Tuesday, April 10, 2012

හද සොරගත්තිය.......

ආගන්තුකය අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර ඇවිල්ල ටිකක් නිදහසේ තමයි ඉන්නේ, ටිකක් ගෙදර අස්කරන අතරේ තමයි ඈ නැවත හමු උනේ, ගොඩ කාලයක් ඇයව මට අමතක වෙලා තිබුනේ, මට මතකයි ඒ කාලයේ මම ඇයව කෙතරම් ආදරයෙන් වැලදගත්ත බව, ඇය සමග සෘන්ගාරතමක ගෙවුණු කල්‍යාන සහ භීමපලාශ්‍රී රාගයේ ස්වර වල තවමත් සෘන්ගාරබව සහ භක්ති රසය සපිරිව මා දෙසවන දෝංකාර දෙනවා. එකල ඇය මගේ උකුලට වී වාඩි වී සිටින අතරේ මම අයගේ මුලු දේහයම ආසක්තව ස්පර්ශ කරමින් මග හැරුණු ස්වර වැල් සොයා ගියෙමි, එකී ස්පර්ශයට ඇය කිසිම විටෙක විරුද්ද වුනෙත් අකමැති වුයේත් නැත. ඇගේ හැදින නැගුනු ඒ ආහ්ලාදකර කෙදිරියට මම තවමත් ආදරය කරමි. කෙසේ නමුත් මම ඇයව දුටු පමණින් මගේ හදවත කඩා වැටුණි, ඇයව කෙතරම් නොසලකා ඇත්ද, මුලදී මෙන් නොව ඇගෙන් නැගුන කෙදිරිය ක්‍රමයෙන් ගොරහැඩි බවට පත්වී තිබිණි, දේහය වැහැරී තත් බිදී තිබිණි. ඔයාල හිතනවා ඇති මේ මොන මගුලක්ද කියලා. මම අද කියන්න යන්නේ මගේ දිල්රුබාව ගැන.
දිල්රුබාව

සියලුම පර්දාවන් සහ සත්ව සමින් ආවරනය් වූ අනුනදී කුටීරය
සුසර කරන යතුරු
දිල්රුබාව කියන්නේ උතුරු ඉන්දියානු පන්ජාබ් ප්‍රාන්තය ආශ්‍රිතව නිර්මාණය වුනු වාදනය වන වාදන භාණ්ඩයක්. සිතාරය සහ සාරංගි පවුලේ අතරමැදි සාමාජිකයෙක් වන ඇය එස්රාජයට ඉතාමත් සමීප බවක් දක්වන යුවතියකි, හදවත් සොරාගන්නිය යන අර්ථ දෙන දිල්රුබාව, එස්රාජය සහ සිතාරය වාදනය කරන්නන් අතර අනු වාදන භාන්ඩයක් ලෙස භාවිතා උනත්, ඇයටම ආවේනික සුවිශේෂී හඩක් ඇත්තේ එස්රාජයේ මෙන් නොව ඇයගේ අනුනාදී කුටීරය සදා ඇත්තේ සත්ව සමකින් වීම නිසාය. සිතාරයේ මෙන් නොව ඇයව අලුවකින් හඩවනු ලබන නිසාය.

සිතාරය
අනුනාදී කුටීරය
ඇයගේ වතමඩල ඉතාම සුවිශේෂී ආකාරයකට නිම වී ඇත, ප්‍රදාන පර්දා (ස්ට්‍රින්ග්ස්) 4 කින්ද, අනුනාදී පර්දා ආසන්න වශයෙන් 18 කින්ද පමණද, පත් පර්දා ගණනාවකින්ද ඇයව හැඩගැන්වී ඇත. නමුත් කෝමල රි සහ කොමල ධ සදහා පත් පර්දාවන් නොපවතී. ඇයව සුසර කරන ආකාරය සිතාරයට, එස්රාජයට බෙහෙවින් සමාන වන අතර පලවන පර්දාව පමණක් වාදනය කරනු ලබයි, වාදනයේදී අපහසුම භාණ්ඩයක් ලෙස සලකන සාරන්ගියට වඩාද, එස්රාජයට වඩාද මෙය වාදනය පහසු බවයි සදහන් වෙන්නේ, මක් නිසාද යත් ඇයව උරහිසේ හේත්තු කරගෙන වාදනය කරන නිසා අපට අවශ්‍ය නම් වාදනය කරන පත් පර්දාව දෙස ඇස යොමන්න පුළුවනි, පළපුරුදු වාදකයින්ට නම් එසේ නොබලා වාදනය කල හැක, නමුත් මට කිසි කලෙක ඇය දෙස නොබලා වාදනය කිරීමේ හැකියාවක් තිබුනේ නැත. ඇයව වඩාත් සුදුසු වන්නේ භක්ති රසය සපිරි කල්‍යාන වැනි රාග වලට සහ  සෘන්ගාර රස සපිරි භීමපලශ්‍රි වැනි රාග වලට බව මගේ ගුරුතුමා පවසා ඇත. නමුත් වර්තමානය වන විට මෙය එතරම් සුලබව නොදකින භාණ්ඩයක් බවට පත් වී ඇත.

