Wednesday, August 31, 2011

ඔබ කැමති ඇය කොහොම ඉන්නවනම්ද?


තනිකඩ ජීවිතේදී තමුන්ගේ කිය කෙල්ලෙක්ගේ ඉරියව් බලන්ඩ අවස්තාවක් නැති කල්හී, සමස්ත ස්ත්‍රී වර්ගයාගේම ඉරියව් දෙස අවදානයෙන් බලාසිටිමු(මි). අර මම කලින් පොස්ට් එකක කිව්වේ එහෙම බලාගෙන ඉදලා මට වෙච්චි ඇබැද්දියක් තමයි. කොහොම උනත් අද මම කතා කරන්නේ අපි කෙල්ලෙක්ගේ ඉරියව් කොතරම් හොදට නිරීක්ශනය කරනවාද කියලයි. සමීක්ශකයින් කියන විදියට ඉරියව් වලින් ප්‍රකාශ වන Body language එක කියවීම පුද්ගල සම්බන්දතාවය හරිම වැදගත් බවයි. කොහොම උනත් body language කියන එක නම් හරිම වැදගත් කියලයි මම කලින් පොස්ට් එකකත් කිව්වේ.  

හරි අපි අපෙ කතාවට යමුකෝ, මම මේ නිකන් ඉන්න වෙලාවට ජාලයේ සැරි සරද්දී දැක්ක දෙයක්. කෙල්ලන්ගේ වඩාත්ම ආකර්ශනීයම ඉරියව්ව හොයන එක තමයි මේ පරීක්ශන වල අරමුන උනේ. අනික් අයට කොහොම උනත් මටනම් මේක හරි. ඒ අය කරලා තියන සමීක්ශනයකින් තහවුරුවෙලා තියන දෙයක් තමයි පිරිමි වැඩියෙන්ම කැමති කාන්තාවන්ගේ ඉරියව්ව තමයි 1 රූපයේ දැක්වෙන ඉරියව්ව කියලා. ඒහිදී ප්‍රදාන වශයෙන් දෙපා වලලුකරේ සිට දනහිස හෝ ඉන් මදක් ඉහලට නිරාවරනය වෙනවා. දනහිසේ සුමුදු වක්‍රකාරබව ගොඩක් පෙන්වන එක ඇයගේ පියයුරු නියෝජනය කරබව තමයි ඔවුන් පවසන්නේ. ඔවුන් මෙය leg twine position  ලෙස හදුන්වනවා. කාන්තාවන් හිතාමතාම අන් අයගේ අවදානය යොමුකරවා ගැනීමටත් මෙය බාවිතා කරනවාලු. කකුල් දෙක එකිනෙක තෙරපීම ඔවුන්ගේ mental status එක විදහා දක්වන අතර මෙතන තියන ලස්සන දෙයක් ගැන ඒ කට්ටිය කතාකරනවා, ඒක තමයි මේ ඉරියව්වෙ ඉන්න කාන්තාවක් ඇයගේ සිත්ගත්ත පිරිමියා ඉදිරියේ දෙපා දෙපසට වන්වමින් එකිනෙක හා අතුල්ල ගන්නේනම් සහ දෑතින් හෙමින් පිරිමදින්නේනම් ඇය එම පිරිමිය ලවා ස්පශකරවාගැනීමට කැමති බව පෙන්වනවාලු.

                                            Leg Twine position

තවත් දෙයක් තමයි කාන්තාවක් තම නිරාවරනය වූ shoulder එකේ  ඉහලින් බැලීම, මුලින් කී පරිද්දෙන්ම මෙයත් කාන්තාවකගේ වටකුරු පියයුරු නිරූපනය කරන අතර වඩාත්ම ආකර්ශනීය ඉරියව් වලින් එකක් බවයි පැවසෙන්නේ. අඩවන්වූ දෙනෙත් වලින් සපිරි මේ බැල්ම පිරිමින්ගේ බැලම ගොඩ වෙලාවකට ඇය දෙය යොමුකරවා ගැනීමට සමත් බවයි පැවසෙන්නේ.


