Tuesday, June 28, 2011

කෙල්ලෝ කොටට ඇදගෙන ඉදල, ඇයි ඉදගනිද්දී ඉස්සරහින් වහගන්නේ?

මම දැක්ක මේ ලගදි  blog එකේ තිබුණු පොස්ට් එකක්. එතැනදී කතා කරලා තිබුනේ කෙල්ලෝ nipple එක ලගටම පෙනෙන ඇදුම් ඇදල අපි එක්ක කතා කරද්දී වහගන්න හදන එක ගැන. අපේ batch එකේ  සමහර කෙල්ලෝ හරිම ලස්සන විදියට කොටට ඇදගෙන එනවා, උදෙන්ම දැක්කම දවසම සුභයි. කොලබ ඉතින් මොන පාරක බැලුවත් කෙල්ලෝ සමනලියන් වගේ කොටට ඇදගෙන එනවා. මම විරුද්ද නැහැ කෙල්ලෝ  කොටට ඇදීම ගැන, මේ තරුණ  කාලයේ එහෙම ඇන්දට කමක් නැහැ කියලයි මම කියන්නේ.  ඒවගේම එහෙම ඇදගෙන අයදිහ බලුවටත් කමක් නැහැ කියලයි මම හිතන්නේ. නමුත් මට තියන ප්‍රශනය  ඇයි ඉදගනිද්දී මේ කෙල්ලෝඉස්සරහින් වහගන්නේ. සමහරක්  විට ඒ පෙන්නන්න පුළුවන් සීමාව ඇදුමෙන් විතරක්ම පාලනය කරන්න බැරි නිසා වෙන්න ඇති. මට අදත් ඒවගේ සිද්දියකට මුණ දුන්න, මගේ මිතුරියක් කොටට ඇදගෙන ඇවිල්ල මගේ ඉස්සරහ වාඩිවෙලා ඉන්න අතරේ මම මගේ යාලුවෙක් එක්ක අයගේ හුරුබුහුටි කකුල ගැන comment කර කර හිටිය, ඇය ඒක දැක්ක, මගේ දිහා රවල බලල අනිප්පත්ත බලාගත්ත, තරහ වෙන්න ගිහිල්ල යන්තම් කකුල ගැන හොදට වර්ණනා කරලා තමයි යාලුකරගත්තේ.
 
මම මේ දවස්වල psychiatry exam එකට පාඩම් කරන අතරේ sexual මානසික ලෙඩ ගැන පරිච්චේදයක් කියවන්න ලැබුන. මෙහි කොටස් දෙකක් තියනවා, ඒවාගැන  පොඩ්ඩක කියන්නම්,  එකක් තමයි වස්තුන් කෙරෙහි දක්වන අසාමාන්‍ය ලිංගික නැබුරුව, දෙවැනි එක තමයි ලිංගික හැසිරීමේ තිබෙන අසාමන්යතාවයන්වස්තුන් කෙරෙහි දක්වන අසාමාන්‍ය ලිංගික නැබුරුව, මෙහි කොටස්  තුනයි, sexual fetishism මොවුන් ලිංගික උද්දීපනය ලබාගන්නේ විවිද භාණ්ඩ මගිනුයි, එනම් කාන්තා යට ඇදුම්, අඩි උස සෙරෙප්පු වගේ ඒවා, මෙවැනි පුද්ගලයින් කාන්තා යට ඇදුම් සොරාගැනීමට පෙළබේ. fetishistic transvestism මොවුන් ලිංගික උද්දීපනය ලබාගන්නේ කාන්තා යට ඇදුම්, උපකරණ පැලද ගැනීම ආදිය මගිනුයි. paedophilia මෙවැනි පුද්ගලයින් ළමයින් කෙරෙහි අසාමාන්‍ය ලිංගික නැබුරුවක් දක්වනවා, ළමුන් සමග ලිංගික ක්‍රියාකාරකම් යෙදෙන pornographs මොවුන්ගේ ප්‍රදානතම ලිංගික උද්දීපන ක්‍රමයයි .  
 
ලිංගික හැසිරීමේ තිබෙන අසාමන්යතාවයන්, මොවුන් exhibitionism එනම් ප්‍රදර්ශනකාමයෙන් පෙලෙන අයයි, ඔවුන් තමුන්ගේ ලිංගික අවයව අන් යට පෙන්වීම මගින් උදදීපනය ලබා ගනී. voyeurism, මේ ය අනිත් අයගේ ලිංගික ක්‍රියාකාරකම් නරබා stimulation එක ලබාගනී, රෑට ජනෙල් වලින් එබෙන්නේ මේවගේ අය තමයි.   sexual sadomasochism, මොවුන් ලිංගික උදදීපනය ලබාගන්නේ සහකරුට පහරදීමෙන්/ වද දීමෙන්  ආදිය මගිනුයි. 
 
