Tuesday, July 12, 2011

මානසික රෝහල..............


දවසක් මානසික රෝහලෙ පුද්ගලයෙක් බිත්තියකට කන තබාගෙන ශබ්දයක් එනවා වගෙ අහගෙන සිටියෙලු. මේක දැක්ක වෛද්යවරයා රෝගියා ලගට ලන්වී මොනවාද ඇහෙන්නේ යෙයි විපරම් කලේලු, මහත් ඔනෑකමින් සවන් දෙමින් සිටි පුද්ගලයා මෙසේ පැවසුවේලු "ඒක තමයි දොස්තර මහත්තය මමත් මේ අහගෙන හිටියෙ මොනවද ඇහෙන්නේ කියලා, කෝ මොනවත් ඇහෙන්නේ නෑනෙ".

මානසික රෝහල ගැන ගොඩක් කතාන්දර මම අහලා තියනවා, සමහර කතා හිනායන ඒවා, සමහර ඒව උපහාසාත්මක කතා, ඒත් මේවා ඇත්ත කතාද  නැත්නම් හදපු කතාද කියල මමනම් දන්නෑ. මට හිතුනා අන්ගොඩ මානසික රෝහලෙ මම ලබපු අත්දැකීම් කිහිපයක් පොස්ට් එකක කොටන්න, මේවා සැබෑ ජීවිතයේ සැබැවින්ම සිද්දවෙච්ච හරිම අපූරු සිද්දි.

පලවෙනි සිද්දිය මගෙ යාලුවෙකුට සිද්ද උන එකක්, එයාලගෙ වොර්ඩ් එකෙ ඉදල තියනවා භින්නොන්මාදයට ලක්වෙච්චි ස්වාමින් වහන්ස කෙනෙකුයි, තවත් පොලිස් නිලදාරියෙකුයි. මෙම ස්වාමින් වහන්සෙ හිතාගෙන ඉන්නෙ එයා ලන්කාවෙ ජනාදිපති කියලා, අර පොලිස් නිලදාරියා හිතාගෙන ඉන්නෙ එතුමාගේ ප්‍රදාන ආරක්ශක නිලදාරියා කියලයි, මෙය ස්වාමින් වහන්ස යන යන තැන කිය කිය යනවා, "අපේ ජනාදිපතිතුමා එනවා පාර ඉඩ දෙන්න, ඔය ඉස්සරහින් ඉන්න කට්ටිය පැත්තකට වෙන්න" ආදී වශයෙන්, අපෙ මිතුරා තවත් රෝගියෙකු සමග කතාකර කර ඉන්න අතරෙ මෙමෙ දෙදෙනා ඔවුන් අතර නිතරම කැරකෙමින් අර වගේම කියමින් මිතුරාත් අර රොගියාත් අතරින් යන්න හැදුවාලු, වහාම අත ඉදිරියට දැමු මිතුරා "මෙහෙන් යන්න බැහැ පාර වහලා" යෙයි කීවාලු, වහාම ස්වාමින්වහන්ස දෙසට හැරුනු පොලිස් නිලදාරිය "හරි වැඩේනේ සර් සර්ට වැඩිය ලොක්කෙක් එනව.... පාර වහලා, අපි අනිත් පැත්තෙන් යමුයි" කියා හැරී ගියෙලු. මෙම සන්සිද්දිය shared delusion ලෙස හදුන්වනු ලබනවා. 

දවසක් මට හම්බ උනා අවුරුදු 50ක 60ක විතර පුද්ගලයෙක්, ඔහුත් සමග මම පැය 2ක් පමන කතා කරා, ඔහු පුදුමාකාර දැනුමක් අති අයෙක්, ඔහු විශ්වාස කරන්නෙ ඔහු පිටසක් වල ජීවියෙක් කියලායි, පිටසක් වල ජීවින් ගැන හා වාර්තාවුනු සිද්දිගැන ඔහුගෙ දැනුම හරිම පුදුමාකරයි, ලගදීම ලෝක විනාශය සිදුවන බව විශ්වාස කරන ඔහු අවසාන විනිශ්ය ලබාදෙන (කතොලික අගමට අනුව) විනිශ්යයකරුවන් 7දෙනා අතරින් අයෙක් බවද අවසාන විනිශ්යේදී මට උදව්වක් කරන බවටත් පොරොන්දු උනා. මෙය religious delusion  ලෙස හදුන්වනු ලබනවා. 

