Sunday, January 15, 2012

sex වල පාට ගද සුවද සහ රස!


මේකනම් ටිකක් ඇඩල්ට්ස් ඔන්ලි ටොපික් එකක්, එත් කොලු/කෙලි දෙපාර්ශ්වයටම අදාලයි, කොතනින් පටන් ගන්නද මන්දා. අද කාලේ සෙක්ස් කියන්නේ ටිකක් වානිජකරණය වුන මාතෘකාවක්නේ. වානිජකරණය වුනු දෙයකට ඔය නොයෙකුත් රස, සුවද, පෙනුම එකතු කරනවානේ අලෙවිය වැඩිකර ගන්න. මේකත් ඒවගේ දෙයක් තමයි. හැබැයි මමනම් විදලා නැහැ, විදලා තියන අය ඉන්නවානම් කොමෙන්ට් කරන එකයි ඇත්තේ, නොදන්නා අපිට දැනකියා ගන්නත් එක්ක. 

මේ ලගදී අපි අපේ අද්යාපන වැඩකට family planning unit එකට ගියා  family planning ගැන ඉගන ගන්න. ඔය අරුම පුදුම අගර දගර වැඩ කියලා දුන්න එව්වා අස්සේ හතර බීරි දෙයක් ගැනත් කියලා දුන්නේ නැතිය. අනේ අපි ඉස්කෝලේ කාලේ ඉගෙන ගනිද්දී කොන්ඩම් කියන්නේ රබර් කොපුය, කිසිම ගදක් සුවදක් නැති, වල්කනියිස් කරපු කුට්ටි රබර්ය, දන්නා එකම එක ප්‍රීති කියා තමයි කිව්වේ. කතාව හරිය! නිකන් ලැබුන පැකට්ටුවක් කඩා බැලුවෙමි, මෙලෝ රහක් නැති රබර් කොප්පකි. ඉන් පස්සේ අපිට පෙන්නුවේ අමුතු අමුතු වැඩ කෑලි දැමූ කොන්ඩම්ය. brand කියනවනම් Preethi super - නිෂ්පාදකයා මෙසේ පවසයි, මතුපිට පෘෂ්ටයේ ඇති සිය ගණනක් වූ සියුම් ගැටිති ඔබේ ආශ්වාදය වැඩි කරයි.  Ruf Rider - නිෂ්පාදකයා මෙසේ පවසයි, පෘෂ්ටයේ රළු ස්භාවය ඔබව සුරතාන්තයෙන් අනන්තයට ගෙනයයි, Stamina - මේ පැකට්ටුවේ අස්සයෙක් තමයි කොටලා ඉන්නේ, මල හත් ඉලව්වයි, ඕක දාගත්තට පස්සේ අහවල් එකත් අස්සයෙක් වගේ කරයිද දන්නේ නැහැ, තව මට හම්බ උනා හරිම ගැජමැටික් එකක්, ඒක තමයි රස කල කොන්ඩම්, අහවල් අමාරුවටදැයි ඔව්වා රස කරන්නේ, ඈ ස්ට්‍රොබෙරි  රස, අර රස මේ රස කෙළවරක් නැති දෙව්ලොවයි, මමත් ඉතින් අහපී! "මැඩම් රස කල ඇහැවල් ඒවා ගන්නේ අර මක්කෙටයි" ආ පුතා ඒවා ගන්නේ MSM කට්ටිය, අනිත් අයත් ගන්නවා! ප්‍රෝබෝදය වැඩිකර ගන්න වෙන්ට ඇති. (MSM - man sex with man, ඒක තමයි gay කියන වචනයේ මෙඩිකල් ටර්ම ඒක). 

හත්වලාමෙයි මට හිතුනු දෙයක් තමයි, ඔව්ව වලදී receiving partner ගේ සුරාතාන්තය වැඩි වෙනවා මිසක්ක, penetrating partner ගේ මොනවත් වැඩිවෙන්නේ නැති එක. අනිත් එක තමයි ඔය වගේ උපකරණයක් පැළදගෙන ඔය වැඩේ කරන ඒක අමාරු නැතිය, අයෙත් මට ගැටලුවක්, එකට මට ලැබුන පිළිතුර තමයි, "ඕක පාවිච්චිකරන අයට තියන ඒක ගැටළුවක් තමයි ඕක, ඒක සදහා ultra thin එකියන්නේ ගොඩක්ම තුනී අවර්නයකින් යුත් එව්වා හදල තියනවා, මීට අමතරව ලෙස්සන සුළු ජෙලි පැකට් වෙනම හදලා තියනවා පාවිච්චි කරන්න". අනිත් කතාව තමයි  penetrating partner ට, එ කියන්නේ කොල්ලට කියන්න තියෙන්නේ රැවුලයි කැදයි දෙකම බේරගන්න අමාරු බව. ඔන්න ඔහොම තමා ඔතන කතාව උනේ. මේ වගේ සිද්දවෙච්චි තවත් කතාවක් පස්සේ වෙලාවක කියන්නම්කො.

පලි - ආගන්තුකයා මේ කිසිවක් අත්හදා බලා නැති බවත්, කිසිදු නුසුදුසු බාවිතයකට වගකියනු නොලබන බවත් කරුණාවෙන් සලකන්න. මේ වගේම ඔය පැකට් වලත් ඔහොමම ගහල තියනවා!!!!!! එත් සාර්තකත්වය 97% විතර වෙනවලු, පාවිච්චිකරලා බලන්න.