                                Glance over the raised shoulder

මෙම සමීක්ශනය ශ්‍රි ලාන්කික සන්දර්භයට කොහොම වලන්ගු වෙනවද කියලනම් මම දන්නේ නැහැ. Allan/Barbara Pease කියන්නේ ප්‍රකට සමාජ ගවේශකයින් දෙදෙනෙක්, ඔවුන්ගේ "The Definitive Book of Body Language"  කියන පොතෙන් තමයි මම මේ කරුනු ටික හොයාගත්තේ.


Wednesday, August 24, 2011

මිනිහෙක් මරන්න හොදම විදිය


අහස දෙස බලමින් ආ වානරයා ගග අසලින් මදකට නතර විය. ගලන දිය පහර හේට අමුතු ප්‍රීතියක් ගෙන දුනි, එකක් මේ මුවන් වැනි සතුන් ගැවසෙන වෙලාවයි, අනික නම් තම සනහුරෙ එකෙක්වත් අහල නොසිටින බව ඌ දුටුවේය. පහල ගල් දෙබුක්කාවේ නිහඩව ආහාර  බුදින මුවා දුටු හෙතෙම තොලකට ලෙව කමින් ගොදුර දෙසට ඇදෙන්නට වන. අමාරුවෙන් මස්කර ගත් මුව ගාතය කටින් ඔසවාගෙන යන අතරතුර හමුවන තම සනුහරේ ඇත්තොන්ගෙන් දිවා ආහරය බේරාගන්න සැටි ඔහු දස අතේ සිතන්නට වන, ඔහුගේ වානර මොලය ඔහුට දුන්නේ එකම අදහසකි, තම පස මිතුරා දෙසට හැරුනු හෙතෙම, වානර බාහුවට සියලුම ශක්තිය යොදා මුහුනට සහ ගෙල දෙසට වේගවත් පහරවල් එල්ල කරන්නට වන. පස මිතුරාගෙන ගලා ආ රුධිරය ඔහුට මහත් වූ වින්දනයක් ගෙන දෙන්නට වන. පස මිතුරා පසෙකට ඇලවිය, ඔහු සදකාලික නින්දට වැටී ඇත. ඒ බවක් නොතැකූ අප වානර තෙමේ, නොනවත්වා පහර දෙන්නට විය. පහර දී ලේ දැකීමෙන් තෘප්තියට පත් හෙතම නොනවත්වා ඉදිරියට ඇදෙන්නට විය. ඔහු කෙතරම් දුර ඇවිද්දේද යත් අවසන කැඩපතක් ඉදිරියේ නැවතී බලන කල ඔහුගේ ඇදුමේ වූ දුහුවිලි පැල්ලම් කබායේ වූ ලෙන්සුවෙන් පිසගන්න අතර, මුනේ රදවාගෙන තිබූ කන්නඩි කුට්ටම ගලවා කබායේ ඉහල සාක්කුවෙ රුවා ගත්තේය.

මිනිසුන් තම වර්ගයාගේ රුදිරයේ වර්නය දැකීමට ඉමහත් ආසාවෙන් සිටින බව මට සිතේ, පුද්ගලයෙකු තව පුද්ගලයෙකු මරන ක්‍රම ගොඩක් මා දැක ඇත, උදාහරයක් ලෙස මිටියකින් පහර දීම, ඇසිඩ් ගැසීම, මිය යන තුරු පහර දීම වැනි ක්‍රම පාවිච්චි කල හැක. එසේ පාවිච්චි කරන බව මට ප්‍රත්යක්ශ විය. මිනිසෙක් තව මිනිසෙක්ට පහර දීම එකකි, පුතෙක් තම පියාට මිටියකින් පහර දීම තව එකකි. ජීවිත කාලයක් පුරා ආදරයෙන රැක බලාගත් තාත්තාව මරන්න තියන හොදම ක්‍රමය මිටියකින් පහර දීම ලෙස ඒ පුතාට හිතුනු පලවෙනි දේ වෙන්න ඇති.