කනගාටුවෙන් වුවත්  කීයන්න තියෙන්නේ බොහොමයක් මෙමෙ  අසාමාන්‍යතා දක්නට ලැබෙන්නේ පිරිමින් අතරේ බවයි. මෙවෙනි ආබාද සහිත පුද්ගලයින් සමාජයට බරක් මෙන්ම, සමාජය ඔවුන්ට අනතුරක්, මොකද මෙවෙනි පුද්ගලයෙක් දැක්ක ගමන්ම මිනිස්සු කරන්නේ ඔවුන්ට පහර දීමට පෙලබීමයි. මෙමගින් එම රෝගී තත්වය වැඩි වෙනවා මිසක් හොදවෙන්නේ නැත, එවැනි පුද්ගලයෙක් දුටුවිට  ඔහුට කතාකොට (සැලකිලිමත් වියයුතුයි) වයිද්‍ය ප්‍රතිකාර ලබාදියයුතුයි. පොලිසියටනම් කීයන්න එපා, ඔවුන් දන්නා එකම දෙය මිනිස්සුන්ට ගහන එක විතරයි, මොවුන් බාරදීමට සුදුසුම පුද්ගලයින් වන්නේ ආගමික නායකයින් (ලොකු හාමුදුරුවේ, father), ඔවුන් දන්නවා කලයුතුදේය. 
 
මේ පොස්ට් එක දැකල බයවෙන්න එපා නිල් චිත්‍රපටියක්, පත්තරයක් කියෙව්වට, කෙල්ලෙකුගේ උඩුකය, යටිකය කකුල දිහා කට  ඇරගෙන බලාහිටියට ඒක ලෙඩක් නෙවෙයි.

 

Monday, June 27, 2011

සිය දිවි නසා ගැනීම....


අපි මේ දවස් වල ඉගෙන ගන්නෙ අධිකරන වෛද්ය විද්‍යාව (forensic medicine) ප්‍රායොගික කටයුතුයි. කොලඹ අදිකරන විද්‍යා වෛද්ය ආයතනයෙ සහ පොලිස් මෝචරියෙ තමයි අපි ප්‍රයොගික කටයුතු සිද්ද කරන්නෙ. අද තමයි මම ප්‍රතම වරට තමයි ගෙල වැලලා මැරුනු අයෙකුගෙ සිරුරක් පශ්චාත් මරන පරීක්ශනයට ලක් කරනු අයුරු ඉගෙන ගත්තේ. ගොඩක්ම දැක්කෙ රිය අනතුරු සහ හදිසි හෘදයබාද නිසා මැරුනූ අය තමයි. මේනිස මට ඒ ගැන පොස්ට් එකක් දාන්න හිතුනා.

ඔහු අවුරුදු 25ක පමන හොදින් හැදුනු වැඩුනු තරුනයෙක්, එක් දරුවෙකුගෙ පියෙක්, රැකියාව හැටියට කුලී වැඩ තමයි කරල තියෙන්නෙ. හදිසියේම ගෙදර ඇතිවූ ආරවුලකින් පස්සෙ ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් සිටියා. දේහය ප්‍රතමවරට දැක තිබුනෙ ඔහුගෙ බිරිද විසිනුයි. ඒ ඊයෙ පස්වරු 5.15ත් 5.30ත් අතර වෙලාවක. ඒ වෙලාවට ප්‍රතම ඔහු පමනයි ගෙදර ඉදලා තියෙන්නෙ. ඔහුගෙ සිරුර අද උදේ මෝචරියට ගෙනාවා. කට උත්තර ගත්තට පස්සෙ බිරිද සහ ඔහුගෙ පියා විසින් සිරුර හදුනා ගත්තා. මෙසේ සිරුර හදුනා ගැනීම අත්යවශ්ය වන අතර, හදුනා ගැනීමට නොහැකි වූ සිරුරු කීපයක්ම මොචරියෙ ගොඩ ගැසී තිබෙනවා මම දැකලා තියනවා. මෙහිදී මරන පරීක්ශනයේ මූලිකම අරමුනු කීපයක් තිබුනා, ඒව නම්..
  • ඔහු නිවැරදිව හදුනා ගැනීම.
  • මරනය සිදුවූ ආකාරය එනම් manner of death, මිනීමැරුමක්ද (homicide) සියදිවිනසා ගැනීමක්ද (suicide) හදුනා ගැනීම.
  • මරනය සිදුවූ වේලාව කට උත්තරයෙ වෙලාව සමග සමපාත වේදැයි බැලීම.
  • මරනයට හේතුව (cause of the death) සොයාගැනීම.
මෙවැනි මරන විච්චේදනය කරන ආකාරය තරමක් වෙනස්. මොකද මෙහිදී ගෙලට අවම හානියක් වන ලෙස සිදු කල යුතු ( prisloo dissection ලෙස හැදින්වෙ - මෙය එල්ලීමක් සහ මරා එල්ලීමක් හෝ වෙනත් අනතුරක් හදුනා ගැනීමට වැදගත්ය) අතර විච්චේදනයේදී ගෙලට අවම රුධිර ප්‍රමානයක් ගලා එන ලෙස සැකසිය යුතුය, මේ සදහා පලමුව හිස් කුහරය ගලවා රුධිරය ඉවත් කොට දෙවනුව පියවරෙන් පියවර ගෙල විච්චේදනය කල යුතුය. ගෙල සහ හිස විච්චේදනයෙන් ලැබුනු ප්‍රතිපල වූයෙ ගෙලේ අස්ති හා කාටිලේජ බිදී තිබීමත්, මාන්ශ වල රුධිර පැල්ලම් තිබීමත්, මොලයේ රුදිරය එකතු වී තිබීමත්(congestion) යන කරුනුය. මීට අමතරව පෙනහලු වල රුධිරය පිරී (congestion)තිබුනි. මේවා එල්ලීමක (hanging) ලක්ශන වෙයි. උදරයෙ අවයව වලට කිසිදු අනතුරක් සිඩු නොවී තිබුනු අතර දේහයේ කිසිම තැනක මාන්ශ පේශි වල පහර දීමේ සලකුනු නොවීය.