ඔහු අවුරුදු 60ක පමන අයෙක්, ඉකුත් භීශන සමයෙ ජවිපෙ සාමජිකයෙකු වී කුප්‍රකට කොලබ විශ්ව විද්යාලයෙ වධ කදවුරේ වදයට ලක්වූ අයෙක්, නිතරම බය වී සිටින ඔහු, හීනෙන් බයවෙන බව අවට සිටි කට්ටියගෙන් මට දැනගන්න ලැබුනා. මම ඔහු සමග කතාකරමින් සිටින විට මුලින්ම ඔහු ඉතා හෙමින් මාත් සමග කතා කරමින් ඉදලා ක්‍රමයෙන් වෙනස් වන බවක් මට දැනුනා, ක්‍රමයෙන් ආවෙගශීලි වුන ඔහු ඔහුට පහර දීම ගැන මට බනින්න පටන් ගත්තා, ඔහු තවත් ආවෙගශීලි වී මට පහර දෙනතැනට එන්න ඉස්සල්ලා මම ඔහු ගැන තිබ්බ අවදානය අඩුකරා. වෙන රෝගියෙක් සමග කතාකරන්න පටන් ගත්තා. මෙය ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක්, එනම් මානසික රෝගින් ඉතාමත් කලාතුරකින් තමයි පහරදීමට පෙලබෙන්නෙ, නමුත් මගෙ කුමක් හෝ වැරද්දක් නිසා ඔහු මා සමග ආවෙගශීලි උනා. මෙවනි වෙලාවට ගන්න ඔනෙ හොදම පියවර මම ඇරගත්ත නිසා ගුටිනොකා බේරුනා. මෙය  phobic anxiety disorder නිසා ඇතිවූ තත්වයක්.

මානසික රෝහලෙ සිටින ලින්ගික පාලනයක් නැති රෝගීන් අපෙ කෙල්ලන් දෙස බලන්නේ ඉතාමත් කෑදරකමින්, එවිනි වෙලාවට අවදානයෙන් සිටියයුතු අතර සෑම විටම අවහිර නැති පිටවන මගක්(reachable exit) සූදානම් කර තබාගත යුතුයි. මෙය මානසික රෝගින් හා දරුනු අපරාදකරුවන් සමග වැඩකිරීමේදී අනුගමනය කරයුතු මූලික සන්කල්පයකි. දවසක් අප කන්ඩායමෙ එක කෙල්ලක් පෙන්වූ රෝගියෙක් "මට අරයගෙ .... මිරිකන්න හිතෙනවා" මට පවසා ඇත. 

මානසික රෝහලෙ සිටින වැදගත්ම කොටසක් වන්නෙ දරුනු මානසික රෝග සහිත අපරාදකරූවනුයි. ඔවුන් වෙනම සැකසූ ආවරනය කරන ලද වාට්ටු තුල ප්‍රතිකාර ලබනවා. ලන්කාවෙ සුප්‍රසිද්ද ඝාතන කිහිපයකට චූදිතයන් කිහිප දෙනෙක්ද මෙහිදී හම්බ උනා. ඔවුන්ගෙ ස්භාවය විවිදාකාරයි, දරුනු පෙනුමක් ඇති කරගෙන ඉන්න අය වගේම, අහින්සක යැයි හැගෙන අයද සිටිනවා. දවසක් නඩුවකට පෙනීසිටීමට නියමිත් වූ රෝගියෙක් මගෙන් ඇසුවේ "සර් මගෙ ඇදුම ලස්සනයිද? ජජ් මේකට කැමතිවෙයිද" කියාය.