නොයෙකුත් ආකාර වල මිනීමරුවන් ඇත. මහා පරිමානයෙන මිනීමරන අය වර්ග කිහිපයකි. දාම මිනී මැරුම් හෙවත් serial murder සමාන ආකාරයට, සමානතම තාවයකින් යුතු පුද්ගලයින් 3නට වඩා මැරීම සිදු කරයි. Spree killers කියන්නේ එකම අවස්තාවක පුද්ගලයින් කිහිප දෙනකු පිලිවලින් වරකට එකා බැගින් මරන අයවලුන්ය. එකම අවස්තාවක පුද්ගලයින් විශාල පිරිසක් මැරීම mass murder ලෙස හදුන්වයි.

Serial killers බොහෝ විට පෞර්ශත්ව ආබාදයකින් පෙලෙන අතර, මිනීමැරුම් විශාල ගනනක් වුවද සිදු කිරීම ඔවුන් පසුබට වන්නේ නැත. ඔවුන් එම මිනීමැරුම් ගැන පසුතැවීමක් නැතිවීම ප්‍රදාන ලක්ශනයකි. මොවුන් බොහෝ විට තෘප්තිය සදහාද, පලිගැනීම සදහාද මිනීමැරුම් සිදුකරයි. ආවේග වලින් නොපෙලීම මොවුන්ගේ ප්‍රදාන ලක්ශනයක් වන අතර මිනී මැරුම අවට අවම සාක්ශී ප්‍රමානයක් ඉතිරිකිරීම ප්‍රදාන ලක්ශනයකි. මිනී මැරුම් ගනන වැඩිවත්ම ඔවුන්ගේ විස්වාශය වැඩිවන අතර, over confident වු වූ විට ඔවුන් අතින් වැරදි සිදුවෙයි. එසේ සිදුවන වැරදි ඔවුන්ගේ අවසාන වැරදි බව නිතැනින්ම පත්වන්නේ psychological profiling of serial murders ලෙස ඔවුන්ගේ සහ එම මිනීමැරුම් වල දත්ත රැස්කර තබාගැනීමත් වරින් වර අපරාද විශ්ලේශනය කිරීමත් අපරද පරීක්ශකයින් විසින් සිදු කර නිසාය.   

මෑත කාලයෙදී කහවත්තෙන් බිහිවූ අපරදකරුවාත් 19වන සියවසේ එන්ගලන්තයේ ප්‍රචලිත Jack the Ripper වූ නම් ඝාතකයාද එසෙ බිහිවූ ප්‍රසිද්ද දෙදෙනෙක් වෙයි. Serial killers බිහිවීම සන්කීරන ක්‍රියාවලියකි, තවම නිශ්චිත වශයෙන්ම හදුනාගෙන නැති කාරනයකි. මෙවන් අපරාද කරුවන් ගැන හදාරන FBI-Behavioral Science Unit වැනි ආයතන මෙබදු මිනීමරුවන් බිහිවීම දකින්නේ පාරිසරික(environmental) සාදකත්, ජානමය(genetic predisposition) ලක්ශනත් සහ සමාජමය ගැටලුත්(social conflicts) යන කාරන සියල්ලකගෙම ප්‍රතිපලය ලෙස ඔවුන් බිහිවන බවයි. කෙසේ නමුත් එම මූලික ලක්ශන වලින් අපගමනය වූ උදාහරන විශාල ප්‍රමානයක් Forensic history හි ඇත.  



මිනිසා තම වර්ගයේම එකෙකු විනාශ කිරීමට යත්න දැරීම පුදුම සහගත දෙයකි. ඔවුන්ට විශාල මොලයක් ලැබී ඇත, එවන් සන්කීරන වූ මොලයකට මෙවන් කටයුත්තක් කිරීම සරල විය හැක. අපරාද කරුවාගේ සන්කීරන මොලයේ සැලසුම මෙවන්නක් විය හැක "ගෙදර වත්තේ මෑ පැලයක් ඇත, ඔහු එයට විශක් වත්කරයි, කුකුලා මෑ ඇටයක් කයි, කුකුලා මැරී වැටෙයි, එම කුකුලා සර්පයෙකු විසින් ගිල දමයි, එම සර්පයා උකුස්සෙකු විසින් ඩැහැගෙන යන අතරතුර ගගකට අත්හැරෙයි, මාලුවෙකු එම සර්පයාව ගිල දමයි. මාලු බෑමෙන් ජීවත්වන හතුරා අර මාලුවාව අල්ලා පිස ආහරයට ගනී, මිනිසා මියයයි, මරනයට හේතුව ආහාර විශ වීමකි" අපරාද කරුවාට කරන්නට ඇත්තේ එම ක්‍රියාවේ මිල මැද අග සිද්දි පිලිවලට මෙහෙය වීම පමනකි ප්‍රතිපලය ලැබේ, සමහරවිට ඒය මිනිහෙක් මරන්න ඇති හොදම ක්‍රමය වීය හැක(Count Monte Cristo - Alexander Duma).

