Friday, August 5, 2011

කෙල්ලන්ගෙ හොර බැල්ම (Body Language)


කෙල්ලෙකුගෙ වටිනාම දෙය ලස්සන බව සමහරු කීයනවා, මගෙ නම් එයට එකගත්වයක් නැහැ, මම විශ්වාස කරන විදියට කෙල්ලෙක්ගේ වටිනාම දෙය ආකර්ශනය කියලයි. ලස්සන, ඔබ ලස්සන අර්ත දක්වන්නේ කොහොමද? ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා, වගේම එක් පුද්ගලයෙකුට ලස්සන දෙයක් තවත් අයෙකුට බෙහෙවින් කැත වෙන්න පුලුවන්. මගෙ රුචිකත්වය නම් වත, නිතඹ පා මුව ආකර්ශනීයයයි, ඒකියන්නෙ මම මුහුනට දෙන්නේ හතරවන ස්තානයයි. කොහොම උනත් පුද්ගලයෙකුගේ මුහුනේ ස්භාවය හා බැල්ම ඔහුගේ හෝ ඇයගේ අන්තර් පුද්ගල සම්බන්දතාවයට අතිශය වැද්ගත් වෙනවා. බැල්ම ගැන කතා කරනවානම්, කෙල්ලෙකුගෙ බැල්ම මත තමයී ඇයගේ මුහුනේ ආකර්ශනත්වය රදා පැවතෙන්නේ. මූලික වශයෙන් බැල්ම ආකාර 3ක්  තියනවා, social gaze, intimate gaze සහ power gaze කියලා.

Social gaze කියන්නේ සාමන්ය සමාජ සම්බන්දතාවන්හීදි වැදගත්වන බැල්මයි, මෙතනදී 90%ක කාලයක්ම බැලම යොමුවෙලා තියෙන්නේ ඇස් දෙක සහ නහය යන ත්‍රිකොනාකාර ප්‍රදේශයටයි. මෙතනදී ඇගවෙන්නේ නිර්තර්ජනාත්මක, කැදවීමේ බැල්මයි. අනිත් පුද්ගලයා ඔබව පිලිගන්නට සැදී තිබෙන බැල්මයි.

Intimate gaze කියල කියන්නේ සමීප බව අගවන බැල්මයි. පුද්ගලයන දෙදෙනෙකු දුර තියා එකිනෙකා දෙස බලාගේන එද්දී එකිනෙකා දෙස ක්ශනික බැල්මක් හෙලනවා, ලින්ගය අවබෝද කරගැනීමට. දෙවන බැල්ම යොමුකරනේ ආක්‍ර්ශනය අනුවය. මෙම බැලම ඇස් දෙකෙන් පටන්ගෙන නිකට හරහා පහත කොටසට ගමන් කරනවා. කෙල්ලන්ට එක වාසියක් තියනව ඒකතමයි, ඇයට විශාල දෘශ්ය පථයක් තිබෙනවා, අපිටනම් කෙල්ලෙක්ට නොපෙනී ඇයගේ ලැම, නිතඹ හා දෙපා දෙස බලන්න හරිම අමාරු උනාට, කෙල්ලෙක්ට අපෙ මුහුන දෙස බලන ගමන්ම පපුව සහ ශ්‍රොනි පෙදෙස බලාගන්න පුලුවනි. ඇත්තටම කියනවානම් කෙල්ලෙක් තමයි කොල්ල දිහා ගොඩක් බලන්නේ, අපි කෙල්ලෙක්ගේ බලන දේවලට වැඩිය!

කොල්ලෙක් බිම බලනවා කියන්නේ ඔහු කතාව නවත්වන්න යනබව අගවන්නයි, නමුත් කෙල්ලෙක් බිම බලන්නේ ඔහුට ඇයව හොදින් බලාගන්න අවස්තාව ලබාදීමට හා ඔහුට ඇයව යටත් කරගන්න අවස්තාව දෙන්න. කෙල්ලො යටත්වෙලා ඉන්න කැමතියිනේ! කොල්ලනේ මේ තුරුම්පුව හරියට පාවිච්චිකරන්න.

