Monday, August 8, 2011

ටිකක් අමුතුයි..

ඔනෙම යන්ත්‍රයකට වගේම මිනිස් සිරුරටද සර්කිට් වල අවුල් යන්න පුලුවන්නේ, නමුත් යන්ත්‍ර වලට වගේ නොව මිනිස් සිරුරෙ එම සිදුවන අවුල් බොහොම අනවශ්ය ප්‍රතිපල ගෙන දෙනවා, මම මේ කියන්න යන්නේ අද මම දැකපු එවනි තත්වයක්, මෙම තත්වය ජීවිතයෙ පලමු වතාවට තමයි දැක්කේ මේකට කියන්නේ Marcus Gunn jaw-winking syndrome කියලයි,

මෙහිදී වන්නේ කට ඇරීමත් සමගම ඉබේම එක ඇසක් ඇරීමයි, සාමාන්යෙන් කට ඇරීමට දායක වන්නේ පස්වන කපාල ස්නායුවයි, ඇස් දෙක ඇරීමට දායක වන්නේ තුන්වන කපාල ස්නායුවයි, මෙහිදී සිදුවන්නේ පස්වන හා තුන්වන කපාල ස්නායු අතර අසාමන්ය සම්බන්දතාවක් ඇත්වීමයි, ප්‍රතිපලය ලෙස කට අරිද්දී ඇසකුත් ඉබේම ඇරීම සිදුවනවා.




මෙවැනිම තවත් ස්නායු අතර අසාමන්ය සම්බන්දතාවක් නිසා ඇතිවන තත්වයක් තමයි Frey Syndrome කියලා කියන්නේ, මෙය බොහොවිට සිදුවන්නේ පැරොටිඩ් නම් ඛේට ග්‍රන්තිය ආශ්‍රිතව සිදුකරන ලබන ශෛල්ය කර්මවලින් අනතුරුවය. ඛේට ග්‍රන්තියට ඛේටය ස්‍රාවය උත්තෙජනය කරන ස්නායු තන්තු සමේ දහඩිය ස්‍රාවය කරන ග්‍රන්තිවලට සම්බන්ද වීමෙන් මෙම තත්වය ඇතිවීමට මග පාදනවා. එම නිසා එම පුද්ගලයා ආහාර ගනිද්දී වතුර ගලනවා වගෙ කම්මුලින් දහඩිය ගලනවා, මොකද කද්දී ඛේටය ස්‍රාවය උත්තේජනය වෙනවා, නමුත් මෙතනදී ඒ වෙනුවට දහඩිය ගලන එක උත්තේජනය වෙනවා. 


4 comments:

  1. මෙහෙම කතාවක් මම් මේ ඇහුවමයි.මේවගේ අය දැකලා නම් නෑ.

    සමහර වෙලාවට සැර කෑම ජාති එහෙම කද්දිත් අපිට දාඩිය දානව නේද?

    ප.ලි:අතුරු ප්‍රශ්ණයක්.අපිට ඉක්කාව එන්නෙ ඇයි.?ගැඹුරු හුස්මක් අරගන හිටියම නැත්තම් වතුර බීගන ගියාම නතර වෙන්නෙ ඇයි.නිතර ඉක්ක වැටෙන කාලයක් තිබ්බ මට ඒකයි අහන්නේ දැනගන්න.

    ReplyDelete
  2. ඉක්කා කියන්නෙ එකපාරටම diaphragm එක contract වෙන එකනේ, CO2 වැඩි උනාම හරි 10 වෙනි කපාල ස්නායුව උත්තේජනය උනාම හරි ඒ සන්කෝචනය නතර වෙනවා, හුස්ම අල්ලාගෙන ඉදිදිද්දී CO2 වැඩි වෙනවා. වතුර බොද්දී, දිව එලියට අදිදිද්දී වගේ දේවලදී vagus nerve stimulate වෙනවා, ඒක තමයි හේතුව.

    ReplyDelete
  3. මරු පෝස්ට් එකක් බං... මට හිටි ගමන් අල්ලට දාඩිය දානවා...

    ReplyDelete
  4. ඔය ඇහැක් කටක් නම් ලුහුවත් උනාට කාරි නෑ, වෙන වෙන ඒව නැතුව...

    ReplyDelete

ඔබේ අදහස්...