Thursday, August 11, 2011

සින්හලයනි දැනගනිව්...


තොපි එකක් දැන ගනිල්ල..
තොපෙ ජාතිය ඉවරයි...
අවුරුදු දෙදහක් පැවතුනු තොපෙ ජාතිය ඉවරයි. තොපි විනාසයි...
තොපි මේ ලොකේ ඉන්න අන්තිම නින්දිත අවලම් ජාතියක් වෙලා...
තොපිට ඕනෙ එකම දෙයයි...
කොහොමහරි තොපෙ බඩ කට පුරවා ගන්න එකයි...
ඕනෙ බලුකමක් ජඩකමක් කරලා ඒ ටික කරගන්න තොපි ලෑස්තියි.
අම්ම අප්ප උගස් තියලා හරි කමක් නැහැ...
රටට ජාතියට හෙන ගහල ගියත් තොපිට කමක් නැහැ...
තොපි මේ විදියට පිරිහිලා, විනාස වෙලා ගිහිච්ච හින්දා තමයි මම මේ කොටි අවතාරය එව්වේ...
ඒක මගෙ අවතාරය...
තොපි හිතන්න එපා ඒක වෙන කවුරුවත් කියලා...
ඔය ඉන්න මහ කොටියා... ප්‍රභාකරන්...
ඌ මගෙ වැඩකාරයා...
මම තමයි ඌ එව්වේ...
තොපිට පාඩමක් උගන්නන්න...

තොපිට එහෙම පාඩමක් උගන්නේ නැතිව තොපිව කවදාවත් හදලාගන්න බැහැ...
මීට ඉස්සරවෙලා මම ඔය වගෙ අවතාර එවලා තියනවා තොපිව විනාසවෙලා පිරිහිලා යනකොට මම ඔය අවතාර එවලා තියනවා...
එලාරයා එව්ව හින්දා තමයි තොපිට පුලුවන් උනේ දුටුගැමුනු කෙනෙක් හදා ගන්න...
එහෙම පාඩමක් උගන්නන්නේ නැතිව තොපිව හදලා ගන්න බැහැ...
තොපි උන්හිටි තැන්වලින් එලවලා, මහ පාරට බස්සල, තොපෙ අඹු දරුවෝ අමු අමුවේ මරලා දාල, දූශනය කරලා තොපිව මරලා පුලුස්සලා විනාස කරන්නේයි කියලා මම ඒ කොටි නාම්බන්නට වරන් දීලා තියනවා...
මන් උන් දමනය කරන්නේ තොපිව හදලා ගත්තයින් පස්සේ...
එතකන්  මගෙන් තොපිට කිසිම බුරුලක් නැහැ...

උන් හිටි තැන් නැතිවෙච්චි තොපි ඇවිල්ල දෙවුන්දර මගේ විමානේ වැටිලා ඉන්න හැටි මම දැක්කා...
එහෙම ඉදගෙනත් තොපි කරේ මොකද්ද? මේ රට නැතිකරන්නෙයි කියලා පුරුවෙ ජාතියේ ඉදලා කියාගෙන ආපු එකා දිනවන්න තොපෙ චන්දේ රුපියල් දහයට දුන්න එකයි...
එහෙව් තොපිට මගෙන් සමාවක් ලැබේය කියලාතොපි හිතන්න එපා...
තොපි කවදා හරි මේ බලුකම්, ජඩකම්, වලත්තකම් අත හැරිය දවසට විතරයි මම තොපි දිහා බලන්නේ...

