Saturday, July 2, 2011

බඩ තඩි සජිත්...


       "කාපන් පුතෙ ගෙදර ඉන්න ටිකෙ හොදට කාපන්, ඊටපස්සෙ ඉතින් ගෙදර නැති කාලවල් වල කඩෙන් කද්දි හොදට කන්න නැහැනෙ........."

එහෙම තමයි මගෙ අම්ම මට කීවෙ. ඉතින් මමත් කෝසල රජ්ජුරුවො වගෙ බඩ පැලැනකම් කෑවා. හත්දෙය්යනෙ කවුද දන්නෙ කන එකෙ විපාක, ඇග වටේම ටයර් මතුවෙද්දි, මූන දෙකක් වෙන්න ලොකුවෙද්දි, පොඩි කන්දක් නගින්න බරුව හති අරිද්දි තමයි තෙරුනෙ කොතන හරි වැරද්දක් තියනවා කියලා. එ මදිවට ෆැකල්ටියට ආපු දවස්වල ඉදලම අපෙ උන් මට කිව්වෙ, යකූ තොගෙ බඩ වැඩියි, ටයර් බැහැල හතරවටින් එල්ලෙනවා. මට එපාකරපුම කතාව කීවෙ අපෙ ඉස්කොලෙම එකෙක්, එ තමයි "බඩ තඩි සජිත්". 

කතාව ඇත්ත තමයි මටත් තෙරුනා Endocrine and Metabolism module එක කරන කාලෙ, එ වෙද්දි මගෙ බර 78kg ක් උස 171cm ක් BMI 26.67kgm-2 ක්, ස්ථූල බව අනවශ්ය ලෙඩ රොගවලට අත වනන බව තමයි මගෙ ලාමක මොලෙට තෙරුනෙ. 

මෙ නාරා වලෙන් ගොඩ එන්න නම් පාඩම් කරකර ඉදල හරියන්නෙ නැතෙයි මොකක හරි ඇග වෙහෙස කරණ වැඩක් කරන්නෙයි කියල තමයි මම ඉස්කෝලෙ පැදපු මගේ බයිසිකලීව ගෙන්න ගත්තේ. උදේට උදේට වොර්ඩ් ප්ලේස් එකෙ ඉදල කැලනිතිස්ස එක ලගට රවුමක් පදින්න පටන් ගත්ත, කන එක අඩුකරා, මල් හතයි පටන් ගත්තෙ නැද්ද කෙට්ටු වෙන්න. මාස 8යි පැද්දෙ බර 64kg බැස්ස, BMI එක 21.88kgm-2 ට බැස්සා. මට හරි සතුටුයි දැන් මම හරි ගානට ඉන්නවනෙ. ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි මේවල ඉන්න  මොනවල උනත් හිලක් පෙන්නන්න හදන උන් දැන් මට කියාපි "ඇට(කටු ) සජිත්" කියලා.
                                  මෙන්න මගෙ ගමන් මග
ඔයාලට මේ ගැන කියන්න දෙයක් තියනවනම් අසරනයගෙ හිත හැදෙන්න කොමෙන්ටුවක් කොටන්න හොදේ..........

4 comments:

  1. නියමයි ක්‍රමේ.. මාත් කියන්ට ඕනි බයිසිකල් පදින්න කියල.. මහත කෙනාට.. :D
    අහයිදනං දන්නෑ :(
    ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට.. :)

    ReplyDelete
  2. මගෙත් බර අඩුවෙලා ..

    ReplyDelete
  3. බඩ තඩි සජිත් ඇට කටු සජිත් උනාට නම් කෙල්ල ගොඩක් කැමතියි. කටක් ඇරලා කිවේ නැති වුනාට කැහැටු පොටෝස් දාපු දවස් වල මම අම්මටත් ගිහින් පෙන්නුවා. එතුමියට නම් ඒ කාලේ කිසි ගානක් තිබුනේ නැහැ.කොල්ලෝ කීයක් කියල මතක තියාගන්නද ඉතින්. හිහි

    ReplyDelete
  4. ඇත්තද, අයෙත් ඉදිමෙනවා ඔයාට මම කිව්වේ!

    ReplyDelete

ඔබේ අදහස්...