Monday, August 1, 2011

Research


ගොඩක් දවකින් තම්යි මේ පැත්තට ගොඩ වැදුනේ, පහුගිය සති කීපයේම විභාගෙ තිබුනා. සින්හලෙන් කියනවනම් මගෙ ජීවිතයට විභාග වසන්තයක් ඇවිල්ල, අයෙ මදි නොකියන්න විභාග. ජීවිතෙ හරි ඉක්මනින් ගෙවිලා යනවා, ගොඩක් පීඩනයෙන් තමයි කාලය ගත කරන්නේ, නිදහසක් ලැබුන වෙලාවක බ්ලොග් කීපයක් කියවන්න තමයි ගත කරන්නේ. මේපාර විභාගෙ මම මුහුන දුන්න අමුතුම ගනයේ එකක්, මොකද හදිසි අනතුරු අන්ශයෙ සායනික පුහුනුව සති දෙකක් ඉවරවෙලා, කිසිම කාලයක් නැතිව සති අන්තයකින් පස්සෙ විභාගය පටන් ගත්තේ, පහුගිය සති කීපයෙත් අයෙ මදි නොකියන්න වැඩ තිබුනා.

සිකුරාදා විහාගේ ඉවරවෙලා මුලු හොස්පිටල් එක වටේම ඇවිද්දා ඩිරෙක්ටොර්ව හොයාගෙන, මොකද ලබන සතියේ අපි research පටන් ගන්නවා, තුන්දෙනෙක්ගෙන් සමන්විත කන්ඩායමක් තමයි එක research group එකක්, ඒකට අවසර ගන්න ඔනේ, කොහොමහරි දවසම කට්ට කාල ඒකත් ගත්තා, මගෙ research එක ගැන පොඩ්ඩක් කියන්නද? අපෙ එකෙ මාතෘකාව තමයි mammographic diagnosis in symptomatic breast disease in woman referred to the mammography unit, national hospital Colombo. අපි මේ මාතෘකාව තොරගන්න විශෙශ හේතුන් කීපයක්ම තිබුනා, එකක තමයි ලන්කාවෙ මේ දත්ත හරිම අඩුවෙන් තමයි තියෙන්නේ, තව එකක් ලන්කාවෙ මේ සම්බන්දයෙන් එතරම් research කරලත් නැහැ, මූලිකම කාරනය තමයි ඒ අවයවයට දක්වන පෞද්ගලික රුච්කත්වය!!!! දැන් research field එකට පුදුම ඉල්ලුමක් ඇතිවෙමින් තියන බව තමයි පෙනෙන්න තියෙන්නේ, එක හින්දා එවා ගැන හුගක් අවබෝදය ලබලා ගියොත් අනාගතයට හොදයිනේ...........

ඒක කරන්නෙ ජාතික රෝහලෙ, radiology department එකේ. ලන්කාවෙ හතර වටින්ම රෝගින් මෙම ස්තානයට එන නිසා, ලන්කාවෙ සමස්ත පියයුරු සම්බන්ද රෝග තත්ව ආශ්‍රිත නියදියක් ලබාගන්න පුලුවන් හොදම තැන මෙතනයි. අපිට කාන්තාවන්ගෙන් හොද සහයෝගයක් ලැබෙයි කියලා හිතනවා. පියයුරු ගැන කතාකරනවානම්, මට මතකයි අපෙ ශල්ය වෛදයතුමෙක් දවසක් කියපු කතාවක්, ලන්කාවෙ කාන්තාවන්ගේ පියයුරු ශ්‍රිලාන්කික ක්‍රමයක් යටතේ වර්ගීකරනය කිරීම ගැනයි එතුමා කීවෙ, එහිදී ප්‍රමානය සහ වෙනත් සාදක ගැන අවදානය යොමුකරනවා, වර්ග හතරක් යටතෙ කොටස් කරනවා එනම් ඇබිත්තන්, යාන්තන්, පතන්, නොපතන්......

පියයුරු පිලිකා තමයි ලන්කාවෙ කාන්තාවන් අතර දක්නට ලැබෙන සුලභතම පිලිකා වර්ගය, මෙම පිලිකාවර්ගය සහ පියයුරු ආශ්‍රිත වෙනත් රෝග තත්ව හදුනා ගැනීමට mammogram කියන පරීක්ශනය අතිශය වැද්ගත් වෙනවා. සාමන්යෙන් පියයුරු පිලිකා ඇතිවීම කෙරෙහි ජානමය සාදකවල ලොකු බලපෑමක් තියනවා, මම මේ ගැන පරන ලිපියකිනුත් කතා කරල තියනවා, ඔයාල කැමැතිනම් මෙතනින් ඒකට යන්න පුලුවන්, කොහොමහරි අපි කරන්නේ, විවිද සායනික තත්ව, එක් එක් පුද්ගලයාගේ  සමාජීය තත්ව සමග සන්සන්දනය කර අවසාන නිගමන වලට එලබීමයි. හොද අත්දැකීම් ටිකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා, බලමුකෝ...................

කෝ මට සුභපතන් නැද්ද, research එක හොදට කරන්න කියලා........

7 comments:

  1. කාලයේන් කාලයට එක එක ලෙඩ හ්ම් ..නරකත් නැ වැඩේ ඔන්න මම වැඩේ සාර්තක වේවා යැයි සුබ පතනවා....!!!

    ReplyDelete
  2. කාන්තාවන්ගේ පියයුරු ශ්‍රිලාන්කික ක්‍රමයක් යටතේ වර්ගීකරනය කිරීම ඉස්සෙල්ලම කරල තියෙන්නෙ අන්දරේලු

    http://sithuwili-pawra.blogspot.com/2011/07/18_20.html

    ReplyDelete
  3. සාර්ථක පර්යේශණයක නිරත වෙන්න හැකිවේවා!

    ReplyDelete
  4. තනි අලියාAugust 3, 2011 at 7:57 PM

    ඔන්න සුභ පැතුවා! :)

    ReplyDelete
  5. තිඹිරි තැඹිලි දෙහි නාරං දොඩන් හැ               ම
    වැටකොළු ඇට්ටි කුරුවල් පැණි කොමඩු හෙ  ම
    ගිංතොට කොම්පැණියෙ ඒවත් දැකගෙන       ම
    පරික්සනේ ජය වෙන්නට පතමි ම                  ම

    ReplyDelete
  6. @වේලාව ලගයි
    @Chanaka Aruna Munasinghe
    @නදී
    @තනි අලියා
    ස්තූතියි කට්ටියටම

    ReplyDelete

ඔබේ අදහස්...