"වෛදයවරයා හා රෝගියා - ගල් පිලිමය සහ බොල් පිලිමය"
ගුනදාස අමරසේකර - චින්තන පර්ශදය ප්‍රකාශන

Monday, August 8, 2011

ටිකක් අමුතුයි..

ඔනෙම යන්ත්‍රයකට වගේම මිනිස් සිරුරටද සර්කිට් වල අවුල් යන්න පුලුවන්නේ, නමුත් යන්ත්‍ර වලට වගේ නොව මිනිස් සිරුරෙ එම සිදුවන අවුල් බොහොම අනවශ්ය ප්‍රතිපල ගෙන දෙනවා, මම මේ කියන්න යන්නේ අද මම දැකපු එවනි තත්වයක්, මෙම තත්වය ජීවිතයෙ පලමු වතාවට තමයි දැක්කේ මේකට කියන්නේ Marcus Gunn jaw-winking syndrome කියලයි,

මෙහිදී වන්නේ කට ඇරීමත් සමගම ඉබේම එක ඇසක් ඇරීමයි, සාමාන්යෙන් කට ඇරීමට දායක වන්නේ පස්වන කපාල ස්නායුවයි, ඇස් දෙක ඇරීමට දායක වන්නේ තුන්වන කපාල ස්නායුවයි, මෙහිදී සිදුවන්නේ පස්වන හා තුන්වන කපාල ස්නායු අතර අසාමන්ය සම්බන්දතාවක් ඇත්වීමයි, ප්‍රතිපලය ලෙස කට අරිද්දී ඇසකුත් ඉබේම ඇරීම සිදුවනවා.




මෙවැනිම තවත් ස්නායු අතර අසාමන්ය සම්බන්දතාවක් නිසා ඇතිවන තත්වයක් තමයි Frey Syndrome කියලා කියන්නේ, මෙය බොහොවිට සිදුවන්නේ පැරොටිඩ් නම් ඛේට ග්‍රන්තිය ආශ්‍රිතව සිදුකරන ලබන ශෛල්ය කර්මවලින් අනතුරුවය. ඛේට ග්‍රන්තියට ඛේටය ස්‍රාවය උත්තෙජනය කරන ස්නායු තන්තු සමේ දහඩිය ස්‍රාවය කරන ග්‍රන්තිවලට සම්බන්ද වීමෙන් මෙම තත්වය ඇතිවීමට මග පාදනවා. එම නිසා එම පුද්ගලයා ආහාර ගනිද්දී වතුර ගලනවා වගෙ කම්මුලින් දහඩිය ගලනවා, මොකද කද්දී ඛේටය ස්‍රාවය උත්තේජනය වෙනවා, නමුත් මෙතනදී ඒ වෙනුවට දහඩිය ගලන එක උත්තේජනය වෙනවා. 


Friday, August 5, 2011

කෙල්ලන්ගෙ හොර බැල්ම (Body Language)


කෙල්ලෙකුගෙ වටිනාම දෙය ලස්සන බව සමහරු කීයනවා, මගෙ නම් එයට එකගත්වයක් නැහැ, මම විශ්වාස කරන විදියට කෙල්ලෙක්ගේ වටිනාම දෙය ආකර්ශනය කියලයි. ලස්සන, ඔබ ලස්සන අර්ත දක්වන්නේ කොහොමද? ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා, වගේම එක් පුද්ගලයෙකුට ලස්සන දෙයක් තවත් අයෙකුට බෙහෙවින් කැත වෙන්න පුලුවන්. මගෙ රුචිකත්වය නම් වත, නිතඹ පා මුව ආකර්ශනීයයයි, ඒකියන්නෙ මම මුහුනට දෙන්නේ හතරවන ස්තානයයි. කොහොම උනත් පුද්ගලයෙකුගේ මුහුනේ ස්භාවය හා බැල්ම ඔහුගේ හෝ ඇයගේ අන්තර් පුද්ගල සම්බන්දතාවයට අතිශය වැද්ගත් වෙනවා. බැල්ම ගැන කතා කරනවානම්, කෙල්ලෙකුගෙ බැල්ම මත තමයී ඇයගේ මුහුනේ ආකර්ශනත්වය රදා පැවතෙන්නේ. මූලික වශයෙන් බැල්ම ආකාර 3ක්  තියනවා, social gaze, intimate gaze සහ power gaze කියලා.