මානසික රෝහලෙ මම දැකපු අප්‍රසන්නම දෙය තමයි කරන්ට් අල්ලනවා කියා සාමන්ය වහරෙ හදුන්වන ප්‍රතිකාර ක්‍රමය. මෙය ගොඩක් රෝගවලට නිර්දෙශ කරනවා. මෙම ප්‍රතිකාරය ලබාදෙන සෑම රෝගියාම වගෙ මට කිව්වෙ "සර් ඊලග සැරේ මට කරන්ට් අල්ලන්ඩ දෙන්ඩ එපා කියලයි". එය එතරම් වේදනාකරී දෙයක්.

මානසික රෝගීනුත් අප වැනිම මිනිසුන් කොටස්ක් වන අතර, මනසේ වූ අසමබරතාවයක් නිසා ඒ තත්වයට පත්වූ අයවලුන්ය. අන් කවරෙකුටත් වඩා ඔවුන්ට කරුනාව අවශ්ය වන අතර ඉතාම කලාතුඅරකින් සමාජයට හානිකර වෙයි. මානසික් වෛදය ක්ශෙස්ත්‍රය කලාවකි, මානසිකත්වය අතින් වෙනස්වූ පුද්ගලයින් වෙනුවෙන් සිදුකරන උත්තම සේවයකි.

අප සායනික පුහුනුව අවසානයෙ අප ගුරුතුමා දුන් එකම අවවාදය  වුනේ, මානසික රෝගීන් දෙස පිස්ස යැයි කියමින් වපර ඇහින් බලන්න එපා.........යන්නය. 
ඔයාලට හිතෙන දෙයක් පහලින් කොටා යනවානම් අගේය....

Monday, July 4, 2011

නුඹ අම්මා හන්දයි...


අම්මා යන වචනය කනට ඇහෙද්දී සිතට ඇතිවන හෑගීම වචනයෙන් කියන්න අමාරුයි. අපිට ඒක වැඩියෙන් දැනෙන්නෙ අපි ගෙදරින් පිට වී අවුරුදු ගනනක් ගිහින් හින්දයි, ගෙදර යන්නෙ මාසෙකට සැරයක් විතර, දවස ගනනේ අම්ම දුරකතනයෙන් කතා කරනවා තමයි. ගොඩදෙනා කියන්නෙ පිරිමි ලමයින්ට ගොඩක් දෙවල් දරාගත්ත හැකි, ඒනිස ඒ අයට ගෙදරින් වෙන්වෙන එක එතරම් දෙයක් නෙවෙයි කියලා, අනික් අයට නම් කොහොමද දන්නෑ ගෙදරින් පිට වෙල අවුරුදු 4ක් වුනාට මටනම් තවමත් home sick වගෙයි. බ්ලොග් එක බලන, ගෙදරින් පිට ඉන්න ඔයාලටත් ඒ හැගීම ඒවගේම වෙන්න ඇති නේද?

