Thursday, October 20, 2011

සිගිති ළැදැරිය, ලැමිස්සියක් වී නව යොවුන්වියට පා තබද්දී..........


වෙලාව රෑ 11යි, පුරුදු විදියට ෆේස් බුකියේ ඉන්න අතරතුර සුපුරුදු මුහුනක් දැක්ක මට මගේ මතකය අතීතයට ගියේ නොදැනුවත්වයි. සිතිවිලි වචන වලට හරවලා කොටන එක හරිම අමාරු දෙයක්, කොහොමහරි උත්සහයක් ගන්න එක වටිනවානේ. මෙ පොස්ට් එක එයා සමහර විට දකීවි, ඇයට පුදුම හිතේවි, මොකද මිතුරුදමක් ඇතුලේ සැගවෙච්ච අප්‍රකාශිත ආදරයක් කිසිදා ඇතිබව ඇය විශ්වාස නොකලා වෙන්න පුලුවනි. නැත්නම් එය ලදරු වයසේ ඇතිවෙච්චි මිහිරි මායාවක් ලෙස ඇය සිතාවි. කොහොම හරි මේ කියන්න යන්නේ ලදරු වලිප්පුව වගේ අපෙ හිතේ ලමා අවදියේ ඇතිවන මිහිරි හැගීමක මගේ මතකය.

ඇය ගැන මගේ මුලම මතක පොඩ්ඩ හොයන්න මට අතීතයෙ පිටුවකට එබෙන්න උනා. පිටුවෙ කොනක මම හිටියා, අක්ක හිටියා, අක්කගේ මිතුරියන් දෙදෙනෙක් හිටියා, ඇය සිටියා. මින් ඉදිරියට මගේ පොස්ට් එකෙ විශේශිතව ඇය කියන්නේ මගෙ කුඩා මිතුරිය, ඇයම තමයි. වයස එකතුකරලා බලද්දී අව්රුදු 9 ක් 10 ක්  විතර ඇති. අපේ ගෙදර අපි කට්ටිය සෙල්ලම් කරන අතරතුර ගොඩනැගිච්ච මතකයක් තමයි. ඒක මට ඇයගේ මුහුන පිලිබද පැහැදිලි පලමු මතකයයි. ඉන් පසු පසුගිය වසර ගනනාවක්ම ඇයගේ මුහුනේ, වතමඩලේ සෞන්දර්ය නිර්මානය වීම  වගේම ලැදැරියක් ලස්සන තරුන ලැමිස්සියක් දක්වාව් වූ වෙනසත්, වර්තමානයේදී ඇය වෙනුවට සිටින යව්වනියගේ මුහුනත් සදාකාලයේම මගේ සිත් ගත්තා.  

ඇය ඒ කල මාගේ සහෘදියක් වූවාට එතරම් හදවතට සමීප බවක් දැනුනේ මාගේ ද්වීතියක් අද්යාපන ලැබීමත් සමගමයි. මා පලවෙනි පාසලෙන් සමුගෙන උසස් පාසලකට ඇතුලත් වෙන කාලයේදීම ඇයත් කුරුනෑගල උසස් පාසලකට ඇතුල් උනා. ඇය හා මම එකම පාසල් බසයේ ගමන් ගත්තා, මිතුරුදම හුවමාරු කරගත්තා, මගේම වයසේ නිසා පොත්පත හුවමාරු කරගත්තා, සමහර දවස්වල එකිනෙකාගේ ගෙවල් වලට ගිහින් සෙල්ලම් කලා. කෙසේ වුනත් කාලය ගතවුනා, ඇයගේ ලැම පෙදස නෙරා ඇවිත්, වත මඩල අලන්කාර වී හුරුබුහුටි කුඩා දැරිය ලස්සන ලමිස්සියක් බවට පත් උනා. තවදුරටත් අප අතරේ අදහස්, ඇසුරු කරන පිරිස සමාන වුනේ නැහැ, ඒ වගේම බෝනික්කන් පිරිවරාගත් සොදුරු ලොවින් එයාටම උචිත යැයි සිතාගත් ලොවක තනි උනා, මම මටම වෙන්වූ ලොවක, මගේ පාඩුවේ උන්නු කාලය. ඒවගේම ඉලන්දාරි කම ඉයවහ ගිය කාලය. අද වගේ දකින දකින රතී රගාවන් එක්ක මුකුලු කරන කාලයක් නොවෙච්චි පිරිසිදු සිත, කුලුදුලේ එක් දේවතාවියකට වන්දනා කිරීමට තිබූ ආසාව පිරී ගොස් තිබූ අවදියයි. හේතුවක් නොදක්වාම ඇය ක්ශනිකයෙන් ඇගේ පදින්චිය වෙනස්කරා. තවදුරට ඇය මා සමග පාසල් පැමිනියේ නැහැ. මුලින් මුලින් මසකට වරක්වත් දැක්ක ඇයව අවුරුද්දකින්නත් දකින්න අමාරු උනා. 