මෙහිදී manner of death, suicide ලෙස තීරන්ය විය, එයට හේතුව වන්නෙ මරනුකරුගේ ලිපියක් තිබීම(suicide note), තොන්ඩුව සිරකරගෙන තිබූ ආකරය, පහර දීම් කිසිවක් නොතිබීම, මරනය සිදු වූ වේලාව කට උත්තරය හා සැසදීම හා ගෙලට සිදුවූ  injury pattern  එක අනුව ගෙල වෙලලීමක ස්භවය තිබීම යන කරුනුයි. cause of the death ලෙස ගෙල සිරවීම නිසා හුස්ම හිරවීමෙන් සිදුවූ මරනයක් ලෙස තීරනය විය. 



එල්ලුනාම ගෙල සිරවීම සහ හුස්ම හිරවීමෙන් සිදුවූ මරනය නැතිව වෙන මොනවා වෙලා මැරෙන්නදැයි ඔයාල හිතනව ඇති. නමුත් එල්ලීමෙදී කරුනු කීපයක් මරනයට හේතුවෙනවා, පොස්ට් එක දිග වැඩිවෙන නිසා එව්වා පස්සෙ දවසක කියනම්කෝ. මෙම මරන පරීක්ශනයේ සිදුවූ මූලිකම අඩුපාඩුව තමයි මරනය සිදුවූ ස්ථානයට යන්නට බැරිවීම (scene visit), එයින් ගොඩක් ප්‍රයෝජනවත් කරුනු මගහැරෙන්න පුලුවන් බව තමයි කියන්න තියෙන්නේ.

අවසානයෙ දේහය නෑදෑයින්ට බාර දුන් අතර, අපි අනිත්‍ය මෙනෙහි කරමින් post mortem investigation එක ගැන රිපොර්ට් එක ලියන්න පටන් ගත්තා.

ආගන්තුකයා.......

Saturday, June 25, 2011

නව ශතවර්ශයෙ විද්යාත්මකව ආදරය කරමු 4......

ආගන්තුකයා ගොඩක් කාලෙකට පස්සෙ තමයි නැවතුමට ගොඩ වැදුනෙ. නහය ලගටම වැඩ වල එරිල ඉදල අද තමයි යන්තම් හරි නිවාඩුවක් ලැබුනෙ.මගෙ මේ පොස්ට් මාලාවෙම පරණ බ්ලොග්  post 3න ( පලමුවෑන්න, දෙවෑන්න, තෙවැන්න) ඔයාල බෑලුවනෙ. අද මම පුන්චි දේවල් ටිකක් ගෑන කතා කරනව එවා කෙතරම් සුලුවට හිතුවත් ජීවිතයට ගොඩක් බලපෑමක් කරන්න පුලුවන් ඒවායි. එහෙනම් කතා කරමු. මේ පුන්චි දේවල් මොනව කියනවනම් පොඩිම පොඩි එන්නත් තුනක්(injections) රුබෙල්ල, HPV vaccine ,HBV vaccine.