මම මේ අද බ්ලොග් ලියන්න ගත්තෙ, මට හම්බ උනා සොයිසා මාතෘ රෝහලෙ ප්‍රැක්ටිස් කරන කාලෙ හම්බ උන අම්ම කෙනෙක්. මට ඇයව හොදට මතකයි. මොකද මගෙ මුල්ම දරු උපත්වලින් එකක තමයි ඒ අම්මා. මමත් ඉතින් ඉගන ගන්න ඉස්සල්ලාම කාලෙනෙ. ටිකක් බයෙන් බයෙන් තමයි ඒ අම්මගෙ ලමයාව එලියට ගන්න ගත්තේ. දැන්නම් කිසි බයක් නැතිව ඩිලිවරි එකක් කරන්න පුලුවනි ප්‍රැක්ටිස් එක තියන හින්දා. ඒ දවස්වල එහෙම නෙමෙයිනෙ, අම්ම අහරෙන් කෑගහනවා, හතරවටින්ම මිඩ් වයිෆ්ලයි නර්ස්ලයි බලාගෙන ඉන්නවා, අතත් ගැහෙනව. වරදක් කියන්න නෑ මේ අම්මනම් හොදට උදව් කරලා හිටිය. ඒක එයාගෙ තුන්වෙනි ලමයා කිසිම කරදරයක් නැතිව එලියට ආවා, මට මතක හැටියට හොදට බරත් තිබුනා. මට කියන්න ඔනෙ උනෙ ලමයෙක් එලියට එද්දී අම්මට කොච්චර අමාරු ඇද්ද? බලා ඉන්න අපිට ඒක එච්චර වැටහුන් නැතිවුනාට අපේ කණ්ඩායමෙ කෙල්ලො නම් මූන ඇඹුල් කරගන්නවා මම දැක්කා. එයාලටත් ඉස්සරහට වෙන්නෙ මේවගෙ ලමයි හදන්න තමයි, දොස්තරලා කියල නැහැ. අපිට නම් තියෙන්න ලමය හම්බවෙන තැනට වැඩේ කරලා ලමය ලැබෙනකම් ඇගිලි ගනන් කර කර ඉන්න එක විතරයි.

දරු උපතත් හරිම ජාති වැඩේය, සති 37ක බඩක් නියම වයස වනවා, ඊට අඩු ලමයි අඩුමාස් දරුවන් කියලා කියනවා. සාමාන්යෙන් අම්මට සති 40ක් සම්පූර්න වෙන තැන රෝහලේ නතර වෙන්න කියනව. බෝහෝවිට ලන්කාවෙනම් ලමයින් ලැබෙන්නෙ ඉස්පිරිතාලෙදි තමයි, එනිස ලමා සහ මාතෘ මරණ අඩුයි. ලමය ලැබෙන්න ඉන්න බව දනගන්නෙ ක්‍රම්යෙන් වැඩිවෙන බඩේ කැක්කුම, වතුර ගලාඒම, රුධිරය වැනි ශ්ලේශ්මල පිටවීම මගිනුයි. වහාම අම්ම ප්‍රසූති කාමරයට ගෙනයනවා, එහිදී වැඩ කටයුතු සිදු වන්නෙ කඩියෝ වගෙයි මොකද දෙන්නෙක්ගෙ ජීවිතනේ. මෙහිදී ඩොක්ටර්, නර්ස්, මිඩ් වයිෆ් කන්ඩායමක් වගෙ වැඩ කරනවා. ටීචින් හොස්පිටල් වල නම් වෛද්ය ශිශ්යයන් තමයි ඩොක්ටර්ගෙ ජොබ් එක කරන්නේ (මොකද ඉන්ටර්න් කාලෙ තනියම ඒ වෑඩේ කරන්න එපාය) නේවාසික වෛද්යවරයාගෙ අධීක්ශනය යටතේ. මෙතනදී ලමයාගෙ හාර්ට් බීට්, ගර්භශයෙ සන්කෝචනයන් සහ ගැබ් ගෙලේ ප්‍රමානය මනිනු ලබනවා සාමන්යෙන් සෙමි10 ක් විතර උනාම තමයි ලමයා එන්නේ. ලමයාගෙ ඔලුව එලීයට එන්ඩ ගනිද්දී කැපුමක් දාලා උපත් මාර්ගය ලොකු කර ගන්නවා, ලමයාගෙ හිස අවශ්ය ප්‍රමානයෙන් තද කරගෙන අල්ල සිටිය යුතුයි, ඉන් පසුව ලමයාගෙ කද හිමින් සීරුවෙ ඇදලා ගන්න එක තමයි කරන්නෙ. ඉන් පස්සෙ ලමයාව ඉන්කියිබේටරයට දානවා. පැය බාගයක් ඇතුලත ලමයට කිරි දෙන්න ඔනේ. පලවෙනි ලමයට කිරිදෙද්දී සැලකිලිමත් වෙන්න ඔනේ මොකද කිරි උරා බොද්දී නහය අවහිර වෙන්න පුලුවනි, එහෙම උනොත් අපරාදේ, ලමයි ගොඩක් ඉන්න අම්මලානම් ප්‍රශ්නයක් නැහැ. මේනිසා අපි නිතරම ඒගැන අවදානයෙනුයි සිටින්නේ. කිරි දීල ඉවර උනාම අර කැපුම මහලා අම්මට වෙහෙස නිවාගන්න ඉඩ දෙනවා.