Power gaze තමයි අන්තිම එක, මෙහිදී පුද්ගලයා තවත් පුද්ගලයෙකුගේ ඇස සහ නලල පෙදෙස බලා ඉන්නවා, මෙය තරමක තර්ජනාත්මක බැල්මක්, පහසුවෙන් අනිකා යටත් කර ගැනීමට මෙන්ම, බලවත් බව අගවන්න මේ බැලම පාවිච්චිකරන්න පුලුවනි. තවත් එකක තමයි මේ බැලම මගින් යම අවස්තාවක් සීරියස් කරගන්නත් පුලුවනි, සමහර profession වලට මෙය ගොඩක් වැදගත් වෙනවා.

Allan/ Barbara Pease කියන්නේ ප්‍රකට සමාජ ගවේශකයින් දෙදෙනෙක්, ඔවුන්ගේ "The Definitive Book of Body Language"  කියන පොතෙන් තමයි මම මේ කරුනු ටික හොයාගත්තේ, ඔයාලත් කැමතිනම් පොත හොයාගෙන කියවන්න, මාරයි. 
මේකට නම් කොම්මෙන්ට් එකක් ඔනේමයි....

18 comments:

  1. දැනුයි තේරෙන්නෙ බිම බලන්නෙ ඇයි කියලා.:D

    ReplyDelete
  2. සමහරක් කරුණු වලට නම් එකග නෑ මල්ලී මම..

    ReplyDelete
  3. ඔන්න දුන්නා.....

    ReplyDelete
  4. හප්පා කෙල්ලො ගැන මෙයා දන්න දේවල්

    ReplyDelete
  5. පොත හොයාගන කියවන්න ඕනේ.

    ReplyDelete
  6. hoda lipiyak machan....

    ReplyDelete
  7. වැදගත් ලිපියක් දිගටම ලියන්න.

    ReplyDelete
  8. ඔය බැල්මවල් තුළ ගැබ්වෙලා තියෙන සිතිවිලි පිළිබඳ විග්‍රහයක් තියෙනවද?

    ReplyDelete
  9. sira tawa mey wage ewa denna

    ReplyDelete
  10. @චතුමිතු අන්න හරි මම හරිම කැමතියි මාව නිර්ධය ලෙස විවේචනය කරනාවනම්, මොන කරුනු වලටද අක්කි ඔයා කැමති නැත්තේ, කෙල්ලො යටත්වෙල ඉන්න කැමතියි කියපු එකද?
    @නදී අපෝ නැහැ නදී මම typical Sri Lankan Student කෙනෙක්, theory දන්නවා, no practical experiences, මේ දවස්වල නම් Body language කියවන්න practice කරනවා.
    www.psikiyatr.com/other/psychologybodylanguage.pdf link එක.
    ස්තූතියි මිතුරනේ අදස්වලට.

    ReplyDelete
  11. කෙල්ලෝ මේච්චර අපි ගැන බලනව කියලා දැන් දැනගත්තෙ...

    ReplyDelete
  12. එල මචන් එල!
    "සජිත් නම් හුඟක් වෙනස් වෙලා, ඩොක්ටර් ලුක් එකක ඇවිත් තියනව..." ;)

    ReplyDelete
  13. ස්තූතියි ලින්ක් එකට මම් බලන්නම්

    ReplyDelete
  14. මහත්මයා, මම දැකල තියනවා body language ගැන එක එක ජාතියෙ පොත් තියනවා. මේවා අතරින් වඩාත් නිරාවද්‍ය කරුණු සඳහන් වෙන, සාමාන්‍ය කෙනෙක්ට කියවල තේරුම් ගන්න පුලුවන් පොතක් දෙකක් නම් කරන්න පුලුවනිද?

    ReplyDelete
  15. ලින්ක් කිරීම වැරදුනා! හැකිනම් මෙතෙන්ටත් දැනුම් දෙන්න!
    https://www.facebook.com/?ref=home#!/profile.php?id=100001135551775

    ReplyDelete
  16. මමත් එකග නෑ සමහර කරැණු වලට.ඒත් වැදගත් ලිපියක්.

    ReplyDelete
  17. @වැහි කිරිල්ලී
    එකග නැති තැන් සදහන් කරානම් මැනවිය

    ReplyDelete
  18. අම්මට සිරි .. :( බිම බලපු ගමන් අපි කරන්නෙත් අහක බලන් නිකන් ඉන්න එකනේ. මලා

    ReplyDelete

ඔබේ අදහස්...