                                             Congenital Rubella Syndrome

රුබෙල්ල ගැන නම් කට්ටිය දන්නව ඇතිනෙ. පලමුවෙන්ම මතක් වෙනව ඇත්තෙ අවාසනවන්ත විදියට රුබෙල්ලා එන්නත් ශරීරගත කිරීමෙන් පසු පරවුනු මල් පොහොට්ටු 2ක ගෑන වෙන්න ඇති. අපි ඒගැන පස්සෙ බලමු. මොකද්ද මේ රුබෙල්ල කියන්නේ. ඒක පොඩි වෛරස ආසාදනයක් නිසා ඇතිවන රතු පැහැ බිබිලි සමූහයක් සහ උන හටගන්න, ඉබේම සුව වන තත්වයක්. එහෙනම් මොකටද බයවෙන්නෙ. බයවෙන්නේ මොකද කියනවනම්, පොඩියි වගේ පෙනෙන මේ වෛරසය ගර්භනී කාන්තාවකට වැලදුන විට ඇතිවන අවාසනවන්ත තත්වය එනම් සන්ජානනීය රුබෙල්ල සහලක්ශ්නය(congenital rubella syndrome) ලෙස හැදින්වෙන අවාසනවන්ත තත්වය දරුවට උරුම වීමයි. මෙහි ප්‍රදාන ලක්ශන තමයි මොලයෙ වර්දනය අඩාල වීම, ඇස්වල ඇතිවන විකෘතිතා සහ සන්ජානනීය හෘද රෝග. මෙවැනි දරුවෙක් වර්ධනය හා සම්බන්ද ගැටලු, මානසික රෝග, ඇස් නොපෙනීම සහ අධ්යාපන දුර්වලතා ඇතිවීම ප්‍රදාන ගැටලුය. සරලවම කියනවනම් ඔහු සාමන්ය දරුවෙක් ලෙස නොවන අතර විශාල සෞඛ‍ය, මානසික හා සමාජීය ගැටලු වලට මග පාදනවා. මෙයින් වලක්ව ගැනීමට තිබෙන හොදම සහ එකම පිලියම වන්නෙ රුබෙල්ල එන්නත ලබා දීමයි. මෙය ජාතික වැඩපිලිවෙලක් ලෙස ක්‍රියාත්මක වන අතර අවුරුදු 3 සම්පූර්න වීමේදී සහ අවුරුදු 10-15ත් අතර දරුවන්ට මෙය ලබා දේ. පිරිමි ලමයින්ටත් මෙය ලබා දෙන්නෙ යම් ප්‍රජාවක යම් ලෙඩක් සම්පූර්නයෙනම පාලනයට (herd immunity) අවශ්යවන coverage percentage ලබා ගැනීමටය, එය ලන්කාවෙ ලබා ගැනීමට ප්‍රජාවෙ සිටින සියලුම දරුවන් එන්නත් කල යුතුය. ප්‍රදානම අරමුන වන්නෙ  congenita rubella syndromaya ය ලන්කාවෙන් තුරන් කර ගැනීමය. මේහා බැදුනු අවාසනවන්ත සිදුවීම් කිහිපයක් පසුගිය සමයෙ ලන්කාවෙ ඇතිවූ නිසා තාවකාලිකව මෙම එන්නත ලබා දීම නතර වූ අතර දැන් නැවතත රුබෙල්ලා වැඩිවීමෙ අවදානම ඇතිවිය හැක. 

හෙපට්යිටිස් ගැන ඔයාල දන්නව ඇතිනෙ,දෙවෙනි එන්නත තමයි හෙපට්යිටිස් බී එන්නත, මෙය ජාතික වැඩසටහන යටතෙ දැන් ලබාදෙන අතර වයස 10 පමන සිට  දක්වා වන අපට මෙම එන්නත ලැබී නොමැත ඒකියන්නෙ මෙය ලබාදෙන්නේ මාස 2ත්, 4ත් සහ 6ත් යන වයස් කාන්ඩ වලටය. මෑතකදී පටන් ගත් නිස අප මෙම් එන්නතෙන් ආවරනය වී නොමැත. එසෙනම් අප වයසේ කට්ටියා හෙපට්යිටිස් බී රෝගයට ගොදුරු වීමේ අවදානම ඇත. මෙයින් වැලකීමට නම් එන්නත සුදුසු පරිදි වෛදයවරයෙකුගෙ උපදෙස් පරිදි ලබා ගත යුතුය. මෙ පෞද්ගලික අන්ශයෙන් ලබාගත හැකිය. කියන්නත් වගේ හොද ආයොජනයක් කියා කියත් හැකිය. 