ප්‍රසූත කාමරයෙ සිටින කාලය පුරාම අම්ම සිටින්නෙ හරිම බයෙන් වගේ, වචනයෙන් නොකීවත් අපිට ඒක දැනෙනවා, එවනි වෙලාවට ඇය ලගට ගොස් වචන කීපය
ක් කතාකර හිස අත ගා සපෝර්ට් එකක් දීම අපේ වගකීමක්. සමහර අම්මල වේදනාව දරාගන්න අමාරු උනාම අපෙ අතුත් තදින් මිරිකා ගන්නව, එවෙනි මොහොතක් හරිම සන්වේදීයි, මේවෙලාවට තමයි හිතෙන්නෙ ලන්කාවෙත් පිටරටවල් වල වගේ ලමය ලැබෙනකම් මහත්තයට ලගට ඉන්න දෙනවනන් හොදයි කියලා. කොහොම උනත් හොදට ලමයා ලැබුනාම අම්මටත් සතුටුයි, අපිටත් සතුටුයි. එතරම් වේදනාවක් විදලා ලමයව උපද්දලා, පොඩි එකාව අතට දෙද්දී අර වේදනාව ඔක්කොම අමතක කරලා හිනවෙන්නෙ කොහොමදැයි කියලා මට හිතා ගන්න අමාරුයි, ඇත්තටම ඒක එහෙම වෙනවා ඇත්තේ නුඹ අම්මා හන්දයි. එසේ උතුම්වූ මවු පද්විය ලබනා අය හරිම වාසනවන්තයි, එ ගැන හිතද්දී මට කෙල්ලො ගැන හරිම ගෞරවක් හිතෙන්නේ, නමුත් එසේවූ මව් පදවියටත් නිගරු කරන කාන්තවනුත් දුලබ නැහැ නේද?   


Saturday, July 2, 2011

බඩ තඩි සජිත්...


       "කාපන් පුතෙ ගෙදර ඉන්න ටිකෙ හොදට කාපන්, ඊටපස්සෙ ඉතින් ගෙදර නැති කාලවල් වල කඩෙන් කද්දි හොදට කන්න නැහැනෙ........."

එහෙම තමයි මගෙ අම්ම මට කීවෙ. ඉතින් මමත් කෝසල රජ්ජුරුවො වගෙ බඩ පැලැනකම් කෑවා. හත්දෙය්යනෙ කවුද දන්නෙ කන එකෙ විපාක, ඇග වටේම ටයර් මතුවෙද්දි, මූන දෙකක් වෙන්න ලොකුවෙද්දි, පොඩි කන්දක් නගින්න බරුව හති අරිද්දි තමයි තෙරුනෙ කොතන හරි වැරද්දක් තියනවා කියලා. එ මදිවට ෆැකල්ටියට ආපු දවස්වල ඉදලම අපෙ උන් මට කිව්වෙ, යකූ තොගෙ බඩ වැඩියි, ටයර් බැහැල හතරවටින් එල්ලෙනවා. මට එපාකරපුම කතාව කීවෙ අපෙ ඉස්කොලෙම එකෙක්, එ තමයි "බඩ තඩි සජිත්". 

කතාව ඇත්ත තමයි මටත් තෙරුනා Endocrine and Metabolism module එක කරන කාලෙ, එ වෙද්දි මගෙ බර 78kg ක් උස 171cm ක් BMI 26.67kgm-2 ක්, ස්ථූල බව අනවශ්ය ලෙඩ රොගවලට අත වනන බව තමයි මගෙ ලාමක මොලෙට තෙරුනෙ. 

