Thursday, October 27, 2011

Thalidomide disaster - නූතන වෛදය ඉතිහාසයේ සිදුවූ බිහිසුනුම ඛේදවාචකය

 නූතන ලෝකයෙ රහසේ ක්‍රියාත්මක වන ගෝලීය අධිරාජය්‍යයේ මූලිකම මුහුනක් වන්නේ බහුජාතික ඖෂද සමාගම් වන අතර එය වර්තමානයෙ කෙතරම් දුරට පැතිරී ඇත්දැයි කියනවානම් යම් රටක අනාගතය පවා තීරනය කිරීමට සමත් බව කියවේ. ඖෂද  නැමැති රසායනික හේතුවෙන් මියගිය මුලුගනන මෙතෙක් පැවති ලෝක යුද්ද වලින් මියගිය ගණනට වඩා වැඩි බව පැවසේ. ඖෂද යනුවෙන් හැදින්වෙන්නේ රසායනික වන අතර ඒවා නිවැරදි මාත්‍රවෙන් ගත්කල ඖෂද ලෙස ක්‍රියාකරන අතර, නියමිත මාත්‍රාවට වඩා වැඩි වූ කල විශ ලෙස ක්‍රියාකරයි. ඖෂද නිශ්පාදනයේ විවිද පියවරවල් ඇති අතර එම එක් එක් පියවරේදි අදාල ඖෂදයේ ක්‍රියාකාරිත්වය පරීක්ශා කරනු ලබයි.

යම් ඖශදයක් මිනිසුන්ගේ පරීක්ශා කිරීමට පෙර සතුන්ගෙන් පරීක්ශා කරන අතර එහිදී සත්ව ශරීරය තුලදී ඖශදයේ ක්‍රියාකාරිත්වය, ඖශදය පරිවෘත්තීය වන ආකාරය, විශ සහිත බව, ජාන විකෘති ඇතිවන බව පරීක්ශා කරනු ලබයි. මිනිසා තුල පරීක්ශා කරනු ලබන්නේ ඉන් පසුවය. මෙයද පියවර කිහිපයකින් සමන්විත වෙයි. පලමු පියවරේදී නිරෝගී වැඩිහිටියන් තුලද, දෙවන පියවරේදී රෝගීන් 50-300 තුලද, තෙවන පියවරේදී රෝගීන් 200-1000+ තුලද අවසාන පියවරේදී එනම් යම් ඖශදයකට අවසරය ලැබුනු පසු රෝගීන් 2000-10000+ ප්‍රමානයක් තුල දිගුකාලීනව පරීක්ශා කරනු ලබයි. 

ඖශදයකට යම් රටක අවසරය ලබා ගැනීම පහසු නොවන අතර, එසේ කිරීමේදී අදාල රටේ නීතිමය රාමුවකින්ද, විද්වත් රාමුවකින්ද සමත්විය යුතුය. යම් රටක ඖශද ව්‍යප්තිය යම් ආයතනියක් විසින් පාලනය කරනු ලබයි, එය රටක පනතක් මගින් සම්මත විය යුතුය. මෙහිදී මම ප්‍රකාශ කලේ යම් ඖශදයක් නිශ්පාදනයේ සිට පාරිභොගියා අතට පත් වීම දක් වා වූ ක්‍රියාවලියයි. 

Thalidomide යනු 1950 වන දශකයේ මව්වරුන්ගේ වමනය පාලනය කිරීමට භාවිතා කල ඖශදයකි. Grünenthal යන ජර්මානු ඖශද සමාගම විසින් සොයා ගන්න ලද මෙම ඖශදය 1957 වන විට ලොවපුරා රටවල් ගනනාවක භාවිතයට ගන්නට විය. නමුත මෙම ඖශදය 1961 වසර වන විට භාවිතයෙන් සම්පූර්නයෙන් ඉවත්කිරීමට සිදුවූයේ මෙම ඖශදය ගන්නා මව්වරුන්ගේ දරුවන් විවිද විකෘති වලට ලක්වීම නිසාය. ගනන් බලා ඇති ආකාරයට වාර්තාගත අන්දමට 10 000- 20 000ක් අතර ලදරුවන් සන්ඛයාවක් මෙයට ගොදුරුවී ඇත. නමුත් වාර්තාගත් නොවූ ප්‍රමානය මීට වඩා කිහිප ගුනයකින් වැඩි බව පැවසේ. 

 මෙම අනතුරට ගොදුරු වූ දරුවන්

1950 අග භාගයේ රටවල් 46ක දරුවන් 10 000කට අධික ප්‍රමානයක් මොලය පිටතින් පිහිටා තිබීම, ඔලුව විශාල වීම, අස්වාභාවික ගර්භාශය, රුධිර කැටි ගැසීමේ දුර්වලතා, හදවත් රෝග හා අත් පාවල විකෘති සහිතව ඉපදෙන්නට වන. ඔස්ට්‍රලියානු ජාතික නාරිවේද වෛදයවරයෙකු සහ ජර්මානු ජාතික ළමා වෛදයවරයෙකු වූ  William McBride , Widukind Lenz ගේ නිරීක්ශනයන් මත මෙම ඖශදය භාවිතය සහ විකෘති ඇතිවීම අතර සම්බන්දය සොයා ගන්නා ලදී.  1962 වසරේදී ඇමරිකානු රජයද ඉන් පසුව ඔවුන් හා යමින් අනෙකුත් රාජ්‍යන්ද මෙම ඖශද භාවිතයට එරෙහිව නීති පනවන්නට විය. 

නූතන සියවසේ මහත්වූ දුක්ඛාන්තයක් වූ මෙම විනාශය නිසා ලදරුවන් 20 000කට අදික පිරිසක්ද, ඔවුන්ගේ මව් පිය වරුන්ද දුක් විදි අතර, ඖශද භාවිතා කිරීමට දෙවරක් සිතීමට ලෝක ජනතාව යොමුකරන කදිම පාඩමක් විය. නමුත් කිසිම රසායනිකයක් මනා පාලනයකින් භාවිතා කරන විට විශක් නොවන බව යලිත් මතක් කරමින් වර්ථමානයේදී මෙම ඖශදය multiple myaloma, Erythema nodosum leprosum යන තත්ව සදහා භාවිත කර අගනා ඖශදයකි. නමුත් ගර්භනී මව්වරුන්ට තරයෙම භාවිතයට නුසුදුසු ලෙස නිර්දේශ කර ඇත.

2 comments:

  1. මම අහල තියනව, හොඳ දොස්තර කියන්නෙ බෙහෙත් අඩුවෙන් දෙන දොස්තර කියල! මේ අදහස ගැන ඔබතුමා මොකද හිතන්නෙ??

    සැරයක් නිව්ස් වල දැක්ක මුත්‍රාශයේ ගල් නැති වෙන්න වතුර බීල උඩ පනින්න කියනව! කිව්වෙ ශල්‍ය වෛද්‍ය කෙනෙක් ලු! නිව්ස් එකේ හටියට treatment එක හරි ලු! :D

    ReplyDelete
  2. "කලක දි රස ලු කලක දි වස වෙනවා ලු"
    හරිම අවාසනාවන්ත සිද්ධියක් නේද මචන්...

    ReplyDelete

ඔබේ අදහස්...