තුන් වැනි එකනම් කොහෙත්ම ජනප්‍රිය එකක් නොවෙ. HPV(human papilloma virus) එන්නත. ජාතික පිලිකා රෝහල 2007 දී කරනු ලැබූ සමීක්ශනයකට අනුව ලන්කාවෙ දෙවනියටම කාන්තාවන් අතර සුලබම පිලික වර්ගය ගැබ්ගෙල පිලිකා වෙයි. ලෝකය පුරා වසරකට  500,000 පමන් කාන්තාවන් අලුතින් පිලිකව ඇතෙයි හදුන ගන්නා අතර, ඉන්  280,000 පමන වසරකට මියයයි. ඒසේනම මෙම පිලිකව නිසා වසරකට ලන්කාවෙ මියයන පිරිස සැලකිය යුතු මට්ටමක් වෙයි. මින් මිදීමට ඇති එකම මාර්ගය වනුයෙ මෙම එන්නතය. ලන්කාවෙ ජාතික වැඩපිලිවෙලට (national immunization program) මෙය අදාල නැති අතර පෞද්ගලිකව එන්නත්  කරගත හැකි අතර ඉහල මුදලක් වෙයි. තරුන වයසෙ sexually active age group  අයට මෙය ලබා දිය යුතුය. මක් නිසාද යත් ඔබ මෙම වයස් කාන්ඩයෙ සිටින, ගැබ්ගෙල පිලිකා පිලිකා අවදානම් කොටසට අයත්වන නිසාය.


Sunday, June 19, 2011

නව ශතවර්ශයෙ විද්යාත්මකව ආදරය කරමු 3......


අද නෑවතුමට ගොඩ උනෙ දවස් කීපයකින් පස්සෙ තමයි. මගෙ පරණ බ්ලොග්  post 2ක ( පලමුවෑන්න, දෙවෑන්න) ඔයාල බෑලුවනෙ. දෑන් මගෙ මෙ 3න් වන නව ශතවර්ශයෙ විද්යාත්මකව ආදරය කරමු බ්ලොගයෙන් තවත් කරුනු ටිකක් කියනයි හදන්නෙ. මේක පෙම්වතියගෙ පමනක් නොවෙයි තරුන වයසෙ ඉන්න ඔයලගෙ අක්කලට නන්ගි ලටත් එකසේ වෑදගත් වෙයි.


මමනම් මගෙ කෙල්ලගෙ ලස්සන ගෑන කතකරනවනම් මූන ගෑන, breast එක ගෑන, hip එක ගෑන තම්යි මුලින්ම අවදානය යොමු කරන්නේ........ගොඩ අය දන්නව ඈති ගොඩක් කාන්තවන් එයාලගෙ අම්මගෙ ලක්ශන අනුගමනය කරනවා බොහෝවිට, එය ජාන අනුව තීරනය වන ක්‍රියවලියක් (genetic determination) ඒනිසා පවුලෙ කාන්තවන් අතර breast cancer, arthritis හා මෑදිවයසෙ තරබාරුව යන family history තියනවානම් ඈය සෑලකිලිමත් විය යුතුය්, මොකද ඈය දෑනටමත් හොද candidate කෙනෙක්. 

ඔබ දන්නවද ලන්කාවෙ වෑඩියෙන්ම කාන්තවන් අතර පවතින පිලිකා වර්ගය breast පිලිකා කියල - Sri Lanka Cancer Register 2006. මේනිසා family history තියන කෙනෙක් සූදනමින් සිටිය යුතුයි( නෑති අයෙක් වුවද මෙ කරුනු ගෑන සෑලකිලිමත් වෙන එකෙ වරදක් නෑහෑ ).මොකද prevention better than cure නේ. 

වෑදගත්ම පලවෙනි පියවර තමයි ස්වයන් පියයුරු පරීක්ශාව(self breast examination), එනම් තනියම breast එක පරීක්ශා කරගන්න එක, පෙම්වතාටද මේකට උදව් කරන්න පුලුවනි. මම එම පියවරවල් සියල්ලම මෙතන දාන්න යන්නෙ නෑහෑ මොකද එය වෙනම ලිපියකින් දෑමිය යුත්තක්. මෙහිදී පියයුරුවෙ සමේ/පුඩුවෙ ඈති වෙනස්කම්, අතට අසුවෙන ගෑටිති, කිහිල්ලෙ ඈතිවන ගෑටිති හා ස්‍රාවයන් පිලිබද සෑලකිලිමත් විය යුතුයි.  strong family history එනම් පව්ලෙ කාන්තවකට අඩු වයසෙන් පිලිකා සෑදී ඈත්නම්, පෙර පියයුරු ආශ්‍රිත ගෑටලු මතුවී ඈත්නම් වෑනි දෑ තියන අවුරුදු 35ට අඩු අය අවුරුදු 3න් 3නට වගෙ ultrasound scan-breast එකක් කරව ගෙන ශල්ය වෛද්යවරයෙකු ලවා පරීක්ශ කරව ගෑනීම වෑදගත්, අව් රුදු 35ට වෑඩි කාන්තවකට නම් අවුරුදු 3න් 3නට ultrasound scan-breast සහ mammogram කරවා ගෑනීම සුදුසුය. මෙයට කඩ්ඩෙන් breast cancer screening program කියල තමයි කියන්නෙ. ලන්කාවෙ මෙ සදහ ජාතික වෑඩපිලිවෙලක්(national program, ජාතික  ප්‍රතිශක්තිකරන වෑඩපිලිවෙල වගෙ ) නෑති අතර private තමයිකරගන්න වෙන්නෙ. ultrasound scan-breast සදහා රුපියල් 1500 වෑනි මුදලක් වෑය වන අතර mammogram සදහා රුපියල් 6000 ක පමන මුදලක් වෑය වේ. නමුත් මහරගම පිලිකා රෝහලෙ මෙම සේවය නොමිලයේ ලබාදේ. සෑලකිය යුතුයි මේ සදහා වෛදයවරයෙකුගෙ නිර්දෙශය අවශ්ය නොවන අතර family history තිබීම පමනක් සෑහේ. අනික් අතට private ව කලත් මෙය හොද ආයොජනයක් වන අතර පෙම්වතියට දෙන හොදම birth day present එකක් ය.

