Wednesday, September 28, 2011

නරක පනිවිඩයක්


වෛදයවරයෙකු බෝහෝ විට රෝගියෙකකුට ගෙනෙන ආරන්චියන් හොද ආරන්චියක් වන්නේ කලාතුරකිනි. සමහර රෝග විනිශ්යන් රෝගියාට පවසන විට වෛදයවරයාද අපහසුවලට ලක්වන්නේ, ඔහුගේ ජීවිතය ගැන තීරනය කරන පනිවිඩයක් ඔහුගේ හිතට අවම බරක් දැනෙන පරිදි දැන්විය යුතු හෙයිනි. උදාහරනය ලෙස මොලයේ පිලිකාවක්, මරනීය අනතුරක විස්තර ගෙන එමේදී සැලකිලිමත් විය යුතුය, මන්ද කායිකව වැටී සිටින් රෝගියගේ මානසිකත්වය යම් තරමකින් හෝ ආරක්ශ කිරීම අපගේ යුතුකමක් වන නිසාය.

සතුටු හිතෙන ආරන්චි දීමට අපි කව්රුත් ප්‍රිය කරන්නෙමු. නමුත් අප්‍රිය ආරන්චි දීම? වෘතීමය වගකීමක් වන එය, වෛදයවරයාට අභියෝගයක්. රෝගියාගේ අපේක්ශාවන් වැඩිය, නමුත් අප අත ඇත්තෙ අඩු අපේක්ශා සහිත පනිවිඩයකි, එවිට නිතැනින්ම ලුහුඩක් නිර්මානයවේ, එම ලුහුඩ සම්පූර්න කිරීම වෛදයවරයාගේ පරම යුතුකමකි.

සායනික සාකච්චාව ආරම්භයේදීම රෝගියාගෙන් අසන්නේ, උදාහරනයක් ලෙස,

වෛ - සුනිල් මහත්මයා, ඔය මොනවද ඔයාගේ ලෙඩේ ගැන දන්නේ?

සු - මාස තුනක් විතර ඔලුවෙ රදය තියන හින්දා, කලින් බලපු ඩොක්ටර් නම් කීවෙ ඉරුවාරදය, නැත්නම් ආතතතිය වගේ වෙන්න ඇති කියලයි.

වෛ - අපි ඊයෙ මොලයෙ එම් අර් අයි පරීක්ශාවක් කලානේ?

සු - ඔව්

වෛ - ඒකෙ ප්‍රතිපල ඇවිල්ල තියනවා, තත්වය ටිකක් අපි හිතුවට වැඩිය බරපතලයි!

බෝහෝවිට මෙවැනි අවස්තාවලදී රෝගියාගේ ප්‍රතිචාරය අනුව, රෝගියාට තනියම හෝ/පවුලේ මිතුරන සමග හෝ තනිවීමට ඉඩ හැර පසු අවස්තාවන් කිහිපයකදී තත්වයේ සම්පූර්න තොරතුරුම ඔහු වෙත ලබාදිය යුතුය.

සුව කලනොහැකි ලෙඩක් නම්, සියලුම alternative options ලෙඩා වෙත පවසා, අවසාන තීරනය ගනු ලබන්නේ, සාමූහිකවය. එය පොදු තීරනයක් වන අතර ලෙඩා සහ පව්ලෙ අයට මූලික අවදානනය යොමු කරයි.


එවන් රෝගීන් සමග ආත්මීය සන්ගතවීම වෛදයවරයාගෙන් බලාපොරොත්තු වන්නක් අතර, එහිදී සුවකරන්නාගේ චරිතය උපදේශකයා විසින් බාර ගනු ලබයි. පුද්ගලයෙකුගේ අවසාන මොහොතෙ, ඔහුගේ හැගීම් හා සමීපව සැබැදිවීම මනුශත්වයට සහ පුද්ගලයාගේ චෛතිසිකත්වය හා සිදු කරන උතුම් ගනුදෙනුවකී. මියැදෙමින් සිටින පුද්ගලයාගේ අවසාන ඉල්ලීමක් වන "අනේ තව ටික කාලයක්" කිසිදා සැපිරිය නොහැකි අවශ්යතාවයකි, විශ්වයේ පොදු ධර්මතාවය එයය. එසේ අතිපුද්ගලත්වය සමග කටයුතුකරන මිනිසුන් ජීවිතය ගැන මහත් අත්දැකීම් ලබාගත්තො වෙත්හ......