ලස්සන ඇගේ අත පතාගෙන ආපු තරුනයන්ගෙන් අඩුවක් නොවුනු බවයි මට දැනගන්න පුලුවන් උනේ. නමුත් කිසි දිනක් ඒ ගොඩට එක් වෙන්නනට කිසිම ධෛරියක් නොතිබුනු මම කරේ දැනුම් සයුරේ කිමිදෙන එකයි. මට ආදරෙයි කිව හැකි තරමට ඇය මා හා සමීපව සිටිබව මට විශ්වාසයෙන්ම කිව හැකි වුවත් එය මගේ සිතේ ඇතිවුන හිතලුවක්, එහෙම නැත්නම් මුලින් කී ලදරු වලිප්පුව ලෙසින් ඇය විශ්වාස කරන්න ඇති. ඉන් පසු මම ඇය ගැන තවදුරටත් සොයන්න පෙලබුනේ නැහැ. 

අවුරුදු 6ක් 7ක් පමන සමීපයෙන් සිටි ඇයට මා සම්පූර්නයෙන්ම අමතක වූ බවට විශවාසකල හැකි සාධක මාහට හමුවුනා. පසු කලෙක ඇය මට, මා ඇයට කෙතරම් ආගන්තුක වූවාදැයි කියනවානම් නගරයේ හමුවූ කිසිම අවස්තාවකදී ඇය මා අදුනාගත් බවට ඉරියව්වක් හෝ සිනාවක් පිලිගැන්වූයෙ නැහැ. මටද ඇයව අදුනාගන්න දෙපාරක් බලන්න උනා. ඇය කෙතරම් මගේ ජීවිතයෙන් දුරස්තයිද යනවග මට වැටහුනේ දිනක් සිනමා හලක මා හමු වූ ඇය මා අදුනා ගත්තද, ඇයගේ ෆොන් නම්බර් එක මට දෙන එක කෙලින්ම ප්‍රතික්ශේපකල අවස්තාවෙදියි (මචන් ටීබී උබට ඒක මතක ඇති). අවුරුදු 7 ක් සමීපව ඇසුරුකල මිතුරෙකුට ඇය එසේ නොකලයුතුව තිබුනා කියා මම හිතනවා, අනිත් අතින් කොල්ලෙකුගේ ආත්ම ගෞරවය ඔහුගේ මිතුරන් ඉදිරියේවත් සලකා බැලීමට ඇයට යුතුකම් ඇතැයි මා විශ්වාස කලා.  