දෙවන කරුන නම් ඈගෙ හෑඩය පවත්වා ගෑනීම(shape of the hip), බර පවත්ව ගෑනීම හා රූපලාවන්ය කටයුතු ගෑනයි. ආසියතිකයන් සදහා world health organization විසින් නියම කරන ලද ස්කන්ද දේහ දර්ශකය- Body mass index (බර - kg බෙදීම උසෙ - m වර්ගය ) වන්නෙ 18.5 ත් 23.5 kgm-2 අතරය. 18.5 ට වඩා අඩුවීම රක්තහීනතව, පහසුවෙන් ලෙඩ රෝග වලට ගොඩුරුවීම  හා memmory problem යන කරුනු වලට බලපාන අතර, 23.5ට වඩා වෑඩි වීම දියවෑඩියාවට, අදිරුදිර  පීඩනයට මග පාදයි. මේ නිසා ඈය හොද සමබල ආහාර වේලක් සහ ප්‍රමනවත් exercise වල යෙදීම වටී.

මනා hip එකක් පවත්වාගෑනීම pear shape hip, උකුල සහ හිග අතර වටාප්‍රමානය අතර අනුපාතය(hip/waist ratio) 0.8ට අඩුවෙන් පවත්ව  ගෑනීම නිරෝගී ජීවිත්යකට අතිශය අවශ්යතාවකි, ස්කන්ද දේහ දර්ශකයටත්(BMI) වඩා. පරන සින්හල කවි ව්දනකට අනුව "හිග සුග ගත හෑක මිටින" ලෙස සිටීමට තමයි මේ කියන්නෙ. 

රූපලාවන්ය කටයුතු ගෑන කතාකරනවනම් හොද reputation තියන ආයතනයක උපදෙස් මත පිලිගත් රුපලාවන්ය ආලෙපන භාවිතය නවීන සමජයේ self personality පවත්වගෙන යන්ඩ අතිශය අවශ්ය උපකරනයක්.

Wednesday, June 15, 2011

අලවාගෙන ගොස් වෑමෑරීමෙ කලාව......


මූලික සුස්දුසු කම්

  • විශ්වවිද්යලයක හෝ උසස් අද්යාපන ආයතනයක අද්යපන ලෑබීම.
  • මාස දෙකකට වරක්වත් විභාගයක් තිබීම.
  • පොඩි ස්ටඩි ලීව් එකක් විතරක් තිබීම.

Basic tools

  • පාන්දර 2 විතර වෙනකම් නෑගිට සිටිය යුතුයි.
  • ගිරව දාන්ඩ හෑකිවිය යුතුය්.
  • එම ගිරව අකුරක් නොවෙනස්ව වමනය කල යුතුයි.

සන්කූලතා

  • වමනය යාමට වෑනි ගතියක් ඈතිවීම(nausea).
  • ගිරව දමාගත් දෙය විභගයෙන් පස්සෙ අමතක වීම.
  • රිපීට් වූ පසු (කරුමෙට තමයි ) නෑවත ගිරව දෑමීමට සිදුවීම.

ප්‍රතිපල

  • ලකුනෙන් හරි ගොඩ යන චාන්ස් එකක් ඈත.
  • ඔලුවට බරක් නෑතිව, දුකක නෑතිව අමතක කල හෑකිය.


මට නන් විභාග කියන්නෙ පිස්සු විකාරයක් වගෙය. ගිරව දාල වමාරන වෑඩෙත් නරක නෑහෑ, ඒක කලාවක්, කලාව හරියට ඉගන ගත්තට පස්සෙ ඉතින් ගොඩ තමයි. මම කලාව අල්ල ගත්ත(තවමනම් එකක්වත් රිපීට් නෑත, කට තමයි ලබන එක ගෑන බයේ බෑරිය ). ඉස්කෝලෙ කාලෙ මම(අපි ) විභාග 46කට මුහුන දී ඈත (1 වසරෙ සිට 13වසර දක්ව ), එනම්  සෑම මාස 3.4කට වරක්ම එක්සෑම් එකක්, ෆෑකල්ටි ආ පසු, ගිරව දෑම්ම විභග ගනන 30කි, සෑම මාස 1.6කට වරක්ම විභාගයකි. තව අව්රුද්දක්ම අදින්නට තිබෙ, ඊට පස්සෙ පශ්චාත් කරනවානම් තවත්, මගෙ අම්මො මට බෑරියො, එපා මට එපාමයි! කොහොම හරි මේ  ඈද ගත්තොත් නම්බු පිට රස්සවකට යත හෑකිය. ඊට පස්සෙ ඉතින් බෑදල එහෙම කරල ඉතින් අඹුවගෙ වාචික පරික්ශන වලට උත්තර දීපන්කෝ!
ඇන්නෑවෙ මට වෙච්චි දේ!

