Tuesday, September 20, 2011

මගේ විත්ති


මෙ අපෙ ෆැකල්ටි එකෙ අය්ය කෙනෙක්ට සිද්ද උන දෙයක්. එක්සෑම් එකකදී එයාට මානසික රෝගියෙකුගේ සායනික ඉතිහාසය සහ ඔහුව පරීක්ශා කරන්න වුනාලු, සම්මත ක්‍රමය තමයි එහෙම සීමාසහිත කාලයක් ඇතුලත ලෙඩෙක්ව පරීක්ශ කරලා එම ලෙඩා ගැන පරීක්ශකවරයා සමග සාකච්චා කරන්න ඔනේ. දැන් මේ ලෙඩා ගැන කතා කෙරුවොත් එයාගෙන් ඉස්සල්ලා කිහිපදෙනෙක් පරීක්ශනයට ලක් කරලලු හිටියේ, අපෙ අයියා  තමයි එයාව මීලගට පරීක්ශා කරන්න හිටියෙ.... එයා සුනිල් කියලා කියමුකො,

"සුනිල් මට කියන්න පුලුවන්ද ඔයාට මොකද උනේ කියලා......"

"මහත්තයා මම අර මුලින් ආපු මහත්වරුන්ට කතාව කීවනෙ, මම මහත්තයාට වෙන කතාවක් කියන්නම්, හොදේ....."

හපොයි....

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
දවසක් අපෙ යාලුවන් කීප දෙනෙක් අතර කතාවක් ඇතිඋනා,

"මචන් අර .......යනම් පොශ් කෙල්ලක් නේද?"

"ඔවු මචන් පොශ් එකෙක්ට තමයි හරියන්නෙ"

"...ත් ඔය කෙල්ලට ට්‍රයි කලා නේද?"

"නැහැ මචන් උබට ඒක හරියන්නේ නැහැ, උබල ආවෙ දකුනෙන්නෙ"

"දකුනෙ උනාට අපිත් හොද පොශ් කොල්ලො තමයි.... හරිය..."

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අපෙ ස්කෝලෙ ප්‍රදර්ශනයක් තිබිච්ච කාලෙක, ලමයි කට්ටියක් මහ රෑ වැඩ එහම ඉවර වෙලා කොම්පුටරයක් වටේට සෙට් උනා, මොනවටද කියලා දන්නවා ඇතිනේ පිරිමි පාසල් නේ...
ටික වෙලාවක් යද්දී සර් කෙනෙක්ට වැඩේ මාට්ටු වෙලා ක්ලාස් රූම් එකට ඇවිල්ල බලන්න, කොහොම හරි වැඩේ ශේප් වෙලා....
පස්සේ දවසක් ඒ සර් තව සර් කෙනෙක්ට කියනවලු...

"මම බලපු බලපු සැරේට කොල්ලො ටික වට වෙලා බොහොම උනන්දුවෙන් කටවල් ඇරගෙන ඩෙක්ස්ටොප් එක දිහා බලාගෙන ඉන්නවනේ...."

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

මේ තවත් අර වගේම වල් කතාවක්, දවසක් ඉස්කෝලෙ සර්ලට බොහොම පක්ශපාති ශිශ්යනායකයන් පිරිසක් නිල් චිත්‍රපට සහිත සීඩී වගයක් සර්ලට අල්ලලා දීලා.
මේවා හරිහැටි නොබලා ලමයින්ට දඩුවම් කිරීම නුසුදුසුයි කියලා හිතපු සර්ලා මේවා නරබලා පන්තිවලට ආවා.

"සර් මොනවද ඒවල තිබුනේ?....... කොල්ලන්ට ප්‍රශ්නයක්!"

"මොනවද තමයි! තිබුනේම සෘජු දඩු සහ ප්‍රත්‍යස්ත ගෝල ගැටුම් තමයි"
සර් ඉගැන්වුවේ ෆිසික්ස්.......  

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

මෙම සිද්දිය උනේ කොහෙද, කවදාද කියා කිසිවෙක් නොදනී.....
හුදෙක් පුද්ගලයෙකු විසින් නිර්මානය කරන ලද්දක්ද විය හැකිය...

"සර්! සර් කලු මොකද?"
"අපෙ අම්ම, තොගෙ අම්මවගේ ............... ගිහිල්ල නැහැ ඒකයි"
"ඒවුනාට සර්ගේ දුව සුදුයි නේ!"

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අපෙ කොල්ලො සෙට් එකක් පාසල් චාරිකාවක් ගිහිල්ලා, දවස් දෙකක. රෑ නැවතිලා හිටපු තැන කොල්ලො කට්ටීයක් ගසන්න සෙට් වෙද්දී මෙන්න සර් කෙනෙක් හතර ගාතෙන් එනවලු...

"තොපි එකෙක්වත් බීල එහෙම අහුවෙන්න එපා...."
 
"පිස්සුද සර්, අපි බොනවද?"
 
"ඒක තමයි, දැන් නිදාගනිල්ලා"
 
 පස්සේ දවසක් ඉස්කෝලේ මැඩම් අර සර්ගෙන් අහනවලු,
 
"කොහොමද සර් මගෙ ලමයි ටික අරක්කු බීවා කියල ආරචියි! ඇත්තද?"
 
"පිස්සුද මිස්, අපි මුලු රෑම හොද විපරමෙන් හිටියේ, අපිට නොදැනී අරක්කු කටෙවත් තියන්න පුලුවන් කමක් තිබුනේ නැහැ"

6 comments:

  1. මරු...........!!

    ReplyDelete
  2. මරේ මරු! ලොවෙත් නෑ!

    ReplyDelete
  3. කියන්න තිබ්බෙ , කියල කියල කටපාඩංනෙ, එ් කතාවම කියන්න කියල,

    අර අල්ලපුව සර්ල විතරනෙ බැලුවෙ....... :D

    ReplyDelete
  4. ප්‍රත්‍යස්ත ගෝල ගැටුම්...... thats the best one..

    ReplyDelete
  5. එල මචන් එල, සුන්දර පාසල් මතකය අවදි කලාට ස්තූතියි...

    මචන් උඹට මතකද අර ඩෙස්ක්ටොප් එක ගාව හිටපු කෙනෙක්ට පැනඩෝල් පෙති දෙකක් දෙන්න උනා...

    සෘජු දඩු සහ ප්‍රත්‍යස්ත ගෝල ගැන කීවෙ කව්ද කිල නම් හිතාගන්න පුළුවන් :D

    සුදු දුවෙක් හිටපු කළු සර් මචන් අපේ මතකයෙන් කවදාවත් ඈත් නොවෙන ඒත් අපෙන් ඈත් උන ඒ 'කළු සර්...' :|

    මැද චොකලට් වටේට මෝල්ට්... :D

    ReplyDelete
  6. @ටී.බී. හේරත්
    මැද චොකලට් වටේට මෝල්ට් කතාව මොකද්ද මචන්?
    පැනඩෝල් කතාවත් මතක නැහැ මචන්!
    මම කල්ල සර්ව ගාව නොගෙන ඉන්නයි හිතුවෙ!

    ReplyDelete

ඔබේ අදහස්...