජීවය සහිත ප්‍රාණියෙකු වග අමතක කලාද නොවේ,
හුදකලා සිතිවිලි අතර තවත් එක පිරිමියෙකු ලෙස හැසිරුනා පමණි
ඇසින් එක කදුලකදු කඩා නොවැටෙන ලෙස මා අලුගොසුවෙක් වීමි, 
නමුත්! හදවතින් නොහඩා සිටින්නට මා ගලක් නොවීමි .....
අසරණිය අසරණව නිහඩ විය, තවත් එක් ජීවයක් නිමාවිය,
ඇය මහදේ සදහටම ලැගුම් ගත්තීය, 
මහද  මටම දොස් පවරයි, මා කලේ කුමක්ද?

Sunday, February 12, 2012

උපුටා ගැනීමකි, ස්ත්‍රී වර්නනය.........

ස්ත්‍රීයෝ නම් කිසි කලෙක සැපයක් නොලබත්හ! එහෙමද?



 ............ කුමරියද යහපතැයි ඒ තුළට වැඳ කොළ ඇතිරියෙක්හි උන්නේය. එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද ස්ප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ. එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ. එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ. ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිදීමක් වන්නේය, ධ්‍යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ

වර්නනය......
...........ඉඳුන්ල් මැණිකක් වන් කෙස්වැටියෙන් පිරි හිස ශෝභාවත්ය, දැලි රැවුල් නැත්තේය, පැවිදි වූ නොබෝකල් ඇත්තාහුය, බොහෝ පළඳනාය, පපුවෙහි මනාව වැඩුණූ මස්ගඩු දෙකක් ඇත, පියාණෙනි, අපි මේ වැහැරී චීවර දරතත් ඒ තපස්වී රන්වන් සිවුරු දරන්නාහ. ඔහුගේ දන්තයෝ ඉතා විසිතුරුය. අලමුල් නොකෑමෙන් සකක් මෙන් විසිතුරුය. කථාව ඉතා මිහිරි වන්නේය. ඒ මධුර ස්වරයෙහි මාගේ සිත තදින් ඇලුනේය. උන් නැවත දකින්නට බලවත් අභිලාෂ ඇත්තෙමි. තවද පියාණෙනි, ඔහුගේ දෙකලව අතර එක් තුවාල වූ වනයක් ඇත. එහි බෙලි තුඩක් මෙන් සිප්පි වැදගෙන තිබෙන්නේය. හාත්පස මට සිළුටුය, සියුම් කැකුළක් හා සම වන්නේය. ඒ තාපයන්ගේ ඉල්ලීමෙන් මාගේ මාගේ අඞගජාතය එහි ප්‍රවිෂ්ට කොට කටියෙන් පෙලුයෙමි..........
 
උපුට ගැනීම පන්සීය පනස් ජාතකය , http://www.jathakakatha.org,


Friday, January 27, 2012

උඹත් පොර, මාත් පොර, හැබැයි උඹ මට වඩා පොර!

රගපාන්නෝ ගොඩ යන්නෝ  කියනවනේ, මේ තවත් රැගීමෙන් ගොඩ යන්න පුළුවන් ක්‍රම ගැන මගේ අත්දැකීම් කිහිපයක්. පරණ කතාවක්! ගොඩ අය දන්නවා ඇති. ඔය වාචික පරීක්ෂණ, ඉන්ටර්විව් වගේ දේවල් වලදී තමයි මේවා ගොඩක් වැදගත් වෙන්න.  ඔයාලත් කවද හරි VIVA එකකට යනවනං මේ ගැන ටිකක් හිතන්න.

1.      හදුන්වාදීම,
තමාව උසස් ආකාරයට හදුන්වාදීම වැදගත්, මෙහිදී සුදුසුකම් කියන්න අමතක කරන්න එපා, නැති මගුලුත් නොකියා ඉන්න, පොරවෙන්න හදන්න එපා කතාවෙන්. ඔවුන්ගේ සුදුසුකම්වලට ගරු කරන්න.