Tuesday, June 14, 2011

නව ශතවර්ශයෙ විද්යාත්මකව ආදරය කරමු 2......


මගෙ පලවෙනි ලිපියෙ කිව්ව විදියට මම අද මේ නෑවතුමට ගොඩ වෑදුනේ ඔබෙ පෙම්වතියගෙ වෙනස් වීම ගෑන දෑනුවත් වෙන්න කියන එක ගෑන පොඩි කරුනු ටිකක් කොටන්නයි. ඔබ ඈයව ගොඩක් කාලයක් ඉදල දන්නව ඈති, ඔබ ඈයව හොදින් අදුනනව ඈති. ඔබ එයාගෙ ඩේට් එක ගෑන දන්නව ඈති. ඒක කන්තාවකගෙ මාසිකව අතිවන ශුද්දි වීම කියලයි සින්හලෙන් කියන්නෙ. මෙ කාලය තුල ඈයගෙ ගර්භාශය ඈතුලු තවත් අවයව වල හා මානසිකව චක්‍රීයව වෙනස් වීම් සිදුවෙනවා. මේ දවස් 4-5 ක කාලය පුරා ඈය රුධිරය පිටකරමින්, පහල උදර කොටස වේදනා විදිමින් මහත්  අසහනයෙන් යුත් කාල පරිච්චේදයක් ගත කරනවා. ඊට අමතරව ඈයගෙ මූනෙ කුරුලෑ මතුවී මහත් ආතතියකටත් ඈය පත්වෙනවා. 
මේ නිස ඈය මෙ කාල සීමාව පුරා ඔබවද නොරුස්සන ස්භවයෙන් සිටිය හෑකියි. ඔබ මෙය වඩා හොදින් තේරුම් ගත යුතු අතර ඈයට මෙන්ටල් බෑක් අප් එකක් දිය යුතුය, වඩා ආදරයෙන් සහ ඉවසිලිවන් තව කටයුතු කරොත් නම් හොදයි.
මේ කාලය පුරා ඈයට පිරිසිදු ඈදුම් අදින්නත්, පිරිසිදුව ඉන්නත්, අවශ්ය පරිදි පෑඩ් භාවිත කරන්නත් සහ  හොද පෝශනය සපිරි ආහාර ලබා ගෑනීමටත් උපදෙස් දෙන්න අමතක කරන්න එපා.
තවත් දෙයක් තමයි, ඈය කර්යබහුල නම්, රෑකියවක් කරන හෝ, උසස් අද්
යාපනය හදාරන අයෙක් නම්, ඈයට හොද පෝශනයක් නොලබෙනවා ඈති මේ නිසා ඈයගෙ FBC count (රුධිර පරීක්ශවක් - මේ සදහා වෛද්යවරයෙකුගෙ නිර්දෙශය අවශ්ය නොවෙ), සිදුකරගෙන haemoglobin මට්ටම වෛද්යවරයෙකුට පෙන්ව අවශ්ය පරිදි විටමින් හෝ යකඩ පෙති ලබා දීමට කටයුතුකරන්න (මෙය 12g/dl ට වෑඩි නම් අවශ්ය නෑත). අවශ්ය පරිදි වේදනා නාශකයක් නියම කරව ගෑනීමත් මෙහිදි සිදු කරගත හෑක. මේ සදහා VOG කෙනෙක් අවශ්ය නෑති අතර පව්ලෙ වෛදයවරය හෝ සාමාන්ය වෛදයවරයෙක් සුදුසු වෙයි. 
මෙ කරුනු ගෑන මදක් සිත බෑලුවොත් affair එක හොදට ගෙනියන්න පුලුවන් කියලයි මම විශ්වාස කරන්නෙ. තවත් බ්ලොගයකින් තව කරුනු ටිකක් කියන්නම්. බලන්න ටිකක් ට්‍රයි කරලා.
එහෙනම් ආගන්තුකයා මේ නෑවතුමෙනුත් එලියට යන්නයි සූදනම, තවත් නෑවතුමකින් අපි හමුවෙයිනෙ....

Monday, June 13, 2011

නව ශතවර්ශයෙ විද්යාත්මකව ආදරය කරමු 1......