මෙ නාරා වලෙන් ගොඩ එන්න නම් පාඩම් කරකර ඉදල හරියන්නෙ නැතෙයි මොකක හරි ඇග වෙහෙස කරණ වැඩක් කරන්නෙයි කියල තමයි මම ඉස්කෝලෙ පැදපු මගේ බයිසිකලීව ගෙන්න ගත්තේ. උදේට උදේට වොර්ඩ් ප්ලේස් එකෙ ඉදල කැලනිතිස්ස එක ලගට රවුමක් පදින්න පටන් ගත්ත, කන එක අඩුකරා, මල් හතයි පටන් ගත්තෙ නැද්ද කෙට්ටු වෙන්න. මාස 8යි පැද්දෙ බර 64kg බැස්ස, BMI එක 21.88kgm-2 ට බැස්සා. මට හරි සතුටුයි දැන් මම හරි ගානට ඉන්නවනෙ. ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි මේවල ඉන්න  මොනවල උනත් හිලක් පෙන්නන්න හදන උන් දැන් මට කියාපි "ඇට(කටු ) සජිත්" කියලා.
                                  මෙන්න මගෙ ගමන් මග
ඔයාලට මේ ගැන කියන්න දෙයක් තියනවනම් අසරනයගෙ හිත හැදෙන්න කොමෙන්ටුවක් කොටන්න හොදේ..........

Friday, July 1, 2011

මළ ගිය ඇත්තො සාක්ෂි දෙති




මරණයක් සැබෑවටම සිදුවූයේ කෙසේද? එය ස්භාවික මරණයක් ද? අනතුරකද? සියදිවි නසාගැනීමක්ද? නැතිනම් මිනීමරුමක්ද? යන ප්‍රශ්නය මානව ශිස්ටචාරකරණය සමග ඇති වූ   ප්‍රදානතම ගැටලුවක්. ස්භාවික අනතුරක් හෝ සියදිවි නසාගැනීමක් ලෙස ලෙස සිදුවන මරණ හා  බැදුණු   මිනීමැරුම් සදාකාලිකව වැලලීයාම මිනිස් ඉතිහාසයේ දුලබ දෙයක් නොවේ.  එය මලගිය පුද්ගලයට හා ඔහුගේ/ඇයගේ නෑදෑයින්ටඅයුක්තියකි. එමනිසා මූලික සංකල්පයක් බිහිවිය, එනම් කිසිම මළමිනියක්, මරනයට  හේතුවක් පරීක්ෂා නොකර  වැළලීමට හෝ ආහාදානය කල නොහැකිය. අධිකරණ වෛද්ය විද්යාව මගින් මේ සදහා ඉටුකරන සේවය අතිමහත්ය. පෙර පොස්ට් එකක කියවුණු දෙයකට අඩුවැඩියක් සැපයීමට මෙම  පොස්ට් එක ලියන්න මට හිතුන. මෙහි සදහන් වෙන මූලිකම දෙය තමයි පශ්චාත් මරණ පරීක්ෂණය නැත්නම් පොස්ට් මොර්ටම් කියා හදුන්වන දෙය ගැන පොඩි සාරාංශයක් .බොහෝදෙනා සිතන්නේ පොස්ට් මොර්ටම් එකේදී කරන්නේ මිනී කැපීම පමණක් කියා ය, නමුත් පොස්ට් මොර්ටම් එකට ගොඩක් දේවල් අයිති වෙනවා, මම ඒවා අංක වශයෙන් සරලව දමන්නම් .
 
