Monday, January 9, 2012

මගේ ආදරණීය නැවතුම් පොලට ගොඩ වැදීමි......


ගොඩ කාලෙකින් තමයි අයෙත් මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ, ඔලුව උස්සන්නවත් වෙලාවක් නැතිවෙච්චි මාස තුනකින් පස්සේ තමයි. අපේ ෆැකල්ටියේ අන්තිම අවුරුද්දනේ, ජීවිතයේ කඩයිම තීරණය කරන විභාගයක් තිබුනා, ඒක තමයි  ප්‍රසව සහ නාරීවේදයේ අවසන් විභාගය, මාස දෙකක ක්ලිනිකල් අපොයින්මන්ට් එකකින් පස්සේ තමයි විභාගය තිබුනේ. එ‍ක කොටස් හතරකින් සමන්විතයි, එකක් තමයි කෙස් ඒක, ඒ කියන්නේ අපිට ප්‍රසව සහ නාරී ලෙඩ්ඩු දෙන්නෙක් දෙනවා, ඊට පස්සේ මිනිත්තු විස්සක් ඇතුලත ඒ අයගේ රෝග ඉතිහාසය අරගෙන පරීක්ෂකවරු ඉදිරියේ ඇයව පරීක්ෂා කරලා රෝග විනිශ්චයට ඇවිල්ල මිනිත්තු 20 ක පුරා පරීක්ෂකවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ, ඊලගට වෙනම වාචික පරීක්ෂණයක් තියනවා තියරි ගැන, අන්තිමට ස්පෝට් එකක්, එක එක උපකරණ දීලා ඒවා හදුනා ගන්නයි, රිපෝර්ට්ස් බලල ලෙඩේ අදුනා ගන්නයි තිබුනේ. මට හම්බ උනේ රීසස් නෙගටිව් අම්මෙකුයි, ගර්භාෂය පහත් වෙච්චි රෝගියෙකුයි. කොහොම හරී ඒකත ඉවරයි, තව සති තුනකින් විතර තමයි වැඩ පටන් ගන්නේ එතකන් ටිකක් විතර නිදහසේ ඉන්නවා. 

මම මේ දවස වල කියවමින් ඉන්න පොතකින් අහුලා ගත්ත ලස්සන කොටසක් කියන්න හිතුනා, 
"මිනිසෙක් කාර්යාලය වැසුණු පසු දුම්රියෙන් ගෙදර යමින් සිටියා, දුම්රිය පිටත් වී මද වෙලාවකින් ඔහුට නින්ද ගියා, දුම්රිය නැවතුම් දෙකක් අතර රතු සලකුන නිසා දුම්රිය නතර කරවනු ලැබුවා, නිදාසිටි ඔහු නැගිට්ටා, ඔහු සිතුවේ ඔහුගේ නැවතුමේ දුම්රිය නවතා ඇතිබවයි. කලබල වූ ඔහු ඔහු දුම්රියෙන් බහිද්දී බිමට වැටිණි, අනෙක් මගීන් වහා ඔහුව ඇතුලට ගන්නා ලදී. දුවිලි පිසදාගත් මිනිසා ටයි ගැටය සකසන අතර පැවසුවේ, කෝච්චියේ අනිත් පැත්තෙන් බහින්න මම මොනතරම් මෝඩයෙක්ද? එසේ කියමින් අනෙක් දොරින් එලියට බැස්සේ ඉදිරියට එන සීග්‍රගාමී දුම්රියට මුහුනලායි "
මගේ දුම්රියත් නැවතුම් දෙකක් අතරේ නතර වෙලයි තියෙන්නේ බහින ඒක හරියට කරන්න ඔනෙ !