Thursday, September 1, 2011

අපි ග්‍රීස් යක්කු නෙවෙයි


මම හොද කතා කාරයෙක් නොවෙයි, මේක ඇවිල්ල මරන තුනක් තිබිච්ච, දෙයක් ගැන වැඩියෙන් සීරියස් ගන්න අපි කොල්ලො සෙට් එක පැනි කාපු හැටි ගැන තමයි. පැනි කිව්වේ? නැහැ නැහැ අර පරන කතාවනේ ඔය. හොදයි! විභාග කාරිය ඉවරවෙලා, පාඩම් කරපු මහන්සිය යන්නත් එක්ක අපි කට්ටිය ට්‍රිප් ඒක් යන්න ලෑස්ති උනා කියමුකෝ, සමහර කට්ටියනම් එක්සෑම් එකටත් කලින් ඉදන්ම රෙඩි උනා කියලා තමයි කතාව යන්නේ, මම නෙමෙයි අනේ! දවස් ගානක් ඉන්ටෙර්නෙට් එක පීර පීර බැලුවා යන්න හොද තැනක්. ලන්කාවේ තැන් තැන් වල කෑම්ප් සයිට් කිහිපයකම හිටපු කට්ටියන්ගේ කොමෙන්ට්ස් ගත්තු අපි අන්තිමේට වන්ගෙඩිගල කියලා බලන්ගොඩට කිට්ටු තැනක කෑම්ප් ගහන්න යන්න තීරනය කෙරුවා.

යන දවසේ කට්ටියම චමරියෙන් දවල්ට කාල එහෙම රූම් එකකට එකතූනා ගමන යන්න පිටත් වෙන්න, අපිට ලොකු බඩු ලිස්ට් එකක් තිබුනා ටෙන්ට් දෙකයි, උයන බඩුයි, අපෙ බඩුයි, ගෑස් එකයි, සිලින්ඩරෙයි එහෙහ්ම ඔක්කොම රෙඩි වෙලා තිබුනා. එතකොට තමයි පලවෙනි මරනය සෙට් උනේ.

"මචන් එ පැත්ත ගිනි ගන්නවලු, මිනිස්සු කෑලෑවට ගිනිතයලලු........" 

ආරන්චිය ආවේ එහෙමයි. මදැයි කොලා, අපෙ එවුන් නම් ඔලුව බිමගහල කිවුවේ ගමන නොයා මිස ගෙදර යන්නෑ කියලයි. ඇයි ඉතින් අපෙත් ලොකු කයිනේ ගෙදරටයි, ෆැකල්ටි එකටයයි. ඉතින් එහෙම ඉදලා අපි අම්බලන්ගොඩ පොලීසියටයි, ඒ වටෙ පොලිසි තුනකටයි කෝල් දුන්නා, මොකද වෙන්නේ බලන්ඩ, පොඩි සුභ නිමිත්තක්, එ කන්දට ගිනි නැතිලු. එතනිනුත් බේරුනා කියමු. 

නැග්ග බලන්ගොඩ බස් එකටඅපි ගිහිල්ල පලවෙනි දවසේ යාලුවෙකුගේ නෑදෑ ගෙදරක නතර උනා. පහුවෙනිදා තමයි කන්ද නගින්නේ.


පහුවෙනිදා අපි පෙරිය මොකද්ද කියලා වත්තක් මැද්දෙන් වන්ගෙඩිගල මුදුනේ කෑම්පින් සයිට් එකට ලන්නුනා. හත්වලාමෙයි! මෙන්න මිනිහෙක් දිග වක් පිහියක් වගේ එකක් ඇරගෙන අපි නගින පැත්ත දිහා බලාගෙන ඉන්නවා, මුවහත දිහා බැලුවම අර පොස්ට් මෝර්ටම් කරන බඩු ටික වගේ. ටික වෙලාවකින් තවත් මිනිහෙක්ද ආදී වශයෙන් ගැන්සියක්ම සෙට් උනේ නෑතැයි. දැන් කට්ටියම අපි දිහාවට ලන්වෙනවා නිකන් සැකයෙන් වගේ. අපි නැවතුනා ඔවුන්ට කතාකරන්න අපි දෙතුන් දෙනෙක් ගියා. මේ කාලෙ තමයි ඔය ග්‍රීස් යක්කු කියන කතාව වතුවලට ඇවිල්ල තිබුනේ, සතියකට විතර උඩදී වත්තකට ගියපු මිනිසුන් දෙන්නේක් මරලා දාල තිබුනා, අර කතාව ලොකුවට ගියේ. අපිවත් ග්‍රීස් යක්කු කියල සැක කරලා. කොහොම හරි ඔවුන්ගේ තර්ජන මැද අපි පල්ලම් බැස්සා. ඒක තමයි දෙවනි මරනය, අපි මැරුම් නොකා නූලෙන් බේරුනේ. 


