Monday, July 4, 2011

නුඹ අම්මා හන්දයි...


අම්මා යන වචනය කනට ඇහෙද්දී සිතට ඇතිවන හෑගීම වචනයෙන් කියන්න අමාරුයි. අපිට ඒක වැඩියෙන් දැනෙන්නෙ අපි ගෙදරින් පිට වී අවුරුදු ගනනක් ගිහින් හින්දයි, ගෙදර යන්නෙ මාසෙකට සැරයක් විතර, දවස ගනනේ අම්ම දුරකතනයෙන් කතා කරනවා තමයි. ගොඩදෙනා කියන්නෙ පිරිමි ලමයින්ට ගොඩක් දෙවල් දරාගත්ත හැකි, ඒනිස ඒ අයට ගෙදරින් වෙන්වෙන එක එතරම් දෙයක් නෙවෙයි කියලා, අනික් අයට නම් කොහොමද දන්නෑ ගෙදරින් පිට වෙල අවුරුදු 4ක් වුනාට මටනම් තවමත් home sick වගෙයි. බ්ලොග් එක බලන, ගෙදරින් පිට ඉන්න ඔයාලටත් ඒ හැගීම ඒවගේම වෙන්න ඇති නේද?

මම මේ අද බ්ලොග් ලියන්න ගත්තෙ, මට හම්බ උනා සොයිසා මාතෘ රෝහලෙ ප්‍රැක්ටිස් කරන කාලෙ හම්බ උන අම්ම කෙනෙක්. මට ඇයව හොදට මතකයි. මොකද මගෙ මුල්ම දරු උපත්වලින් එකක තමයි ඒ අම්මා. මමත් ඉතින් ඉගන ගන්න ඉස්සල්ලාම කාලෙනෙ. ටිකක් බයෙන් බයෙන් තමයි ඒ අම්මගෙ ලමයාව එලියට ගන්න ගත්තේ. දැන්නම් කිසි බයක් නැතිව ඩිලිවරි එකක් කරන්න පුලුවනි ප්‍රැක්ටිස් එක තියන හින්දා. ඒ දවස්වල එහෙම නෙමෙයිනෙ, අම්ම අහරෙන් කෑගහනවා, හතරවටින්ම මිඩ් වයිෆ්ලයි නර්ස්ලයි බලාගෙන ඉන්නවා, අතත් ගැහෙනව. වරදක් කියන්න නෑ මේ අම්මනම් හොදට උදව් කරලා හිටිය. ඒක එයාගෙ තුන්වෙනි ලමයා කිසිම කරදරයක් නැතිව එලියට ආවා, මට මතක හැටියට හොදට බරත් තිබුනා. මට කියන්න ඔනෙ උනෙ ලමයෙක් එලියට එද්දී අම්මට කොච්චර අමාරු ඇද්ද? බලා ඉන්න අපිට ඒක එච්චර වැටහුන් නැතිවුනාට අපේ කණ්ඩායමෙ කෙල්ලො නම් මූන ඇඹුල් කරගන්නවා මම දැක්කා. එයාලටත් ඉස්සරහට වෙන්නෙ මේවගෙ ලමයි හදන්න තමයි, දොස්තරලා කියල නැහැ. අපිට නම් තියෙන්න ලමය හම්බවෙන තැනට වැඩේ කරලා ලමය ලැබෙනකම් ඇගිලි ගනන් කර කර ඉන්න එක විතරයි.