පත පරදා සහ අනු පර්දාවන්
දිල්රුබාව ගායනය සමග සහය වාදී භාණ්ඩයක් වගේම එක පුද්ගල වාදය බාන්ඩයක් ලෙසටත් භාවිතා වෙනවා. සරල සංගීතයේ වගේම රාගාශ්‍රිත තනු වාදනයට මෙය එකසේ සමත්. මෙම දිල්රුබාවේ ඉතිහාසය හත්වන ශතවර්ෂයට දිව යනවා, උතුරු ඉන්දියාවේ මුස්ලිම් ආක්‍රමණයන් සමග ඉස්ලාම ආගම සංස්කෘතිය ඉන්දියානු සංස්කෘතිය සමග මිශ්‍ර වුනා, එහි ප්‍රතිපලයක් ලෙස තබ්ලාව සිතාරය ඇතුළු සංගීත භාණ්ඩ කීපයක් නිර්මාණය වූවා, සිතාරය සහ සාරන්ගිය සැලකුනේ පිරිමින් විසින් වයන භාණ්ඩ හැටියට, මොකද එයට හේතුව වුනේ ඒවා වාදනය කිරීමේදී ඇගිලිවල විකුර්ති ඇති වෙනවා, මුස්ලිමුන් කාන්තාවන් කෙරෙහි සුවිශේෂී වන නිසා ඒ සමාජය කාන්තාවන් මෙම භාණ්ඩය වාදනය කරනවාට කැමති වුනේ නැහැ, නමුත් කාන්තා හඩට වයන සංගීත භාණ්ඩයක් සොයන අතරේ හරීම් අධිරාජයාගේ පාලන සමයේ පමණ සාරන්ගිය සහ සිතාරය එක් කර  දිල්රුබාව තෑනු බව තමයි සදහන් වෙන්නේ. අයව සලකන්නේ කාන්තා සංගීත බාන්ඩයක් හැටියටයි.

එස්රාජය
දිල්රුබාව රහ්මාන් සංගීත ශිල්පියාගේ දිල සේ සහ වන්දේ මාතරම් යන ගීතවලට යොදාගෙන තියනවා, අවාසනාවකට මෙම උපකරණ පවුලේ ප්‍රසිද්දිය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා, වර්තමානයේද සංගීත ශිල්පීන් මෙවැනි භාණ්ඩ කෙරෙයි යෝ නොවන්නේ යුගයේ අවශ්‍යතාවයක් නොවන හින්දද මන්දා? කොහොම හරි පල්ලහ තියන වීඩියෝ ටික බලන්නකෝ.
සාරංගිය

මට ඇයව ලැබුනේ මගේ ආච්චියගෙනි, ඇයට එය ලැබී තිබුනේ ඇගේ ඉන්දියාවේ සිටි මිතුරියකගේ මාර්ගයෙනි, කෙසේ වෙතත් ඇයට අවුරුදු 80 ක පමණ ඉතිහාසයක් ඇත. කිසිම පුහුණුවක් නොලබද්දී ඇයව හසුරවන ආකාරය සහ මුලන්ම අමතක වී යයි, මට එක්වරම ඇයව වාදනය කරන ආකාරය පවා සිහිකර ගත නොහැකි විය. කෙසේ වුවත් ඇය මගේ ආදරණීය මිතුරියක්‌ වැ සිටියාය. 

ඒ වුනාට ආගන්තුකයාගේ සදාකාලික පෙම්වතිය වන්නේ, මා සමග අවරුදු ගණනක් සිටි, බටනලාවීය, බටනලාවීට මම පෙම් බැදගෙන සිටිමි. එනිසා තනි නොතනියට ඇය සිටී, නමුත් හද සොරාගත්තිය තරම් අලංකාර නොවුනත්, ඇය ඇයටම ආවේනික වූ සුවිශේෂී මිහිරි ගීත ගයනු ලබයි (මගේ මිතුරානම් මෙය පිලිනොගනු ඇත, ඔහුට අනුව හොරණෑවත් මගේ බටනලා වාදනයත් අතර වෙනසක් නැත). මගේ සදාකාලික පෙම්වතිය ගැන මම පස්සේ පොස්ට් එකක් දාන්නම්කො. ඔය සංගීතය ආශ්‍රිතව බ්ලොග් බලන සහෘදයෙක් ඉන්නවා නම ටිකක් දිල්රුබාව ගැන කියයි කියල මම බලාපොරොත්තුවෙනවා.


4 comments:

  1. ලොක්ක සංගීත කාරයෙක්නෙ! :) :) :)

    ReplyDelete
  2. ලස්සන පෝස්ට් එකක්.. දිල්රුඛාව නම් මම දැක්කෙත් අද.. :)

    ReplyDelete

ඔබේ අදහස්...