Social gaze කියන්නේ සාමන්ය සමාජ සම්බන්දතාවන්හීදි වැදගත්වන බැල්මයි, මෙතනදී 90%ක කාලයක්ම බැලම යොමුවෙලා තියෙන්නේ ඇස් දෙක සහ නහය යන ත්‍රිකොනාකාර ප්‍රදේශයටයි. මෙතනදී ඇගවෙන්නේ නිර්තර්ජනාත්මක, කැදවීමේ බැල්මයි. අනිත් පුද්ගලයා ඔබව පිලිගන්නට සැදී තිබෙන බැල්මයි.

Intimate gaze කියල කියන්නේ සමීප බව අගවන බැල්මයි. පුද්ගලයන දෙදෙනෙකු දුර තියා එකිනෙකා දෙස බලාගේන එද්දී එකිනෙකා දෙස ක්ශනික බැල්මක් හෙලනවා, ලින්ගය අවබෝද කරගැනීමට. දෙවන බැල්ම යොමුකරනේ ආක්‍ර්ශනය අනුවය. මෙම බැලම ඇස් දෙකෙන් පටන්ගෙන නිකට හරහා පහත කොටසට ගමන් කරනවා. කෙල්ලන්ට එක වාසියක් තියනව ඒකතමයි, ඇයට විශාල දෘශ්ය පථයක් තිබෙනවා, අපිටනම් කෙල්ලෙක්ට නොපෙනී ඇයගේ ලැම, නිතඹ හා දෙපා දෙස බලන්න හරිම අමාරු උනාට, කෙල්ලෙක්ට අපෙ මුහුන දෙස බලන ගමන්ම පපුව සහ ශ්‍රොනි පෙදෙස බලාගන්න පුලුවනි. ඇත්තටම කියනවානම් කෙල්ලෙක් තමයි කොල්ල දිහා ගොඩක් බලන්නේ, අපි කෙල්ලෙක්ගේ බලන දේවලට වැඩිය!

කොල්ලෙක් බිම බලනවා කියන්නේ ඔහු කතාව නවත්වන්න යනබව අගවන්නයි, නමුත් කෙල්ලෙක් බිම බලන්නේ ඔහුට ඇයව හොදින් බලාගන්න අවස්තාව ලබාදීමට හා ඔහුට ඇයව යටත් කරගන්න අවස්තාව දෙන්න. කෙල්ලො යටත්වෙලා ඉන්න කැමතියිනේ! කොල්ලනේ මේ තුරුම්පුව හරියට පාවිච්චිකරන්න.

Power gaze තමයි අන්තිම එක, මෙහිදී පුද්ගලයා තවත් පුද්ගලයෙකුගේ ඇස සහ නලල පෙදෙස බලා ඉන්නවා, මෙය තරමක තර්ජනාත්මක බැල්මක්, පහසුවෙන් අනිකා යටත් කර ගැනීමට මෙන්ම, බලවත් බව අගවන්න මේ බැලම පාවිච්චිකරන්න පුලුවනි. තවත් එකක තමයි මේ බැලම මගින් යම අවස්තාවක් සීරියස් කරගන්නත් පුලුවනි, සමහර profession වලට මෙය ගොඩක් වැදගත් වෙනවා.

Allan/ Barbara Pease කියන්නේ ප්‍රකට සමාජ ගවේශකයින් දෙදෙනෙක්, ඔවුන්ගේ "The Definitive Book of Body Language"  කියන පොතෙන් තමයි මම මේ කරුනු ටික හොයාගත්තේ, ඔයාලත් කැමතිනම් පොත හොයාගෙන කියවන්න, මාරයි. 
මේකට නම් කොම්මෙන්ට් එකක් ඔනේමයි....