ආගන්තුකයා තවත් නෑවතුමකට ගොඩ උනා....
මගෙ පලවෙනි බ්ලොගයට කොමෙන්ටු 6ක් ම ලෑබිල. ඔවුන්ට බොහොම ස්තුතියි. නවකයෙකුගෙ බ්ලොගයකට අත දීම සුභවාදී අනාගතයක පෙරනිමිත්තක්. මම බ්ලොග්කරනය මම දන්න විශයකින්ම පටන් ගන්න එක හොදයි නෙ. ඒක හින්ද මම වෛද්ය විද්යාව හා සම්බන්ද කරුනු කීපයක් ගෑන කත කරන්නම්. සෑලකිය යුතුයි මෙහි එන සියලුම සමාජීය කරුනු මගෙ අදහස් වන අතර විද්යත්මක කරුනු පිලිගත් මූලශ්‍ර පදගනම් කරගෙන ඈත.
නව සහශ්‍රයෙ ආදරය කරන හෑටි පවා වෙනස් වෙලා. ආදරයට පවා විද්යාව යොදා ගෑනීමට පුරුදු වෙලා. අපත් ඒ සමග වෙනස් වීම අවශ්ය බවයි මගෙ හෑගීම. නව ශතවර්ශයෙ පෙම්වතෙක් තම පෙම්වතියගෙන් බලාපොරොත්තු වන දේ වෙනස් වෙලා. ඔහු ඈයට දිය යුතු දේද, ඔහුගෙ වගකීම් ද වෙනස් වෙලා. ඔබ සෑබෑ පෙම්වතෙක් ද? ඔබ සෑබෑවටම ඈයට ආදරය කරනවාද? ඔබෙ ආදරය තවත් අර්තවත් කරගෑනීමට මේ අදහස් වෑදගත් වේවි. මෙමෙ ලිපි පෙලෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔබෙ පෙම්වතිය හදුනා ගෑනීම සහ ඈයව ආරක්ශා කර ගෑනීම ගෑනයි.
මෙහිදී මම මාතෘක 5ක් ගෑන කතා කරනව. එක එක මාතෘක ගෑන වෙන වෙනම බ්ලොග් සටහන් දාන්නයි බලපොරොත්තුව. එව ඔයල ආදරයෙන් රස විදියි කියල මම හිතනව.
1. ඔබෙ පෙම්වතියගෙ වෙනස් වීම ගෑන දෑනුවත් වෙන්න.
2. Breast and hip.

3. තරුන වයසේ ඇයට එන්නත් 3නක්
පලවෙනි ලිපිය අරගෙන ලගදිම එන්නයි බලපොරොත්තුව.  
එහනම් දෑනට ආගන්තුකයා මෙ නෑවතුමෙනුත් සමුගන්නව, තවත් නෑවතුමකට ඉක්මනින්..........

පලවෙනි නෑවතුම් පොල.......





  මේ ආගන්තුකයගෙ බ්ලොගයෙ සයිබර් අවකශයෙ පලවෙනි නෑවතුම් පොලයි. මම සජිත්, මම බ්ලොග් පිටුවකට අලුත් උනාට, බ්ලොග් වලට කිරිකොඩුවෙක් නම් නෙවෙයි. පසුගිය මාස කීපය පුර මම අපෙ මිතුරන්ගෙ බ්ලොග් අඩවි වලට ලාන්කීය සිතිවිලි ඔස්සෙ පියමෑන්නා. අපේ ඉලන්දාරියගෙ සමුගෑනීම හඩ සසල කල සිදුවීමක්, එත්නදී බ්ලොග් මිතුරන්ගෙ සහයොගය, එකතුව හරිම අගය කල යුතු වෑඩක්. සයිබර් අවකාශයෙ ඔවුන්ගෙ සුහදත්වය, මඩ ගෑසීම, ඔවුන්ගෙ පොස්ට් මම හරිම ආසවෙන් රස වින්දා.


මටත් හිතුන ඔවුන් රස විදින ලෝකයෙ තුලට බෑල්මක් හෙලන්න, එහි ප්‍රතිපලය තමා ආගන්තුකයා....


 මෙක මගෙ පලවෙනි බ්ලොග් නිර්මානකරනයෙ අත්දකීමයි. මට ලස්සනට ලියන්න නම් බෑහෑ, එත් මම උත්සහ කරනව මොනවරි දෙයක් බ්ලොග් අවකාශයට දෙන්න, ඔබල එය කොහොම පිලිගනිවිද කියල මම බලාගෙන ඉන්නව. මාවත් සාදරයෙන් පිලිගනිවි කිය මම හිතනව.
එහෙනම් ආගන්තුකයා නෑවතුම්පලෙන් අදට සමුගන්නව, තවත් දවසක තවත් නෑවතුම්පලකින් අපි හමුවෙමු......