එදායින් පසුව ගතවූ පසුගිය අව්රුදු 4යි, මාස ගනනට මට ඇයව හමුවී හෝ, දැක නැහැ. නමුත් මම ඇයව බුකියෙන් දුටුවා. එද මා දුටු සිගිති මිතුරිය අද දකින යව්වනියගේ මුහුනෙන් මම නොදුටු නිසාද, එසේත් නැත්නම් ප්‍රතික්ශේප වීමට බියෙන්ද මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යැවීමේ අදහස සිතෙන් ඉවත් කලා. මෑතකදී මට ලැබුන විශ්වාස කටයුතු ආරන්චියකින් දැනගන්නට ලැබුනේ, ඇය ස්තිර වශයෙනම ඇයගේ ජීවන සහකරුවා සොයා ගෙන බවයි.

අද වනවිට ඇයගේ යැයි කියා කිසිදු ස්තිර මතකයක් මට නැත, ඇයව නැවත මතක් කරන්නට උත්සහ කරනවාට වඩා අමතකකිරීම පහසු බව මට දැනේ. කිසිදු මතකයක් දිගුකාලිනව අපට වද දෙන්නේවත්, කිසිදා අමතක නොවෙන්නේවත් නැත. සිදුවන්නේ මතකයක් ගබඩා කල ස්ථානයක් අලුත් මතක වලින් ප්‍රතිශ්ඨාපනය වීමයි. නැවත නැවත එම මතකය අලුත් නොකරන්නට එම මතකයන් කිසිදා අපට වද නොදෙනු ඇත. සැබෑ විරහාවක් සාහිත‍යයේ පරිදි මහා ඛේදවාචකයන් නොවන අතර මගේ සුපුරුදු කියමන මෙයටත් අදාල වෙයි "කාලයත් , දුරස්තතාවයත් මතකයන් ඈත් කරනු ඇත". ඉතින් මගේ පුන්චි මිතුරිය ඔයාට වාසනාවන්ත සුභ අනාගතයක්.


7 comments:

  1. මිතුරියන් ගැන ඔබේඅත්දැකීම් මගේ එ්වාට අාසන්න වශයෙන් සමාන බව පෙනේ! :(
    අපේ මතකයන් පරිඝණකයක මෙන් delete/ compress/ format කර තැබීමට නොහැකි වීම කරුමයකියි එහෙම වෙලාවල්වලට සිතේ :'(

    ReplyDelete
  2. මම ගොඩ ආවේ ලෝ ලෙවල් ෆෝමැට් එකක් කරලා හාඩ් එක හොඩ දාගෙන.....දැං නං එරර්ස් නෑ.....

    ReplyDelete
  3. අඩේ නෙක්ටොප් එකත් ෆෝමැට් කලාද බං! :O මටත් කියල දීපංකො! එරර් ගොඩායි! ඔව් ඉතිං එකපාර බූට් හතරක් කියන්නෙ පොඩි එරර් එකක්කැ!

    ReplyDelete
  4. පොඩි කාලෙ ඔහොම යාලුවෙක් මටත් හිටියා.එයා දැන් කොහෙ ඉන්නවද මොනව කරනවද කියල දන්නෙ නෑ.

    ReplyDelete
  5. @ තනි අලියා, එහෙමනම් කෙතරම් අගේද
    @ ඔබ නොදු‍ටු ලොවක්..... back up එකක් තියේ නම් ඒකත් මැකුවනම් තවත් හොදයි.
    @ නදී, ස්ත්‍රීන් චපල බව මා දන්නෙහිය මිතුරිය....(joke)

    ReplyDelete
  6. :( දන්නා තරමින් hypnosis වලින්වත් ඔය වැඩටික කරන්න බැරිය! :(

    ReplyDelete
  7. මචන් එදා ඒ සිනමාහලේ සිදුවීම පිටුපස මෙතරම් අනුවේදනීය කතාවක් ඇති බවක් මා දැන සිටියේ නෑ. ඇත්තෙන්ම මේ ලිපිය කියවීමත් සමඟ මා විශ්මයට පත්වුනා! එහෙයින්ම මේ පිළිබඳව සජීවීව ම අදහස් හුවමාරු කරගැනීමේ අදහසින් මෙතැනින් නවතිමි.

    ReplyDelete

ඔබේ අදහස්...