දෑන් අපි බැහැලා දස අතෙ කල්පනාව, යන්නෙ කොහෙද, අපි අතරමන්නේ. ඔහොම ඉන්න අතරේ අපේ එකෙක් සබරගමු කැම්පස් එකේ යාලුවෙකුට කෝල් එකක් දීල තිබුනා, ඔහුගේ පිලිතුර උනේ මේ දවස්වල සමනල වැව හිදිලා හින්දා ඒකේ කෑම්ප් ගහන්න පුලුවන් කියලයි. 

හරි තැනක් සෙට් උනානේ. අපි එතනට ගියා එතන ලොකුවට ගහලා තියනවා "අවසර නැතිව ඇතුල්වන්නන්ට අනතුරු ඇගවීමකින් තොරව වෙඩි තබනු ලැබේ" කියලා. ඔන්න ඔහේ ඕන මගුලක් කියලා අපි කෑම්ප් දෙක අටවලා අවට සිරි නරබන්න පටන් ගත්තා. හිතේ පුන්චි විචිකිච්චාවක් නොතිබුනාම නෙවෙයි.


සමනල වැවෙ දාගැබකුත් මතුවෙලා තිබුනා අපි එකේ වටේ ඇවිදලා, වතුර ටිකක් තියනවා නාන්න හොදයි, වටේත් හරි ලස්සනයි. රෑට බුරියානි එකකුයි, වටලප්පමුයි හදන අතරතුර ටෝච් එලි දෙකක් එනවා පෙනුනා (අපි කෑම්ප් ගැහුවෙ එලියට නොපෙනෙන වලක් වගේ තැනක) දැන් වෙඩි වදියි, දැන් වෙඩි වදියි කියලා බලා ඉන්න අතරේ ආර්ක්ශක නිලදාරී මහතුන් දෙදෙනෙකු ඇවිල්ලා කතා කලා, අපි විකුනන්න පුලුවන් හැම කෙනාවම විකුනලා ශේප් කරගතතා, ඒ කරුනාවන්ත මහතුන් අවසානයේ කිව්වේ මේ මහ රෑ ඔයාලට යන්න කියන්නත් බැහැ, කරදරයක් නැතිව ඉදලා උදෙන්ම යන්න කියලයි. ඒක තමයි තුන්වෙනි මරනය.


තව කතාවක් මහ රෑ හරක් රන්චුවක් අපෙ කෑම්ප් එක වටේට වෙලා කෑගහනවා, උන්ගේ තැන වෙන්ටෑ, අපිත් ඉතින් හරක් වගේ උන්ට කෑගහල එලව ගත්තායි කියමු, මෙන්න බොලේ එකෙක් අපි පැත්තට එනවා, බය වෙච්චි අපේ එකෙක් අනිත් උන්ට කුනුහර්පෙන් බනිනවා "කෑගහන්න එපා *** ඒක අපි ලගටම එයි" කියලා. කොහොම හරි ජාමෙන් ජාමේ ඌත් තොලොන්චි උනා. බ් ර් ර් ර් ර් සීතල........


කෙසේ නමුත් අපි අවසානයේ නිරාමිශ ප්‍රීතියකින් අපෙ ගමන අවසන් කරා, බලපු තැන් ටික උනේ වන්ගෙඩිගල, අඩන ඇල්ල, සමනල වැව, සබරගමු කැම්පස් එක, තව මොකද්ද ඇල්ලකුයි තමයි. තැන් තුන හතරකින්ම නාලා කොලබ එනවිට පසුවදා මද්යම රාත්‍රිය එලබුනා. හොස්ටල් එකට ඇවිල්ල පැයක් විතර කතාකලේ ඒ ගමන මැරුම් නොකා බේරුන හැටි ගැනයි. විශෙශයෙන්ම ස්තූති කරන්න ඔනේ, අපෙ මිතුරාගේ නෑයින්ට, සබරගමු කැම්පස් එකේ මිතුරන්ට සහ ඒ කරුනාවන්ත ආරක්ශක නිලදාරී මහතුන්ට. එකක් කියන්න ඔනේ මේ දවස්වල ගමනක් යන්න ඉස්සල්ලා ටිකක හොයලා බලන්ඩ.