17 comments:

  1. අෑ! පාවිච්චි කරල බලන්න? අම්බෝ............

    ReplyDelete
    Replies
    1. රසායනික ක්‍රම වලින් බැහැරව විකල්ප ක්‍රමත් වෙලාවකට වටිනවානේ!

      Delete
  2. ඕවාට රේන් කෝට් අවශ්‍ය නැත. දෙපක්ෂයටම සෑහෙන දේවල් අපේ ලඟත් ඇත. හැබැයි මාකටින් නැති නිසා මෙලෝ යකෙක් දන්නේද නැත. දිනක අත්හදා බලන්න සිතා සිටිමි. තාම හොදට වැඩ නිසා ඒකට තව කල් බලන් ඉන්න වෙනවා. හෙක්... හෙක්...

    ඔබගේ සටහන ඉතාම වටිනා එකක්. මේවා එලිපිට කථා කළයුතු මාතෘකා.

    ReplyDelete
    Replies
    1. දෙපක්ෂයටම සෑහෙන දේවල් අපේ ලඟත් ඇත.

      මොනවද අප්පේ මේ. ෆුල්ම ටියුබ් ලයිට්නෙ.

      Delete
    2. ස්තූතියි වෙදතුමනි, අපිත් ආසයි දැනගන්න ඔය "සෑහෙන දේවල්" ගැන, මාකටින් නැති නමුත් සැබැ වටිනා දේශීය දෑ පිලිබදව බ්ලොග් කතිකාවතක් අරබමු, මම හිතන්නේ සෑහෙන සම්පත් අපට සයිබර් අවකාශයේ බ්ලොග් සහෘදයන්ගෙනම ලබා ගතහැකි වේවි. හොද ප්‍රතිචාර ලැබේවි, මම අරාධනා කරනවා ඔබතුමාට හොද ලිපි පෙළක් පටන් ගන්නා කියා.

      Delete
  3. //හැබැයි මමනම් විදලා නැහැ//
    අනේ නිකන් පලයන් යන්න මෙතන පානිය දමන්නෙ නැතුව.... :D
    මටනම් කොන්ඩම් දාලා කිසිම ආතල් එකක් නැහැබන්. අනික ඔය පෘෂ්ටය රළු එව්ව නම් බොරු කතා. අනේ මන්දා එක එකාට එක එක විධියයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න මැනිකක්, මචන් තවත් පුළුවන් නම ඒ වින්දනය විග්‍රහ කරන්නකෝ, අපි ආසයි අත්දැකීම් වලින් සපිරි අදහස් වලට,

      Delete
  4. අපි දන්නෙ නෑ ඕව ;)
    උඩ ඇනෝ කියල තියෙනව වගේ කිසිම ෆන් එකක් නෑ කියල තමයි අහල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අහපු දැකපු දේවල් වලට සීමා වෙන්න එපා, වින්දලම බලමු කිසියම් දවසක....

      Delete
  5. බැරියර් මෙතඩ් වල 98%ක් වගේ තමා සාර්ථකත්වය.ඔය රස කල ඒවා තියෙන්නේ MSM හා Oral sex අයගේ භාවිතය පිණීස.

    ReplyDelete
    Replies
    1. එළකිරි ඔය තියෙන්නේ....

      Delete
  6. ගොඩක් දේවල් දැන ගත්තා.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට තුති...

      Delete
  7. ඔය මහ වෙදනා කියන මෝඩ මනුස්සයා කියන දේවල් කරන්න යන්න එපා කවුරුත්. කොන්ඩෝම් පාවිච්චි කරන්නෙ ගැබ් ගැනීම පාලනයට විතරක් නෙවෙයි. ලිංගිකව සම්ප්‍රේශණය වන රෝග (HIV/AIDS ඇතුළුව) පාලනය කර ගැනීමත් එහි අරමුණක් ගැබ් ගත්තත් නොගත්තත් කොන්ඩෝම් නැතිව ලිංගිකව එක්වෙලා oral sex වලදී වුණත් ලිංගිකව සම්ප්‍රේශනය විය හැකි රෝග බෝ වෙන්නෙ පුළුවන්.

    ඔය ගැටිති තියෙන ඒවයෙ හා විවිධ රස තියෙන ඒවයෙ වෙනස දන්නෙ අපි නෙවෙයි ගෑනු කට්ටිය. ඒක ඒ ගොල්ලන්ම කමෙන්ට් කළ යුතු දෙයක්. ultra thin වලට නම් මාත් ආසයි. දැම්මත් නොදැම්මා වගේ තමයි. අර උණුහුම නොදැනෙන එක තමයි පොඩ්ඩක් අඩුපාඩුව.

    ReplyDelete
  8. අදහස්වලට ආගන්තුක්කයාගේ තුති.....
    (මෙහි ඇති සියලුම කොමෙන්ට් වල ඇත්තේ එක් එක් පාඨකයාගේ පෞද්ගලික අදහස් වන අතර, එම අදහස් විවේචනයේ අයිතියක් ඔබට ඇතත් පුද්ගලයන්ව විවේචනය නොකිරීම ඔබ සතු යුතුකමකි)

    ReplyDelete
  9. මේක නම් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගන්න වටින විශය පථයක් ;)
    මචන් උබට මතකද ඉස්කෝලෙ සයන්ස් එක්සිබිශන් එක :D

    ReplyDelete

ඔබේ අදහස්...