Saturday, January 14, 2012

අයෙත් කෙල්ලෙක්ද? නදීට ටිකාවක්‌


නදී මේ ලගදි දාල තිබුණු පොස්ට් එකක නැචුරල්ගේ අලුත් නංගියා හරි මල්ලියා ගැන කියල තිබුනා මතක ඇතිනේ. ඕනෙම අම්මෙකුට, තාත්තෙකුට දරුවෙක් කියන්නේ වටිනාම සම්පතක් තමයි. ඒක තමයි එයාල තමුන්ගේ ළමය බඩට එන්න කලින්ම ඉදන්ම ඒ ළමය හොදට හදා ගැනීම ගැන වද වෙන්නේ. නදීගේ මේ පොස්ට් එකට අදාලව අනාගතයේ අම්මල තාත්තලා වෙන්න ඉන්න ඔයාලට වැදගත් කියලා හිතුනු කරුණු කීපයක් පොස්ට් එකකට කොටන්න හිතුනා. 

මුලින්ම  කියන්න ඕනේ ලංකාවේ සාමන්යෙන් ගැහැණු ළමයෙක් මවක් වෙන්නේ අවුරුදු 25 ත් 28 ත් විතර කාලයෙධදි තමයි, මේ අතර යෞව්වන ගර්භනී සහ වැඩි වයස් ගර්භනී මව්වරුනුත් නැතිවාම නෙවෙයි. සාමන්යෙන් ළමයෙක හදා ගන්න ඉන්න යුවලක් පළමුවෙන්ම සැලකිලිමත් වෙන්න ඕන folic acid පෙත්තෙන් 5mg ගර්භානීවෙන්න මාස 3 නකට ප්‍රථමවත් ලබාගන්න, රුබෙල්ල එන්නත අපි අරගෙනනේ තියෙන්නේ, නැත්නම් අඩුම වශයෙන් මාස තුනකට පෙර ඒකත් ගන්න ඕනේ. මීට අමතරව මවගේ හිමොග්ලොබින් ප්‍රමාණය, බර සහ වෙනත් ගැටළු නිවැරදි  කරගන්නත් ඕනේ.

urine beta hCG පරීක්ෂණය මගින් තමයි ගර්භනී බව තහවුරු කරගන්නේ. ඉන් පසුව මව MOH ante natal clinic එකේ රෙජිස්ටර් විය යුතුයි. එතනදී මවගේ රුධිර පීඩනය, මූත්‍රා සීනි/ප්‍රෝටීන, හිමොග්ලොබින්, රුධිර වර්ගය, ලිංගික සම්ප්‍රේෂණ වන රෝග සදහා පරීක්ෂා කරනවා.

අනික් කතාව තමයි ස්කෑන් පරීක්ෂණ. පළමුවෙන්ම සති 8-13 අතර ළමයා ලැබෙන දින තහවුරු කර ගැනීමටත්, සති 18-21 ත් අතරදී ලමයාගේ අසාමාන්‍යතා පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් කරනව. සති 20, 28 වැනි කාල වලදී ළමයාගේ වැඩීම, වැදෑමහේ පිහිටීම ආදිය නිර්ණය කරනු ලබනවා. ළමයාගේ ලිංගිකත්වය ප්‍රකාශ කරන්න පුලුවන්නේ මුල් කාලවලදී කරන ස්කෑන් වලින් පමණක් වන අතර එයද එතරම් සාර්ථක නොවිය හැක, කරන්නාගේ අත්දැකීම් මත තමයි එය තීරණය වන්නේ.

සති 20 දී පමණ ළමයා දගලන්න පටන් ගන්නවා, ඉන් පසුව ළමයගේ දැගැලීමේ වෙනසක් ආදිය ගැන පරීක්ෂාවෙන් සිටිය යුතුය. සාමන්යෙන් සති 28 වෙනතුරු midwife මසකට වරක් ද, 34-36 වන තුරු සති දෙකකට වරක්ද, ඉන්පසුව සතිය ගනනේ ද නිවසට පැමිණ දැනුවත් කිරීම් ලබාදිය යුතුයි. සාමන්යෙන් සති 37 කට වැඩි ළමයෙක තමයි හරි වයස සම්පූර්ණ කර තම මවගේ තුරුල්ලට එන්න බලාගෙන සිටින්නේ. 
රන් කැටි පුත මුවග සිනා,
මුතුකැට වන් කැකුළු නගා,
මා සෙවනේ සුවය ලබා................. (සංඛ)
පලි - ෆොටෝ එකේ ඉන්නේ අලුත උපන් කෙලි පැටික්කියක්ව හුරතල් කරන ආගන්තුකය, ආගන්තුකය කොහොමත් පොඩි උන්ට ආස හින්ද ළමයෙක්ව වඩාගන්න, හුරතල් කරන්න තියන අවස්තාවක් මග හරින්නේම නැහැ. 

6 comments:

  1. දැනුවත් කිරීම හොඳයි. මේ ගැන මමත් දිගටම ලිව්වා. ඔබගේ බ්ලොග් එක මට අදයි කියවන්න ලැබුනේ ඉදිරියේදී දිගටම කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙදතුමනි....

      Delete
  2. දැනුවත් කිරීමට ස්තූතියි :) :) :)

    ReplyDelete
  3. බොහෝ කරුණු දැනගත්තා.කවුරු උනාම මොකද දරුවෙක් කියන්නෙ ගෙදරට වාසනාවක් නේ.

    ReplyDelete
  4. අපේ සංඛ ද මචන් අර කවිය ලියල තියෙන්නෙ?

    ReplyDelete

ඔබේ අදහස්...