Thursday, August 11, 2011

සින්හලයනි දැනගනිව්...


තොපි එකක් දැන ගනිල්ල..
තොපෙ ජාතිය ඉවරයි...
අවුරුදු දෙදහක් පැවතුනු තොපෙ ජාතිය ඉවරයි. තොපි විනාසයි...
තොපි මේ ලොකේ ඉන්න අන්තිම නින්දිත අවලම් ජාතියක් වෙලා...
තොපිට ඕනෙ එකම දෙයයි...
කොහොමහරි තොපෙ බඩ කට පුරවා ගන්න එකයි...
ඕනෙ බලුකමක් ජඩකමක් කරලා ඒ ටික කරගන්න තොපි ලෑස්තියි.
අම්ම අප්ප උගස් තියලා හරි කමක් නැහැ...
රටට ජාතියට හෙන ගහල ගියත් තොපිට කමක් නැහැ...
තොපි මේ විදියට පිරිහිලා, විනාස වෙලා ගිහිච්ච හින්දා තමයි මම මේ කොටි අවතාරය එව්වේ...
ඒක මගෙ අවතාරය...
තොපි හිතන්න එපා ඒක වෙන කවුරුවත් කියලා...
ඔය ඉන්න මහ කොටියා... ප්‍රභාකරන්...
ඌ මගෙ වැඩකාරයා...
මම තමයි ඌ එව්වේ...
තොපිට පාඩමක් උගන්නන්න...

තොපිට එහෙම පාඩමක් උගන්නේ නැතිව තොපිව කවදාවත් හදලාගන්න බැහැ...
මීට ඉස්සරවෙලා මම ඔය වගෙ අවතාර එවලා තියනවා තොපිව විනාසවෙලා පිරිහිලා යනකොට මම ඔය අවතාර එවලා තියනවා...
එලාරයා එව්ව හින්දා තමයි තොපිට පුලුවන් උනේ දුටුගැමුනු කෙනෙක් හදා ගන්න...
එහෙම පාඩමක් උගන්නන්නේ නැතිව තොපිව හදලා ගන්න බැහැ...
තොපි උන්හිටි තැන්වලින් එලවලා, මහ පාරට බස්සල, තොපෙ අඹු දරුවෝ අමු අමුවේ මරලා දාල, දූශනය කරලා තොපිව මරලා පුලුස්සලා විනාස කරන්නේයි කියලා මම ඒ කොටි නාම්බන්නට වරන් දීලා තියනවා...
මන් උන් දමනය කරන්නේ තොපිව හදලා ගත්තයින් පස්සේ...
එතකන්  මගෙන් තොපිට කිසිම බුරුලක් නැහැ...

උන් හිටි තැන් නැතිවෙච්චි තොපි ඇවිල්ල දෙවුන්දර මගේ විමානේ වැටිලා ඉන්න හැටි මම දැක්කා...
එහෙම ඉදගෙනත් තොපි කරේ මොකද්ද? මේ රට නැතිකරන්නෙයි කියලා පුරුවෙ ජාතියේ ඉදලා කියාගෙන ආපු එකා දිනවන්න තොපෙ චන්දේ රුපියල් දහයට දුන්න එකයි...
එහෙව් තොපිට මගෙන් සමාවක් ලැබේය කියලාතොපි හිතන්න එපා...
තොපි කවදා හරි මේ බලුකම්, ජඩකම්, වලත්තකම් අත හැරිය දවසට විතරයි මම තොපි දිහා බලන්නේ...

"වෛදයවරයා හා රෝගියා - ගල් පිලිමය සහ බොල් පිලිමය"
ගුනදාස අමරසේකර - චින්තන පර්ශදය ප්‍රකාශන

4 comments:

  1. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා .......
    අපිත් හදමු අලුත් රටක් ........
    අලිමන්කඩ කියලා පාමන්කඩ යනවා ......
    අපේ රටේ ම්නිස්සුන්ට සතියකට පස්සේ කිසිම දෙයක් මතක නැ .....
    සුබ අනාගතයක් ...........

    ?????????????????

    ReplyDelete
  2. සිංහලයා තමන්ගෙ ජාතිය ආගම ගැන කතා කරාම ගොඩක් සිංහලයොම කෙනෙහිලිකම් කරලා ඒකා ජාතිවාදියෙක් කියන තැනට තල්ලු කරනව.මුන්ට ජාතිය ආගම ගැන හැගීමක් නෑ.නොරටුන්ට අර මොකද්ද දීගන ඉන්න තමා බලන්නෙ.අනේ හෑබෑට සිංහලේට ගිය කලක්.

    ReplyDelete
  3. ලංකාව දුපතකි..එක බසක් කතාකරනවා හැර වෙනත් කිසිදු දෙයක් අපේ කියා සිංහල අයට නැත...
    අපි සමරුපි හෝ සම අදහස් ඇත්තෝ නොවෙති..විටින් විට පැමීනි විවිදාකාර මිනිසුන් පිරි දූපතක එක් ජාතියක් අල්ලා දඟලන්නේ සැබෑම මෝඩයෝම වෙති...

    ReplyDelete
  4. සිංහලයාට සිංහල උරුමය පමණි!
    --------------------------------------
    අවීචියේ කප් දහසෙ               ත්
    වහල් කමේ එක් දවසෙ          ත්
    වෙනසක් නැති බව සිතතො  ත්
    උඹට පුතේ වැඩ සැලසෙ       ත්

                                ජාතික තොටිල්ල - ඇස්. මහින්ද හිමි

    ReplyDelete

ඔබේ අදහස්...