Saturday, September 10, 2011

නිල් මිනිස්සුයි... සුදු මිනිස්සුයි...


ඔයලා වෙන වැඩක් නැතිවෙලාවක පොඩ්ඩක් හිතන්න ගැටලුවක් දෙන්නද? පොඩි නිර්මානාත්මක ගැටලුවක්,

ඔන්න මුහුද මැද්දේ එක දූපතක් තිබුනලු, මේකේ හිටියලු ගොත්‍රික කන්ඩායම් දෙකක්, එක් කන්ඩායමක් නිල් පාටයිලු, අනික් කන්ඩායම සුදු පාටයිලු, දෙගොල්ලොම ඉන්නේ එකට, හැබැයි මෙයාලට තමුන්ගේ ඇගේ වර්නය පෙනෙන්නේ නැතිලු, ඒත් අනිත් අයගේ ඇගේ වර්නය පෙනෙනවාලු.  ඒක හින්දා මේ කට්ටිය එක්කෙනෙක්වහ් තමුන්ගේ ඇගේ පාට දන්නේ නැතිලු. ඒත් එක්කම මේ දූපතේ පාට දෙකක මිනිස්සු ඉන්නේ කියලා ඒ අය දන්නේ නෑ. හැබැයි වැඩේ කියන්නේ මේ කට්ටිය තමුන්ගේ ඇගේ පාට දැනගත්ත දවසට පහුවෙනිදා ඉබේම මැරෙනවාලු. 

ශිශ්ඨාචාරකරනයෙන් දූශිත නොවුනු මේ දූපතට එක් සන්චාරකයින් කට්ටියක් ඇවිල්ලා, මේ ජනතාව එක්ක සතුටින් දින ගනනාවක් ඉදලා යන දවසේ කිව්වලු,

 "අපි මේ දූපතේ ඉන්න නිල් කට්ටියයි, සුදු කට්ටියයි එක්ක බොහොම සතුටින් හිටියා, ඔයාලට ගොඩක් ස්තූතියි උදව් වලට" කියලා. 

ඊට පස්සේ දවස් හතක් යද්දී නිල් මිනිස්සු ඔක්කොම මැරුනලු, දැන් ප්‍රශ්නය තමයි මේ දූපතේ නිල් මිනිස්සු කීදෙනෙක් හිටියද? (පැහැදිලි කිරීමක් අවශ්යයි )

ඉගි දෙන්නම්
1. මේ මිනිස්සු හරිම බුද්දිමත් සහ තර්කානුකූලයි.
2. තමුන්ගේ පාට දැනගත්ත දාට පහුවෙනිදා උදේ වෙද්දි එයා මැරෙනවා.

පලි - මට මේක විසදන්න බැරි උනා, 

8 comments:

  1. බැරල් ගාණක් බොන්න ඔ්න ප්‍රශ්ණයක්! :( :S :@

    ReplyDelete
  2. තමුන්ගේ ඇඟේ වර්ණය පෙන්නෙන්නෙ නෑ කියන්නෙ සුදු කෙනෙකුට තවත් සුදු කෙනෙක්වවත් පෙනෙන්නෙ නැද්ද ?

    ReplyDelete
  3. Naha naha, thamunge age paata witharayi nopenenne, anik ayage paata penawaa. Saralawa kiyanawanam ara sancharakayin enna kalin owunta paata gana kisima awabodhayak thibila naha.Naha naha, thamunge age paata witharayi nopenenne, anik ayage paata penawaa. Saralawa kiyanawanam ara sancharakayin enna kalin owunta paata gana kisima awabodhayak thibila naha.

    ReplyDelete
  4. දත්ත ප්‍රමාණවත් නැත...

    ReplyDelete
  5. 1ma eka nil paata minihek witharai.
    Ara miniha paata 2ka minissu gana kiwwahama,anith serama sudu paatanam nil paata kena mama wenna one kiyala hithapu nil paata miniha marenna athi.miniha paata 2ka minissu gana kiwwahama,anith serama sudu paatanam nil paata kena mama wenna one kiyala hithapu nil paata miniha marenna athi.

    ReplyDelete
  6. මට 50:50 අවස්ථාව ගන්න පුලුවන්ද

    ReplyDelete
  7. @Anonymous ඔයා හිතන විදිය හරි, නමුත් සතියක් යනවා මිනිස්සු ඔක්කොම මැරෙන්න.
    @නයට ගත් ජීවිතය ඩෙෆා, අර ඇනෝ හිතුව වගේ හිතන්න

    ReplyDelete

ඔබේ අදහස්...