දරු උපතත් හරිම ජාති වැඩේය, සති 37ක බඩක් නියම වයස වනවා, ඊට අඩු ලමයි අඩුමාස් දරුවන් කියලා කියනවා. සාමාන්යෙන් අම්මට සති 40ක් සම්පූර්න වෙන තැන රෝහලේ නතර වෙන්න කියනව. බෝහෝවිට ලන්කාවෙනම් ලමයින් ලැබෙන්නෙ ඉස්පිරිතාලෙදි තමයි, එනිස ලමා සහ මාතෘ මරණ අඩුයි. ලමය ලැබෙන්න ඉන්න බව දනගන්නෙ ක්‍රම්යෙන් වැඩිවෙන බඩේ කැක්කුම, වතුර ගලාඒම, රුධිරය වැනි ශ්ලේශ්මල පිටවීම මගිනුයි. වහාම අම්ම ප්‍රසූති කාමරයට ගෙනයනවා, එහිදී වැඩ කටයුතු සිදු වන්නෙ කඩියෝ වගෙයි මොකද දෙන්නෙක්ගෙ ජීවිතනේ. මෙහිදී ඩොක්ටර්, නර්ස්, මිඩ් වයිෆ් කන්ඩායමක් වගෙ වැඩ කරනවා. ටීචින් හොස්පිටල් වල නම් වෛද්ය ශිශ්යයන් තමයි ඩොක්ටර්ගෙ ජොබ් එක කරන්නේ (මොකද ඉන්ටර්න් කාලෙ තනියම ඒ වෑඩේ කරන්න එපාය) නේවාසික වෛද්යවරයාගෙ අධීක්ශනය යටතේ. මෙතනදී ලමයාගෙ හාර්ට් බීට්, ගර්භශයෙ සන්කෝචනයන් සහ ගැබ් ගෙලේ ප්‍රමානය මනිනු ලබනවා සාමන්යෙන් සෙමි10 ක් විතර උනාම තමයි ලමයා එන්නේ. ලමයාගෙ ඔලුව එලීයට එන්ඩ ගනිද්දී කැපුමක් දාලා උපත් මාර්ගය ලොකු කර ගන්නවා, ලමයාගෙ හිස අවශ්ය ප්‍රමානයෙන් තද කරගෙන අල්ල සිටිය යුතුයි, ඉන් පසුව ලමයාගෙ කද හිමින් සීරුවෙ ඇදලා ගන්න එක තමයි කරන්නෙ. ඉන් පස්සෙ ලමයාව ඉන්කියිබේටරයට දානවා. පැය බාගයක් ඇතුලත ලමයට කිරි දෙන්න ඔනේ. පලවෙනි ලමයට කිරිදෙද්දී සැලකිලිමත් වෙන්න ඔනේ මොකද කිරි උරා බොද්දී නහය අවහිර වෙන්න පුලුවනි, එහෙම උනොත් අපරාදේ, ලමයි ගොඩක් ඉන්න අම්මලානම් ප්‍රශ්නයක් නැහැ. මේනිසා අපි නිතරම ඒගැන අවදානයෙනුයි සිටින්නේ. කිරි දීල ඉවර උනාම අර කැපුම මහලා අම්මට වෙහෙස නිවාගන්න ඉඩ දෙනවා.

ප්‍රසූත කාමරයෙ සිටින කාලය පුරාම අම්ම සිටින්නෙ හරිම බයෙන් වගේ, වචනයෙන් නොකීවත් අපිට ඒක දැනෙනවා, එවනි වෙලාවට ඇය ලගට ගොස් වචන කීපය
ක් කතාකර හිස අත ගා සපෝර්ට් එකක් දීම අපේ වගකීමක්. සමහර අම්මල වේදනාව දරාගන්න අමාරු උනාම අපෙ අතුත් තදින් මිරිකා ගන්නව, එවෙනි මොහොතක් හරිම සන්වේදීයි, මේවෙලාවට තමයි හිතෙන්නෙ ලන්කාවෙත් පිටරටවල් වල වගේ ලමය ලැබෙනකම් මහත්තයට ලගට ඉන්න දෙනවනන් හොදයි කියලා. කොහොම උනත් හොදට ලමයා ලැබුනාම අම්මටත් සතුටුයි, අපිටත් සතුටුයි. එතරම් වේදනාවක් විදලා ලමයව උපද්දලා, පොඩි එකාව අතට දෙද්දී අර වේදනාව ඔක්කොම අමතක කරලා හිනවෙන්නෙ කොහොමදැයි කියලා මට හිතා ගන්න අමාරුයි, ඇත්තටම ඒක එහෙම වෙනවා ඇත්තේ නුඹ අම්මා හන්දයි. එසේ උතුම්වූ මවු පද්විය ලබනා අය හරිම වාසනවන්තයි, එ ගැන හිතද්දී මට කෙල්ලො ගැන හරිම ගෞරවක් හිතෙන්නේ, නමුත් එසේවූ මව් පදවියටත් නිගරු කරන කාන්තවනුත් දුලබ නැහැ නේද?   


1 comment:

  1. හ්ම්ම්ම්...
    ගොඩාක් හොද කාරණා ටිකක්.. ගොඩක් වටිනව..
    මටත් ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයිනෙ.. හි හී..
    ස්තූතියි දැනුම බෙදාගත්තාට.. :)

    ReplyDelete

ඔබේ අදහස්...