1.      දැනුම අඩු එක පෙනුමෙන් මැනේජ් කර ගන්න,
මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ ගැහැණු ළමයින්ට තමයි, හොද පෞද්ගලික වත්කම් හෙම තියේනම් ගොඩක් ඉෆෙක්ටිව්. හැබැයි ඕනෙවට වඩා කරත් අවුල්. හොදට චාමෙට අවශ්‍ය ප්‍රමාණයට ඇදගෙන යන්න. හොදට හිනාවෙන්න, හැබැයි ඔනෙවට වැඩිය හිනාවෙලා නාගන්න එපා. නොදන්නා ප්‍රශ්නයක් අහද්දී තව තවත් හිනාවෙන්ම තමන් බය වෙලා නැහැ කියල පෙන්නන්න ඕනේ. ඕනේ දෙයකට හොදට ඇදගෙන යන්න. ඇදුමෙන් සහ පෙනුමෙන් තමයි ෆර්ස්ට් ඉම්ප්රෙශන් එක ලැබෙන්නේ.  

1.     කතාව,
හොද ඉංග්‍රීසි දැනුමක් තියේනම් හොදය, නමුත් නැත්නම්, තමුන්ගේ වේගයට හිමීට උත්තර දෙන්න, එක්කෝ ඉංග්‍රීසියෙන්, නැත්නම් සිංහලෙන්, කලවම්කර උත්තර දෙන්න එපා, අප්පිරියයි.

1.     මූලික නීති දෙකක් තිබේ
a.       පරීක්ෂකවරයා හැම විටකම නිවැරදි වෙයි.
b.      එසේ නැත්නම්, පළමු නීතිය සත්‍යයයි සිතා පිළිතුරු දෙන්න.

1.      පොරත්වය,
උත්තර දෙද්දී පරීක්ෂකවරයාගේ සීමාව අදුනාගෙන, ඒඅනුව පිළිතුර දිය යුතුයි. මතක තබා ගන්න “උඹත් පොර තමා, මාත් පොර, හැබැයි උඹ මට වඩා පොර!” ප්‍රමුඛත්වය ඔහුට ලබා දිය යුතුයි.

1.     සංවාදය දිශානතකිරීම,
හැම පිළිතුරක් අවසාන වන වාක්‍ය තුල මීලග ප්‍රශ්නය සැගවී ඇත. දන්නා යමකින් පිළිතුර අවසාන කරන්න.
 
 
1.      නොදන්නා බව ඇගවීම.
බොරු කියා අතේ මාට්ටු නොවන්න, ඩෙෆා වැඩේ අවුල් වෙනවා. නොදන්නා බව කියන්න අමතක කරන්න එපා. නොදන්නා බව, දන්නා විදියට කියන්න. “ඔව් මහත්මයා, මම ඕක දැනගෙන සිටියා, නමුත් දන මම ඉන්නේ තරමක් චකිතයකින් ඒක හින්ද මට මතක කරගන්න අමාරුයි”, “මට දල අදහසක් තියනවා, නමුත් පිළිතුරක් දීමට තරම් එය ප්‍රමාණවත් නැහැ.” – 100% වැඩ කරනවා, මොකද එයාලත් දන්නවා අපි කලබලවෙලා කියලා, බොරු කියනවාට වැඩ මේ ක්‍රමය හොදයි. බොරු කියනවානම් විශ්වාසයෙන් බොරුව කියන්න.

1.       හැසිරීම,
මහත්මා හැසිරීම අත්‍යවශ්‍යයි, දොර අරගෙන ඇතුලට යාමේදී, වාඩිවීමේදී, වෙව්ලනවානම් අත්දෙක මේසය උඩ තියන්න එපා, එහෙම නැත්තම් මේසය උඩ තියනවානම් වඩාත් හොදයි, මොකද එතකොට තමුන්ගේ විශ්වාසය පෙන්වන ක්‍රමයක්(I’m confident). විශේෂයෙන්ම සංවාදය අවසන්කර ඔවුනට සුබපතා පිළිවෙලකට යන ඒක වැදගත්, මොකද ලකුණු දැමීමට වඩාත් ආසන්න අවස්ථාවේදී නා ගන්න එපා.


මට අමතක වෙච්චි එව්වා තියේනම් පහතින් කොමෙන්ට් කරන්නකෝ, මට මේ ලිපිය දාන්න හිතුනේ, පල්ලහ බැජ් එකේ මල්ලිලා වගයක් හෙට වාචික පරීක්ෂණයකට සුදානම් වෙනවා, ඒකයි!