Friday, January 27, 2012

උඹත් පොර, මාත් පොර, හැබැයි උඹ මට වඩා පොර!

රගපාන්නෝ ගොඩ යන්නෝ  කියනවනේ, මේ තවත් රැගීමෙන් ගොඩ යන්න පුළුවන් ක්‍රම ගැන මගේ අත්දැකීම් කිහිපයක්. පරණ කතාවක්! ගොඩ අය දන්නවා ඇති. ඔය වාචික පරීක්ෂණ, ඉන්ටර්විව් වගේ දේවල් වලදී තමයි මේවා ගොඩක් වැදගත් වෙන්න.  ඔයාලත් කවද හරි VIVA එකකට යනවනං මේ ගැන ටිකක් හිතන්න.

1.      හදුන්වාදීම,
තමාව උසස් ආකාරයට හදුන්වාදීම වැදගත්, මෙහිදී සුදුසුකම් කියන්න අමතක කරන්න එපා, නැති මගුලුත් නොකියා ඉන්න, පොරවෙන්න හදන්න එපා කතාවෙන්. ඔවුන්ගේ සුදුසුකම්වලට ගරු කරන්න.

1.      දැනුම අඩු එක පෙනුමෙන් මැනේජ් කර ගන්න,
මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ ගැහැණු ළමයින්ට තමයි, හොද පෞද්ගලික වත්කම් හෙම තියේනම් ගොඩක් ඉෆෙක්ටිව්. හැබැයි ඕනෙවට වඩා කරත් අවුල්. හොදට චාමෙට අවශ්‍ය ප්‍රමාණයට ඇදගෙන යන්න. හොදට හිනාවෙන්න, හැබැයි ඔනෙවට වැඩිය හිනාවෙලා නාගන්න එපා. නොදන්නා ප්‍රශ්නයක් අහද්දී තව තවත් හිනාවෙන්ම තමන් බය වෙලා නැහැ කියල පෙන්නන්න ඕනේ. ඕනේ දෙයකට හොදට ඇදගෙන යන්න. ඇදුමෙන් සහ පෙනුමෙන් තමයි ෆර්ස්ට් ඉම්ප්රෙශන් එක ලැබෙන්නේ.  

1.     කතාව,
හොද ඉංග්‍රීසි දැනුමක් තියේනම් හොදය, නමුත් නැත්නම්, තමුන්ගේ වේගයට හිමීට උත්තර දෙන්න, එක්කෝ ඉංග්‍රීසියෙන්, නැත්නම් සිංහලෙන්, කලවම්කර උත්තර දෙන්න එපා, අප්පිරියයි.

1.     මූලික නීති දෙකක් තිබේ
a.       පරීක්ෂකවරයා හැම විටකම නිවැරදි වෙයි.
b.      එසේ නැත්නම්, පළමු නීතිය සත්‍යයයි සිතා පිළිතුරු දෙන්න.

1.      පොරත්වය,
උත්තර දෙද්දී පරීක්ෂකවරයාගේ සීමාව අදුනාගෙන, ඒඅනුව පිළිතුර දිය යුතුයි. මතක තබා ගන්න “උඹත් පොර තමා, මාත් පොර, හැබැයි උඹ මට වඩා පොර!” ප්‍රමුඛත්වය ඔහුට ලබා දිය යුතුයි.

1.     සංවාදය දිශානතකිරීම,
හැම පිළිතුරක් අවසාන වන වාක්‍ය තුල මීලග ප්‍රශ්නය සැගවී ඇත. දන්නා යමකින් පිළිතුර අවසාන කරන්න.
 
 
1.      නොදන්නා බව ඇගවීම.
බොරු කියා අතේ මාට්ටු නොවන්න, ඩෙෆා වැඩේ අවුල් වෙනවා. නොදන්නා බව කියන්න අමතක කරන්න එපා. නොදන්නා බව, දන්නා විදියට කියන්න. “ඔව් මහත්මයා, මම ඕක දැනගෙන සිටියා, නමුත් දන මම ඉන්නේ තරමක් චකිතයකින් ඒක හින්ද මට මතක කරගන්න අමාරුයි”, “මට දල අදහසක් තියනවා, නමුත් පිළිතුරක් දීමට තරම් එය ප්‍රමාණවත් නැහැ.” – 100% වැඩ කරනවා, මොකද එයාලත් දන්නවා අපි කලබලවෙලා කියලා, බොරු කියනවාට වැඩ මේ ක්‍රමය හොදයි. බොරු කියනවානම් විශ්වාසයෙන් බොරුව කියන්න.

1.       හැසිරීම,
මහත්මා හැසිරීම අත්‍යවශ්‍යයි, දොර අරගෙන ඇතුලට යාමේදී, වාඩිවීමේදී, වෙව්ලනවානම් අත්දෙක මේසය උඩ තියන්න එපා, එහෙම නැත්තම් මේසය උඩ තියනවානම් වඩාත් හොදයි, මොකද එතකොට තමුන්ගේ විශ්වාසය පෙන්වන ක්‍රමයක්(I’m confident). විශේෂයෙන්ම සංවාදය අවසන්කර ඔවුනට සුබපතා පිළිවෙලකට යන ඒක වැදගත්, මොකද ලකුණු දැමීමට වඩාත් ආසන්න අවස්ථාවේදී නා ගන්න එපා.


මට අමතක වෙච්චි එව්වා තියේනම් පහතින් කොමෙන්ට් කරන්නකෝ, මට මේ ලිපිය දාන්න හිතුනේ, පල්ලහ බැජ් එකේ මල්ලිලා වගයක් හෙට වාචික පරීක්ෂණයකට සුදානම් වෙනවා, ඒකයි!