1.  මරණය සිදුවූ ස්ථානයේ පොලිසිය මගින් කෙටි විභාගයක් පවත්වා හදිසි මරණ පරීක්ෂක (inquirer of sudden death)       හෝ මහේස්ත්‍රාත් මගින් නීතිමය ක්‍රියාව ආරම්භකිරීම.
2. 
වයිද්‍යවරයා සිද්දිය සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීම.
3. 
පොලිසිය සහ වයිද්‍යවරයා කට උත්තර ලබා ගැනීම.
4. 
මූලික පරීක්ෂණ සිදු කිරීම ) Xray, විවිද sample ලබාගැනීම, මියගිය ඇයගේ dressing sample ලබා ගැනීම)
5. 
දේහය කපා බැලීම.
6. 
වාර්තාගත කිරීම   පශ්චාත් මරණ පරීක්ෂණ(වාර්තාව, මරණ සහතිකය)  
7. 
උසාවියට  වාර්තාව යැවීම.
8. 
උසාවියට වාචික කටඋත්තර ලබාදීම.

යන සියල්ලම පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වෙනවා. ඉහත සිදුකරන සෑම පියවරක්ම නීතියට අදාලව සිදුකරයි ප්‍රශ්නකිරීම් වලදී පිළිතුරු ලබාදීමට වයිද්‍යවරයා බැදී සිටිනවා,   එසේනොහැකිවූවෝත් උසාවියේන් අවවාදකිරීම් වලට හෝ වරෙන්තු නිකුත් කිරීමකට යටත් වීමට සිදුවනවා.   වයිද්‍යවරයා මෙහිදී නිරීක්ෂණ සහ අදහස් පමණක් ලබාදෙනව, කිසිම පාර්ශවයකට පක්ෂව හෝ විපක්ෂව නොසිටින අතර විශේෂ සාක්ෂිකරුවෙකු ලෙස පමණයි සිටින්නේ. මෙහිදී මරණ පරීක්ෂණයේ නිවැරදිබව වයිද්‍යවරයාගේ පරිනතබව හා  human error මත වෙනස් විය හැකි අතර එසේ සැක සිතුවිටක දෙවන මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. මෙනිසා  මරණ පරීක්ෂණයේ නිවැරදිබව බොහෝ විට සැකයකින් තොරයි. නමුත් එසේ වෙනස් වූ අවස්ථා වාර්තා වෙනවා.



ඇත්තටම autopsy හෙවත් මිනිය කපනවා කියන්නේ දේහයේ සියලුම කුහර විවර කර පරීක්ෂා කිරීම (කපාලය, උරස, උදරය, ශ්‍රෝණිය ,(දේහයේ සියලුම අවයව කපා පරීක්ෂා කිරීම (මොලයේ සිට මහා බඩවැල දක්වා සියලුම අවයව) හා අවශ්‍ය විටක බෙල්ල/ ස්නායු රජ්ජුව (spinal cord)/ අත් පා කපා  ඒවාද පරීක්ෂා කරනවා. මෙහිදී දේහ අභ්‍යන්තරයට සිදුවූ හානි වගේම(මොලයට සිදුවූ හානි), ස්භාවික අන්තරයක සාධක(හ්ර්ධයේ නාල සිහින් වී) වැනිදේද පිටතට නොපෙනෙන පහරදීම්, වෙනත් තුවාල ආදියද පැහැදිලිව දැක ගන්න පුළුවන්.
රීක්ෂණය  අවසානයේ මරණය හේතුව සහ අර්ථ නිරූපණය ලබාදෙනවා එනම් තුවාල ලක්ෂණ මාර්ග අනතුරක ස්වභාවය ගන්නවා, මරණය සිදුවූ වෙලාව පැය 12-18  අතර වැනි  කරුණු ප්‍රකාශ කරනවා. මෙම  පරීක්ෂණයේ මූලිකම අරමුණු තමයි මරණය සිදුවූ හේතුව, වෙලාව, සිදුවූ ආකාරය(මිනිමැරුමක්, අනතුරක්, ස්භාවික, සියදිවිනසා ගැනීමක්), අනතුරින් පසු කල ක්‍රියකාරකම (Volitional activities) හා වයිද්‍ය නොසැලකිල්ල මත සිදුවූ මරණයක්ද යන්න සොයාබැලීම යන කාරණායි.