Friday, July 1, 2011

මළ ගිය ඇත්තො සාක්ෂි දෙති




මරණයක් සැබෑවටම සිදුවූයේ කෙසේද? එය ස්භාවික මරණයක් ද? අනතුරකද? සියදිවි නසාගැනීමක්ද? නැතිනම් මිනීමරුමක්ද? යන ප්‍රශ්නය මානව ශිස්ටචාරකරණය සමග ඇති වූ   ප්‍රදානතම ගැටලුවක්. ස්භාවික අනතුරක් හෝ සියදිවි නසාගැනීමක් ලෙස ලෙස සිදුවන මරණ හා  බැදුණු   මිනීමැරුම් සදාකාලිකව වැලලීයාම මිනිස් ඉතිහාසයේ දුලබ දෙයක් නොවේ.  එය මලගිය පුද්ගලයට හා ඔහුගේ/ඇයගේ නෑදෑයින්ටඅයුක්තියකි. එමනිසා මූලික සංකල්පයක් බිහිවිය, එනම් කිසිම මළමිනියක්, මරනයට  හේතුවක් පරීක්ෂා නොකර  වැළලීමට හෝ ආහාදානය කල නොහැකිය. අධිකරණ වෛද්ය විද්යාව මගින් මේ සදහා ඉටුකරන සේවය අතිමහත්ය. පෙර පොස්ට් එකක කියවුණු දෙයකට අඩුවැඩියක් සැපයීමට මෙම  පොස්ට් එක ලියන්න මට හිතුන. මෙහි සදහන් වෙන මූලිකම දෙය තමයි පශ්චාත් මරණ පරීක්ෂණය නැත්නම් පොස්ට් මොර්ටම් කියා හදුන්වන දෙය ගැන පොඩි සාරාංශයක් .බොහෝදෙනා සිතන්නේ පොස්ට් මොර්ටම් එකේදී කරන්නේ මිනී කැපීම පමණක් කියා ය, නමුත් පොස්ට් මොර්ටම් එකට ගොඩක් දේවල් අයිති වෙනවා, මම ඒවා අංක වශයෙන් සරලව දමන්නම් .
 
1.  මරණය සිදුවූ ස්ථානයේ පොලිසිය මගින් කෙටි විභාගයක් පවත්වා හදිසි මරණ පරීක්ෂක (inquirer of sudden death)       හෝ මහේස්ත්‍රාත් මගින් නීතිමය ක්‍රියාව ආරම්භකිරීම.
2. 
වයිද්‍යවරයා සිද්දිය සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීම.
3. 
පොලිසිය සහ වයිද්‍යවරයා කට උත්තර ලබා ගැනීම.
4. 
මූලික පරීක්ෂණ සිදු කිරීම ) Xray, විවිද sample ලබාගැනීම, මියගිය ඇයගේ dressing sample ලබා ගැනීම)
5. 
දේහය කපා බැලීම.
6. 
වාර්තාගත කිරීම   පශ්චාත් මරණ පරීක්ෂණ(වාර්තාව, මරණ සහතිකය)  
7. 
උසාවියට  වාර්තාව යැවීම.
8. 
උසාවියට වාචික කටඋත්තර ලබාදීම.

යන සියල්ලම පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වෙනවා. ඉහත සිදුකරන සෑම පියවරක්ම නීතියට අදාලව සිදුකරයි ප්‍රශ්නකිරීම් වලදී පිළිතුරු ලබාදීමට වයිද්‍යවරයා බැදී සිටිනවා,   එසේනොහැකිවූවෝත් උසාවියේන් අවවාදකිරීම් වලට හෝ වරෙන්තු නිකුත් කිරීමකට යටත් වීමට සිදුවනවා.   වයිද්‍යවරයා මෙහිදී නිරීක්ෂණ සහ අදහස් පමණක් ලබාදෙනව, කිසිම පාර්ශවයකට පක්ෂව හෝ විපක්ෂව නොසිටින අතර විශේෂ සාක්ෂිකරුවෙකු ලෙස පමණයි සිටින්නේ. මෙහිදී මරණ පරීක්ෂණයේ නිවැරදිබව වයිද්‍යවරයාගේ පරිනතබව හා  human error මත වෙනස් විය හැකි අතර එසේ සැක සිතුවිටක දෙවන මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. මෙනිසා  මරණ පරීක්ෂණයේ නිවැරදිබව බොහෝ විට සැකයකින් තොරයි. නමුත් එසේ වෙනස් වූ අවස්ථා වාර්තා වෙනවා.



ඇත්තටම autopsy හෙවත් මිනිය කපනවා කියන්නේ දේහයේ සියලුම කුහර විවර කර පරීක්ෂා කිරීම (කපාලය, උරස, උදරය, ශ්‍රෝණිය ,(දේහයේ සියලුම අවයව කපා පරීක්ෂා කිරීම (මොලයේ සිට මහා බඩවැල දක්වා සියලුම අවයව) හා අවශ්‍ය විටක බෙල්ල/ ස්නායු රජ්ජුව (spinal cord)/ අත් පා කපා  ඒවාද පරීක්ෂා කරනවා. මෙහිදී දේහ අභ්‍යන්තරයට සිදුවූ හානි වගේම(මොලයට සිදුවූ හානි), ස්භාවික අන්තරයක සාධක(හ්ර්ධයේ නාල සිහින් වී) වැනිදේද පිටතට නොපෙනෙන පහරදීම්, වෙනත් තුවාල ආදියද පැහැදිලිව දැක ගන්න පුළුවන්.
රීක්ෂණය  අවසානයේ මරණය හේතුව සහ අර්ථ නිරූපණය ලබාදෙනවා එනම් තුවාල ලක්ෂණ මාර්ග අනතුරක ස්වභාවය ගන්නවා, මරණය සිදුවූ වෙලාව පැය 12-18  අතර වැනි  කරුණු ප්‍රකාශ කරනවා. මෙම  පරීක්ෂණයේ මූලිකම අරමුණු තමයි මරණය සිදුවූ හේතුව, වෙලාව, සිදුවූ ආකාරය(මිනිමැරුමක්, අනතුරක්, ස්භාවික, සියදිවිනසා ගැනීමක්), අනතුරින් පසු කල ක්‍රියකාරකම (Volitional activities) හා වයිද්‍ය නොසැලකිල්ල මත සිදුවූ මරණයක්ද යන්න සොයාබැලීම යන කාරණායි.