Wednesday, August 31, 2011

ඔබ කැමති ඇය කොහොම ඉන්නවනම්ද?


තනිකඩ ජීවිතේදී තමුන්ගේ කිය කෙල්ලෙක්ගේ ඉරියව් බලන්ඩ අවස්තාවක් නැති කල්හී, සමස්ත ස්ත්‍රී වර්ගයාගේම ඉරියව් දෙස අවදානයෙන් බලාසිටිමු(මි). අර මම කලින් පොස්ට් එකක කිව්වේ එහෙම බලාගෙන ඉදලා මට වෙච්චි ඇබැද්දියක් තමයි. කොහොම උනත් අද මම කතා කරන්නේ අපි කෙල්ලෙක්ගේ ඉරියව් කොතරම් හොදට නිරීක්ශනය කරනවාද කියලයි. සමීක්ශකයින් කියන විදියට ඉරියව් වලින් ප්‍රකාශ වන Body language එක කියවීම පුද්ගල සම්බන්දතාවය හරිම වැදගත් බවයි. කොහොම උනත් body language කියන එක නම් හරිම වැදගත් කියලයි මම කලින් පොස්ට් එකකත් කිව්වේ.  

හරි අපි අපෙ කතාවට යමුකෝ, මම මේ නිකන් ඉන්න වෙලාවට ජාලයේ සැරි සරද්දී දැක්ක දෙයක්. කෙල්ලන්ගේ වඩාත්ම ආකර්ශනීයම ඉරියව්ව හොයන එක තමයි මේ පරීක්ශන වල අරමුන උනේ. අනික් අයට කොහොම උනත් මටනම් මේක හරි. ඒ අය කරලා තියන සමීක්ශනයකින් තහවුරුවෙලා තියන දෙයක් තමයි පිරිමි වැඩියෙන්ම කැමති කාන්තාවන්ගේ ඉරියව්ව තමයි 1 රූපයේ දැක්වෙන ඉරියව්ව කියලා. ඒහිදී ප්‍රදාන වශයෙන් දෙපා වලලුකරේ සිට දනහිස හෝ ඉන් මදක් ඉහලට නිරාවරනය වෙනවා. දනහිසේ සුමුදු වක්‍රකාරබව ගොඩක් පෙන්වන එක ඇයගේ පියයුරු නියෝජනය කරබව තමයි ඔවුන් පවසන්නේ. ඔවුන් මෙය leg twine position  ලෙස හදුන්වනවා. කාන්තාවන් හිතාමතාම අන් අයගේ අවදානය යොමුකරවා ගැනීමටත් මෙය බාවිතා කරනවාලු. කකුල් දෙක එකිනෙක තෙරපීම ඔවුන්ගේ mental status එක විදහා දක්වන අතර මෙතන තියන ලස්සන දෙයක් ගැන ඒ කට්ටිය කතාකරනවා, ඒක තමයි මේ ඉරියව්වෙ ඉන්න කාන්තාවක් ඇයගේ සිත්ගත්ත පිරිමියා ඉදිරියේ දෙපා දෙපසට වන්වමින් එකිනෙක හා අතුල්ල ගන්නේනම් සහ දෑතින් හෙමින් පිරිමදින්නේනම් ඇය එම පිරිමිය ලවා ස්පශකරවාගැනීමට කැමති බව පෙන්වනවාලු.

                                            Leg Twine position

තවත් දෙයක් තමයි කාන්තාවක් තම නිරාවරනය වූ shoulder එකේ  ඉහලින් බැලීම, මුලින් කී පරිද්දෙන්ම මෙයත් කාන්තාවකගේ වටකුරු පියයුරු නිරූපනය කරන අතර වඩාත්ම ආකර්ශනීය ඉරියව් වලින් එකක් බවයි පැවසෙන්නේ. අඩවන්වූ දෙනෙත් වලින් සපිරි මේ බැල්ම පිරිමින්ගේ බැලම ගොඩ වෙලාවකට ඇය දෙය යොමුකරවා ගැනීමට සමත් බවයි පැවසෙන්නේ.


                                Glance over the raised shoulder

මෙම සමීක්ශනය ශ්‍රි ලාන්කික සන්දර්භයට කොහොම වලන්ගු වෙනවද කියලනම් මම දන්නේ නැහැ. Allan/Barbara Pease කියන්නේ ප්‍රකට සමාජ ගවේශකයින් දෙදෙනෙක්, ඔවුන්ගේ "The Definitive Book of Body Language"  කියන පොතෙන් තමයි මම මේ කරුනු ටික හොයාගත්තේ.


8 comments:

  1. පිරිමි අයගේ ඔහොම ඉරියව් ගැන ඒ පොතේ කියල නැද්ද?

    ReplyDelete
  2. ඇත්ත තමයි.පිරිමි අයගේ ඉරියව් ගැනත් හොයන්නකෝ දැන ගන්න.

    ReplyDelete
  3. තනි අලියාAugust 31, 2011 at 8:51 PM

    අම්මෝ අයිය දන්න ජාති!!!!! :D හැබැයි ප්‍රයෝජනවත් ලිපියක්!

    ReplyDelete
  4. 1. ඔබතුමා කී පොත download කරගත හැකිවිය! කරුණාකර මේකද බලනවාද?
    https://blufiles.storage.live.com/y1pZ5AFdtTGbXhx6NoVThwWAXuswub8jw11vDJZ3tM28hVJs4vRz29iMFZvZtDNj9CQ8i5sdYMaIhmkaY8uo8aKkw/c.png?psid=1

    2. දොස්තර ප්‍රියංග සොයිසා නම් මහතා ලියන පොත් ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
  5. @නදී/wahikirilli - පුරුශයා වෙනුවෙන් කතා කෙරුවොත් "පුරුශයා වූ කල්හි මැනිය නොහැකි සත්වයෙකි"
    තියනවා ලමයිනේ, කෙල්ලන්ගේ විතරක්යෑ body language තියෙන්නේ.
    @තනි අලියා
    පොත නම් ඒක තමයි, නමුත් ඒක .png කියල එකක්නේ, ඒක pdf වගෙ එකද්ද?
    මචන් මම එක පොතක් උඩින් පල්ලෙන් තමයි කියවල තියෙන්නේ, ඒක ප්‍රමානවත් නැහැ අදහසක් දෙන්න තරම්. අදහසක් දෙන්න නම් පොතම බලල ඉන්න ඔනෙනේ.

    ReplyDelete
  6. තනි අලියාSeptember 1, 2011 at 9:23 AM

    මෙහෙමයි, මම pdf එකක් download කලා එ්කෙ කවරෙ තමයි ඔබතුමාට පෙන්නුවෙ.
    මේ පිටුවෙනුයි බාගත්තෙ
    http://www.mediafire.com/?1qbbe8y5zyb7jvd

    ඔබතුමා උඩින් පල්ලෙන් කියෙව්ව කිව්වෙ dr.ප්‍රියංග ගෙ පොත් ගැනද?
    -ස්තූතියි-

    ReplyDelete
  7. "දනහිසේ සුමුදු වක්‍රකාරබව ගොඩක් පෙන්වන එක ඇයගේ පියයුරු නියෝජනය කරබව..." !? දෙයියෝ සාක්කි!!!
    මචන් ඔය ඉරියව් කෙල්ලන්ට සහජයෙන් ම ලැබෙන දෙයක් ද, නැත්නම් පරිචයෙන් ලැබෙන දෙයක් ද?

    ReplyDelete

ඔබේ අදහස්...